දින 51 ආණ්ඩුව කළ රු.මි. 6000ක වංචාවක් හෙළිවෙයි

ඔක්තෝම්බර් 26 වනදා සිට නිත්‍යානුකූලව බලයෙන් පහකරන තෙක් පැවති සිරිසේන – මහින්ද ආණ්ඩුව හා සම්බන්ධ වෙමින් විදුලි බල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් බී. එම්. එස් බටගොඩ විසින් රුපියල් මිලියන 6000ක වටිනාකමකින් යුතු ගල් අඟුරු ආනයන ටෙන්ඩරයක් රාජපක්ෂ පවුලේ හිතවතෙකුට පිරිණැමීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශ ආරංචිමාර්ග වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදුලිබල අවශ්‍යතාවයෙන් 50%කට වැඩි ප්‍රමානයක් නිපදවන්නේ නොරොච්චෝලේ බලාගාරය විසින් සිදුකරන ගල් අඟුරු දහනය මඟින්ය. ගල් අඟුරු මෙරටින් හමු නොවන නිසා 100%ක ප්‍රමාණයක් පිටරටින් ආනයනය කරනු ලබයි.

වසරකට ගල් අගුරු ටොන් මිලියන 2.3 පමණ අවශ්‍යවන අතර ඒ සඳහා රුපියල් බිලියන ගණනක මුදලක් වැය වේ.

මෙම ගල් අඟුරු ආනයනය කිරීම සදහා රජයේ අනුමත ටෙන්ඩර් ක්‍රමවේදයක් ඇති අතර ජාතික ධනය වැයකරමින් සිදුකරන මහා පරිමාණ මූල්‍ය ගණුදෙනුවක් බැවින් නියමිත ක්‍රමවේදයක් සහ නිරන්තර විගණනයක් අවශ්‍යය.

ගල් අඟුරු මෙරටට ගෙන්වීම සදහා ලියාපදිංචි සමාගම් තිබියදී ටොන් 360,000ක හදිසි මිලදී ගැනීම්ක් සිදුකිරීම සදහා එක්වරම විදේශ සමාගමක් වන TRAFIGURA (pvt) Ltd නම් සමාගමේ දේශීය උප සමාගම වෙත ටෙන්ඩරය ප්‍රධානය කර ඇත. 2019 වසර සඳහා ගල් අගුරු මිලදී ගැනීමේ කටයුතු මාස ගණනාවක් පුරා ඕනෑකමින්ම ප්‍රමාද කොට එක්වරම හදිසි මිලදී ගැනීමකට යොමුවීම පිළිබඳවද විශේෂයෙන් විමර්ශණය කල යුතුය.

වඩාත්ම ගැටලු සහගත කරුණ නම් මෙම දේශීය ඒජන්තයින් මින් පෙර කිසිදු දිනක ගල් අගුරු ගෙන්වා නොමැති වීම සහ ඉංජිනේරුවරුන්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ඔවුන්ව අසාදු ලේඛන ගත කර හිබීමයි.

තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අසාදු ලේඛන ගත කල මින් පෙර කිසිම දිනක ගල් අගුරු ආනයනය නොකල සමාගමක් හරහා ඇමරිකානු ඩොලර් මිලියන 32 (රුපියල් මිලියන 6000 ) පමණ වටිනා විශාල ගණුදෙනුවක් සිදුකිරීම කෙතරම් සැක සහිතද?

රාජපක්ෂලාගේ සම්බන්ධය

මෙම දේශීය උප සමාගමේ අධ්‍යක්ෂවරියක වශයෙන් කටයුතු කරන ශර්මිලා ගෝනවලට මේ සඳහා චෝදනා එල්ල වී ඇති බවයි කිහිපයක්ම තොරතුරු වාර්තා කරන්නේ. ඇය ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ හිතවතියක් බවත් සඳහන්. දින 51 ආණ්ඩුකාලය තුලදි රුපියල් මිලියන 6000ක අත යට ගණුදෙනුවක් සිදුකර ගැනීමට තරම් ඔවුන් බලවත්ය.

ජනාධිපති සිරිසේනගේ සම්බන්ධය

සිරිසේන ජනාධිපතිවරයා විසින් සිය අවුරුදු 4ක පාලන කාලය තුලදී මෙතෙක් වෙනස් නොකල එකම අමාත්‍යංශ ලේකම්වරයා විදුලිබල අමාත්‍යංශයේ බී.එම්.එස් බටගොඩය. එසේ වෙනස් නොකිරීම හරහාම ඔහු විසින් පාලකයින් සමඟ පවත්වාගෙන යන සම්බන්ධතාවය පිළිබඳව ඔබට වැටහෙනු ඇත.

බලාගාර වංචාවන්, හදිසි විදුලි මිලදී ගැනීම් සහ ගල් අගුරු වංචාවන් හරහා කෝටි ප්‍රකෝටි ගණනක මූල්‍ය අවභාවිතාවන් සිදුකල බවට වරින් වර බටගොඩට එරෙහිව චෝදනාවන් එල්ල විය.

යහපාලනයේ නාමයෙන් බලයට පිවිසුනු ආණ්ඩුවක අමාත්‍යංශ ලේකම්වරයෙකුට මහජන මුදල් මෙසේ විනාශ කිරීමට ඉඩ ලබාදිය හැකිද..?

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *