|

කෝප් සභාපති ලෙස නැවත පත්වූ හදුන්නෙත්ති රීගල් සිනමා ශාලාවේ

කොප් සභාපති පුටුව නැවතත් හඳුන්නෙත්තිට

සැසිවාර අවසානයෙන් පසුව නැවත වරක් පිහිටවනු ලැබුණු පොදු ව්‍යාපාර කාරක සභාවේ මංගල රැුස්වීම පසුගිය 22වැනිදා පාර්ලිමේන්තුවේදී රැුස්විය. මෙහි නව නියෝජනය අනුව ජවිපෙට හිමිවී ඇත්තේ එක් නියෝජනයක් පමණි. ඒ සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයාය. කෙසේවුවද කෝප් කමිටුව තුළ සුනිල් හඳුන්නෙත්ති විසින් ඉටු කළ කාර්යභාරය සලකා ඔහු එහි සභාපති ධුරය සඳහා නම් කිරීමට පොදු එකඟතාවක් ඇතිවිය. ලක්ෂ්මන් සෙනෙවිරත්න මන්ත‍්‍රීවරයා සුනිල් හඳුනෙත්ති ඒ සඳහා සුදුසු යැයි යෝජනා කළ අතර ඒ සඳහා සියලූ දෙනාගේ එකඟතාව පළවීමෙන් සුනිල් හ\ුන්නෙත්තිවට නැවත වරක් සභාපති පුටුව හිමි විය.
මෙහිදී පක්ෂයක් ලෙස මෙවර තමන් තනි නියෝජනයක් දරන බව කී හඳුන්නෙත්ති සියලූදෙනාගේ සහය ලැබෙන්නේනම් එම ධුරය දැරීමට සූදානම් බවත් ඉදිරියටද ඔවුන්ගේ සහය අපේක්ෂා කරන බවත් කියා සිටියේය. කෝප් රැුස්වීම් ජනමාධ්‍යවලට විවෘත කළ යුතු බව කී සුනිල් හඳුන්නෙත්ති කැඳවිය යුතු ආයතන පිළිබඳ සැලසුමක් හැදීම කමිටුවට පැවරීය.

ඉතිහාසයේ සිදු නොවිය යුතු මහා අපරාධයක්

පසුගිය 18වැනිදා ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති කොළඹ රීගල් සිනමා ශාලාවට ගියේ සුවිශේෂී කටයුත්තකටය. ඒ, ‘ගින්නෙන් උපන් සීතල’ චිත‍්‍රපටයේ පළමු මහජන දර්ශනය නැරඹීමටය. ඒ සඳහා පැමිණි විශාල පිරිසකගෙන් ශාලාව අතුරු සිදුරු නැතිව පිරී ගොස් තිබූ අතර සිනමා පටය අවසානයේ බොහෝ දෙනෙක් හඳුන්නෙත්ති සමග වචනයක් කතා කිරීමට උනන්දු වූහ. මේ පිරිස අතර ඉදිරියට ආ එක් අයෙක් වූයේ රීගල් කළමනාකරවරයාය. ඔහු හඳුන්නෙත්තිට කීවේ ඔහුට ඇසුණ කතාවකි. ”බලන්න මන්ත‍්‍රීතුමා, චිත‍්‍රපටය බලල යන හුඟ දෙනක් කියනවා ඇහුණා, මේ මරණය ඉතිහාසයේ වෙන්න ඕනෙ නැති මහා අපරාධයක් කියල.” ”ඒක ඇත්ත.” සුනිල් හඳුන්නෙත්ති කතා කිරීම ගැන ඔහුට ස්තූති කළේය. ”චිත‍්‍රපටය හුඟක් සාර්ථකයි. වළ දාල තිබුණ ඇත්තක් මිනිස්සුන්ට ඒත්තු ගන්වපු එක අධ්‍යක්ෂගෙ දක්ෂකම” හඳුන්නෙත්ති කීවේය.

ලංකාව තමන්ගේ දේශසීමා ආරක්ෂා කරගැනීමට ප‍්‍රමුඛතාව දිය යුතුයි – විජිත කියයි

පසුගිය දිනක ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් හමුවූයේ සංක‍්‍රමණිකයන් සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ලංකාවේ ප‍්‍රධානියෙකි. විජිත හේරත් සහ ඔහු අතර සුහද කතාබහක් ඇති වූ අතර ඔහු පෙන්වා දුන්නේ බොහෝ රටවල නීතිරීති සමඟ සසඳන විට ලංකාවේ ආගමන නීතිරීතිවල ලිහිල්වීම ලංකාවට ගැටලූකාරී විය හැකි බවය. විශේෂයෙන් අවදානම් රටවලින් ලංකාවට රෝග තත්වයන් ඇතුල්වීම, හානිකර කෘමීන් ඇතුල්වීම වැනි අනිටු ඵලවිපාක පැමිණිය හැකි බවටත් සංචාරක ප‍්‍රවර්ධනය වෙනුවෙන් ආගමන නීති ලිහිල් කිරීම පිළිබඳව දෙවරක් සිතා බැලිය යුතුව ඇති බවටත් මෙහිදී අදහස් පළ විය. විශේෂයෙන් සරණාගතයින් ලෙස තාවකාලිකව ලැබෙන සහතිකය මත සංක‍්‍රමණික තත්වය පරීක්ෂාවට ලක්කෙරෙන තෙක් විවිධ රටවලින් පැමිණෙන පුද්ගලයින්ට මෙරට රැුඳී සිටිය හැකිය. නමුත් ඔවුන් රඳවා තබන්නේ කොතැනද යන්න පිළිබඳව නිශ්චිත නොවන බැවින් ඔවුන් නීති විරෝධීව අතුරුදහන්වීමේ අවදානම ගැනද අවධානය යොමුවිය. ”ලංකාව තමන්ගේ දේශසීමා ආරක්ෂා කරගැනීමට ප‍්‍රමුඛතාව දෙන්න ඕනෑ. කෙටිකාලීන ආර්ථික වාසි බලන්න ගිහින් ආරක්ෂණ ක‍්‍රමවේද ලිහිල් කිරීමේ ලොකු අවදානමක් තියෙනවා.” විජිත හේරත් මෙහිදී අවධාරණය කළේය.

සේනා මඩින්න ගොවිජන සම්මේලනයෙන් යෝජනා හතක්

ආණ්ඩුව දේශපාලන අර්බුදයක ගිලී තිබියෙදී පවා ජවිපෙට සම්බන්ධ සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ අවධානය යොමුවී තිබුණේ සේනා දළඹුවා ව්‍යප්ත වෙමින් තිබීම පිළිබඳවය. ඒ අවදියේ ඔවුන් මේ ගැන නැඟ හ`ඩ අසන්නට කෙනෙක් නොවීය. ජනමාධ්‍යවල පවා ඊට ප‍්‍රමාණවත් ඉඩක් ලැබුණේ නැත. නමුත් අවසානයේ සේනා දළඹුවා විශාල වගා හානියක් සිදුකිරීමෙන් පසු දැන් කාගෙත් අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ. කෙසේ වුවද සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න අඛණ්ඩව සේනා දළඹුවාට එරෙහිව යුද වැදී සිටී.
දළඹු ව්‍යාප්තිය රටට ඉතාම හානිකර හා ආහාර නිෂ්පාදනයට බරපතළ බලපෑම් එල්ල කළ හැකි බව පෙන්වා දෙන ඔහු මෙම අර්බුදය ජාතික ව්‍යසනයක් ලෙස සලකා කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී. පවතින තත්වය විශේෂ ආපදා තත්වයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම, චක‍්‍රලේඛ අභිභවා ඒකාබද්ධ මර්දන වැඩසටහනක් ආරම්භ කිරීම, සියලූ ජනමාධ්‍ය මැදිහත් කරගත් වැඩපිළිවෙළක් මගින් රටම පෙළගැස්වීම, විශේෂ කැබිනට් මණ්ඩලයක් රැුස්කිරීම හා පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීම, හානි වූ වගා විනාශ කර ඊට වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම, පිලවුන් අල්ලා දෙන ජනතාවට මුදලක් දීමේ ක‍්‍රියාමාර්ගය, විධිමත් නියාමනයකින් සියලූ පාර්ශ්වයන්ගේ සහය ලබාගැනීම මෙම යෝජනා හත වෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *