ජාතිවාදයෙන් මත්වීම සදහා නොව බුද්ධිමත්ව සිතා බැලීම සදහායි – සම්පත් අමරසිංහ

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිළිම වලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 11 දෙනෙකුගෙන් යුත් පිරිසක් මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරමින් සිටියි. මෙකි පිරිසට මවුලවිවරයෙකුද අයත්ය.

පිරිස සන්තකව තිබී ඩෙටනේටර් හත්සියයක් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔවුන් වායු රයිෆල් හතක් පාවිච්චි කර ඇති බවද පොලිසිය පවසා තිබේ. වායු රයිෆල් ළඟ තබා ගැනීම නීති විරෝධී නොවන නමුත් ළඟ තබාගෙන ඇත්තේ නීති විරෝධී ක්‍රියා සඳහා නම් එය වරදක් බව පොලීසිය පෙන්වා දී ඇත.

වනාතවිල්ලුව ලැක්ටොවත්ත ප්‍රදේශයේ පාලු ඉඩමක දී නීති විරෝධී ක්‍රියාකාරකම් සිදු කර ඇතැයි පවසන පොලිසිය, එම ස්ථානයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් ද සොයාගත් බව පවසයි, ඩෙටනේටර් තොගයට අමතරව වනාතවිල්ලුව පලු ඉඩමේදී නයිට්‍රේට් ,සිට්‍රික් ඇසිඩ් අත්අඩංගුවට ගෙන තිබේ.

වනාතවිල්ලුව පාලු ඉඩමේ දී ටී 56 ගිනි අවි ගලවා පෙන්වා දීමක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයිද වායු රයිෆල් භාවිත කර ඇත්තේ ඉලක්කයට පුහුණුවීමට බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා තිබේ.

පිරිස් අතරින් ද දෙදෙනෙකු බැගින් වෙන් වෙන් වශයෙන් නම් කර පළාත් මට්ටමින් බුදු පිළිම විනාශ කිරීමේ කාර්යයන් සඳහා නම් කොට තිබුණු බව පොලීසිය පෙන්වා දී තිබේ . ත්‍රස්තවාදී කටයුත්තක් සහ ජාතීන් අතර ගැටුමක් ඇති කිරීම ඉහත පිරිසගේ සන්නද්ධ වීම තුළ ඇති බව කෑගල්ල නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වරයා සඳහන් කර තිබේ.

පොලිසිය පවසන ඉහත කරුණු සත්‍ය වන්නේ නම් පිටතින් පෙනෙන වට වඩා බෙහෙවින් බරපතල තත්වයක් මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම වලට හානි කිරීම පසුපස සැඟවී ඇති බව පිළිගන්නට සිදු වේ. පොලීසිය සඳහන් කළ කරුණු අනුව පෙනී යන්නේ ඉහත පිරිසට විදේශ සබඳතා පැවැති ඇති බවයි.

ඉස්ලාම් ත්‍රස්තවාදය, රැඩිකල් ඉස්ලාම් ත්‍රස්තවාදය අන්තවාදය ආදී නම්වලින් හඳුන්වන ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් මේ වන විට ලොව පුරා පැතිරී තිබේ.

ඉරානය, ඇෆ්ගනිස්ථානය,නයිජීරියාව, පාකිස්ථානය, සිරියාව වැනි රටවල් වැඩියෙන්ම ඉස්ලාම් ත්‍රස්තවාදයට ගොදුරු වූ රටවල් හා එහි හානියට ලක් වූ රටවල් වශයෙන් සඳහන් වුවද මුස්ලිම් බහුතර රටවල් පමණක් නොව යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඊශ්‍රායලය ,ඉන්දියාව මෙන්ම එක්සත් ජනපදය, එක්සත් රාජධානිය පවා මේ වන විට ලෝක ත්‍රස්තවාදී ලයිස්තුවේ සිටින isis, තලෙයිබාන් ,අල්කයිඩා වැනි සංවිධාන වල බලපෑම්ට ලක් වී තිබේ.

2015 වසරේ දී ත්‍රස්තවාදී මරණවලින් සියයට හැත්තෑ හතරකට වගකිව යුතුව තිබුනේ ඉස්ලාම් ත්‍රස්තවාදය බවද පැවසේ. ඉස්ලාම් අන්තවාදය නැතහොත් ඉස්ලාම් ත්‍රස්තවාදයේ ස්වභාවය වශයෙන් හඳුන්වා දෙන්නේ තමන්ගේ ඉලක්ක වෙත ළඟාවීම සඳහා කුරානය සහ හඩින් තමන්මට අවශ්‍ය ආකාරයට අර්ථකථනය කිරීමයි. මාවනැල්ල ප්‍රදේශයේ සිදු වූ බුදුපිළිම හානි කිරීමේ සිද්ධියේ දී ඊට අයත් පිරිස ද යොමුව ඇත්තේ මෙවැනි කටයුත්තකට බවට සැකයක් නැත. හෙළිදරව් වී ඇති කරුණු අනුව පෙනී යන්නේ එකී පිරිස සංවිධානාත්මකව එනම් ,ප්‍රදේශ වල වගකීම බෙදාහදා ගනිමින් එම කටයුත්තෙහි යෙදීමට සූදානමින් පසු වී ඇති බවයි.

මුස්ලිම් සිංහල ගැටුමක් දක්වා වර්ධනය නොවී මාවනැල්ලේ සිදුවීම් කෙළවර වීම සම්බන්ධයෙන් කවුරුත් සතුටු විය යුතු සේම එවැනි තත්ත්වයකට පත් නොවීම සම්බන්ධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට ගෞරවයක් ස්තූතියක් හිමිවිය යුතුය. එහි ගෞරවය පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට ද හිමිවිය යුතුය.

ගැටලුව වන්නේ ඉහත සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගමික ප්‍රජාව අවශ්‍ය මට්ටමින් ප්‍රතිචාර ද දක්වන ලදී්දේ ද යන්නයි. මුස්ලිම් අන්තවාදය ක ඉස්ලාම් අන්තවාදයක මුල් බීජ ඇතැයි හෙළිදරව් වූ බොහෝ තැන් පවා ඒ ඒ සම්බන්ධ විරෝධයක් එනම් ඉස්ලාම් අන්තවාදයට විරුද්ධව ප්‍රබල හඬක් මෙරට මුස්ලිම් ජනතාව අතරින් මතු වූ බවක් සිංහල බෞද්ධ ජනතාවට පෙනෙන්නට තිබුනේ නැත.

මුස්ලිම් ජනතාවට විරුද්ධව බෞද්ධ බලවේග වල බලපෑම් වලදී ඒ බෞද්ධ ජනතාවගෙන් ඊට විරෝධය එල්ල වූ ආකාරයට ඉස්ලාම් පූජක පක්ෂ හෝ ආගමික සංවිධාන ක්‍රියාශීලී විරෝධයක් නොදැක්වීම අඩුවක් බව පෙනේ. යමකට විරුද්ධ නොවී ම නිහඬව අනුමත කිරීමක් ලෙස පෙනී යන්නට ඉඩක් පවතින බැවිනි.

මුස්ලිම් අන්තවාදය ක හිස එසවීම පිළිබඳව වහබ් බලපෑම් ආදිය පිළිබඳව අන්තවාදී බෞද්ධ බලවේග කලක් තිස්සේ චෝදනා කළ බවද රහසක් නොවේ. සාමාන්‍යයෙන් මෙරට සිංහල බෞද්ධ අන්තවාදයක් ක්‍රියාත්මක වන බව සිංහල බෞද්ධ ජනතාව පිළිගනිති. ඊට විරුද්ධ වෙති .දෙමළ ජනතාව දෙමල අන්තවාදයක් ඇති බව පිළිගන්නා අතර එය අනුමත නොකරති. විරෝධතාවය වැනි ඉස්ලාම් නැතහොත් මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව අනුගමනය කරමින් සිටින්නේ නිහඬ පිළිවෙතකි . කිසිදු මුස්ලිම් බුද්ධිමතෙකුහෝ පූජකයෙකු මාවනැල්ල ප්‍රදේශයේ මුස්ලිම් හැසිරීම් පිළිබඳ විරෝධය පෑමක් හෝ හෙළා දැකීම්ක් කර නොමැති වීම එයට සාක්ෂියකි.

ප්‍රංශ පාර්ලිමේන්තුව 2004 වසරේදී මුස්ලිම් කතුන්ගේ හිස් වසන සළු වලට සීමා පනවන්නට කටයුතු කළේය. එහෙත් අප රටෙහි මේ වන විට බුර්කා කාරියන් බෝ වෙමින් පවතී. මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමෙන් පසුව මහනුවර ඉස්ලාම් පූජකවරයෙකු ද කියා තිබුණේ මෙරට මුස්ලිම් වරු අනවශ්‍ය ආකාරයෙන් මුස්ලිම් අනන්‍යතාව ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන බවයි. මුස්ලිම් විවාහය සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් ප්‍රජාව අතර පවතින ගතතානුගතික මතය වෙනස් කරන්නට පෙරමුණ ගැනීම්ට හෝ ඉස්ලාම් මුස්ලිම් වගකිවයුත්තන් ඉදිරිපත් නොවෙති. මුස්ලිම් විවාහය හේතුවෙන් අගතියට පත් තම වර්ගයේ කතුන් පිළිබඳ නූතනවාදී ව සිතිමට මැලි වන සමාජයක් යනු අන්තවාදය රෝපණය වීමට සරු පසකි . වඩාත් දරුණු කරුණ වන්නේ මුස්ලිම් ප්‍රජාව අතර රහසින් කෙරෙන ස්ත්‍රී ලිංග ඡේදන ක්‍රියාවයි. එම සමාජයේ පවතින මූලධර්මවාදී බව එවැනි දේ හරහා ප්‍රකාශමාන වෙයි..

නැවතත් කිව යුත්තේ ඉහත කරුණු උපුටා දක්වන ලද්දේ ඉස්ලාම් දහමට හෝ මුස්ලිම් ප්‍රජාවට හෝ විරුද්ධව කවරෙකු හෝ උසි ගැන්වීමේ අදහසින් නොවන බවයි.

මාවනැල්ලේ බුදු පිළිම සිද්ධිය අනුව පෙනී යන්නේ බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් උදෙසා සංවිධානය වන සුළු පිරිසක් හෝ මුස්ලිම් ප්‍රජාව අතර ජීවත්වන බවයි . ඔවුන්ගේ ක්‍රියාකාරකම් උත්සන්න වුවහොත් එය බෞද්ධ ඉස්ලාම් නොව සිංහල මුස්ලිම් ගැටුමක් බවට පෙරලීම වැළැක්විය නොහැකි වනවා ඇත. එවැනි ගැටුමක ජයග්‍රහකයන් කිසිවකු නොසිටින ඇතිබව තිස් වසරක උතුරු නැගෙනහිර යුධ අනුව පැහැදිලිව වටහා ගන්නට පුළුවන.

මාවනැල්ලේ සිද්ධිය පිළිබඳ අදහස් දක්වමින් සිංහල මිතුරකු කීවේ මුස්ලිම් දේවස්ථානවල බෞද්ධ විරෝධී දේශන පවත්වන බවයි. බෞද්ද්ධයකු වන ඔහු ඉස්ලාම් දෙවොලකට කිසිදා ගොස් නැති බැවින් ඔහුගේ ප්‍රකාශය සත්‍යයක් ලෙස පිළිගත් නොහැකියි වුවත් ඉන් ගම්‍ය වන සත්‍ය වන්නේ මුස්ලිම් දේවස්ථාන තුළ බෞද්ධ විරෝධී කුමන්ත්‍රණ සිදු වන වන බවට හැඟීමක් බෞද්ධ ජනයා තුළ පවතින බවයි.
ඒ අනුව මුස්ලිම් සිංහල සහයෝගීතාව ගොඩනැගිය හැකි වන්නේ මුස්ලිම් ජනතාවගේ ගුප්ත නිහැඬියාව මගින් හෝ ලෝගු හෝ බුර්කා තුළට ගුලි වීමෙන් හෝ නොවෙයි. විවෘතව හා අවංකව අන්තවාදයට විරෝධය පෑමෙනි .

2003 වර්ෂයේදී රියාද් හි එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ දී සෞදි අරාබි ප්‍රධාන විද්වත් සලාෆි කමිටුව මෙරට මුස්ලිම් බුද්ධිමතුන් සහ පූජකයන් මාවනැල්ල සිද්ධියේදී ඔලුව සඟවා ගත් ආකාරයට නිහඬ වුයේ නැත. සෞදි විද්වත් සලාෆි කමිටුව එහිදී ප්‍රසිද්ධියේ පැවසුවේ ප්‍රහාරය ශාරියා නීතිය කඩ කිරීමක් සහ ප්‍රහාරකයන් ඉස්ලාමයේ සතුරන් බවයි.

ෆේතුල්ල ගුලෙන් නැමැති තුර්කි ජාතික ඉස්ලාම් බුද්ධිමතා වරෙක පැවසුවේ ඉස්ලාම් දහම හරිහැටි අවබෝධ කරගත් මුස්ලිම්වරයෙකුට ත්‍රස්තවාදියෙකු වන්නට හැකියාවක් නැති බවයි. නමුත් මේ උදාවී ඇත්තේ ඉහත මුස්ලිම් බුද්ධිමතුන්ගේ අදහස් අනුශාසන සමාජයක් නොවේ. අන්තවාදී ඉස්ලාම් ධර්මය හයිජැක් කර ඇතැයි හුස්ටන්ස්මිත් කියන්නට සිදු වූයේ එහෙයිනි.

මාවනැල්ල සිද්ධිය හරහා මේ මෙරට මුස්ලිම් ප්‍රජාව ගත් යුතු පාඩම් වන්නේ අන්තවාදයට මෙරට ඉස්ලාමයේ හයිජැක් කරන්නට ඉඩ නොදිය යුතු බවයි. එහෙත් ඒ කළ හැක්කේ නිහඬව සිටීමෙන් නොව විරෝධය පෑමෙනි . මාවනැල්ල වැනි සිද්ධි ප්‍රසිද්ධියේ හෙළා දැකීමෙන්බුර්කා වලින් නිදහස්ව මානව නිදහස්ට ස්ත්‍රී නිදහස්ට ගරු කර ගතානුගතිකත්වයෙන් සහ පසුගාමිත්වය මිදී නූතන වාදී වීමට මුස්ලිම්වරුන් කටයුතු කිරීමෙනි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *