ලසන්ත ඝාතනය-කීත් නොයාර් පැහැර ගැනීම එකම හස්තයක වැඩක් – සීඅයිඩීය අධිකරණයට කියයි

සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනයට සහ ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු කිරීම යන සිද්ධි එකම සැලසුම් සහගත හස්තයක් හරහා සිදුව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (17) කරුණු වාර්තා කරමින් ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහමඩ් මිහාල් මහතා වෙත පැවසීය.

නඩුව ඊයේ (17) යළි කැඳ වූ අවස්ථාවේ දී ලසන්ත මහතාගේ ඝාතනය සම්බන්ධව හමුදාව පරිහරණය කළ දුරකථන පහක් පිළිබඳ වාර්තා අවශ්‍ය ඇති බව බුද්ධි අංශ දැනුවත් කර ඇති නමුත් එම වාර්තා තවම ලැබී නොමැති බවත් එම වාර්තා ලද වහාම ඉදිරි විමර්ශන කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවත් අපරාධ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අධිකරණයට පවසා සිටියේය.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පළමු සැකකකරු යුද හමුදා බුද්ධි අංශ සාජන් මේජර් ප්‍රේමානන්ද උදුලාගම, දෙවන සැකකරු ගල්කිස්ස අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස සුගතපාල හා තෙවන සැකකරු හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අය ඊයේ (17) අධිකරණය ඉදිරියේ පෙනි සිටියහ.

අමෝදා ජයමහ

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *