සමෘද්ධිමත් දේශයක් ගොඩනඟන්න එකට එක්ව වැඩකරමු – අගමැති රනිල් වික්‍රමසිංහ

උදා වූ 71 වැනි ජාතික දිනය සමරන මේ අවස්ථාවේ, දියුණු සමාජ, දේශපාලන අවකාශයක සැබෑ නිදහස අත්දකින පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රාජ්‍යක්, සමෘද්ධිමත් දේශයක් සඳහා එක්ව වැඩ කිරීමට සියලු ජනතාවට ආරාධනා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය නිදහස් දින පණිවිඩයෙන් කියා සිටියි.

“නිදහස” වඩාත් අර්ථවත්වීමට නම් යම් දේශයක, ජන සමාජයක මනුෂ්‍යයා මෙන්ම සමස්ත පරිසරය ආර්ථික, සමාජ, දේශපාලන මෙන්ම ආධ්‍යාත්මික සංහිඳිම අයත් කර ගත යුතුයි. එය හුදෙක් සැමරුමකින් පමණක් දිනා ගත හැක්කක් නොවේ. ඒ සඳහා ක්‍රමවත්ව සැලැස්මක් සහ සාමූහික කැපකිරීමක් අත්‍යාවශයි.

දීර්ඝකාලීනව අප රට යටත්ව පැවති විදෙස් පාලනයෙන් නිදහස ලැබීම සමරනු ලබන නිදහස් දිනය වාර්ගික, ආගමික අගතීන් පරාජය කළ, අතික්‍රමණය කළ “ජාතික නිදහස” වඩාත් අර්ථවත් කරන සමාජ වෙනසකට මඟපාදන කතිකාවක් සහ ක්‍රියාකාරීත්වයක් සඳහා කදිම අවස්ථාවකි.

යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව විවිධ බාධා සහ අභියෝග මැද නව සමාජ, දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමට ද, ප්‍රජාත්‍රන්තවාදය ශක්තිමත් කිරීම සඳහා යම් පියවර ගැනීමට ද අපට හැකි විය. එහි යහපත් ප්‍රතිපල අපි සමාජයක් ලෙස අත්දකිමින් සිටිමු. ප්‍රජාත්‍රන්ත විරෝධී, අන්තගාමී බලවේගවලට එරෙහිව අපට ශක්තියක් වූයේ එකී යහපත් සමාජ වෙනස්කම්ය.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *