|

රේගු වර්ජනය අවසන්. අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවයි. ” එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා”.- මංගල සමරවීර

සතියක් පුරා පැවති රේගු වර්ජනය නිසා ඇති වූ පාඩුව රුපියල් බිලියන 12 කට අධික බව වෘත්තිය සමිති ප්‍රකාශ කර ඇත. මේ අතර නැවත රේගු අධ්‍යක්ෂ  තනතුරේ නැවත පිහිටවූ රේගු අධ්‍යක්ෂ ජනරාල් වරිය වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ (6) සිය තනතුරේ වැඩ බරගන්නා ලදී.

මුදල් අමාත්ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක් අනුව රේගු අධ්‍යක්ෂ  ජනරාල් වරියට ස්ථාන මාරුවක් ලබා දුන් අතර පසුගිය 30 වනදා සිට වරාය වෘත්තීය සමිති ගණනාවක් යළි ඇය සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා වැඩවර්ජනයක නියැලුනි.
ඊයේ අමාත්‍ය  මණ්ඩල රැස්වීමේ දී කැබිනට් පත්‍රිනකාව ඉල්ලා අස්කරගන්නා බවට අමාත්යතවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන ලදී. ඇයට නැවත පත්වීම් ලිපියක් බාර දී තිබූ අතර ඒ අනුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග නතර කිරීමට වෘත්තිය සමිති තීරණය කර ඇත. ඒ අනුව ඊයේ පෙරවරුවේ සිට සේවකයන් රාජකාරියට වාර්තා කර අතපසු වූ වැඩ කටයුතු කඩිනමින් කරන අයුරු දක්නනට ලැබුණි.

රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා කතාකරමින් කියා සිටියේ, විවිධ ඇමතිවරුන් ප්‍රකාශ කරලා තියෙනවා අපි මාස තුනකට කොන්දේසි සහිත පත්වීමකුයි අධ්‍යක්ෂ ජනරාල්වරියට ලබා දුන්නෙ කියලා. මේ වන විට පත්වීමේ ලිපිය ලැබිලා තියෙනවා. මාස තුනකට පත් කළ බවට සඳහනක් එහි සඳහන් වෙන්නෙ නෑ. එදාටත් වැරදි තීරණ ගත්තොත් යළිත් වෘත්තීය සමිති ක්‍රියාත්මක වෙනව.

දැන් අපිට තිබෙනවා අභියෝගයක්. ඒ තමයි සතියක් තිස්සේ හිරවෙලා තියෙන කන්ටේනර් කොහොමද අපි ඉක්මනින් නිදහස් කරන්නෙ කියන එක. ප්‍රවාහණය කරන්නෙ කොහොමද කියන එක ගැන ගැටළුවක් තියෙනව. මේ සතිය ඉවර වෙන කොට තදබදය නැති වෙලා යයි.

මේ දවස් කීපයට කොපමණ පාඩුවක් රජයට සිදුවෙලා තියෙනවද?

අපිට දැන ගන්න තියෙන විදියට බිලියන 12ක් පමණ අය නොවී තියෙනව. ඒක නැවත එකතුවීම සඳහා යම්කිසි කාලයක් ගත වෙයි. ඒ ප්‍රමාදවීම් රජයට දරා ගන්න බැරි දෙයක් වෙයි.

වර්ජනය හේතුවෙන් නිශ්කාෂණය පමා වූ බහාලුම් 7000ක් පමණ වරායේ හිරවී ඇති අතර එයින් 1400ක් පමණ පමණ ප්‍රමාණයක් අත්‍යවශ්‍ය 0 අහාර ද්‍රව්‍ය  අඩංගු ආහාර අඩංගු බහාලුම්.

රේගු වර්ජනයට සහයෝගය පිණිස ඊයේ පිට කොටුවේ තොග බෙදා හැරීමේ කටයුතු නවතා හර්තාල් ව්යා පාරයක් දියත් කළ ව්යාකපාරිකයන් ද හර්තාල් ව්යාවපාරය නවතා දමා අද සුපුරුදු පරිදි භාණ්ඩ බෙදා හැරීමේ රාජකාරි කරනු ලැබීය.
යළි රාජකාරියට වාර්තා කිරීමට පෙර පී.එස්.එම්. චාල්ස් මහත්මිය මුදල් අමාත්යාංඩශයේ දී මුදල් හා ජනමාධ්යක ඇමති මංගල සමරවීර මහතා සමග මාධ්ය් හමුවකට සහභාගී විය.

එහිදී මාධ්යයවේදීන් නැගු ප්‍රශ්න හා ඒවාට ලැබුණු පිළිතුරු මෙසේය.

අමාත්‍ය  මංගල සමරවීර මහතා – ඉලක්ක වලට මෙතුමියට යන්න බැරි වුණේ මෙතුමියගෙ අඩුපාඩුවක් නිසා නෙමෙයි. ඒ ආයතනවල තියෙන මුදල් නාස්තිවීම නිසයි. මුදල් සොරකම් කිරීමත් මුදල් ගසාකෑමත් ඉතාම වැඩියි. කවුරුවත් තරහ වෙන එකක් නෑ මේක කියනවට. මේක මම අදත් කියනවා. හෙටත් කියනව. මේ තත්ත්වය වෙනස් වෙනකම් කියනව. මේක මෙහෙයවන්නේ එක්තරා ව්‍යාපාරික මාෆියාවක්. මේකට සහය දෙන යම් යම් අය ඇතුළෙ ඉන්නත් පුළුවන්. විදේශ විනිමය විශාල වශයෙන් අහිමි කරන ජවාරම් දෙකක් තමයි ගම්මිරිස් ජාවාරමයි, පුවක් ජවාරමයි. ඒ ජවාරම මෙරටට හඳුන්වල දුන්නේ රාජපක්ෂ යුගයෙ. 2012 දි. පසුගිය රජයේ ඉහළම පුද්ගලයො මේ ජවාරමේ යෙදුණා. අපේ ආණ්ඩුව ආවට පස්සෙ අපේ අයත් මේ ජවාරමට එකතුවෙලා තියෙනව.

මේ වරාය වගේ තැනක් පාලනය කරන්න අද විනයානුකල භාවයකුත් අවශ්‍යයි. නාවික හමුදාවේ හිටපු ප්‍රධානියෙක් පත්කරන්න මම තීරණය කළා. ප්‍රභාකරන්ට පවා මුහුණ දුන්න චාල්ස් මැතිණියට වරාය ටිකක් අභියෝගාත්මකයි. වරායෙ මාෆියාව ඊටත් වඩා බරපතලයි.
ඊයේ විපක්ෂ නායක තුමා කිව්වා. මේක හිතුවක්කාර තීන්දුවක් කියල. මම මතක් කරනවා මේක ශිරාණි බණ්ඩාරනායක එලෙව්වා වගේ හිතුවක්කාර තීරණයක් නෙමයි. මුළු කැබිනට් මණ්ඩලයේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිතුමා මුලින් විරුද්ධ වුණත් මම මේ කාරණා කිව්වට පස්සෙ මුළු කැබිනට් මණ්ඩලයේම එකඟත්වය අනුවයි ඒ තීන්දුව ක්‍රියාත්මක කළේ.

ඇමතිතුමා ඔබ විශ්වාස කළා, මේ යකඩ ගැහැණිය මෙතැන ගෙනල්ලා තිබ්බොත් වැඩේ ගොඩ කියලා? මොකද දැන් වුණේ මළකඩ කාලද?

පොඩ්ඩක්වත් මලකඩ කාලා නැහැ. එතුමිය දක්ෂ වැඩ පුළුවන් කාන්තාවක්. නමුත් වරායේ තියෙන මාෆියාවත් එක්ක හැප්පෙන්න පුළුවන්ද කියන එකයි මම දැක්කෙ.

එතුමියට අමාත්‍යාශයෙන් කරදර බාධා කළා කියා තමයි තොරතුරු ලැබෙන්නෙ.
එතුමියගෙන් අහන්න. මම ඉවත බලාගෙන ඉන්නම්.

චාල්ස් මහත්මිය පිළිතුරු දෙමින්.

ඇමතිතුමා කිව්ව විදිහට මේක අවුරුදු 200ක් පැරණි පණතකින් පාළනය වෙන ආයතනයක්. ගොඩක් දේවල් තියනවා ප්‍රතිසංස්කරණය හා ක්‍රමාණුකූල කරන්න. ඒ නිසා තමයි ඇතැම් දේවල් ආරම්භ කළේ.

ඔබතුමාගේ ලේකම් වරයෙකුටත් චෝදනා එල්ල වෙනවා, වෘත්තිය සමිතිවලින් සහ විපක්ෂයෙන්.

මංගල සමරවීර ඇමතිවරයා – මමත් එතුමියගෙන් ඇහුවා ඒක ආරංචි වුණාම. එතුමිය දිව්රලා කිව්වා කවුරුවත් එහෙම බලපෑම් කළේ නැහැ කියල. ඇත්ත වශයෙන්ම එල්ලෙන්න වැල් නැතුව ඉන්න විපක්ෂයත් මේකෙන් ගොඩ එන්න හැදුවා.

අපි කැමතියි එතුමිය එතන ස්ථාපිත කරනවා නම් මාස තුනකට වැඩිය.

මාස තුනයි කිව්වෙ කවුද?

එහෙම තමයි කියැවුණේ.

නැහැ. මාස ගාණාක් කැබිනට් එකේ කතා වුණේ නැහැ.

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *