සංවර්ධනයට ඉඩක් ඇතත් ආණ්ඩුවට ලේසි නැහැ – මහාචාර්ය කුමාර් ඬේවිඞ්

Kumar-David-Colombo-Telegraphආර්ථික ප‍්‍රශ්නය ගැන සාකච්ඡුා කරන විට දිර්ඝ කාලින මැදි සහ කෙටි කාලීන ලෙස 3කට බෙදන්නට පුළුවන. නමුත් මා දැන් කථා කරන්නේ  කෙටි කාලීනව සහ දිගු කාලීන වශයෙනි.  කෙටි කාලීනව ගතහොත් ආණ්ඩුවට මෙය තරමක් අමාරු කාලයකි. අපේ ආනයන විශාල වශයෙන් වැඩි වී ඇත.  විශේෂයෙන්ම සුඛෝපභෝගි භාණ්ඩ වැඩි වැඩියෙන් ආනයනය කර තිබේ. අනික්  අතට  අපනයන අඩුවී ඇත.  අපගේ අපනයන අඩුවී තිබෙන්නේ ඇයි ද යන්න මට ප්‍රෙහේළිකාවකි.  ඒ මගින් අපේ ආදායම අඩුවීම වී තිබේ.  අනික් එක  මැද පෙරදිග ගිය ශ‍්‍රමිකයින්, විශේෂයෙන් කාන්තාවන් එවන ආදායම  අඩු වී හෝ වැඩි වී නැත. සමස්තයක් ලෙෂ ගත් කළ ඒ නිසා ගෙවුම් ශේෂය  වැඩි වී තිබේ.   එහි ප‍්‍රතිඵලයක් ලෙස අපේ  ඉතුරුම්  අඩු වී තිබේ.

මේ තෙරපීම නිසා  රුපියල බාල්දු වී ඇත. ඩොලරය රුපියල 145කට යන්නට පුළුවන.  සමහර විට නිල මට්ටමෙන් රුපියල අවප‍්‍රමාණය කරන්නට ද ඉඩ තිබේ.  මධ්‍යම බැංකුව දැන් රුපියල ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ නැත.  එසේ ආරක්ෂා කරන්න නම් ඩොලර් විකුණන්නට  සිදුවේ.  ඉතුරුම් අඩු වන නිසා එහෙම ඩොලර් වියදම් කළ නොහැක.  මේ ආකාරයට රුපියල බාල්දු වන විට සියළුම භාණ්ඩවල මිල වැඩිවේ.  ඛනිජ තෙල් මිල අඩු වී ඇත. එය  බැරලය 45 ක් පමණ වේ. එහි මිල 60-65ක් වුනොත්  මෙයට වඩා තත්ත්වය දරුණු වේ.  මේ තත්ත්වය යටතේ ඉදිරි වසර  ආර්ථික වශයෙන් ආමාරු තැනකට ගමන් කරනු වැළැක්විය නොහැක.  ඒ අමාරුකම නිසා  රනිල් වික‍්‍රමසිංහට සහ රවි කරුණානායකට නැත්නම් ආණ්ඩුවට  සුභ සාධනයන් කපන්නට සිදුවේ.  එසේ නැත්නම් වෙනත් භාණ්ඩ වලට බදු පනවන්නට සිදු වේ.

ඒකෙන් ගොඩ එන එක පහසු ප‍්‍රශ්නයක් නොවේ.  දීර්ඝ කාලීනව බැලූවොත්  කියන්නට තිබෙන්නේ වසර පහක් ඇතුළත  සංවර්ධනයකට ඉඩ නැහැ කියලා ස්ථීරව කියන්නට පුළුවන් කමක් නැත.  මම හිතන්නේ වසර 5ක් ඇතුලත  ජාත්‍යන්තර තත්ත්වය හොඳ නම් යම්  ධනවාදි සංවර්ධනයකට යන්නට පුළුවන.  සිංගපුර්වල මෙන් නොව  එයට අඩු මට්ටමේ සංවර්ධනයකට යා හැක. මහින්දගේ කාලයේ ද ධනවාදි සංවර්ධනයක් තිබුණි.  ජාත්‍යන්තර සහයෝගයත් තිබෙන නිසා එයට වඩා සංවර්ධනයකට මේ ආණ්ඩුවට යෑම අපහසු නැත.  රනිල් ගේ ආණ්ඩුවට තිබෙන්නේ මේ කෙටි කාලීන හා දිගු කාලීන පාලම යාකර ගන්නට ය. මහින්ද කළේ ණයට මුදල් ගෙන යහළුවන් සමග පාටි දැමීම ය. එවිට පහලට ද යම් මුදලක් කාන්දු වේ. නමුත් මේ ගමන එසේ යන්නට නොහැක.

මහින්ද රත්නායක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *