ලංකාවේ කළු මාධ්‍ය පරාජය වුණා – ලක්ෂ්මන් කිරිඇල්ල

යෝජිත ව්‍යවස්ථාව පිළිබඳව ගෙනල්ලා තියෙන යෝජනාවලියට දැන්ම ඉඳන්ම ඉඳලා විරුද්ධ අහදහස්– පළවෙලා තියෙනව. මොකද වුණේ?

මේක පාර්ලිමේන්තුවෙ කැමැත්ත අනුව ආරම්භ කරපු දෙයක් බව හුඟදෙනෙකුට අමතක වෙලා. අද විරුද්ධ වෙන අය වුණත් මේකට ඡන්දෙ දුන්නා.

අග්‍රාමාත්‍යවරයට ද්‍රවිඩ ජාතික සංධානයෙ සහය පළකිරීම නිසාද මේ කඩිමුඩියෙ ව්‍යවස්ථාවක් ගේන්න උත්සාහ කරන්නෙ?

ඒ ගොල්ලො කිසිම දෙයක් ඉල්ලන්නෙ නෑ. මම ඒ සාකච්ඡාවලට සහභාගි වුණා. ඒ ගොල්ලො එකම දෙයයි ඉල්ලුවෙ. ඒ සංවර්ධනය.

මේ සම්බන්ධයෙන් ඔබතුමාලා ඉදිරිපත් කරල තියෙන යෝජනාවලට මහ නායක හිමිවරු අනුනායක හිමිවරුන් දැඩි විරුද්ධත්වයක් පළ වෙනව.

ඒ අය යෝජනාවලට විරුද්ධ නෑ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. ඒක මාධ්‍ය ප්‍රචාරය කරන දෙයක්. අනිත්එක ඔය ගොල්ලො තේරුම් තන්න ඕනෙ අපිට තුනෙන් දෙකක් නෑ. මේක අනිවාර්යෙන්ම සිද්ධ වෙන දෙයක් නෙමෙයි.

දෙවන මන්ත්‍රි මණ්ඩලයක් පත්කරනව කියනව. මේයට හැම පළාත්සභාවකින්ම හතර දෙනෙක් පත්කරනව කියනව. ඇයි මේ උතුරු පළාත් සභාවෙන් විතරක් අතිරේඛ මන්ත්‍රිවරු හතර දෙනෙක් පත්කරන්න යෝජනා කරල තියෙන්නෙ.

ඔය ගොල්ල තේරුම් ගන්න. මේවා යෝජනා විතරයි. මේවා ක්‍රියාත්මක වෙලා නෑ.

යෝජනා විතරයි නම් ඇයි ඒවා ඉදිරිපත් වෙලා තියෙන්නෙ?

ඒ අයගෙ ඉල්ලීම.

වත්මන් ව්‍යවස්ථාවෙ යෝජනාවලිය දිහා බලපුවම මේක මේ ද්‍රවිඩ සන්ධානයට අවශ්‍යතාවය උඩ ගේනවා වගේ හැඟීමක් තමයි තේරෙන්නෙ. මොකද ඔවුන් පළකරන අදහසුත් එක්ක බැලුවම.

ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය විදිහට නෙමෙයි. අපේ යෝජනා සියයට අනූනමයක්ම මහින්ද රාජපක්ෂ එක්ක සාකච්ඡා කරපුව තමයි අද මේකෙ තියෙන්නෙ.

අගමැතිතුමා සඳහන් කරල තිබුණා කරුණක් සම්බන්ධයෙන්, මේකෙදි පොලීසිය කෑලිවලට කඩනව කියල මාධ්‍යවලින් බොරු කියනව කියල. පොලිස් බලතල ලබාදුන්නායින් පස්සෙ දෙකඩ වීමක් නෙමෙයි ද සිද්ධ වෙන්නෙ?

එහෙම දෙකඩ වෙන්න නෑ. මුළු ලංකාවෙම පොලිස් කටයුතු අධීක්ෂණය වෙන්නෙ පොලිස් කොමිසමෙන්.

පළාත් පොලිස් කොමිසමකුත් එනව කියල යෝජනාවලියෙ තියෙනව.

ඒක යෝජනා වෙලා තිබුණා. අවසාන වශයෙන් ඒක වෙයිද දන්නෑ.

ඒක ජාතික ආරක්ෂාවට ගැටළුවක් නෙවෙයිද? එහෙම යෝජනාවක් ක්‍රියාත්මක වුණොත්?

කොහොමද ගැටළුවක් වෙන්නෙ?

පළාතට හැකියාව තියෙනව ඔවුන් පිළිබඳ තීරණ ගන්න.

අදත් ගත්තොත් එහෙමනේ. මහනුවර ඩී.අයි.ජී. නෙ ඒ පාළාතෙ තීරණ ගන්නෙ.

ඉංග්‍රිසි පිටපතේ සඳහන් වෙනවා මේක ග්‍රාෆ්ට් එකක් කියල. සිංහල පිටපතේ දමිළ පිටපතේ ග්‍රාෆ්ට් එකක් කියල සඳහන් වෙන්නෙ නෑ. ඇයි මේ වගේ පරස්පරයක්?

සිංහල පිටපතයි ගණන් ගන්නේ.

ඒකීයභාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සංශෝධනයක් කිරීම පිළිබඳව සෑහෙන විරෝධතාවයක් පළ වෙනව. ඇයි මේ වගන්ති වෙනස් කරන්නෙ නැත්තෙ?

කිසිම වගන්තියක් වෙනස් කරල නැහැ. මම මෙහෙයුම් කමිටුවෙ සාමාජිකයෙක්.

තිබුණ ව්‍යවස්ථාවේ වගන්තියවට ඇයි සංශෝධනයක් එකතු කරන්නෙ?

සංශෝධනය මේකයි. ඒකීය කියන වචනයේ අර්ථ නිරූපණය තියෙනවනි, ප්‍රශ්නෙ තියෙනෙ මේක ගැනයි. මෙහෙයුම් කමිටුවෙන් එකඟ වුණා පිටපත් තුනේම ඒකීය කියන වචනය පාවිච්චි කරන්න.

එතකොට මේ ඔරුමිත්ත නාඩු කියල වචනයක් මුලින් ටී.එන්.ඒ. එක යෝජනා කරල තිබ්බා. නමුත් අන්තිමට ඒ අය කැමති වුණා. මේ පරස්පර විරෝධය මගහරවා ගන්න භාෂා තුනෙන්ම එකීය කියන වචනය පාවිච්චි කරන්න.

ඒ මේ යෝජනාවලිය ඉදිරිපත් වුණායින් පස්සෙද?

නෑ… නෑ… ඒක යෝජනාවලියෙ තියෙනව.

හැබැයි යෝජනාවලියෙ සඳහන් වෙනව නේද?

මේ යෝජනා වලියෙ හැම එක්කෙනාගෙම යෝජනා තියෙනව.

නව වැනි වගන්තිය සම්බන්ධයෙනුත් සංශෝධනය කරල තියෙන එක මහානායක හිමිවරුන්ගෙ අදහස්….

සංශෝධනයකට ලක්කරල නෑ. මෙතන තියෙන්නෙ මෙසේ විය යුතුයි කියල කණ්ඩායම් හතරක් පහක් වෙනත් යෝජනා ඉදිරිපත් කරල තියෙනව. ඒක පිළිඅරන් නෑ. දැන් බලන්න පාර්ලිමේන්තුවෙ කුමන්ත්‍රණය වෙලාවෙ සමහර මාධ්‍ය කුමන්ත්‍රණ කවුරුවන්ගෙ පැත්තට වැඩ කෙරුවෙ.

මොකක්ද පදනම එහෙම කියන්න?

ඒ මාධ්‍ය හතරෙන් තුනක් පෙන්නන්නෙ කුමන්ත්‍රණකවුරුවන්ට පක්ෂවයි.

ඒ මාධ්‍ය කළු මාධ්‍ය විදිහට සඳහන් කරනව නම් කවුද ලංකාවෙ ඉන්න සුදු මාධ්‍ය?

කළු මාධ්‍ය මේ සැරේ පරාජයි.

ඔබතුමාලා දකින විදිහට කවුද මේ රටේ සුදු මාධ්‍ය? එහෙම ඒවා තියනවද?

පැහැදිලිවම තියනව. සාධාරණව වැඩ කරන සුදු මාධ්‍ය තියෙනව.

නම් කරන්න පුළුවන්ද?

නම් කරන්න හොඳ නැහැ. පසුගිය කාලේ දැක්කනෙ.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *