නියෝජ්‍ය ඇමැති හර්ෂට ඉන්දියාවෙන් ගිලන් රථ සේවයක්

ශ්‍රී ලංකාවට හදිසි ගිලන්රථ සේවයක් ලබාදීමට ඉන්දියාවේ අගමැති මෝදි මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග ගිවිසුමකට අත්සන් කළේ  ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමතිවරයාව සිටියදී කරනලද ඉල්ලීමකට අනුව බව තතු දත් ආරංචි මාර්ග කියයි . හදිසියේ අසනීපවන රෝගීන්ට ඉක්මන් ප්‍රතිකාර ලබාදෙන මෙබදු ගිලන් රථ සේවා ඉන්දියාවේ ප්‍රාන්ත දහ හතක ක්‍රියාත්මක බවද කියති . අගමැති මොදී මහතාගෙන් හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමතිතුමා ඉල්ලාගත් මෙම ගිලන්රථ සේවයේ ප්‍රධාන කාර්යාලය තමාගේ ආසනය වන කෝට්ටේට ලබා ගැනීමට එතුමා බලාපොරොත්තු වන බවද කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *