ලෝකය සැබවින්ම වඩා හොද ස්ථානයක් බවට පත් වෙමින් තිබෙන බව පෙන්වන වගු 7ක් – ජූලියස් ප්‍රොබ්ස්ට්

ස්වීඩනයේ විද්‍යාර්ථිකයකු වන හාන්ස් රොස්ලින් විසින් බියජනක ප්‍රවණතාවක් හදුනාගනු ලැබ ඇත. එනම් දියුණු ආර්ථිකයක් ඇති රටවල ජනයා අතරින් බොහෝ දෙනෙකු  ලෝකය වඩාත් යහපත් ස්ථානයක් බවට පත් වෙමින් පවතින බව නොදන්නවා පමණක් නොව ඔවුන් ඇත්තටම විශ්වාස කරන්නේ එයට ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් පවත්නා බවයි. ප්‍රවෘත්ති මගින් වාර්තා කරන්නේ විනාශයන්, ත්‍රස්තවාදී ප්‍රහාර, හා ඝාතනවන විට එබඳු තත්ත්වයක් ඇති වීම ගැන පුදුම විය යුතු නැත.

ලෝකයේ ජනතාව අතරින් ලක්ෂ 2ක පිරිසක් හැමදිනකදීම ඇමරිකානු ඩොලර් 2ක ධරිද්‍රතා සීමාව ඉක්මවා ඉදිරියට යන බව යන කාරණය නැතහොත් ලක්ෂ 3කට වැඩි ජනතාවක් සෑම දිනකම ජීවිතයේ පළමුවතාවට විදුලිබලය සහ පිරිසිදු ජලය ලබන බව හෝ දැන ගැනීමට අවශ්‍යවන්නේ කාටද? අඩු ආදයම්ලාභි රටවල ජනතාව මෙබඳු කතා සිත් කම්පා කරන ප්‍රවෘත්ති වාර්තා බවට පත් වන්නේ නැත. එහෙත් රොස්ලින් ඔහුගේ ‘දත්තමයභාවය’ (Fact fulness) පොතෙහි සදහන් කරන පරිදි සියලුම නරක ප්‍රවෘත්ති යම් සන්ධර්භයක් තුල සලකා බැලීම වැදගත්ය.

ගොලිකරණය තුලින් මෑත දශක කිහිපයකදී ලෝකයේ දියුණු ආර්ථිකයන්හි මැද අදායම් ලාභීන්ගේ වැටුප් අඩුවීමේ ප්‍රවනතාවයක් ඇතිවූ බව සතයක් වුවද එමගින් මිලියන සියගනනක ජනතාවක් ගෝලීය දරිද්‍රතා දර්ශකයේ ඉහලට ගැනීමට අවස්ථාවක් වී ඇත .එම වර්ධනය වැඩි වශයෙන් සිදුවුයේ අග්නිදිග ආසියා ප්‍රදේශයේය.

ට්‍රම්ප් බලයට පත්වීම,බ්‍රෙක්සිට් වැඩපිළිවෙල සහ හංගේරියාව සහ ඉතාලිය වැනි රටවල ජනප්‍රියවාදීන් බලයට පත්වීම ආදිය මගින් බටහිර රටවල් හරහා ගමන්කළ මෑත කාලින ජනප්‍රියවාදී නැගීම මෙන්ම වෙනත් බොහෝ කරනා නිසාද අප ගෝලීය සුභසාදනය ගැන සලකා බලනවාද යන්න ගැන බරපතල ලෙස කල්පනා කිරීමට සිදුව ඇත.ආර්ථික සෞභාග්‍ය තෝරාගත් දියුණු රටවල් කිහිපයකම සිමා නොකර සියලු රටවල් අතර බෙදාගැනීමේ එකම මාර්ගය වන්නේ ගොලියකරණයයි.

ඇතැමුන් අතීතය වර්ණනා කරත් ආර්ථික ඉතිහාසය පිළිබද ප්‍රබල සතයක් වන්නේ ඉතා මෑත කාලයක් වන තෙක් ලෝක ජනතාවගේ විශාල කොටසක් ඉතාම දුක්ඛිත ජිවිත ගතකල බවයි. එම කරුණ මානව ඉතිහාසයේ බොහෝ කාලයක් සදහාද වලංගුයි. පසුගිය දශක කිහිපයකට පෙර තිබුනාට වඩා ලෝකය කොතරම් යහපත් තැනක් වී ඇතිද යනැ කාරණය පහත සදහන් වගු හතෙන් පෙන්නුම් කරයි.

    1. ජිවිත අපේක්ෂාව ඉහල යමින් පවතියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

කාර්මික විප්ලවය පැවති කාලයේ වුවද යුරෝපා රටවල ජිවිත අපේක්ෂාව වසර 35ක් පමණ ප්‍රමාණයට වඩා ඉහල ගියේ නැත.එයින් අදහස් වන්නේ බොහෝදෙනා වයස තිස්ගනන් අගදී හෝ හතලිස් ගණන් වලදී මියගිය බව නොවේ මෙම සමනය ජිවිත අපේක්ෂාව පහල යාමට හේතු වුයේ ඉතා ඉහල ළදරු මරණ අනුපාතයයි. දරු උපත්වලදී ස්ත්‍රීන් මියයාම විශාල ප්‍රශ්නයක වූ බව පැහැදිලිය. සරම්ප,පැපොල ආදී පොදු රෝගද එයට හේතු විය. මේවා දැන් ඉහල අදායම් ලබන රටවල් සම්පුර්ණයෙන්ම තුරන් කොට ඇත.

 

      1. ළදරු මරණ දිගින් දිගටම අඩුවෙමින් පවතියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ශතවර්ෂයක පමණ කාලයකට පෙර ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය වැනි ඉහල අදායම් ලබන රටවල් පවා .ළදරුමරණ අනුපාතය 10% ඉක්මවා පවතින එසේ වුවද නුතන ඖෂධ සහ මහජන ආරක්ෂාව තුල පොහොසත් රටවල මෙය බින්දුව ආසන්නයටම අඩුකොට ඇත.

එමෙන්ම එම සාමාන්‍ය අදායම් තත්වයක් තිබුණු දියුණු ආර්ථිකයන්හි ශතවර්ෂය කට පෙර තිබු ළදරු මරණ අනුපාතයට වඩා අඩු අනුපාතයක් කරා වර්ධනයට අද  එම අදායම් මට්ටම සිටින ඉන්දියාවට හා බ්‍රසීලය වැනි සංවර්ධනය රටවලට හැකිව තිබේ.

 

      1. දරු උපත් සංඛ්‍යාව අඩු වෙයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ගෝලීය ජනගහනය පාලනයකින් තොරව වර්ධනය වෙතයි බොහෝ දෙන සිතුවද ඇත්තටම සිදුව තිබෙන්නේ ලෝකය පුර දරු උපත් සංඛ්‍යාව අඩු වීමයි.එක්සත් ජාතීන්ගේ ජනගහන සංඛ්‍යා ලේඛන ඇස්තමේන්තු අනුව පෙනී යන්නේ ලෝක ජනගහණය මේ ශතවර්ෂය අවසන් වන විට බිලියන එකොළහ ප්‍රමාණයේ ස්ථාවර වනු ඇති බවයි.

එමෙන්ම වගුව මින් පෙනී යන පරිදි බ්‍රසීලය  චීනය මෙන්ම අප්‍රිකානු රටවල් ගණනාවක්ද ඇතුළු සංවධානය වෙමින් පවතින බොහෝ රටවල් දැනටමත් පහල දරු උපත් සංඛ්‍යා  ඇති රටවල් අතරට පැමිණ තිබේ දියුණු රටවල මෙම වෙනස ඇතිකර ගැනීමට    කාර්මික විප්ලවයේ සිට වසර සියයක් පමණ ගත වුවද වෙනත් බොහෝ රටවල් දශක දෙක තුනකින්   එම තත්ත්වයට ළඟා වී ඇත.

 

      1. දියුණු රටවල දළ ජාතික නිෂ්පාදිතය වර්ධනය වීම

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

තාක්ශනයෙ  පුරෝගාමීන් වන ඇමරිකාව සහ යුරෝපය  පසුගිය වසර 150 ක කාලය තුළ වසරකට 2% ක සාමන්‍ය වේගයක් පවත්වා ගැනීමට  පත්ව ඇත. මෙහි තේරුම නම් සෑම වසරකටම වරක් මූර්ති ආදායම් මට්ටම සාමාන්‍ය වශයෙන් දෙගුණ   බවයි.

මහා  අවපාතය හා මෑතකාලීන මහා ආර්ථික පසුබැස්ම වැනි දිගුකාලීන  ඉහළයාම  සහ පසුබැසීම්් මැද වුවද දිගුකාලීන ආර්ථික  වර්ධන වේගයේ පවත්වාගෙන යන ස්ථීරසාර බව ඇත්ත වශයෙන්ම තරමක් පුදුමාකාරය.  චීනය  හා ඉන්දියාව ඇතුළු අඩු ආදායම් ලබන රටවල් පසුගිය දශක කිහිපයේ දී සැලකිය යුතු ඉහළ වේගයකින් වර්ධනය වන අතර ඉක්මනින්ම බටහිර තත්ත්වයට ළඟා වනු ඇ.ත දිගුකල් පවත්නා සියයට 10% වර්ධනය යනු සාමාන්‍යයෙන් වසර හතක දී ආදායම් මට්ටම් දෙගුණ වන බවයි. මෙය  ලෝකය පුරා සෞභාග්‍ය බෙදී යාම සම්බන්ධයෙන් මෙය අතිශයින්ම වැදගත් ප්‍රවණතාවයකි.

 

      1. ගෝලීය අදායම් විෂමතා අඩුවී ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

1800  1975 සහ 2010 වසරවල ගෝලීය ආදායම් බෙදී යාමේ ආදායම් ගණන් බලා ඇත්තේ කාලය අනුව සිදුවන මිල වෙනස්කම් හා රටවල් අතර සිදුවන මිල වෙනස්කම් සැලකිල්ලටට ගනිමින් ය. ජාතික  ගිණුම් නැවත සැකසීම හා රටවල් තුළ ආදායම් විෂමතා සැලකිල්ලට ගෙන මෙම ඇස්තමේන්තු සකස් කර ඇත. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස රටවල් තුළ ආදායම් විෂමතාවය ඉහළ ගොස් ඇතත් දශක ගණනාවක් තිස්සේ ගෝලීය ආදායම් විෂමතාවය පහල යමින් පවතී. මෙයට හේතු වී ඇත්තේ ඉන්දියාව හා චීනය වැනි රටවල මිලියන සිය ගණනක් ජනයාගේ ජිවන  තත්ත්වය ඉහළ යාමක් සිදුව තිබීමයි. ඇත්තවශයෙන්ම කාර්මික විප්ලවයෙන් පසුව ප්‍රථම වතාවට ගෝලීය ජනගහනයෙන් අඩක් ගෝලීය මැද පංතිය ලෙස සැලකීමේ හැකියාව ලැබී තිබේ.

 

      1. බොහෝ ජනයා ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ජීවත් වෙති

 

 

 

 

 

 

 

 

 

 

 

 

මානව  ඉතිහාසයේ වැඩිම කාලයක් තිස්සේ  ජනතාව ජීවත් වී ඇත්තේ ඉඩක් පීඩාකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයටක් යටතේය. දැන්ටමත් ඒකාධිපති  පාලනයක් යටතේ ජීවත්වන ජනයාගෙන් සියයට 90 ක් චිනයේය. එම රට මෑත කාලයේ අනිත් දිසාවට වර්ධනය වී ඇතිි අතර දිගින් දිගටම සිදුවන ආර්ථික  සංවර්ධනය මගින් මෙරට ද  ප්‍රජාතන්ත්‍රවාදී වනු  ඇතැයි විශ්වාස කිරීමට හේතු වී ඇත.( නවීකරණ න්‍යාය අනුව)

 

      1. ගැටුම් අඩුවෙමින් පවතියි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඉතිහාසය පුරා  ලෝකය ගැටුම් වලින් පීඩා විඳ ඇත 1500 වසරේ සිට කාලයෙන්  50%  පමණ කාලයක්  තුළ ලෝකයේ ප්‍රධාන බලවත් රටවල් අඩුගානේ දෙකක් අතර යුද්ධ පැවතිණි. ඉක්මනින් පැමිණි ලෝක යුද්ධ 2 විසිවන ශතවර්ෂයේ මුල් වඩාත් විනාශකාරී වුවද යුද්ධයෙන් පසු ලෝකය බොහෝ සාමකාමී විය. පළමු වතාවට පරම්පරා තුනක පමණ කාලයක් බටහිර යුරෝපයේ යුද්ධයක්හෝ  ගැටුමක් නොපැවතිණ. යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන මගින් ලෝකය වඩා ස්ථාවර බවට පත් කොට ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *