‘පිස්සෙක් අතට මේ ව්‍යවස්ථාවේ බලය ගියොත්?’ කියලා ආචාර්ය එන්.එම්. පෙරේරා කියපු කතාව ඇස්පනාපිටම ඔප්පු වෙලා තියනනව – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

අපේ රටේ දේශපාලනයේ තවත් පියවරකට අපි ඇවිල්ලා තියෙනව. මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ රාජ්‍ය සංඝ රාජ්‍යක් කරන්න තමයි හදන්නෙ. මේ රටේ සංඝයා වහ‍න්සේලා උරුමයක් බවට පත් කළා. ඒක දේශපාලන ව්‍යාපෘතියක එක කෙළවරක්. බුද්ධ ධර්මයේ තියෙන‍්නෙ විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්මය කියල. නමුත් මම හිතන හැටියට දේශපාලන ජීවිතයේ දී මිනිසුන්ගෙ ඊට වඩා වැදගත් වෙන ත්‍රිපිටකයක් තියෙනව. ඒ ත්‍රිපිටකයේ ප්‍රධාන එක තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. දෙවෙනි එක තමයි දණ්ඩ නිති සංග්‍රහය. තුන්වෙනි එක තමයි පාර්ලිමේන්තුවෙ ස්ථාවර නියෝග. ඔය ත්‍රිපිටකය මත තමයි අපේ රටේ දේශපාලන තීන්දු ක්‍රියාත්මක වෙන්නෙ. මිනිස්සු හැසිරෙන්නේ ඒක අනුවයි.

මම හිතන්නෙ සංඝ රාජ්‍යට අවශ්‍ය විදිහ ඒ ව්‍යවස්ථා‍වෙ බුදුන් වහන්සේ විසින් දේශපාකරලා තියෙනව, මේ ලෝකේ සැපෙන් මිදිලා කොහොමද පරාර්ථය ප්‍රමුඛව තමන් නිවන් මාර්ගයට යන ගමන් කොහොමද තමන් ‍අනෙක් අයටත් කියාදෙන්නෙ කියල. මෙයාලා නිවන් යන්න නෙමෙයි පත්තු කරන් යන්න තමයි හදන්නෙ. මොකද පත්තු කරන එක්කෙනෙක් ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තය. එයාගෙ වැඩේම පත්තු වෙන එක තමයි හැම‍ වෙලේම. ඒ පත්තුවට හොඳ පත්තුවක් බඳින්න අවශ්‍ය වෙලා තියෙනව, දේශපාලන වශයෙන්. ඒක අපිට ඉදිරියේම අවශ්‍ය කාරණයක්.

අඩුවෙන්ම පාර්ලිමේන්තු යන, වැඩියෙන් පන්සල් යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා දැන් විපක්ෂ නායක ලේබලය අරගෙන ඉන්න කෙනා. එතුමා ඉක්මනට නිවන් යන්න තමයි හදන්නෙ. මම එතුමාට නිවන් මාර්ගයට යන ගමන සාර්ථ‍ක වේවා කියල ප්‍රාර්ථනා කරනව. නමුත් අපිට මේ දුක් කරදරත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙනව. එක පැත්තකින් පිස්සෙක් පිස්සු නටනව. එහෙම කිව්වාම මිනිස්සුන්ගෙ ඔළුවට එන්නේ රටේ ජනාධිපතිවරයා නම්, ඒක රටේ ප්‍රශ්නයක්. එහෙම එකක් ද කියන ප්‍රශ්නය තියෙනව. මොකද ජනවරමෙන් පත් වුණාට පස්සේ මේ මෑතක ඉඳාලා දුම්මල වරමක් අරගෙන තියෙනව යකා නටන්න.

සිංගප්පූරුවට වීසා නැතුව යන්න පුළුවන්. පිළිපීනෙ යාළුවා හම්බවෙන්න ළඟදි ගියා. තායිලන්තෙට ගියේ ආරධනාවත් නැතිව වෙන්න ඕන. ළඟට ඇවිල්ලා කතා කරපු, ග්ලවුස් ගලවල අත දුන්නු මහ රැජින එහෙම නැවත එයාව හම්බ වෙන එකක් නැහැ.

දැන් එතුමා හොයන්නෙ අලුතෙන් මරණ ක්‍රම තමයි. නොමරා මරන්නේ කෙසේද? මම හිතන්නෙ එසේ මරණය පිළිබඳ ආශාවක් මොකද දන්නෙ නැහැ. එහෙම හොයලා බලන එක අනාගතයට වටිනවා. මොකද එහෙම චේතනා සහිත පුද්ගලයෙක් නැවත ජනාධිපති වුවහොත් කුමන මරණ සිද්ධ වෙයිද කියන ප්‍රශ්නය තියෙන නිසා.

‘පිස්සෙක් අතට මේ ව්‍යවස්ථාව බලය ගියොත්?’ කියලා මහාචාර්ය එන්.එම්. පෙරේරා කියපු කතාව ඔප්පු වෙලා තියන වෙලාවක්. ඒක මීට අවුරුදු ගණනාවකට කලින් කියපු කතාව දැන් සත්‍යයක් වෙලා තියෙනව. කාලෙකට පස්සෙ. ඇස් පනාපිටම.

අලුතින් ජනතාව තමාගේ සාක්ෂරතාවය ඉතා හොඳින් ක්‍රියාත්මක කරනව. ව්‍යවස්ථාව ගැන. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට වඩා ජනතාව දන්නව ව්‍යවස්ථාවේ මොන අනු ඡේදය අනුවද මේ දේ වෙන්නෙ කියල. ඒක රටේ හොඳ තත්ත්වයක්. මේක දිගටම නඩත්තු කළ යුතුයි. ඒ තියෙන නඩත්තුව අස්සෙත් මේ තියෙන අලුත් වියවුල මොකක්ද?

ඒක පැත්තකින් අපි සුළු විවේචනයක් ආණ්ඩුවටත් කරන්න ඕනෙ. සමහර ඉතා ඉක්මනින් වෙන්න ඕන දේවල් වෙන්න ඇරලා කිරීම සාමාන්‍යයෙන් හොඳ නැහැ. රටේ ජනතාවගේ දේශපාලන උනන්දුව තියෙන වෙලාවෙම එය කළා නම් මේ තරම් ප්‍රශ්න එනනෙ නැහැ. එහෙනම් අර ජනවරමේ මහත්තයටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අනුව තමයි අනිවාර්යෙන්ම ක්‍රියාත්මක වෙ‍න්නෙ.

පක්ෂවල දේශපාලන අභිමතය මොකක්ද? ඔවුන් මේ වෙලාවේ පෙන්නුම් කරමින් ඉන්නවා. බොරු කතා කියමින් ජාතිවාදය ඇවිස්සීම ම තමන්ගේ එකම මාතෘකාව කරගෙන ජන බලය ගැනීම කියන චේතනාවෙන් වැ‍ඩකරනව. ඒ ගොල්ලන් නැති කාරණා අරගෙන තියන කාරණා සගවලා කටයුතු කිරීම දකින්න පුළුවන්. තියන කාරණාව තමයි අපි ඇත්තටම පෙඩරල්ද කියන ප්‍රශ්නය. නැත්නම් ඒකීයද කියන ප්‍රශ්නය. 13 වන ව්‍යවස්ථාව හරියටම ක්‍රියාත්මක නොවුනු නිසා තමයි ෆෙඩරල් නොවී තියෙන්නෙ. නැත්නම් හරියටම බැලුව නම් ෆෙඩරල් තමයි දැනටත්. බලය බෙදා ගත්තෙ නැති එක තමයි නිකම් පරඬැල් වෙලා තියෙන්නෙ. මම හිතන්නෙ අපි ෆෙඩරල් හතුරෙක් හැටියට දකින්නෙ නැතිව එම වචනයට වෙනත් ලස්සන වචනයක් හදාගන්න පුළුවන්. සාමකාමී ජීවිතය, සුහදබාවය, ඒ වගේ ලස්සන වචනයක් අති කරගත්තනම් මේ රංඩුව ඇති වෙන්නේ නැහැ. ෆෙඩරල් කියන එකට සිංහල වචනයක් නෑ පරිවර්තනය කරන්න. ඒක නිසා තමයි ඔරුමිත්ත නාඩුව ගැන ගැටලුව තියෙන්නෙ. ඒකීය කියන වචනය දෙමළ භාෂාව ඇතුළට අරගෙන නෑ. එක තමයි ජාතික ගිය දෙමළෙන් ගයන කොට ‘නමෝ න‍මෝ තායේ’ කිව්වම ‘මාතා’ කියන්නෙ නැත්තෙ මොකද කියල අහනව. ඒ භාවිතාවන් හැදිල වැඩිල තියෙන හැටි. අපි සමහර ඒවා කුලම්, මණ්ඩලම් ඒවා ඔක්කොම අරගෙන තියෙනව. නමුත් ෆෙඩරල්වලට පුදුම බයක් තියෙන්නෙ.

නාට්‍ය කාරිනියක් සාහිත්‍ය උළෙලකට දරුවන් සමග වැඩසටහනක් කරල තියෙනව ගාල්ලෙ. ඒකෙ දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පෝස්ටරේ ගැහුවාම. ඒ දෙමළ භාෂාවෙන් තියෙන පෝස්ටරය ඉරලා ඒ ප්‍රදේශයේ. දකුණෙ දෙමළ භාෂාවෙන් ගහන්න බෑ. චීන භාෂාවෙන් ගහන්න පුලුවන්. චීන වලට ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රිසිවලට ප්‍රශ්නයක් නෑ. දෙමළ වචනයක් හරි අකුරක් හරි ති‍බුණොත් තමයි ප්‍රශ්නය තියෙන්නෙ. ඉන්දියාවෙන් ආවෙ නැති අය වගෙයි හැසිරෙන්නෙ මේ ලංකාවෙ ඔක්කොමල. ඉන්දියානු සම්භවයක් නෑ වගේ. ඉතින් මම හිතන්නෙ ඒ තියන මානසික අසහනයන් දේශපාලකයාගෙන් ඉවත් කරගැනීමට තියෙන අවස්ථාව තමයි මේක. දේශපාලඥයා වගකීමක් වගවීමක් දරන්න ඕන අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනව කිව්ව එක දිගටම කරනව කියන එක ගැන.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *