අල්ලස් දැලට කොටුවූ පොහොට්ටුවේ තවත් මන්ත්‍රීවරයෙකුට සිරදඬුවම්

කළුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණට වසර 05 ක බරපතල වැඩසහිත සිර දඩුවමක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කලේය. ඒ ඉඩම් වෙන්දේසි සමාගමකින් රුපියල් ලක්ෂ 30 ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවක් හේතුවෙන්. නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම නියෝගය නිකුත් කලේය.

හිටපු  ප්‍රාදේශීය සභාපතිවරයාට එරෙහිව  චෝදනා 04 ට එකකට වසර 05 බැගින් මෙම සිර දඩුවම නියම කල අතර අදාළ ඉඩම් වෙන්දේසි සමාගමේ හිමිකරුට රුපියල් 20,000 ක වන්දියක් සහ තවත් රුපියල් 20,000 ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කෙරිණ. ඊට අමතරව විත්තිකරු අල්ලස් ලෙස ලබාගත් රුපියල් තිස් ලක්ෂයක මුදල දඩයක් ලෙස රජයට ගෙවන ලෙසටද විනිසුරුවරයා මෙහිදී නියෝග කලේය. එම දඩය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක සිර දඩුවමට යටත් කෙරෙනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *