සේනා දළඹුවා

මුදලාලි මොකද බර කල්පනාවක කියා ඉස්කෝලේ මහත්තයා ඇසු විට මුදලාලි කිවේ ඉංග්‍රීසි නම මතක නැතිව කල්පනා කරනවා කියාය.

එවිට ඉස්කෝලේ මහත්තයා හාල් පරිප්පු තුනපහ වගේ දෙයකට කියන නමක්ද එහෙමත් නැතිනම් එංගලන්තයේ ඕස්ට්‍රේලියාවේ මහත්තයෙකුගේ නෝනා කෙනෙකුගේ නමක්ද කියා ඇසු විට මුදලාලි කිවේ ඒ කිසිවක් නොව දලම්බුවෙකුගේ නැතිනම් පනුවෙකුගේ නමක් කියාය.

පනුවා කවුද පටි පනුවාද කඳ පනුවාද කියා ඉස්කෝලේ මහත්තයා ඇසු විට මුදලාලි කිවේ සේනා පනුවා නොහොත් සේනා දළඹුවා කියාය.

මුදලාලිගේ ප්‍රශ්නය සේනා දළඹුවා නම් මාගේ මතකයේ හැටියට ඌට ඉංග්‍රීසියෙන් කියන්නේ ආමි වොර්ම් කියා ඉස්කෝලේ මහත්තයා කිවේය

එවිට මුදලාලි කිවේ අන්න හරි ඒක තමයි මට තියෙන ප්‍රශ්නය කියාය. ප්‍රශ්නයක් තියාගන්න එපා මුදලාලි දළඹුවාට ආමි වොර්ම් කියනවා ඇත්තේ ඌ කණ්ඩායම් වශයෙන් බෝවෙන නිසා වෙන්න පුළුවන්ය කියාය.

මට ප්‍රශ්නේ තියෙන්නේ උගේ බෝවීම නෙවෙයි සිංහලයට නම දමද්දී ආමි පනුවෝ එහෙමත් නැතිනම් හමුදා දළඹුවා කියා නම නොදැම්මේ ඇයි කියන එකයි.

සේනා කියනවට වඩා හමුදා ආමි වගේ වචන අපේ ශබ්දකෝෂයට කොච්චර සමීපද කියා එවිට මුදලාලි කිවේය.

අපෝ මුදලාලිට ඒකවත් තේරෙන්නේ නැද්ද ඔය පණුවට හමුදා දළඹුවා නැත්නම් ආමි දළඹුවා කියා නම දැම්මා නම් දළඹුවා මර්ධනය නොර්වේ කුමන්ත්‍රණයක් එහෙමත් නැතිනම් ඩයස්පෝරාවේ වැඩක් කියා පිවිතුරු උදයා,සැල්ෆෝන් විමලේ වගේ අය කියන්නට තිබුණාය කියාය

. ඉස්කෝලේ මහත්තයා වැඩිදුරටත් කිවේ ආමි දළඹුවා කියා ඒ දළඹුවාට නම තිබ්බා නම්, දළඹුවා මර්ධනය කිරීමට බැරි ආණ්ඩුවක් රට දියුණු කරන්නේ කොහොමද කියා අහන සාටක රජතුමා වුණත් දළඹු මර්ධනය දේශද්‍රෝහී කුමන්ත්‍රණයක්, පාවා දීමක් කියා කියනවා. ඉරහඳ වගේ විශ්වාසයි කියාය.

සමහරවිට එහෙමනම් අපේ වේලිච්ච වට්ටක්කා මහත්තයා ජිල් මහත්තයා වගේ අයත් දළඹු මර්ධනය ටි.එන්.ඒ එකේ එල්ටීටීඊ සංවිධානයේ සුමන්තිරන් මහත්තයාගේ අවශ්‍යතාවයට කෙරෙන වැඩක්ය කියා කියාගන්නට ඉඩ තිබුණා කියා ඉස්කෝලේ මහත්තයා වැඩිදුරටත් කිවේය.

සේනා මර්ධනය තමන්ට බාර දෙන්න කියා රතනුන්වහන්සේ කියාතිබුනා නේදැයි එවිට මුදලාලි අතුරු ප්‍රශ්නයක් ඇසුවේය.

එවිට ඉස්කෝලේ මහත්තයා කිවේ. දළඹුවාට හමුදා දළඹුවා කියා කිවනම් රතනුන්වහන්සේත් කියටවත්ම එය මර්ධන කටයුත්තට ඉදිරිපත්වන්නේ නැහැ කියාය.

රතනුන්වහන්සේ හදන්නේ දේශීය බෙහෙත්වලින් සේනා මඩින්න නේද ඇත්තටම දේශීය බෙහෙත්වලින් සේනා මඩින්න පුලුවන්ද කියා මුදලාලි ඇසුවේය.

ඒක නම් මට හරියටම කියන්නම අමාරුයි. හැබැයි උන්වහන්සේ ග්ලයිපොසෙට් නැතිව තණකොළ මැඩිල්ල නම් කෙලවර වුණේ තේකොල  මැඩිල්ලක් වෙලා, තේවතු වල්වැදිලා රටේ ජාතික ආදායමත් සෘණ පැත්තට වර්ධනය වෙලාය කියා එවිට ඉස්කෝලේ මහත්තයා කිවේය.

මෛත්‍රී මහත්තයත් යුද්දයක් වගේ හිතට අරන් සේනා මඩින්න කියලා උපදෙසකුත් දීලා හමුදාවත්ඒකට යොදවලා ගන්න කිව්වා වගේ මතකයි.කියා මුදලාලි කිවේය.

සේනා කියන නම හමුදා කියන නමට වඩා ගැලපෙන බව මෛත්‍රී මහත්තයා එහෙම කියනවනම් එයිනුත් තහවුරු වෙනවා කියා එවිට ඉස්කෝලේ මහත්තයා කිවේය.

එහෙම කියන්නේ ඇයි කියා මුදලාලි ඇසුවිට ඉස්කෝලේ මහත්තයා කිවේ, හමුදාවගේ නමක් තිබුණා නම් මෛත්‍රී මහත්තය උපදෙස් දෙනවා ඇත්තේ රටම කාලා විනාශ කලත් දළඹුව මර්ධනය කරන්න තියා ඒ ගැන හිතන්නවත් එපා කියා යයි කියාය

ඉස්කෝලේ මහත්තය කොහොමද එහෙම කියන්නේ කියා මුදලාලි ඇසු විට ඉස්කෝලේ මහත්තයා කිවේ ,එක්නැලිගොඩ සිද්ධිය, එකොලොස් දෙනෙක් අතුරුදහන් කිරීමේ සිද්ධි වලට සම්බන්ධ හමුදා අයගේ තොරතුරු උසාවියට දෙන්න එපා කියපු මෛත්‍රී මහත්තයා හමුදාව කියල නමක් තියෙන දලබුවෙක් තියා උකුනෙක් මකුනෙක් මැක්කෙක්වත් මර්ධනය කරන්න අනුමැතිය දෙන්නේ නැති බව බුදු ෂුවර් කියාය.

අපේ මෛත්‍රී මහත්තයා පිලිපිනේ යද්දී සේනා දළඹුවා මේ රටේ හිටියද නැද්ද කියා මුදලාලි ඇසු විට ඉස්කෝලේ මහත්තයා කිවේ ඒක නම් හරියට මතක නැහැ මොකටද මුදලාලි ඇසුවේ කියාය.

සේනා දළඹුවා ගැන දැනගෙන හිටියානම් පිලිපිනේ ගිය වතාවේ මත් මර්ධනයට මෙන්ම සේනා මර්ධනයටත් පිලිපීන ලොක්කාගෙන් ආදර්ශයක් අරන් එන්න තිබුණාය කියා එවිට මුදලාලි කිවේය.

එත් මුදලාලි මටනම් හිතෙන්නේ මෛත්‍රී මහත්තයා මත් වුවදුර මඩින්න ටියුෂන් ගන්න පිලිපිනේ ගිය ගමන අපරාධයක්ය කියා එවිට ඉස්කෝලේ මහත්තයා කිවේය.

මොකද එහෙම කියන්නේ කියා මුදලාලි ඇසු විට ඉස්කෝලේ මහත්තයා කිවේ, මුදලාලි නොදන්නවා උනාට පිලිපිනයත් මත් මර්ධනයට ආදර්ශය අරගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවෙන්ය කියාය.

ඔන්න ඉස්කෝලේ මහත්තයත් මුසාවාද කියන්න පටන් අරන් කියා මුදලාලි කි විට ඉස්කෝල මහත්තයා කිවේ මුදලාලිට මතක නැද්ද අපේ සාටක රාජා බයගොතා එහෙම පසුගිය ආණ්ඩුව කාලේ පාතාල මර්ධනයට විතරක් නෙමෙයි රතුපස්වල කටුනායක මිගමුව වගේ තැන්වල උද්ගෝෂණ මර්ධනය කරන්නත් යොදාගත්තේ දැන් පිලිපිනේ අනුගමනය කරන මත්ද්‍රව්‍ය පිළිවෙත කියාය.

ඒකනම් ඇත්ත පිලිපිනේ ගියවෙලාවෙ මැදමුලනට ගියානම් පාඩමත් හරි වියදමත් ඉතුරුයි කියා මුදලාලි කිවේ කරුණ තේරුම්ගිය නිසාය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *