|

ජාතික ආණ්ඩුව ජවිපෙ නිසා කල් තබයි

පසුගිය 06වැනිදා පස්වරුවේ විශේෂ පක්ෂ නායක රැුස්වීමක් පාර්ලිමේන්තුවේදී කැඳවා තිබිණි. එහිදී අවධානය යොමු වී තිබුණේ එක්සත් ජාතික පක්ෂය සහ මුස්ලිම් කොංග‍්‍රසයේ එක් මන්ත‍්‍රීවරයෙකු එක්වී ජාතික ආණ්ඩුවක් ගොඩනැගීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනඒම සම්බන්ධවය. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා ප‍්‍රකාශ කර සිටියේ, ජාතික ආණ්ඩු යෝජනාව 07වැනිදා පාර්ලිමේන්තුවට ගෙනඑන බවයි. එමෙන්ම එම යෝජනාව ස්ථාවර නියෝග අත්හිටුවා ගෙනඒමටත් සැලසුම් කොට තිබෙන බව එහිදී අනාවරණය විය. එහිදී ජවිපෙ නායක අනුර දිසානායක සිය විරෝධය පළ කරමින් අදහස් දැක්වීය. ”පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවලා හදිසියේ ජාතික ආණ්ඩු යෝජනාවක් ගේන්න වුවමනාවක් පැනනැගිලා නැහැ. ඒ තරම් හදිස්සියක් මොකද? එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අවුල් විසඳගන්න ඇමතිකම් දෙන්න මේ හදන්නේ. ඒ අයට ඇමතිකමක් නැතුව මාසයක් ඉන්න බැරිද? මේ කරන්න යන්නේ ජනතා මුදල් කාබාසිනියා කරන එක වැඩි කරන ක‍්‍රමයක් හදාගන්න එක. අපි මේ ජාතික ආණ්ඩු යෝජනාව ගේන්න දෙන්නේ නැහැ. ව්‍යවස්ථාවේ හිල් හොයන අයට ඒක පැහැදිලිව අපි කියනවා.” අනුර දිසානායක කණ්ඩායම් රැුස්වීමේදී දැඩි ලෙස විරෝධය පළකළේය.

කටුනායකට ඇමරිකානු ගුවන්යානා ආවේ දෙපැත්තේම සහයෙන්..

කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණීම පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමයේ ගුවන්තොටුපළ ශාඛාවේ සාමාජිකයෝ වසන්ත සමරසිංහ දැනුවත් කිරීමට කටයුතු කළෝය. මේ පිළිබඳව ජවිපෙ නායකයින්ගේ හමුවකදීද සාකච්ඡුාවට බඳුන්විය. ”කටුනායක ගුවන්තොටුපළට ගුවන් යානා කිහිපයක් ගොඩබැස්සුවා. නමුත් ආපු සෙබළු ගියේ කොහෙද කියලා තොරතුරක් නැහැ.” වසන්ත සමරසිංහ කියා සිටියේය. ”ඇමරිකන් ආමි එකට පහසුකම් දෙන්න ගිවිසුමක් අත්සන් කරලා තියෙන්නේ 1995දී පොදු පෙරමුණ ආණ්ඩුව කාලේ. අද ශ‍්‍රීලනිපයේ ලේකම් එදත් ඒ ආණ්ඩුවේ ආයතනයක සභාපති කෙනෙක්. ජීඑල් පීරිස් හිටියෙත් ඒ ආණ්ඩුවේ. ඒ අයත් හිටපු ආණ්ඩුව කාලේ 2007 ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, බ්ලේක් එක්සත් ජනපද තානාපතිවරයා සමඟ මේ වගේම ආරක්ෂක ගිවිසුමක් අත්සන් කරනවා.” බිමල් රත්නායක කීවේය. ”ඒ විතරක් නෙවෙයි. ඒ ගිවිසුම අවුරුදු 10කින් අවසන් වෙනවා 2017දී. රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව නැවත වතාවක් ඒ ගිවිසුම අලූත් කරනවා. ඒ ගිවිසුම් අනුව තමයි අද ඇමරිකන් ගුවන් යානා ලංකාවට එන්නේ. මේ දෙගොල්ලම එකතු වෙලා තමයි බටහිර ගැති ගිවිසුම් අත්සන් කරන්නේ.” වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේය. ”මේක සරලව ගන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මේ ගැන පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් ඉල්ලමු” සුනිල් හඳුන්නෙත්ති යෝජනා කළේය.

පාසල්වල මුදල් ගැරිල්ල තවදුරටත්…

පාසල්වල දෙමාපියන්ගෙන් මුදල් අයකරමින් විවිධ ව්‍යාපෘති සිදුකිරීම සම්බන්ධව විවිධ ප‍්‍රදේශවලදී ජනතාවගේ මැසිවිලි ඉදිරිපත් වීම සාමාන්‍ය දෙයක් බවට පත්වීම තිබේ. විජිත හේරත් මන්ත‍්‍රීවරයාටද මේවැනි දුක්ගැනවිලි ගණනාවක් ලිපි මගින්ද වාචිකවද ලැබී තිබිණ. මේ සම්බන්ධයෙන් විජිත හේරත් මන්ත‍්‍රීවරයා ලංකා ගුරුසේවා සංගමයේ ප‍්‍රධාන ලේකම් මහින්ද ජයසිංහගෙන් විමසීමක් කළේය. ”අකිල විරාජ් ඇමතිවරයා දෙමාපියන්ගෙන් පාසල්වලට මුදල් ගැනීමේ චක‍්‍රලේඛයක් අහෝසි කළා කියලා කලින් කතාවක් තිබුණා. නමුත් දෙමාපියන් කිහිප දෙනෙක් මට කිවුවා තවමත් පාසල්වල මුදල් ගැනීම නතර කරලා නැහැ කියලා. මොකක්ද මේ කතාව.” විජිත හේරත් විමසා සිටියේ මහින්ද ජයසිංහට දුරකතන ඇමතුමක් ලබාදෙමිනි. 2015ට කලින් තිබුණ චක‍්‍රලේඛයක් අහෝසි කළා. නමුත් 2015 නැවත අලූත් චක‍්‍රලේඛයක් ගහලා තියෙනවා. ඒ චක‍්‍රලේඛය අනුව ඕනෑ තරම් මුදල් අය කරගන්න ප‍්‍රතිපාදන හදල දීලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි දැන් අකිල විරාජ් ජාතික පාසල් තුන්සිය ගාණකම විදුහල්පතිවරුන් එකසැරේ ස්ථානමාරු කරන්න යනවා. මේකෙන් වෙන්නේ ජාතික පාසල් පද්ධතියම කඩා වැටෙන එකයි. ඒ ගැනත් මොකක් හරි කරන්න වෙනවා.” මහින්ද ජයසිංහ දුරකතන මාර්ගයේ එහා කොණේ සිට පිළිතුරු දුන්නේය.

පාර්ලිමේන්තු අධිආරක්ෂිත කලාපයේ ඉඩමක් නීතිවිරෝධී පරිහරණයක

කතානායක නිල නිවස ඉදිරිපස ඇති පාර්ලිමේන්තුවේ අධි ආරක්ෂිත කලාපයට අයත් ඉඩමක් හෙළිපෙහෙළි කිරීම පිළිබඳව ඒ ආසන්නයේ ඇති භාවනා මධ්‍යස්ථානයේ නායක ස්වාමින්වහන්සේ විසින් ජවිපෙ මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති වෙත දැනුම්දීමට කටයුතු කර තිබේ. ”මේක පාර්ලිමේන්තුවට අයිති ඉඩම් කෑල්ලක්. මේක තියෙන්නේ අධි ආරක්ෂිත කලාපයේ. මේ ඉඩම් කෑල්ලට ඔප්පුව ලියලා තියෙන්නේ 2017දී. මීරිගම පුද්ගලයෙක්ට තමයි මේ පවරලා දීල තියෙන්නේ. වෙන කාටවත් කියලා වැඩක් නෑ. ඒ නිසයි ඔබතුමාටම කිවුවේ.” උන්වහන්සේ වැඩිදුරටත් විස්තර කළේය. මේ සම්බන්ධයෙන් සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා විසින් කතානායකවරයාට, ඉඩම් අමාත්‍යංශයට, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ වගකිව යුත්තන් වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කළේ මේ අතරතුරය. කතානායකවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරියෙකු ඇතුළු නිලධාරීන් පිරිසක් එම ස්ථානයට පිටත් කර යවා තිබේ. ”මේ අතර පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී සුනිල් හඳුන්නෙත්තිට ඒ සම්බන්ධව නීරීක්ෂණයට ගිය පාර්ලිමේන්තුවේ නිලධාරියෙකු විස්තර කළේය. ”මේ ඉඩම් අධිආරක්ෂක කලාපයේ තියෙන්නේ. මෙතන වෙන බිල්ඩිමක් හැදුවොත් ඒක වෙනත් ගැටලූ මතුකරනවා. අනික පරිසර අමාත්‍යංශය අයිති ජනාධිපතිතුමාට. මේ විදියට අධිආරක්ෂක කලාපයේ ඉඩම් හෙළිකරනකොට කොහොමද පියවර ගන්නේ නැත්තේ. අනික පාර්ලිමේන්තු ළඟම ඉඩම් කෑල්ලක්. හයි හෑන්ඞ් එකක් මේ වැඬේ උඩින් තියෙනවා කියලා මට හිතෙනවා.” ඔහු කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *