අපි ඡන්දය බලාගෙන කතා කරන්නෙ නැහැ අපිට ඕන රටට හොඳ දෙයක් කරන්න –

මෙම ව්‍යාපාරයේ අවශ්‍යතාවය අපි දැක්කේ දවස් පණස් තුනේ කාලයේ දි. එතනදි අපි එක්රැස් වුණේ ප්‍රජාත්නත්‍රවාදය රකින්න. ඒ කියනනේ ව්‍යවස්ථාවට අනුකූලව තීරණ ගැනීම සහ නීතියේ අධිපත්‍ය ඒ පිළිබඳව තමා අපි එකට ආවේ. ඒ කාලෙදි අපි දැක්කා, අපි එක්රැස් වෙන එකෙන් අපිට යම් කිසි ශක්තියක් ලැබුණා කියල. එකක්, අපි එකිනෙකාගෙ හොඳ අදහස් අපි දැනගත්තා. එකිනෙකාගෙන් ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි අපි සංවිධාන කීපයක්, ලොකු පිරිසක් රැස්කරන්න හැකියාවක් ලැබුණා.

අපි පක්ෂ දේශපාලනයට ඇතුළත් වෙලා නැහැ. ඒ නිසා අපිට යම්කිසි හැකියාවක් තියෙනව, ඇත්ත කතා කරන්න. අපි ජනතාවගේ ඡන්දෙ ගන්න ඉන්නව නෙමයි. අපිට ඕනැ කරන්නෙ අපි දකින විදිහට රටේ යහපත. අපි බලන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය. ජාතික ගැටළුවට විසඳුමක්. අපිට පුළුවන් ජනතාව එච්චර කැමති නැති දේවල් කියන්න. අපි ඡන්ද බලාගෙන කතා කරන්නෙ නෑ. අපි බලන්නෙ අපි හිතන විදිහට හොඳ දේ කියන්න.

මේකට දීර්ඝ කාලීන කැපවීමක් අවශ්‍යයි. දැන් ඡන්ද කාලයක් එනවා. අමාරු අර්බුද කාලයක් එනව. ඒ කාලෙදි අපි මිනිස් අයිතිවාසිකම් වටිනාකම වලට සහ ජාතීන් අතර සමගිය, ජාතීන් සියල්ලම ගරු කරන ඒ අදහස් ඉස්මතු කරල මේ අර්බුදකාරි කාලයේ අපිට යුතුකමක් තියනව, අපිට හැකියාවක් තියෙනව ඒවා කරන්න. ඒ නිසා තමයි මම මේ ව්‍යාපාරෙ මේ හවුලෙ කොටස් කාරයෙක් හැටියට ඉන්නෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *