සිරස නැවතත් ජඩ මාධ්‍ය කලාවේ නිරුවත පෙන්වයි.

පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සිරස මාධ්‍ය ආයතනය විසින් පුද්ගලිකව සිදුවන කතාබහක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවට එක්සත් වාමාංශික පෙරමුණ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කොට ඇත ඒ මෙසේය

උපුටා ගැනීම

සිරස මාධ්‍ය ආයතනය හුවා දක්වන මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූයේ ජනවාරි 22 දාය. ස්ථානය සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය කාර්යාලයේදීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ විශේෂඥ කමිටු වාර්තාව පදනම් කරගෙන රට තුළ ජාතිවාදය හා ආගම්වාදය අවුස්සා තම දේශපාලන අරමුණු සපුරා ගැනීමට මාන බලන දේශපාලන පක්ෂ හා ඔවුන්ගේ මාධ්‍ය ගැත්තන්ට පිළිතුරු දීම මෙම මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ විය. දැනට පවතින පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංයුතිය නව ව්‍යවස්ථාවක් අනුමත කරගැනීමට බාධකයක්ව පවතින්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20 වෙනි සංශෝධනයට සහය දීම එක්සත් වාමාංශික පෙරමුණේ ස්ථාවරය බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට ප්‍රශ්න හා පැහැදිලි කරගැනීම් සඳහා ආරාධනා කළේය. ඔවුන් මතුකල ප්‍රශ්න වලට පිළිතුරු හා පැහැදිලි කිරීම් අවසානයේ මාධ්‍ය සාකච්ඡාව අවසන් කරන ලදී. මයික්‍රෆෝන් ක්‍රියා විරහිත කරන ලෙස ඉල්ලා සිටීමෙන්ම මාධ්‍ය සාකච්ඡාව අවසන් වූ බවට වූ සාධකයකි.

මෙම මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව එයට කිසිදු සම්බන්ධයක් නැති අපගේ ඉදිරි දේශපාලන මණ්ඩල රැස්වීම හා ඉන් අනතුරුව පැවැත්වෙන වසරේ සුහද හමුව පිළිබඳ අප කිහිපදෙනා අතර අදහස් හුවමාරුවක් ඇතිවිය. මාධ්‍ය සාකච්ඡාවට මාතෘකාව වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කාරණය එම සුහද හමුව පිළිබඳ ඇතිවූ අදහස් හුවමාරුව සම්බන්ධ කරමින් රටේ වැදගත් ලියවිල්ලක් සාකච්ඡා කරන්නේ මෙලෙසද යනුවෙන් සිරස ප්‍රශ්න කරයි. මෙමගින් ජනතාව වෙත වැරදි අවබෝධයක් ලබාදීමට ඉතා පහත් සහ ළදරු මාධ්‍ය භාවිතාවක යෙදෙන සිරස මාධ්‍ය ආයතනය පිළිබඳ අපට පුදුමයක් නැත.

කනබොන, කලාව රසවිඳින, රමණයේ යෙදෙන හා දේශපාලනය කරන සාමාන්‍ය මිනිසුන්ගේ දේශපාලන පක්ෂයක් වන එක්සත් වාමාංශික පෙරමුණට සුදුපිරුවටලාගත් හොරුන්ගේ, මිනීමරුවන්ගේ, ජාවාරම්කාරයින්ගේ හා කුඩු කාරයින්ට බැලමෙහෙවරකම් කරන සදාචාරයක් අපට නැත. තොපගේ සදාචාරයට වෙනස් අපගේ සදාචාරයට අනුව අපට සැඟවීමට දෙයක් නැතිබව පමණක් කීම ප්‍රමාණවත්ය. දේශපාලන පක්ෂවල හා නායකයින්ගේ රෙදිසෝදන තොපට සැඟවීමට බොහෝදේ ඇති බව අපි දනිමු. උදේ සිට සවස් වනතුරු බණ හා පිරිත් ප්‍රචාරය කර නූගත් මිනිසුන් ගොනාට අන්දවා තොප යෙදෙන්නේ දුරාචාරයක බව සිහිබුද්ධියක් ඇති මිනිස්සු දනිති. අපේ සදාචාරය තොපේ සදාචාරයෙන් වෙනස්ය.

මහින්ද රත්නායක
මාධ්‍ය ලේකම්
එක්සත් වාමාංශික පෙරමුණ

https://www.facebook.com/NewsfirstSL/videos/597371670724384/

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *