119 කලින් සුවසැරිය එයි

බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ දැනට ඉදිවෙමින් තිබෙන ත්‍රිවිධ හමුදා මුලස්ථානය ආසන්නයේ මීට පැයකට පමණ පෙර ගැටුමක් සිදුව ඇති අතර එහිදී පිහිඇනුමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියන් 119 අමතා පොලීසියටත් 1990 අමතා තුවාලකරුවන් රෝහල් ගත කිරීම සඳහා සුවසැරිය සේවාවටත් දැනුම් දී තිබේ.

සුවසැරිය සේවාව එම ඇමතුමින් වී.10 වැනි කාලයක් තුළ එම ස්ථානයට පැමිණ තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් තිබේ.

මෙම සිදුවීම සිදුවූ ස්ථානයට කිලෝමීටර දෙකක් පමණ දුරින් තලංගම පොලීසිය පිහිටා ඇති අතර එම අපරාධයක් සිදුවූ ස්ථානයට පැමිණීමට තලංගම පොලීසියට විනාඩි 40ක පමණ කාලයක් ගත වී තිබේ.

කිලෝමීටර 2ක් වැනි කෙටි දුරකින් පිහිටි පොලිසියකට අපරාධයක් සිදුව ඇති ස්ථානයට පැමිණීමට එතරම් කාලයක ගතවීම සම්බන්ධයෙන් එම ස්ථානයේ රැස්ව සිටි පිරිස විරෝධය දක්වා ඇති අතර සුවසැරිය සේවාව පිළිබඳ ඉතා අගය කොට සලකමින් කතා කර තිබේ.

සුවසැරිය සේවාව සම්බන්ධයෙන් වැරදි මතයන් සමාජගත කිරීමට කටයුතු කළ විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන්ට හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට එම ජනතාව ප්‍රසිද්ධියේම විරෝධය දක්වා තිබේ.

පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ ප්‍රධාන කාර්යාලය පිහිටි මිරිහානේ සිට එම ස්ථානයට පැමිණියද වී.15 වැනි කාලයක් තුළ පැමිණීමට හැකියාව තිබේ.

lankanewsweb වාර්තාවකි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *