ගෝඨාභයට පුළුවන්ද? – මහාචාර්ය එස්.ඩබ්ලිව්.ආර්. ද ඒ. සමරසිංහ

වියත් මඟ දේශනයකට ඉකුත් සතියේ සහභාගිවූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 ජනවාරියේ පැවැත්විය යුතු ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කළේය. වියත් මඟ වෙබ් අඩවියෙහි පැහැදිලි ව දැක්වෙන අන්දමට එය ‘දේශපාලනමය සංවිධානයක් නොවන අතර රටේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වන සිවිල් සමාජ ව්‍යාපාරයකි’ වියත්මග සදාචාරාත්මක මාර්ගෝපදේශ සහ ‘රට හරි මගට ගැනීම ‘වැනි අනෙකුත් අදාළ ප්‍රකාශ මඟින් ද කියැවෙන්නේ එබන්දකි. මේ සියල්ලම 2015 දී පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් රැස් කළ යහපාලන සංධානයේ ප්‍රකාශනවලට සමාන ය. කෙසේවෙතත් ආසියානු ආකෘතිය අනුගමනය කරමින් සමාජ ප්‍රශ්න විසඳීමෙහි ලා පෞද්ගලික අයිතීන් පසෙකලීමේ පූර්වාදර්ශය ගත යුතු බවට රාජපක්ෂ මහතා කරන යෝජනාව මේ රට ගතවූ 75 වසරක් තිස්සේ ලබාගත් ප්‍රගතිය ආපසු හරවා රටේ දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් දූෂිත ඒකාධිපතිවාදයකට තල්ලු කර දැමිමක් බවට මේ ලියුම්කරු තර්ක කරයි.

රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කරන්නේ රටේ දේශපාලන තත්ත්වය දියාරු ස්වභාවයක පවතින අවස්ථාවක ය. පළමුකොට මීළඟ මැතිවරණය හා ජනපතිවරණය වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පවත්වයිද නැතහොත් නව ව්‍යවස්ථාවක් යටතේ පැවැත්වෙයිද යන අවිනිශ්චිතතාව ඇත. 19 වැනි ව්‍යවස්ථා සංෙශා්ධනය අහෝසි කර ජේ. ආර්. ජයවර්ධනගේ විධායක ජනපති ආකෘතිය ප්‍රතිෂ්ටාපණය කරාවි යැයි සිතන්නට හේතුවක් නැත. බොහෝදුරට විය හැක්කේ ජනාධිපතිවරයාට 19 වැනි සංශෝධනය යටතේ හිමිවූ බලතල ද අඩුවී හුදු නාම මාත්‍ර ජනාධිපතිවරයකු බිහිවීම ය. එවිට ජනපතිවරණය අනවශ්‍ය කාරණයක් වෙයි.

පවතින ව්‍යවස්ථාව වෙනස් නොවුවහොත් රටේ විධායකය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බෙදුණු බල පොරයක් වනු ඇත. මේ ප්‍රායෝගික නොවන සැකැස්මේ විපාක පසුගිය වසර මුළුල්ලේ මේ රටට අත්දකින්නට ලැබිණ. ඉහත තත්ත්වය යටතේ බලන කල ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ පවතින ව්‍යවස්ථාව වෙනස් නොවන්නේ ය යන උපකල්පනය යටතේ බව පෙනී යයි. මෙහිදී වියත්මග සභාවට ගෝඨාභය කියන දේ සහ නොකියන දේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක පැන නඟී.

රාජපක්ෂ පවුලේ සහය

පළමුකොට රාජපක්ෂ පවුලේ සහාය ගෝඨාභයට හිමිවේද යන්න අපැහැදිලිය. ශක්තිමත් දේශපාලන පදනමක් ඇත්තේ මහින්දට වන අතර ශ්‍රීලංකා පොදුජන පෙරමුණ සෑදීමේ ගෞරවය අත්වන්නේ බැසිල්ට ය. ගෝඨාභයට ස්වාධීන දේශපාලන පදනමක් නැත. ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරගවදින්නේ නම් එය තදුරටත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමකට වඩා රාජපක්ෂ පවුල රාජවංශයක් කිරිමේ ව්‍යාපෘතියේ ම දිගුවකි.

දින කිහිපයකට ඉහතදී රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ ද ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් බව කියා සිටියේය. එය විශේෂයෙන් වියත්මග ශ්‍රාවකයන් වැනි රාජපක්ෂ ආධරකරුවන් තූළ අවිනිශ්චිතතාවක් ඇති කරයි. සෛද්ධාන්තික ව මෙය එජාපය හා ශ්‍රීලනිපයේ සිරිසේන පාර්ශ්වය වැනි රාජපක්ෂ විරෝධීන් තුළ වික්ෂිප්ත ස්වභාවයක් නිරමාණය කිරීමේ උපක්‍රමයක් විය හැකිය. අනෙක් අතට එය රාජපක්ෂ පවුලේ එකමුතුවක් නොමැති බව පෙන්වන ලකුණකි. එමෙන්ම මීළඟ නායකත්වය සම්බන්ධයෙන් පවුල ඇතුළත ගැටුම් පවතින බවද පෙන්වන්නකි.

සුළුතර අයිතීන් ගෝඨාභය පොදුජන පක්ෂයෙන්

තරග කරන්නේ නම් ඔහුට ඒ පක්ෂයේ දේශපාලන පැකේජයේ අනෙක් සියලු දෑ පිළිගන්නට සිදුවනු ඇත. එය වියත්මග ඔස්සේ ගෝඨාභය කරන ප්‍රකාශවලට පටහැනි ප්‍රධාන කරුණු දෙකකින් යුතුය. ඉන් එකක් වන්නේ සුළුතර අයිතින් පිළිබඳ පක්ෂයේ ස්ථාවරයයි. ගෝඨාභය සිය දේශනනවල ද ජාතිවාදය වෙනුවට ජාතිකත්වය වැළඳගන්නා බව කියයි. ඔහු එසේ කිරීම නිවැරදි ය. එහෙත් මේ රටේ සුළුතර ජනතාව ශ්‍රී ලංපොපෙ ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනු ඇතැයි විශ්වාස නොකරති. මෑත මැතිවරණවලදී සුලුතර ඡන්ද රාජපක්ෂ විරෝධි කණ්ඩායම් වෙත යන්නට හේතුව ඉන් පැහැදිලි වෙයි.

යහපාලනය

දෙවැනි ප්‍රධාන පරස්පරය වන්නේ යහපාලනය පිළිබඳ ප්‍රශ්නයයි. රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය ඇතුළ එක්සත් ජාතික පෙරමුණු රජය 2015 පටන්ම යහපාලනයක් බලාපොරොත්තුවූ ජනතාව අපේක්ෂා භංගත්වයට පත්කර ඇත.කෙසේවෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණද සවකීය ප්‍රතිපත්ති වෙනස් කරමින් පක්ෂය තුළ නිලතල දරණ දූෂිතයන් ඉවතකිරීමට තදබල උත්සාහයක් ගෙන නැත. මේ නිසා රාජපක්ෂ වියත්මග දෙසුම්වලදී කුමක් කීවත් ඔහුගේ අතීත ක්‍රියාකාරකම් හා රට වෙනුවෙන් ඔහු පෙන්වන අනාගත දැක්ම ප්‍රශ්න කළ හැකිය.

නීතියේ පාලනය

පළමුවෙන් , හිටපු ආරක්ෂක ලේකම්වරයා වශයෙන් ගෝඨාභය ගේ භූමිකාව වියත්මගින් ඔහු පෙන්වන යහපාලනයට හා නීතියේ පාලනයට ආදර්ශයක් නොවේ. ඔහු ව්‍යවස්ථා විරෝධීව හිටපු අගවිනිසුරුවරිය තනතුරින් පහකිරීමෙහි යෙදුණු පාලනයට ඉතා සමීපව සම්බන්ධව සිටියේය.එමෙන්ම පුද්ගලයන් පැහැරගෙන ගොස් වධ දීමට සුදුවෑන් කල්ලි ක්‍රියාත්මක කිරීම මූල්‍ය දූෂණ හා මහජන මුදල් විශාල වශයෙන් අවභාවිත කිරීම යනාදී සියල්ලක් ම හෙතෙම ඉවා සිටියේ ය.

සමාජ ප්‍රශ්න

දෙවනුව රාජපක්ෂ මහතා සමාජ ප්‍රශ්න විසඳීමෙහිලා පෞද්ගලික අයිතිවාසිකම් පිටුදකී. දිලිඳුකම මුලිනුපුටා දැමිය යුතු බව කියන අතර ශ්‍රී ලංකාවේ 60%ක් පමණ තමන් දිළින්දන් යැයි සිතන බවත් කියයි. ආර්ථික හා සමාජ සාර්ථකත්වය සඳහා සෙස ආසියාතික රටවග් අනුගමනය කළ යුතු බවකී වත් ඒ රටවල් නම් වශයෙන් නොහඳුන්වයි. සියයට 60 ක සංඛ්‍යාව ඔහු කොතැනින් අහුලාගත්තාදැයි පැහැදිලි නැත. සමස්ත දිවයිනේ අහඹු සාම්පල සමීක්ෂණය ඇසුරින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සකසන ලද නවතම සංඛ්‍යාලේඛන අනුව2016 දී මෙරට ජනගහනයෙන් නිල දිලිඳු රේඛාවේ මට්ටමින් පහත වාසය කලේ 4.1%ක් හෙවත් 850000ක් පමණ පිරිසකි.

සමීක්ෂණයේ සංඛ්‍යාමය දෝෂ හා දැනට දිළිඳු රේඛාවෙන් උඩ සිටියි. රැකියා අමිහිවීම ඇතුළු ගැටලු නිසා ඉන් පහතට වැටිය හැකි පිරිස ද සැලකිල්ලට ගෙන් පවතින දිලින්දන්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් වැඩි කළත් අපට ලැබෙන්නේ ජනගහනයෙන් 12% වැනි සංඛ්‍යාවකි. එයද ගෝඨාභය පෙන්වන දිලිඳු ජනගහනයෙන් පහෙන් පංගුවකි.

කෙසේවෙතත් මත විමසුම්වලින් හඳුනාගෙන ඇති ආකාරය වත්මන් ඡන්දදායකයන්ට වඩාත්ම පොදු ප්‍රශ්නය වී ඇත්තේ ජීවන වියදම ඉහළ යෑම හා ප්‍රමාණවත් අදායමක් නොමැති කමයි

මේ අනුව රාජපක්ෂ යෝජනා කරන ක්‍රමයට ජාතික ප්‍රතිපත්තියක මධ්‍යගත කාරණා වශයෙන් දුප්පත්කම පිටුදැකිම හා ආදායම් වර්ධනය දැක්වීම සාධාරණය.

පෞද්ගලික අයිතීන්

සමාජ ප්‍රශ්න විසඳීමේදී පුද්ගල අයිතීන්ට වඩා සමාජ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමුකිරිමේ යෝජනාව රාජපක්ෂ මහතා ගෙන එන්නේ බටහිර ආදර්ශයක් වශයෙනි. එය විකල්පයක් වශයෙන් සැලකිය යුතු ද යන්න සම්බන්ධයෙන් මගේ උත්තරය වන්නේ මතු දැක්වෙන හේතු නිසා ඒය විකල්පයක් වශයෙන් නොව අනුපූරක අගයන් හා ඉලක්ක වශයේ සැලකිය යුතු බවයි.

සෞඛ්‍යය හා අධ්‍යාපනය

සාමාන්‍ය ජනතාවට සෞඛ්‍යාරක්ෂාවට හා අධ්‍යාපනයට ෙදාරටු විවර වුයේ ඡන්දයේ බලයෙනි. වියත්මගෙහි සිටින බොහෝ දෙනාද ඉන් ඵල ප්‍රයෝජන ලබාගත් අය විය යුතුයි. එසේම සමානාත්මතාව ශක්තිමත් කරන්නට හා දිළිඳු කම අඩුකරන්නට දායක වු සමෘද්ධි පොහොර සහනාධාරය වැනි රාජ්‍ය මුල්‍ය අනුග්‍රහය ලැබු සමාජ සේවා යෝජනා ක්‍රම තිබේ. මේ කිසිවක් පරිපූර්ණ නැත. එහෙත් ඒවා බොහෝ දෙකනුගේ යහපතට සැලකිය යුතු මට්ටමකින් ක්‍රියාකර ඇත.

අපට තිබෙන වටිනාම අයිතිවාසිකම ඡන්දය දීමේ අයිතියයි.1931න් පටන්ගෙන අවුරුදු 88ක් තිස්සේ භුක්ත විඳි මේ අයිතිය පුද්ගල බද්ධ අයිතියකි. ඡන්දය ප්‍රකාශ කිරිමෙ අයිතියත් සමඟ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතියත් දේශපාලන විවාදයකට ලක් වෙයි. අනෙක් සියලු පැතිකඩවලින් අපි එකිනෙකාට වෙනස් වුවත් ඡන්ද පෙට්ටිය ඉදිරියේ සමාන වෙමු. 20128 ඔක්තෝබර් 26න් පසු ඇකිවු සිද්ධිදාමය පෙන්වුයේ ශ්‍රී ලාංකිකයන් සාමාන්‍යරයෙන් පිළිගන්නවාටත් වඩා ස්වකීය ප්‍රජාතාන්ත්‍රික අයිතියට ගරු කරන බවයි. වරක් චර්චිල් සඳහන් කළාක් මෙන් ‘ප්‍රජාතන්ත්‍රවාදය යනු වරින් වර උත්සාහ කරන ලද අනෙක් පාලන ක්‍රම හැරුණු කොට තිබෙන නරකම පාලන ක්‍රමයයි’.

දූෂිත ආඥාදායකත්වය

දෛ්ධාන්තිකව සොඳුරු ආඥාදායකයකුට ද්‍රව්‍යමය සුබසාධනය වැඩි කළ හැකිය. එහෙත් ප්‍රායෝගිකය බලන කල බලලෝභී ඒකාධිපතියන් සිටින රටවල දූෂණය පුළුල් ලෙස පැතිරී යයි. එවැනි රටවල වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ බලගතු දේශපාලන පවුල හා ඔවුන්ගේ සහචරයන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, තාක්ෂණවේදීන්, ඉහළ ව්‍යාපාරික ප්‍රජාව හමුදාව ආදිය යහපත් දිවවියක් ගතකරන අතර බහුතර සාමාන්‍ය ජනතාව දුකට වැටෙයි. මේ සම්බන්ධ උදාහරණ ඕනෑ තරම් ලොවපුරා සංවර්ධනය වෙමින් පවතින් රටවලින් සොයාගත හැකිය. ශ්‍රී ලංකාව මේ මාවත ෙතා්රා ගැනීමෙන් වැළකී සිටිය යුතුය.

මට පෙනෙන ආකාරයට රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකාව සම්බන්ධ දැක්ම චීනයෙන් ආසියාකරය ඇතුළු ලෝකයට ඉදිරිපත් කරන පුළුල් පුද්ගල අයිතීන් මත පදනම් වන ප්‍රජාතන්ත්‍රවාදයේ විකල්පයයි. එහෙත් ලෝක ජනහනයෙන් පහෙන් එකක් පමණ වෙසෙන සම්පත් හා ධනයෙන් අනූන චීනය යනු විශේෂ රාජ්‍යයකි. එනිසා චීනය ගෝලීයකරණය වූ පද්ධතිය තුළ විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්වා ඇත. එනමුත් 70 සහ 80 දශකවල සුහර්තෝ යටතේ ඉන්දුනීසියාවත් මිලිටරි පාලනය යටතේ තායිලන්තයත් ආසියානු ආකෘතියේම වෙනස් එකක් බව සිහි වෙයි. ඒ රටවල් තාවකාලිකව ආර්ථික ප්‍රගතියක් අත්කර ගත්තත් පසුව 90 දශකයේදී ආසියානු ආර්ථික අර්බුදයේම ගැලී ගියේ කොටස් වෙළඳපල කඩා වැටීම, විනිමය අවප්‍රමාණ වීම, විරැකියාව ඉහළ යෑම ආදි ලක්ෂණ පෙන්වමිනි.

වත්මන් ක්‍රමය ප්‍රතිසංස්කරණය

වත්මන් ක්‍රමය තූළ දූෂණය දේශපාලන හා පරිපාලන කළමනාකරණයේ දෝෂ මෙන්ම අයෝග්‍යතාව ආදි දුර්වලතා රැසක් වෙයි. එහෙත් ඊට විසඳුම ප්‍රජාතන්ත්‍රවාදය අධිපතිවාදි රෙජීමයක ගිල්වීම නොවේ.

සිරිසේන හා වික්‍රමසිංහ පාලනය යම් යහපත් කටයුතු කිහිපයක් කළත් 2015 සිටම යහපාලනය සාර්ථක කරගන්නට අසමත් විය. යහපාලනය ට දෙවැනි ආරම්භයක් දීම සදහා අවස්ථාවක් පසුගිය දෙසැම්බරයේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වික්‍රමසිංහට ලැබුණු නමුත් එයින් නිසි ප්‍රයෝජන ගන්නට ඔහු සමත් වන වගක් පෙනෙන්නට නොමැති තරම් ය.

සියලු දේශපාලන පක්ෂවලින් පත්වූ අයෝග්‍ය දූෂිත පාලකයන් සමඟ රට ගෙන යෑමේ අවාසනාවන්ත ඉරණමකට අප මුහුණදී සිටින්නේ ය යන පොදු ශ්‍රී ලාංකීය කළකිරිම හා අපේක්ෂාභංගත්වය මටත් දැනේ. එහෙත් පාලකයන් තෝරා පත් කළේ ජනතාව නිසා ජනතාවත් යම් දුරකට බැනුම් ඇසිය යුතුය. යහපත් වෙනස්කම් කළ හැකි තරුණ දේශපාලනඥයෝ ද සිටිති. එහෙත් එසේ කළ හැක්කේ ජනතාවට ඡන්දය දිමේ අයිතිය නමැකි වටිනාම අයිතිවාසිකම තිබුණොත් පමණි.

සිසිල් විජේරත්න – සිළුමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *