විධායක ක්‍රමයෙ ඇති භයානක කම දින 52 දි අපි අත්වින්දා – සමන් සෙනෙවිරත්න – ජාතික සාම මණ්ඩලය

ජාතිවාදීන් විසින් මතුකරන ප්‍රධාන චෝදනාව තමයි, පොලීසිය නමයට කැඩෙනවා කියල. පොලීසිය නමයට කැඩෙන්නෙ කොහොමද කියලා මේ අය කියන්නෙ නෑ. එකක් තමයි දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වුනායින් පස්සෙ අපේ රට ඒකීය රාජ්‍යක්ද? පෙඩරල් රාජ්‍යක් ද? කියල සැබෑ නිර්වචනයක් දෙන්න පුළුවන් කමක් නැහැ..

ඒකීය රාජ්‍යක් කියන්නෙ මොකක්ද? මධ්‍යගත පාලනයක් තුළින් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා.  මූල්‍ය කළමණාකරනය මධ්‍යම රජය විසින් කරනවා. මේ ප්‍රතිපත්ති සකස් කරන එක පළාත් සභාවලිනුත් කරනවා. ඒ නිසා ශ්‍රී ලංකාව සුපිරිසිදු ඒකීය රාජ්‍යක් කියල කියන්න බෑ. ඒකීය රාජ්‍ය අපට දීපු මහා බ්‍රිතාන්‍යයේත් එකීය රාජ්‍ය සංකල්පය බිඳ වැටිලා. අපේ රටේ සෝල්බරි ව්‍යවස්ථාව හදනකොට මුල් වෙච්ච පුද්ගලයා තමයි, අයිවෝ ජිනිස් කියන පුද්ගලයා. ඔහුට තිබුණු සංකල්පය තමයි ඒකීය රාජ්‍ය සංකල්පය. බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙ අභාසය.

බ්‍රිතාන්‍ය අද කැඩිලා තියෙනව හතරකට. ඒක තනි ආණ්ඩුවක්. තනි රජයක් තිබුණු රටක්. අපේ රටෙත් දහතුන්වැනි ව්‍යවස්ථා සංසෝධනයත් එක්ක ඒකීය සංකල්පය බිඳ වැටෙනවා. 1987 දි මේ වගේ අන්තවාදි කණ්ඩායම් පාරට බැහැලා කෑගැහුවා, මේ රට දෙකඩ කඩනවා. මේ රට කෑලි හතකට කඩනවා. මේ වගේ අන්තවාදී ප්‍රචාර විශාල වශයෙන් අරගෙන ගියා. අපට තවමත් විඩියෝස් සාක්කි තියනව, සමහර අවස්ථාවලදි දෙමළ මිනිස්සුන්ට ගැහුවා. ඔවුන්ගෙ කඩවල් ගිති තිබ්බා. මේ වගේ වතාවරණයක් තමයි 1987 ඇති වුණේ. එතෙනට ද මේ අය රට ගෙනියන්න හදන්නෙ.

දැන් බලන්න, පොලීසිය නමයකට කැඩෙනවා කියල කියන්නෙ මොකක්ද? මේ දවස්වල යෝජනාවලියක් තියනවා, පාර්ලිමේන්තුවෙ. මේකෙ කියනවා සෑම පළාතක් සඳහාම පළාතවලට සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුත් පොලිස් කොමිසන් සභාවක් තිබිය යුත්තේය කියල. එතකොට ජාතික පොලිස් කොමිසම හැදෙන්නෙ සාමාජිකයන් පස් දෙනෙකුගෙන්. කොහොමද මේ පළාත් පොලිස් කොමිසන් සභාවක සාමාජිකයන් පත් කරන්නෙ? ඒ සාමාජිකයන් පත්කරන්නේ, මේකෙ කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පොලිස් කොමිසන් සභා සභාපතිවරයා හා සාමාජිකයන් පත්කිරීමට අදාලව තීන්දු ගනු ලැබේ. මේක කරන්නෙ කවුද? සුමන්තිරන්ලා නෙමෙයි, දෙමළ ජනතාව නෙමෙයි. පාර්ලිමේන්තුවෙ පත් කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව.

13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපේ රටේ කොමිෂන් කීපයක් ස්ථාපිත කළා. ඒ ක්‍රමයම මේ අලුතෙන් ගේන්න හදන ව්‍යවස්ථාවට අන්ගර්ගත වෙනව. මේ පළාත් බද පොලිසී වලට විශාල බලයක් පැවරෙන්නෙ නැහැ. ඒ නිසාම මේ යෝජනාවේ තියනවා, සමහර ජාතික ප්‍රශ්නවලදි විසඳගන්න බැරි ආරවුල් ඇති වෙනව නම්, ඒ පළාත්වල කොමිෂන් සභාවට ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්.

දැන් බලන්න ඉන්දියාව. ඉන්දියාවේ ප්‍රාන්ත විසි අටක්. ප්‍රාන්තවල කතා කරන ප්‍රාදේශීය භාෂාවන් විසිහයක් පමණ තියනව. අපේ රටට නිදහස ලබන්න කලින් අවුරු‍ද්දෙ තමයි ඉන්දියාවට නිදහස ලැබුනෙ. ඒ කාලම ඒ ප්‍රශ්නය විසඳගත්තා. නමුත් අවාසනාවකට අපි ඒක කෙරුවෙ නෑ. ඉන්දියාවෙ රාජ්‍ය සංගමයක් හද‍නකොට අපි ඒකීය රාජ්‍යක් හදාගත්තා. අපි ඒකීය රාජ්‍ය හදාගත්තයින් පස්සෙ අපි අඛණ්ඩ අරගලයකට මුහුණ දීලා තියෙනව මේ ප්‍රශ්නය සම්බන්ධව. ඉන්දියාවේ ඒ තත්ත්වය නෑ. ඒ නිසා තමයි ඉන්දියාවට පුලුවන් වෙලා ගියෙන්නෙ ලෝකෙ විසි හයවෙනි ආර්ථිකය පවත්වාගෙන යන්න.

ඇමරිකාව ප්‍රාන්ත රාජ්‍ය පණහක්. ජර්මනිය ප්‍රාන්ථ රාජ්‍ය දහසයයි. මහා බ්‍රිතාන්‍ය අපිට ඒකීය උගන්වපු රාජ්‍ය, ඒකෙත් අද රාජ්‍යයන් කීපයක් තියෙනව. උතුරු අයර්ලන්තය, වේල්ස්  වගේ. මේක එක පැත්තකින් දේශපාලඥයන් විසින් මේ රටේ ජනතාව දිගින් දිගටම ගොනාට අන්දපු වැඩපිළිවෙල දිගින් දිගටම කරගෙන යන එක තමයි පේන්නෙ.

ජාතික ප්‍රශ්නය විසඳන්න කිසිදු උවමනාවක් මේක කියන කණ්ඩායම් වලට නැහැ. ඒ නිසා අපිට වගකීමක් තියෙනව. වගකිවයුතු පුරවැසියන් හැටියට, ඒ ‍වගේම වගකිව යුතු මාධ්‍ය හැටියට, මේ රටේ දේශපාලඥයො හැටියට මේ රටේ අනාගත පරපුරට වසර ගණනාවක් තිස්සෙ මේ කැකෑරෙන ප්‍රශ්නයට විසඳුමක් සොයන්න. විධායක ජනාධිපති ධුරයේ තියෙන ප්‍රශ්න පිළිබඳව, විධායක ජනාධිපති භයානක කම පිළිබඳ අපි දින 52දි අත්වින්දා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියන අරගලය 1978 ඉඳලා එනවා. උතුරේ ජනතාව කියනව අපිටත් මේ පාළනයට හවුල් වෙන්න අවස්ථාවක් දෙන්න. මේ ප්‍රධාන අරගල දෙක අපට බැහැර කරන්න පුළුවන්ද? ඒ ප්‍රධාන අරගල දෙකට විසඳුම් හොයන්න අවශ්‍ය නැද්ද? ඒක ගැන තමයි අපි අවධානය යොමු කරන්න ඕනෙ. ඒ නිසා සිවිල් සංවිධාන හැටියට අපි එක ගොනුවකට ඇවිත් මේ කටයුත්ත සඳහා පෙනී සිටිනවා.

ඒ එක්කම මම කියන්න කැමතියි, මේ ගැන කතාකරන අන්තවාදීන්ට බොර දියේ මාලු බාන්නේ නැතිව මේ රටේ මේ ජාතික ප්‍රශ්නය විසදන්න, හැම කෙනෙක් එක්වෙන් කියල ඉල්ලා සිටිනවා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *