වෙනසක් නොකොළොත් වැඩිකල් නොගොස් ආණ්ඩුව අමාරුවේ – ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ජනවාරි 8 Chandraguptha-Thenuwaraවෙනිදා පොදු අපේක්‍ෂකයා ලබපු ජයග‍්‍රහණය ‘දෙවන නිදහස් අරගලය’ ලෙසින් හඳුන්වනු ලැබනවා. ඇත්තෙන්ම එය එහෙම සමාජ වෙනසකට තුඩුදුන් ජයග‍්‍රහණයක් ද නැත්නම් මේ තිබුණු ධනපති පාළන ක‍්‍රමයේ වෙනස් මුහුණුවරක දිගුවක්ද?

ධනපති ක‍්‍රමය ම තමයි තාම තියෙන්නේ. ඒ පිළිබඳ විවිධ වාද විවාද තියෙනව. නමුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනාගැනීමේ කියන කරුණ මත තමයි ඔය ‘නිදහස් අරගලය’ කියන අර්ථකථනය ගොඩනගලා තියෙන්නේ. එතකම් තිබුණේ පීඩාවට පත්කරන ලද, නිදහසේ සිතීමට ඉඩක් නොමැති, විවේචනයට ඉඩක් නොමැති වතාවරණයක්. එය වසර 10 ක් වැනි කාලයක් පුරාවටම ගොනුවෙලා තිබුණා. ඒ පීඩනයෙන් නිදහස්වීම තමයි අර්ථකථනය කරන්නෙ ‘නිදහස් අරගලයක්’ කියල. එදා විජාතිකයගේ පීඩනයෙන් නිදහස් වීම. අද ස්වදේශීය පාලකයාගේ පීඩාවෙන් නිදහස් වීම.

ජනතාව විසින් පරාජයට පත්කරන ලද දේශපාලඥයන්ව නැවත දේශපාලන කරළියට ගෙනැවිත් මැති ඇමති තනතුරු දීම පිළිබඳව ඔබේ අදහස?

පරාජිත කියන අදහස ඉතාමත් විවාදාත්මකයි. එක පැත්තකින් ඔවුන් පරාජය වෙනවද? කියන ප‍්‍රශ්නය තියනවා සමානුපාතික ඡුන්දක‍්‍රමයක්  තුළ. සමානුපාතික ඡුන්ද ක‍්‍රමයක් තුළදී බොහෝ විට සිද්ධ වෙන්නෙ, අවස්ථාව නොමැති වීම කියන කරුණ කියලයි මට හිතෙන්නේ. නිශ්චිතව තියන ඉඩකඩ ප‍්‍රමාණයකට, එක් පක්‍ෂයකින් තේරීපත්වන ප‍්‍රමාණය අතර සමානුපාතික බෙදීමක් තියෙන්නෙ. ඒ බෙදුනහම ලැයිස්තුවෙ අමතර කොටස් ඉන්නව. මම එහෙම කියන්න හේතුව, ඊට හොඳ උදාහරණයක් තමයි, මීට කලින් පැවති මැතිවරණයකදි කයිට්ස් දූපතේ අපේක්‍ෂකයෙක් ඉතාම සුළු ඡුන්ද ප‍්‍රමාණයකින් පත්වෙලා තියෙනව. ඒතකොට සමානුපාතික ඡුන්ද ක‍්‍රමය හා මේ ඡුන්ද ක‍්‍රමය තුළ තියෙන අර්බුදයක් හැටියට තමයි ඒක වෙන්නෙ. නමුත් අපි පැරණි විදිහට ගත්තනම් එක ආසනයක් තියෙනව. කීප දෙනෙක් තර`ග කරනව. එක් අයෙක් දිනනවා. එතනදි ඔය ජය පරාජය කියන වචනය පාවිච්චි කරන්න පුළුවන්.

තව විදිහකින් පරාජය කිරීම සැබෑ ලෙසම ජනතාව විසින් කෙරුවද කියන ප‍්‍රශ්නය තියනවා. රිමාඞ් බන්ධනාගාරයේ හිටිය කෙනෙක් පත්වුනේ කොහොමද? එතකොට විවිධ චෝදනා තියෙන අය පත්කරල එවන්න එපා කියල කිව්වට, ජනතාව ඒ අය පරාජය කළේ නැතනම්, මේ ක‍්‍රමය තුළ ඡුන්ද එකතු කිරීමේ ක‍්‍රමවේදයෙ ගැටළුවක් තියෙනව. ඒ නිසා තමයි අපි ඔය අර්බූදයට මුහුණ දීලා තියෙන්නෙ. පරාජිතයා කියන කෙනා අවස්ථාව නොලද කෙනා කියල තමයි අපිට ඒ වචනය වෙනුවට අනුබද්ධ කරගන්න පුළුවන් වෙන්නෙ.

මාර්තු 12 ව්‍යාපාරය තුළින් මෙන්ම, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වලින්, ඇතැම් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තුළින් ද දෑවැන්ත ප‍්‍රචාරයක් ගෙනගියා සුදුස්සන් පමණක් පාර්ලිමේන්තුවට පත්කර එවන්න කියල. එහෙත් මිනීමැරුම් චෝදනා මෙන්ම, ¥ෂණ, වංචා, කොමිස්, අල්ලස්, රාජ්‍ය මුදල් අවභාවිතය වැනි චෝදනා අයත් පාර්ලිමේන්තුවට පත්වෙලා තියෙනව. ඇතැම් අය පරාජය වුණත් ජාතික ලැයිස්තු හරහා ඇතුළට ඇවිත් ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් ඇතුළු විවිධ තනතුරු ලබාගෙන තියෙනවා.

මාර්තු 12 ප‍්‍රකාශනයට සියළුම දේශපාලන පක්‍ෂ අත්සන් කළා. එක`ගතාවය දැක්වුවා, ඒ අනුව තමයි කටයුතු කරන්නෙ කියල. නමුත් නාමයෝජනා දීමේදී සමහර පක්‍ෂ හා සන්ධාන එම එක`ගතාවය කඩකර ඇති බව පේනවා. එයින් ජන අභිලාෂය හෝ අපි ජනවාරි 18 දිනා ගත්තු සමහර ජයග‍්‍රහණ ජනතාව විසින් නොව, දේශපාලන පක්‍ෂ විසින් උල්ලංගනය කරල තියෙනව. එම ¥ෂිතයන් අතරින් අඩුම ¥ෂිතයන් තෝරන්න කියල තමයි සමහර පක්‍ෂ නාම යෝජනා ලැයිස්තු දාලා තිබුණෙ. නමුත් ඒ තත්ත්වය තුළ යහපත් පැවැත්මෙන් යුත්, මහාපරිමාණ ¥ෂණ චෝදනා නොමැති අය පරාජයට පත්වුණා. ඔය පරාජය කියන නිර්වචනය තුළ ඔවුන්ව පරාජයට පත්කරල තියෙනව වෙනත් ආකාරයකට.

ජනතාවගෙන් එක් කණ්ඩායමක් වඩාත් පරිස්සම් වෙලා තියෙනව ඡුන්දය දැමීමේදී දූෂිතයන්ගෙන් තොර කොටස් එවීමට. ඒ තුළ කිසියම් සවිඥාණක ව්‍යාපාරයක් ගොඩ නැගුණු බව පේනවා. ඡුන්ද ප‍්‍රකාශ වූ ආකාරය අනුව. නමුත් පක්‍ෂ විසින් තමයි මේ ප‍්‍රතික්‍ෂේප වූ වංචනිකයන්, දූෂිතයන් පත්කරල සම්මුතිය කඩල තියෙන්නෙ.

ඒ කියන්නේ සිවිල් සංවිධාන ගෙනගිය පණිවිඩයට ජනතාව ඇහුන්කන් දුන්නද? සිවිල් සංවිධානවල හඬට රජය ඇහුන්කන් දෙනවද? එක පිළිබඳව පැහැදිලි නිගමනයක් නෑ.

ජනතාව කිසියම් ප‍්‍රමාණයකට ඇහුන්කන් දුන් බව පේනවා, ජයග‍්‍රහණය කරපු පක්‍ෂ දිහා බැලූවොත්. ජනතා විමුක්ති පෙරමුණට ඡුන්දය දුන් අය, එක්සත් ජාතික පෙරමුණට ඡුන්දය දුන් අය ඔවුන් කිසියම් රටාවකට තමයි ඡුන්දය ප‍්‍රකාශ කරල තියෙන්නෙ. ඔවුන් බොහෝ දුරට පරිස්සම් වෙලා තියෙනවා, සක‍්‍රීයව දේශපාලනයේ දී ජනතාවට වැඩක් කරන චරිත පත්කිරීම සම්බන්ධව. නමුත් අනෙක් පක්‍ෂ වලට තමයි ප‍්‍රශ්නය තියෙන්නෙ. අනෙක් ප‍්‍රධාන පර්ශවය වන එක්සත් ජනතා නිදහස් සංධානය සම්බන්ධයෙන් තමයි ගොඩාක් ප‍්‍රශ්න තියෙනනෙ.

මේ අනුව සිවිල් සමාජ ක‍්‍රියාකාරිත්වය යටපත් නොවුණ බව පේනවා.  එය තව දුරටත් ක‍්‍රියාත්මක කිරීමට හුදෙක් ජනමතය පමණක් ප‍්‍රමාණවත් නෑ. නීතිමය රාමු පුළුල් කර ගතයුතුයි. ඒවා බලවත් කරගත යුතුයි. ඒ නිසා මැතිවරණ නීතිය සාධනීය මට්ටමක පවත්වාගත යුතු අතර ඒ පිළිබඳ සන්නිවේදන ක‍්‍රියාකාරකම් අවශ්‍යයි. අපේක්‍ෂකයින් කවුද? ඔවුන්ගේ සුදුකම් මොනවාද? කියන දේ ආදිය සොයා බැලිය යුතුයි. ඔවුන් පිළිබඳ දැනුම්වත් කිරීම් කළ යුතුයි. උදලූ ගාන්න කෙනෙක් ගත්තත් අපි බලනවා ඔහුට එය කරන්න පුලූවන්ද? උදැල්ලක් හරියට අල්ලන්න දන්නවද කියල. දේශපාලඥයන්ගෙන් ඒ ප‍්‍රශ්නය අහන්නෙ නෑ ඔහුට ඒ කටයුත්ත හරියට කරන්න පුලූවන්ද කියලා.
ඒ නිසා අපේක්‍ෂකයන්, පත්කරන ක‍්‍රමය මීට වඩා විවෘතව, තමාගේ පක්‍ෂයේ සාමාජිකත්වයෙන්, පොදු ජන සමාජයෙන් ප‍්‍රශ්න කිරීමකින් අනතුරුව කරනවා නම් මීට වඩා හොඳ තත්ත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්.

කලකට පෙර සිටි විශ්වවිද්‍යාල සිසුන්, සමාජ අසාධාරණයේදී පෙරමුණ ගත්, රැුඩිකල් දේශපාලනයේ ක‍්‍රියාකාරී කාඩර්වරුන් පිරිසක්. සෞන්ධර්යය ක‍්‍රියාකාරකම් හා නිර්මාණ ශීලිත්වයෙන් හා රසවිස්දනයෙනුත් එහෙමයි. අද එහෙම විශ්වවිද්‍යාල ශිෂ්‍ය පරපුරක් දකින්න ලැබෙන්නෙ නෑ. අද ඔවුන් විවිධ නිෂ්පාදන සන්නාම අළෙවිකරුවන්  බවට පත්වෙලා. නැත්නම් අළෙවි වාර්තා සකස් කරන්නන්  බවට පත්වෙලා. ඔවුන් මෙහෙම වෙන්න බලපාන දේශපාලනමය හෝ සමාජමය හේතුව කුමක්ද?

මම හිතන්නේ මේ වගකිවයුතු දේශපාලන පක්‍ෂවල හැසිරීම ම තමයි වෙලා තියෙන්නේ? විශේෂයෙන්ම කොමිනියුස්ට් පක්‍ෂය කළේ කුමක්ද? සමසමාජ පක්‍ෂය කළේ කුමක්ද? (අපි ජනතා විමුක්ති පෙරමුණ මෙතනදි පැත්තකින් තියලා කතාකරමු. සිසුන් කෝපකරවිම්, අන්තරේ අතර ප‍්‍රශ්න ඔවුන්ට තිබුණා.) ප‍්‍රගතිශීලී හෝ ඊට ප‍්‍රතිපක්‍ෂ වල දේශපාලන පක්‍ෂවල ක‍්‍රියාදාමයන් වල තියෙන දෝෂ තමයි ඒ විදිහට ප‍්‍රතිනිරූපණය වෙන්නේ.

අද වෙනකොට නිදහස් අධ්‍යාපනය තුළ ශිෂ්‍යන්ට පැවතීමේ අවකාශය, ඉඩකඩ ඉතාම දුෂ්කරයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිදහසේ දුන්නට ඒ ළමයි පවතින්න  ඕන. ඔවුන්ට බෝඩිං ගාස්තු ගෙවා ගන්න තියෙනවා. අමුද්‍රව්‍ය සපය ගන්න තියෙනව. අද කාලේ හැටියට අයි පෑඞ් එකක්, ලැප් ටොප් එකක් ගන්න  ඕනැ. ඒවා බහුතර ළමයින්ගේ දෙමාපියන්ට දරා ගන්න බැරි වියදම්. ඒ නිසා තමයි ළමයි සමහර රාත‍්‍රී කාල සේවා, විවිධ සේවා මුරයන්, ආදියත්, ඉහත ප‍්‍රශ්න කරපු ක‍්‍රියාමාර්ගත් ගන්න වෙන්නේ.

මේ වාසිය තියෙන්නේ නගරයේ සිසුන්ට පමණයි. දුෂ්කර පළාත්වල සිසුන් තමයි දැන් සටන් බිමට එන්නේ. ඔවුන්ට තියෙන දුෂ්කරතාවය වැඩියි. ඔවුන්ට ඒක දැනෙනවා වැඩියි. නගරවල මුදල් ඉපැයීමේ අවස්ථා තියන අයට සටන් අරගලයට වඩා ජීවත්වීමේ අරගලය තමයි තියෙන්නේ. ඒ නිසා ශිෂ්‍යාට ඉගෙන ගැනීමට අවකාශය, පහසුකම් වැඩිකරන්නේ කොහොමද කියන එක ගැන බැලිය යුතුයි. අය වැයෙන් වෙන්කරන ලද 6% නිකම් ම දියකර හරින්නෙ නැතුව ශිෂ්‍යාට, විශ්වවිද්‍යාල ප‍්‍රජාවට, සාමාන්‍ය ජනතාවට එයින් ප‍්‍රතිලාබ ලැබෙන්නෙ කොහොමද කියන එක හරියට කළොත් ඔවුන්ට ඵලදායි වෙයි.

ශිෂ්‍යන් කෑපීපෙනීම සඳහා, අවධානය යොමුකර ගැනීම සඳහා කරන විවිධ සටන්, අරගල තිබුණා. තරුණ්‍යය විදහා දැක්වීමට ඇතිවන පෙළඹීම තිබුණා. ඒක ඔවුන්ගේ අයිතියක්. සාධාරණය සඳහා සටන් වැදීමත්, දේශපාලන මතවාද ගොඩනැගීමත් අයිතියක්. නමුත් වෙනත් මතයක් දරණ අය මැඩපැවැත්වීම සඳහා අන් මත යටපත් කිරීම ශිෂ්‍යයන් විසින්ම කරනු ලැබුවා. පසුගිය රජය හා සමානව. ඒ නිසා ශිෂ්‍යන්ට, ආචාර්යවරුන්ට මීට වඩා නිදහස තිබිය යුතුයි.

අපේ රටේ ජාතික නායකත්වයක කිසියම් ඌනතාවයක් තිබෙනවා.  එක්වරක් මැතිවරණයකදි ජාතික නායකත්වයක් නැතිව, සන්ධාන සටනට නායකත්වය දෙන්න එන්න කියල, චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියට ලන්ඩන්වලට ගිහින් ආරාධනා කරන්න සිද්ධ වුණා. ජනතාව බලාපොරොත්තු තියපු මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපති තුමා ජනතා බලාපොරොත්තු සුන් කෙරුවොත් ජනතාව ගේ තෙරපුම කොතනට ද තල්ලූවෙන්නෙ?

අපේ රටේ දේශපාලන ක‍්‍රමයෙ ප‍්‍රශ්නයක් නිසා තමයි අපිට පුද්ගල සාධක මත රඳාපවතින්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ අවුරුදු පහ තුළ   මේ දේශපාලන යාන්ත‍්‍රණය ප‍්‍රතිව්‍යහ ගතකරන්න පුලූවන්නම් චින්තනයේ වෙනසක් කළහැකි වේවි. ඊට අයිති අණපනත්, නීති රීති, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරෙකෙන විදිහට සහ හැම කෙනෙකුටම දේශපාලනයට සහභාගීවීමේ අයිතිය, සහභාගීත්වය සඳහා සකස් වියයුතුයි, එවිට මේ පුද්ගල කේන්ද්‍රීය දේශපාලනය වෙනුවට රටේ දියුණුව, අරමුණු, අභිමතාර්ථ අනුව රට හැඩගස්වන්න පුළුවන්. ඒ සඳහා අපිට ලැබිල තියෙන අවසාන අවස්ථාව මෙය වෙන්න පුළුවන්. මේ අවුරුදු පහ තුළ එම ප‍්‍රතිසංවිධාන අනිවාර්යෙන්ම කළ යුතුයි.

විශේෂයෙන්ම නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සාදාගත යුතුයි. ඒක තුළ ගොඩක් ගැටළු තියනව. ජාතිවාදයට තියෙන ගැටළුව, ආගම්වාදය වැනි ගැටළු. ඒ නිසා අපිට පුළුවන් ආගමික කේන්ද්‍රීයත්වයකින් තොර, සෑම මිනිසෙකුගේම අයිතිවාසිකම් සුරැුකෙන ව්‍යවස්ථාවක් හදාගන්න. තැනින් තැන, වරින් වර එකතු කරපු පරිච්ෙඡ්ද විදිහට නෙමේ. ඊට වඩා පරිපූර්ණ ව්‍යවස්ථාවක්. එහෙම වුණොත් අපිට මේ දේශපාලන අවකාශය ඉතා නිදහස්, යුක්තිගරුක හා මැදිහත්වීමේ ඉඩකඩ ඇතිවන ස්වභාවය වැඩිවෙයි.

එදා කලාකරුවන් රට ගැන හැ`ගීමකින් කටයුතු කළා. රට ගොඩනැගීම වෙනුවෙන් කැපවුණා. කලාව වෙනුවෙන් අවංකව කැපවුනා. අද ඔවුන් කලාව කරන්නේ මුදල් ඉපැයීමේ තවත් එක් රැුකියාවක් කරන හැ`ගීමෙන්. අද කලාකරුවන් රට වෙනුවෙන් කැපවෙන්නේ, කතා කරන්නේ තනතුරු වරදාන ලබාගැනීමේ අදහසින් මිස අවංකව නෙමෙයි. ඇයි එහෙම වෙලා තියෙන්නේ?

ඒක ව්‍යසනයක් තමයි. කලාකරුවා පහුගිය වකවාණුව තුළ විකුණුම් භාණ්ඩයක් බවට පත්වුණා. කලාකරුවාට තමන්ගේ පැවැත්ම සඳහා කිසියම් ද්‍රව්‍යයක් හෝ අදහස් නිෂ්පාදනය කොට ආදායමක් උපයා ගැනීමට අයිතිය තිබිය යුතුයි. එහෙම තමයි අනුග‍්‍රහකයන් නැති සමාජවලදී බොහෝ කලාකරුවෝ ජීවත් වෙන්නේ. ඒක සාධාරණ විදිහක්. පොත් ලියන ලේඛකයකුට පොතක් මුද්‍රණය කරලා එය අළෙවි කිරීම තුළින් යම් ආදායමක් ලැබීමේ අයිතියක් තියෙනව. කලා කෘතියක් විකුණාගැනිමේ අයිතිය කලාකරුවෙකුට තියෙනව.

මෙතනදි ප‍්‍රශ්නය වෙන්නේ රාජ්‍ය මුදල් වියදම් කොට, රාජ්‍ය අභිලාෂයන් හා ඒ ව්‍යාපෘතීන් සඳහා කුලාකරුවා කුලීකරුවන් බවට පත්විමයි. දේශපාලඥයන්, රාජ්‍ය සේවකයන් පමණක් නොවෙයි. කලාකරුවන් කරපු රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ඔවුන් ද මූල්‍ය වංචා විමර්ශන එකට ගෙන්විය යුතුයි. එහෙම නූණොත් තමයි වගවීම් කියන ප‍්‍රශ්නය අපි දේශපාලඥයට පමණක් යොමු කරන්නෙ. කලාකරුවන් පමණක් නෙමෙයි, මාධ්‍ය ආයතනත්, මේ අල්ලස් ලබාගෙන තියෙන්න පුළුවන්. ඔවුන් විවිධාකාරයෙන් අල්ලස් ලැබුවා. රජයේ දැන්වීම් මාර්ගයෙන්. විවිධ වරප‍්‍රසාද මාර්ගයෙන්. නාලිකා සඳහා තමන්ට සංඛ්‍යාතයක්  ලබා ගැනීමාදියෙන්. ඒ තුළින් ජනතාවට කරන ලද දේශපාලන මැදිහත්වීම් සහ බලපෑම්, ක‍්‍රීඩා ඇතූළු විවිධ ජනප‍්‍රිය වැඩසටහන් විකාශන අයිතීන් දේශපාලන සම්බන්ධ කම් මත ලබාගෙන රජයට ලැබෙන විශාල මුදල් ප‍්‍රමාණයන් අහිමි කිරීම්, ඒවා සියල්ලම ¥ෂණ තමයි. ඒ සියල්ලම විමර්ශනය කළ යුතුයි.

වත්මන් ආණ්ඩුව සැදී තිබෙන්නේ මෙතෙක් එකිනෙකට විරුද්ධ දේශපාලන මතයන් දරණ බව පැවසූ, දෙපිළක සිට තර`ග කළ ප‍්‍රධාන පක්‍ෂ දෙක පෙරටු කරගත් සුළු පක්‍ෂ වලින්. ආණ්ඩු බලය ගෙන මසක් යාමටත් ප‍්‍රථම සමහරු එහි ආයු කාලය ගැන කතා කරන්න පටන් අරන්. මේ දීගය හොඳින් කන්න පුළුවන් වෙයිද? ඉක්මනින් දික්කසාද  වෙයිද? නැත්නම් මේ සහජීවනය දිගටම පවතීද?

සහජීවනය අවශ්‍යයි. මේ අර්බූදකාරී වාතාවරණය විසඳගෙන යම් තැනකට යාමට මේ සහජීවනය අවශ්‍යයි. කිසියම් සම්මුති වාදයක් තිබිය යුතුයි. ඒ අදහස හොඳ බව ඇත්ත. ජාතික සංකල්පය, සම්මුතිවාදය හොඳබව ඇත්ත.

මේ ආණ්ඩුව සැබෑ ලෙස පිහිටවූ ජාතික ආණ්ඩුවක් නොවන බවයි මගේ අදහස. එය සභාගයක් කියල කියන්න පුළුවන්. නැත්නම් පරිවාසයක් කියල කියන්නත් පුළුවන්. ඒ වචන දෙකම පාවිච්චි කරන්න පුළුවන් නමුත් ජාතික ආණ්ඩුවක් නෙමෙයි. නිශ්චිත අභිලාසයන්, අරමුණු සාක්‍ෂාත් කරගැනීම සඳහා පක්‍ෂ භේදයෙන් තොරව, ප‍්‍රථිලාභ ලබා නොගැනීමට, පක්‍ෂයක පැවැත්ම විතරක් අරමුණු නොකරන, මුළු රටේ ජනතාවට ජයග‍්‍රහණ ලබා දෙන ක‍්‍රියාවලියකට එක`ග වීම හරහා තමයි ජාතික ආණ්ඩු බිහි කළ යුත්තේ. ඒවා කෙටි කාලීන අරමුණු සඳහා තමයි සම්පාදනය වෙන්නේ. මොකද ඒ දේශපාලන පක්‍ෂවලට තමන්නේ පැවැත්මක් තියෙන නිසා ඔවුන් එය සීමිත කරගන්නව. ඒ නිශ්චිත කාලය පිළිබඳ යම්කිසි ප‍්‍රකාශනයක් ජාතික ආණ්ඩුවකට එකතු වෙන්න කලින් කළ යුතුයි. ජනතාව එම කාල සීමාව දැනගත යුතුයි.
මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 8 වෙනිදා කිට්ටුවත් ප‍්‍රකාශ කළා. අගෝස්තු 17 කිට්ටුවත් ප‍්‍රකාශ කළා, ඇති කිරීමට යන්නේ ජාතික ආණ්ඩුවක්, සම්මුතික දේශපාලනයක් කියල. මේක රනිල් වික‍්‍රමසිංහ මහතාත් ජනවාරි 8 ට පෙරත් මැතිවරණ දිනට පෙරත් ප‍්‍රකාශ කළා.

එතකොට මේ සඳහා ජන අනුමැතියක් අරගෙන තියෙන්නෙ. ජනතාව ඒකට කැමැත්ත දීලා තියෙනව. නමුත් සිද්ධ වෙන්නේ ඒකද කියන ප‍්‍රශ්නය තියෙනව. ඇමති ධූර 30 කියන එක ව්‍යවස්ථාමය තීරණයක් අපි ගෙනවා. කාරක සභා අවස්ථාවලදි, ‘ජාතික ආණ්ඩුවක් ආවොත් මෙහෙමයි’ කියල තියෙනව. දැන් කරලා තියෙනනේ ජාතික ආණ්ඩුව කියන ලේබලය යටතේ තමන්ට බලතල ලබාගැනීම, නැත්නම් අනාගත ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ඇමතිකමක් ලබාගැනීම තමයි දැන් කරල තියෙනනේ.

මේ 225 දෙනාටම ඇමතිවරු වෙන්න පුළුවන්. ඒ මන්ත‍්‍රී වැටුපෙන් පමණක් සේවය කරනව නම්. ඇමති වරප‍්‍රසාද රහිතව. විවිධ සංගම්වල ස්වේච්ඡුා වෙන් වැඩ කරන සභාපතිවරු වගේ. එහෙම නම් අපිට කියන්න පුළුවන් මොවුන් කරන්නෙ ඉතාම මැනවින් රට ගැන කරන කැපවීමක් කියල. මෙම ක‍්‍රමය මීට කලින් රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමා ම 2001 පාර්ලිමේන්තුවේ දී භාවිතා කර තිබුණා. ඔහු ඇමති මණ්ඩලයට කිව්වා, ඔබට ලැබෙනනේ මන්ත‍්‍රී වැටුප පමණයි කියල. ඒ ජාතික ධනය ඉතුරු කිරීමක් සඳහා. මෙවර අපිට එහෙම කතාවක් ඇහෙනනෙ නෑ. වැටුප වෙන විදිහකට දෙන්නත් පුළුවන්. තෙල් ගහලා දෙන්න පුළුවන්, මන්දිර හදල දෙන්න පුළුවන්, වෙන වෙන සේවාවන් හදලා දෙන්න පුළුවන්. එහෙම ස`ගවුණ වරප‍්‍රසාද දෙන්න පුළුවන්, ඒවන් මන්ත‍්‍රීවරයෙකුට රට ගැන හැ`ගීමක් තියෙනවද?, ‘රටේ පදික වේදිකාවේ නිදහසේ ඇවිදගෙන යන්න පුළුවන්ද? ආරක්‍ෂකයින් ගෙන් තොරව.’ අන්න එදාට තමයි අපිට හැබෑ ලෙසම ජාතික අරමුණු ඉෂ්ට කරගන්න ඇමති වරයෙක් කැමති වුණා කියල හිතන්න පුළුවන් වෙන්නෙ.

පුරවැසි බලය කියනවා ප‍්‍රගීන් එක්නැලිගොඩ ඝාතණ සිද්ධිය, ලසන්ත වික‍්‍රමතුංග ඝාතන සිද්ධිය, තාජුඞීන් ඝාතන සිද්ධිය ගැන දිගටම පරීක්‍ෂණ කළ යුතුයි කියල. එය අගේ කළ යුතුයි. එමෙන්ම මූල්‍ය වංචා, ඇවන්ගාඞ් අවි සිද්ධිය ගැන සෙවිය යුතුයි කියලා මාධ්‍ය හමු තියල කියනවා එයත් ජනතාව බලාපොරොත්තු වෙනව. ඇයි ‘බැඳුම්කර සිද්ධිය ගැන සෙවිය යුතුයි’ කියල කියන්නෙ නැත්තේ?

මම හිතන්නෙ නෑ එක යටපත් කිරීමේ අදහසක් පුරවැසි බලයට තියනවා කියලා. මමත් ඒ සංවිධානයට සම්බන්ධයි. ඒ පරීක්‍ෂණ දිගටම කරන්න බාධාවක් නෑ. බැඳුම්කර සිද්ධියෙ ගැටළුවක් තියනවා නම් ඒ ගැන දිගටම පරීක්‍ෂණ පැවැත්විය යුතුයි. එහෙත් ඒක යම්කිසි ප‍්‍රතිඵලයකට ආවා කියල, උසාවි තීන්දුවක් ලැබිලා තියෙනව. අවශ්‍යනම් යළි විමර්ශනය කරන්න කියන්න අයිතියක් තියෙනව.
ජනවාරි 8 වෙනිදායින් පස්සෙ මතු වූ කාරණා තමයි මේ නම් වශයෙන් හඳුන්වන්නේ. ඒ විතරක් නෙමේ අලූතෙන් සොයාගන්න සිද්ධීන් තියෙන්නත් පුළුවන්. ඔය කියන දේශපාලන ඝාතන විතරක් නෙමේ. මේ රටේ වෙච්ච බොහෝ ඝාතන ගැන සත්‍ය කොමිෂන් අවශ්‍යයි. සමහර ඒවා මීට කලින් සිදු වූ දේශපාලන ඝාතන. ඒ ගැන ජන මනස විවෘත කරගන්න සංවාදයකුත් අවශ්‍යයි. මේ වයේ පැහැදිලිව වැරදිකරුවන් වෙන, ජීවතුන් අතර ඉන්න දූෂිතයන්ට දඬුවම් දීම සිදුකළ යුතුයි.

කලාවට රටක ජනසමාජයේ වෙනසක් සිදුකිරීම සඳහා බලපෑමක් සිදුකළ හැකිද? සමහර රට වල දේශපාලන ක‍්‍රමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන විප්ලව සඳහා කලාකරුවන් ගේ නිර්මාණ දැඩි ලෙස බලපා තිබෙනවා. රටවල් ගොඩනැගීම සඳහා කලාකරුවන් විසින් ජනතා සිතුම් පැතුම් ආකල්ප වෙනස් කර තිබෙනව.

ඔව්. එහෙම කරන්න පුළුවන්. කොහොමත් එය කෙරෙමින් තියෙනව ඉතාම සුළුවශයෙන්. එසේ කිරීමට කලාකරුවන් සිටිය යුතුයි. ද්‍රව්‍ය අලෙවි කරන්නන් නෙමෙයි. හඬ අලෙවි කරන්නන් නෙමෙයි. ශරීරය අලෙවි කරන්නන් නෙමෙයි. අපිට ගණිකාවන්ට විතරක් දොස් කියල බෑ. ශරීරය අලෙවි කරන කලාකරුවන්ටත් ඒ ලේබලයම තමයි අලවන්න වෙන්නෙ. සැබෑ කලාකරුවන් කියනනේ ඊට වඩා වෙනස් කෙනෙක්. එහෙම අය ඉන්නවා. හැබැයි අතලොස්සයි. එය ප‍්‍රමාණාත්මකව වැඩි නොවෙන්න හේතුවක් තියෙනව. ඒක කලා කරුවාව, හි`ගන්නෙක් කොට, අසරණයෙක් කොට, රාජ්‍ය වරප‍්‍රසාද මත යැපෙන්නෙක් බවට පත් කරපු මේ සමාජ ක‍්‍රමයෙ වැරැුද්දක්. ගිය ආණ්ඩුව පමණක් නෙමෙයි, 1956 ඉඳලම බිහිවෙච්ච ආණ්ඩු මේ දේ කරගෙන ඇවිල්ල තියෙනව. එය උච්ච තලයකට ගියේ 1978 ඉඳල. ඒක 2005 න් පස්සේ තවත් ඉහළට ගියා.

ඒක නිසා කලාකරුවාගේ වගකීම මොකක්ද? යන කාරණය ගැන මීට වඩා හිතන්න වෙනවා. මොකද සමකාලීන කලාකරුවෙක් තමන්ගේ කලාව කරන්නෙ සමාජ සුභ සිද්ධිය සඳහා පමණයි, ඒ ඔහු කලාකරුවෙක් නම්. ඔහුට අතුරු ලාභ ලැබෙන්න පුළුවන් ඔහුගේ ජීවත් වීම සඳහා. එහෙම නැත්නම් මේ පවතින තත්ත්වය තුළ මේ කලාකරුවෝ කියන අය, කලාකරුවෝද? කියන ප‍්‍රශ්නය අහන්න අවශ්‍ය කාලය එළඹිලා තියෙනව.

අපි හැමෝම විවේචනය කරනවා. ජනතාව විසින් ජනතාව විවේචනය කර ගැනීමේ අවස්ථාවක් උදාකරගත යුතුයි. අපි මොනවද කරන්නේ? පුරවැසියෙක් විදිහට රටේ වෙනසකට සහයෝගය දැක්විය යුත්තේ කොහොමද? අවුරුදු 30 ගණනකට ලඝු කළත් මෙය අවුරුදු දහස් ගණනක ප‍්‍රශ්නයක්. ජාතිවාදී, අගම්වාදී, කුලවාදී කියන ප‍්‍රශ්න. ඒවා පිළිබඳව පැහැදිලි ජන සම්මුතියකට යෑමට අවශ්‍යයි. අපි රටක් හැටියට, පුවැසියන් හැටියට, ශිෂ්ට සම්පන්න ජාතියක් හැටියට, සමාජයක් හැටියට අපි ඒ පණිවිඩය දිය යුතුයි. පුරවැසියන්ගේ මූලිකත්වයෙන් එය සිදුවිය යුතුයි. ඒක කිසියම් යාන්ත‍්‍රණයකින් බලෙන් පටවන එකක් නොවිය යුතුයි. ඒ පිළිබඳව සමාජ ක‍්‍රියාකාරිකයන්ටත්, පුරවැසියන්ටත් විශාල වගවීමක් තියෙනව, තවම ජාතිවාදය ඉවත්වෙලා නෑ. ආගම්වාදය ඉවත් වෙලා නෑ.
අපි සැලකිය යුත්තේ දේශපාලකයාගේ පැවැත්ම නොව පුරවැසියාගේ කැමැත්තයි.

මේ රටේ උපදින සෑම මිනිසෙකුගේම පැවැත්ම දේශපාලන පක්‍ෂ අභිලාෂයන් වලට නෙමේ, මානව අයිතිවාසිකම් අනුව ජීවත් වීමට ඉඩකඩක් ලබාගන්නේ කොහොමද කියන එක බවට පත් විය යුතුයි. ඒ කථිකාව තමයි අද අවශ්‍යය. මේ ගොල්ලන්ව පරාජය කරන්න පුළුවන්. එම පෙළගැස්ම තියෙනව. ඒ පීඩනය තියෙනව. ඒ පීඩනය කළේ නැත්නම් මේ ආණ්ඩුවට පවතින්නත් බෑ. වෙනස් කම් කළේ නැත්නම් තව අවුරුදු දෙකක් ඇතුළත අනිවාර්යෙන්ම ආණ්ඩුව අර්බූදයකට යනවා. අවුරුදු දෙකකට කලින් වුවත් අර්බූදයකට යන්න පුළුවන්, ඔය වරප‍්‍රසාද, වරදාන බෙදාගැනීම පිළිබඳව.

නමුත් අවුරුදු දෙකකින් මේ ප‍්‍රශ්න වලට විසඳුමක් නැත්නම් ජනතාව අනිවාර්යෙන්ම අර්බූදයකට යනවා. වෙනස්කම් කරනව කියල තමයි ජනවාරි 8 වෙනිදා හා අගෝස්තු 17 වෙනිදා කණ්ඩායමක් ජනතාවට වගවීමක් වුණේ. විශේෂයෙන්ම ඒ හා බැඳුණු කණ්ඩායමක් ඉන්නවා. ඔවුන් අනිවාර්යෙන්ම සංවිධානය විය යුතුයි. එසේ සංවිධානයට ගොනු නොවූ අය ඉන්නව නම් එයට එකතු කර ගැනීමේ ක‍්‍රියාවලියකට යා යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *