මනුෂ්‍යත්වයට ආදරයෙනි – තිසුරි වන්නිආරච්චි

Thisuree Wanniarachchiමෙම ලිපිය ලියන්නේ මගේ පුද්ගලික වාසියකටවත්, දේශපාලන අභිමතාර්ථ​, තර්කයින් මවාපාන්නටවත් නොව, මනුශ්‍යත්වයට ආදරයෙනි.

රටේ මාධ්‍ය අවධානය යොමු වන ඕනෑම අපරාධ​යක් සිදුවු විට මරණ දඬුවම යලි ක්‍රියාත්මක කලයුතු බවට රාවයක්, කොලහලයක් කිරීම අපේ පුරුද්දකි. මේ සංවාදයේ ඈති අමානුශික විතර්කානුකූලත්වය අපි තේරුම්ගත යුතුවේ.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සහය පල කරන අයගේ තර්කය මට තේරුම්ගත හැකිය. මේ මතය දරන්නන්ගේ තර්කය සහමුලින්ම කෝපය නිසා ඈති වු එකකි. එය සාධාරණ කෝපයකි. එහෙත් හැඟීම්වලට වහල්වී නීතිය හසුරුවන්නට අපිට නොහැකිය. එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනිය.

නීතිය යනු සාධාරණයේ තරාදියකි.දඬුවමේ බර අපරාධයේ බරට සමාන විය යුතුය. එහෙත් බර සමානකරනයේදි පාවිච්චි කරන විචල්‍යයන් නිර්වචනය කල හැකි විචල්‍යයන් විය යුතුය. මරනය යනු අපි තවමත් අත්දෑක නෑති දෙයකි. එහි ගැඹුරවත් සීමාවන්වත් අපි නොදන්නෙමු. එසේනම් අපිට නිර්වචනය කල නොහෑකි දන්ඩුවමක් අන් අයෙකුට නියම කිරීමට අප හට අති බලය කුමක්ද? එහි ඈති සාධාරණය කුමක්ද? මරණ දඬුවමට සහය දෙන්නන් ප්‍රජාතන්ත්‍රවාදය සහයට පල කිරීම එකිනෙකට පටහැනි, දෙගිඩියාසහගත සිදුවීමකි.

තවද​ පර්‍යේශන වලින් තහවුරුවී තිබෙනවා, මරණ දඬුවම අනාගත ඝාතන අඩු කිරීමට නිවාරකයක් නොවන බව. එමෙන්ම​ මරණ දඬුවම විරුද්ධ බලපෑමක් ඇතිකරන බවත් පර්‍යේශන පැහැදිලිව පෙන්නුම් කරනවා: එනම්, මරණ දඬුවම භාවිතා කරන සමාජයන්හි වැඩි ඝාතනය සම්භාවිතාවක් ඇති බව​ පෙන්නුම් කරනවා.උදාහරණයක් ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ ගතොත්,තොත් එහි විවිධ ප්‍රාන්තවලට විවිධ විවිධ දණ්ඩ නීති කේත ඇත​. මරන දන්ඩණය ඇති ප්‍රාන්ත වල වැඩි ඝාතන සංඛ්‍යාවක් පර්‍යේශන පෙන්නුම් කරයි. ඒ වගේම, එක්සත් ජනපද හා සමාන රටවල් සාපේක්‍ෂව ගත් කල, මරණ දඬුවම ඇති එක්සත් ජනපදයේ මරණ දඬුවම භාවිතා නොකරන යුරෝපයේ හෝ කැනඩාව වැනි රටවල් වලට වඩා වැඩි ඝාතනය ප්‍රමානයක් ඇත​.

පටු හැඟීම්වලට වහල්වී රටේ ඉදිරිය ගැන තීරණගත් ඉතිහාසයකට අපි උරුමකම් කියන්නෙමු. යුද්ධයින් ප්‍රශ්න විසඳිය​ හැකිය යන්න විශ්වාස කරපු කාලයක්ද අපේ රටට තිබුනි. එහෙත් ප්‍රශ්න විසඳිය​ හැක්කේ යුද්ධයින් නොව සන්හිඳියාවෙන් බව තේරුම් ගත හැකි බුද්ධිමත් ජනතා බහුතරයක් අපේ රටේ ජීවත්වන බව පසුගිය මැතිවරණ දෙකෙන් පැහැදිලි විය. හැඟීම්වලට වහල්වී නීතිය හසුරුවන්නට පෙලබෙන සමාජ කොට්ඨාශයක් තවමත් අපේ රටේ සිටිති. මිනීමෑරුම් කිහිපයකට වෑරදිකරු ලෙස ඔප්පුවු යුධ සෙබලෙකුට මරණීය දන්ඩනය පෑනවීම පිලිබන්දව ජාතිවාදී හැඟීම්වලට වහල්වී කොපයට පත්ව සැලකිය යුතු මිනිසුන් ප්‍රමානයක් මෑතකදී නටපු නෑටුම එයට හොදම නිදසුනකි.

සිරගෙවල් කෙමෙන් කෙමෙන් විශෝධන හා පුනරුත්ථාපන ආයතන බවට පත් කිරීම පිලිබදව සිතීමට කාලය​ පෑමිණ ඈත. මිනිසුන්ට, තිරිසන්සතුන්ට මෙන්, සිර කොට වදදී, හො එල්ලුම් ගස් යවා ප්‍රශ්න විසදු යුගය අවසන් කිරීමට කාලය එලඹ ඈත. අපි පරිනාමයෙන් ඔබ්බට ගිය, ශිෂ්ටසම්පන්න, මිනිස් වර්ගක් ලෙස මරනීය දන්ඩනය වෑනි යල්පැනගිය විසදුම් වලින් ඈත් වෙමු. මිනිසුන්ට මිනිසුන් ලෙස සලකමු. වැලිකඩ බන්ධ​නාගරය ඉදිරිපිට සදහන්ව ඈති මෙන් “සිරකරුවෝද මනුශ්‍ය​යෝය.”
අපරධකරුවෝද මනුශ්‍ය​යෝය. විනය ගරුක සමාජයක් ගොඩ නැගිය හෑක්කේ දඬුවමින් නොව පෝශනයෙනි, අධ්‍යාපනයෙනි, මානසික පුනරුත්ථාපනයෙනි,. දඩුවම වෙනුවට පුනරුත්ථාපනය විසදුම කරගනිමු. මනුශ්‍යත්වයට ප්‍රමුඛත්වය​ දෙමු.

මිනිසුන් ඝාතනය කිරීම නරක බව කියාදීමට​ මිනිසුන් ඝාතනය කරන මිනිසුන් ඝාතනය කිරීමෙන් ඵලක් නැත​.

*තිසුරි වන්නිආරච්චි ලොව ලාබාලතම රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවයි. ඇය දැනට ඇමරිකාවේ බෙනෙන්ටන් විශ්වවිද්‍යාලයේ දේශපාලන ආර්ථික විද්‍යාව හා අධ්‍යාපන ප්‍රතිසංස්කරනය හදාරන සිසුවියකි.

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *