|

දළඹුවා නසන්න ජවිපෙන් සේනාවක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කර ඇති අතර එය සාකච්ඡුා කිරීම ඊළඟ කැබිනට් මණ්ඩල රැුස්වීමට කල්ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ අවධානය යොමු වී තිබේ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පළාත් සභා මැතිවරණයට පාර්ලිමේන්තුවේ ක‍්‍රියාදාමය කුමක් වෙනවාද යන්න විජිත හේරත්ගෙන් විමසා සිටියේය. ”ඇත්තටම ජනාධිපතිවරයාටවත් ආණ්ඩුවටවත් පළාත් සභා මැතිවරණයක් තියන්න ඇත්ත වුවමනාවක් නැහැ. පරණ ක‍්‍රමයට තියනවානම් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් දාලා පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරගත්තාම හරි. ඒකට ඕනෑනම් සති දෙකක් කල්ගතවෙයි. අලූත් ක‍්‍රමයට තියනවානම් සීමා නීර්ණ වාර්තාව සම්මත කරගන්න තියෙන්නේ. ඒකට ජනාධිපතිවරයාට මැදිහත් වෙන්න පුළුවන්. ඒකටත් සති දෙකක් යයි. ඇත්තටම ඇත්ත වුවමනාවක් තියෙනවානම් පළාත් සභා ඡුන්දයකට යන්න මහලොකු කාලයක් ගන්න අවශ්‍ය නැහැ.” විජිත හේරත් පැහැදිළි කළේය.

දළඹුවා නසන්න ජවිපෙන් පුළුල් මැදිහත්වීමක්…

සේනා දළඹු උවදුර පැමිණි මොහොතේ සිට මේ දක්වා දළඹුවා මර්දනයටත් එයින් වැළකීමේ මඟ ගොවි ජනතාවට කියා දීමටත් පෙරමුණ ගත්තේ සමසත් ලංකා ගොවිජන සම්මේලනයයි. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න රට පුරා ගොවි දිස්ත‍්‍රික්කවලට යමින් ගොවි ජනතාව හමුවී ගැටලූ සාකච්ඡුා කරමින් එම ගැටලූ ආණ්ඩුවේ වගකිව යුතු පාර්ශවයන් සමඟ සාකච්ඡුා කිරීමේ අතරමැදියා බවට පත්විය. ඇතැම් රූපවාහිනී සංවාදවලදී නාමල් කරුණාරත්න විසින් සේනා දළමුවා මර්දනය කිරීමේ පියවර කිහිපයක්ද යෝජනා කරන ලදී. මුල් අවස්ථාවලදී එම යෝජනා ඇතැම් පිරිස් විසින් බැහැර කළද එක් රූපවාහිනී වැඩසටහනකින් අනතුරුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා නාමල් කරුණාරත්නට කීවේ ”හොඳ යෝජනා ටිකක්නේ ඔබතුමා ඉදිරිපත් කෙරුවේ. ඇත්තටම මේවා ආණ්ඩුව මැදිහත් වෙලා කරන්න පුළුවන්” යනුවෙනි. කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ විධායක සභාව පසුගිය 31වෙනිදා පැවැති අතර එහිදී ද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු විය. ”දළඹුවාගේ ප‍්‍රශ්නය නිසා ආණ්ඩුව දැන් ගොවි වන්දි අමතක කරලා. ඒකට ඉඩ දෙන්න බෑ. අපි සේනා දළඹුවා නිසා වෙච්ච පාඩුවටත් මීට කලින් නියඟය නිසා සිදුවුණු වගා හානිවලට ලබාදිය යුතු වන්දි ගැන ආණ්ඩුවේ අවධානය යොමුකරන්න උද්ඝෝෂණ වටයක් සූදානම් කරන්න ඕනෑ. දළඹුවා මර්දනයට ආණ්ඩුව තමයි මැදිහත් වෙන්න ඕනෑ. වගකිව යුතු නිලධාරීන් එක මේසයකට එන්නේ නැතුව මේ ව්‍යසනයෙන් බේරෙන්න බැහැ. මේක ජාතික අවශ්‍යතාවයක් ලෙස ගත්තේ නැත්නම් ලොකු විනාශයක් වෙනවා.” නාමල් කරුණාරත්න එහිදී ක‍්‍රියාමාර්ග ගැන පැහැදිළි කළේය.

මේ අතර ජෛව ජනන තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජවිපෙ පළාත් සභා මන්ත‍්‍රී ආචාර්ය අශෝක රන්වලද බස්නාහිර පළාත තුළ සේනා දළඹුවා මර්දනය කිරීමේ වැඩසටහනක් දියත් කළේය. පළාත් සභාව මට්ටමින් නිළධාරීන් සමඟ සාකච්ඡුා කොට මේ වැඩසටහන දියත් කිරීමට ඔහු මූලිකත්වය ගත්තේය. බස්නාහිර පළාත් සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා සහභාගි නොවුණ තත්වයක් තුළ එම රැුස්වීම්වල මුල් පුටුව ගත්තේ ද අශෝක රන්වලය. මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික්කයේ සේනා දළඹුවා ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා පියවර ගැනීමට ආණ්ඩුවේ මැදිහත්වීම ලබාගැනීම සඳහා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණී රත්නායක මැදිහත්වීය.

රු.1000 සටන ඉදිරියටත්

වතුකම්කරු ජනතාවගේ දිනක වැටුප රුපියල් 1000/=ක් දක්වා වැඩිකර ගැනීමේ සටන පුළුල් සහභාගිත්වයකින් පැවතුනත් වතු වෘත්තීය සමිති නියෝජනය කරන, ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරයෙක් වන වඩුවෙල් සුරේෂ් සහ තොණ්ඩමාන් හිටපු ඇමතිවරයාගේ පාර්ශවයන් විසින් රු.700/= එකඟතාවකට පැමිණ සටන දියාරු කිරීමට පියවර ගත්තේය. කෙසේ වෙතත් මේ සටන අතනොහැර ඉදිරියට ගෙන යෑමට ජවිපෙ වෘත්තීය සමිති තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් ජවිපෙ වෘත්තීය සමිති නායකයින් සහභාගි වූ රැුස්වීමකදී කතාබහට ලක්විය. ”වතුකම්කරුවන්ට රුපියල් 1000/= දිනාගැනීමේ සටන් පාඨය ගෙනාවේ අපේ වෘත්තීය සමිති. රාජ්‍ය සේවකයින්ට රු.10,000ක් දිනාගැනීමේ සටනට සමගාමීව තමයි වතුකම්කරු සටන අපි පටන් ගත්තේ. ඒ වෙලාවේ දෛනික වැටුප් 450යි. හැමෝම කිව්වා 1000 සටන් පාඨය වැඩියි කියලා. 10,000 සටනටත් ඒකම තමයි කිව්වේ. නමුත් අපේ වෘත්තීය සමිති වැඬේ අතහැරියේ නෑ. ඒ සටන තමයි අද වර්ධනය වෙලා ඇවිත් තිබෙන්නේ.” ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත කියා සිටියේය. ”පාර්ලිමේන්තුවේ ජවිපෙන් ගෙනාපු රුපියල් 1000 සටන ගැන කල්තැබීමේ විවාදය ගැන ලොකු කතාබහක් ඇතිවුණා. ඒ වෙලාවේ ආණ්ඩුවේ ඇතැම් අයත් පිළිගත්තා දිනක වැටුප 1000ක් කිරීම සාධාරණයි කියලා. නමුත් ආණ්ඩුවේ ඉන්න වෘත්තීය සමිති නායකයින් කියාගන්නා ඇමතිලා සටන පාවා දුන්නා රු.700ට.” සමස්ත ලංකා වතුකම්කරු සංගමයේ සභාපති සෙල්වරාජ් කීවේය. ”අපි සටන අතහරින්න ඕනෑ නෑ. අපි මේ සටන දිගටම ගෙනියන්න ඕනෑ. දැන් අයවැයත් එන නිසා මේ සටන් පාඨය අපි අතහරින්න හොඳ නැහැ. ඒ වගේම පෞද්ගලික අංශයේ රාජ්‍ය අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිවීමේ සටනත් අපි තීව‍්‍ර කරන්න ක‍්‍රියාමාර්ග ගන්න ඕනෑ” අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පැවසීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *