කවුරුත් දන්නවා ලසන්ත වික්‍රමතුංග ඝාතකයා කවුද කියල හරියට පරීක්ෂණයක් කරන්න කිසිවෙකුටත් උවමනාවක් නෑ – දියණිය අහිම්සා වික්‍රමතුංග

සතිඅන්ත ඉරිදා පුවත්පතක් මගින් සිය පියාණන්ගේ ඝාතනය ගැන තොරතුරු හෙළි කර තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිළිතුරක් ලබාදෙන්නට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කටයුතු කර  තිබේ.
දැනට ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඇය ලංකාවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත අමතා පවසා ඇත්තේ

‘මට විශ්වාසයි ඔහු කර තිබෙන හෙළි කිරීම ඇත්තක් කියල..ඔහු දන්නව ඇති ඇත්තටම මගේ පියා ඝාතනය කළේ කවුදැයි කියලා..මට එයා කියල තියන විදිහට ඇවිත් හමුවී එයාගෙන් ඒ ගැන දැනගන්න අවශ්‍යතාවක් නෑ.

මොකද මං පොලිසිය නෙමේ.එයා දන්න සියලු දේ එයා සීඅයිඩීයට හෙළි කළ යුතුයි.සැකකරුවන් ලෝකයට හෙළි කිරීම මගින් යහපත් කාර්යයකට දායක විය හැකියි. අපි ලංකාවෙන් පිටත්ව විදේශ ගතවුනේ තිබුණ ජිවිත බිය නිසා. අපට 200 ක් විතර ආරක්ෂකයින් පිරිවරාගෙන ඉන්න ආරක්ෂක විධිවිධාන එදා සැලසුනෙ නෑ. මං හිතනවා මෙම ප්‍රකාශය අනුව සීඅයිඩීයට වුණත් තවත් කරුනු මේ ගැන හොයාගන්න උදව් වේවි කියලා‘
ලෙසිනි.

ඉරිදා අරුණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මෙසේ කියා තිබුණි.

‘ඇත්තටම ලසන්තව මැරුවේ කව්ද කියන එක මේ හැමෝම දන්නවා. ලසන්ත ගැන සැමරුම් ලිපිය ලිව්වා කියන ලසන්තගේ දුවත් ඒ බව දන්නවා. ලලිතුත් ඒ බව දන්නවා. ඒත් කාටවත් ඒක හොයන්න, රටට හෙළි කරන්න, වරදකාරයට දඬුවම් දෙන්න ඕනෑකමක් නෑ. ලසන්තගේ ඝාතනයෙන් වාසියක් ගන්න විතරයි මේ අයට ඕනෑ.

ලසන්තගේ පළමු බිරිඳ, දෙවන බිරිඳ, දුව, සහෝදරයා, පසුව පත් වුණ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් සේරම ඉන්නේ විදේශවල.

ලසන්තගේ පත්තරේ ලියපු පුවත්පත් කලාවේදියොත් දැන් ජීවත් වෙන්නේ පිටරටවල. ලසන්තගේ මිනිය විතරයි මෙහේ තියෙන්නේ. මේ කවුරුත් දන්නවා ඝාතකයා කව්ද කියලා. නමුත් පරීක්ෂණයක් හරියට කරන්න කාටවත් වුවමනාවක් නෑ. පරීක්ෂණය කරලා වැරදි කාරයට දඬුවම් දෙන්න ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ හොඳ අවස්ථාවක් පෑදුනා.

ඒ වුණාට මේගොල්ලෝ බොරු කරන්නේ. ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැනගන්න ලංකාවට ඇවිත් මාව හමුවෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ. අදටත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නැවතිලා තියෙන්නේ අපි කරපු පරීක්ෂණය නැවතුනු තැන. හේතුව ඒක වෙනම පොලිස් හා අධිකරණ පටිපාටියක්.

(ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි ලසන්ත වික්‍රමතුංග දියණිය අම්හිසා වික්‍රමතුංග සන්ඩේ ඔබ්සවර් පුවත්පතට කළ ප්‍රකාශයක අනුව සැකසිනි.)

මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *