|

රට දිනවන්නත් ,ජනපති ක්‍රමය අහෝසි කරන්නත් මැතිවරණ වසරේ ජවිපෙ ගමට යයි

2019 වර්ෂය මැතිවරණ වර්ෂයක් බව ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 02වැනිදා පැවැති මේ වසරේ පළමු මාධ්‍ය හමුවේදීම ප‍්‍රකාශයට පත් කළේය. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණ සිය පක්ෂ සාමාජිකත්ව ප‍්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් ආසන බලමණ්ඩල සහ දිස්ත‍්‍රික් බලමණ්ඩල කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡුා මේ වන විට අවසන් වෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා දිනයේදී ද පක්ෂ නායකයින් රැුස්වී මේ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පිළිබඳව සාකච්ඡුාවක් පැවැත්වීය. ”දිස්ත‍්‍රික් බලමණ්ඩල, ආසන බලමණ්ඩල කැඳවීම් පෙබරවාරි මුල් සතියේ ආරම්භ කරලා මාර්තු මාසේ අවසන් වනවිට සම්පූර්ණ කරන්න ඕනෑ. මේ වෙනකොට පක්ෂය එක්ක වැඩකරන්න කැමැත්තෙන් බිම් මට්ටමේ විශාල පිරිසක් ඉන්න බව තේරෙනවා. ඒ නිසා ඒ අය පක්ෂ යාන්ත‍්‍රණයට සම්බන්ධ කරගන්න ඕනෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”ඔව්, ජනාධිපතිවරයා කියලා තිබුණා පළාත් සභා මැතිවරණයක් ගැන. එයා පම්පොරි ගහනවා. අලූත් ක‍්‍රමයට තියනවනම් සීමා නීර්ණය අවසන් කරන්න ඕනෑ. පරණ ක‍්‍රමයට තියනවනම් පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කරගන්න ඕනෑ. ආණ්ඩුවේම අඩුපාඩු නිසා තමයි ඡුන්දය කල් යන්නේ.” විජිත හේරත් කීවේය. ”බලමණ්ඩල සංවිධානය කරන්න තේමාවක් ඕනෑ” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”වසර 70ක් මාරුවෙන් මාරුවට මේ පක්ෂ දෙක රට කාලා දැම්මා. අපි දැන් ජනතාවට පණිවිඩයක් දෙන්න ඕනෑ රට දිනවන්න අපි සූදානම් ඒකට එකතු වෙන්න කියලා.” ලාල්කාන්ත යෝජනා කළේය. ”රට දිනවන අභියෝගයට අපි සූදානම් කියලා තේමාව ගමු” ටිල්වින් සිල්වා යෝජනා කළේ ලාල්කාන්තගේ අදහස අනුමත කරමිනි. ”පෙබරවාරි මාර්තු මාස දෙකේ සියලූම දෙනා ප‍්‍රධාන කටයුතු ලෙස බලමණ්ඩල කැඳවන්න දින යොදාගමු. හැම දෙනාම පුළුවන් උපරිමයෙන් බලමණ්ඩලවලට දින වෙන්කරගමු. එතකොට මාස දෙකෙන් අපිට බල මණ්ඩල කැඳවලා ඉවර කරන්න පුළුවන්” අනුර දිසානායක කීවේය. ”අපිට දැන් උතුරෙත් බලමණ්ඩල පිහිටුවන්න පුළුවන්. වව්නියාව, මුලතිව්, කිලිනොච්චි ප‍්‍රදේශවලත් අපිට දැන් හොඳ සම්බන්ධයක් තියෙනවා. ජනතාව කැමැත්තෙන් ඉන්නවා.” රාමලිංගම් චන්ද්‍රසේකර උතුරේ දේශපාලන තත්වය ගැනද කරුණු පැහැදිලි කළේය.

ටීඑන්ඒ එක කරන්නේ උතුරේ ජනතාව අවුස්සන වැඩක්

”සුමන්තිරන්ලා පහුගිය කාලේ කියපු කතාවලින් දැන් දකුණේ ජාතිවාදී කණ්ඩායම් ආයෙත් උඩට ඇවිල්ලා. ටීඑන්ඒ එක ජනතාවට වැඩක් කරලා නැහැ. ඒ නිසා ඒ අය ව්‍යවස්ථාව එක්ක පැටලෙනවා. ව්‍යවස්ථාව ගේන්න වැඩක් කළා කියලා පෙන්වන්න.” බිමල් රත්නායක කීවේය. ”දැන් පළාත් සභා මැතිවරණය ගැන සංවාදයක් තියෙනවා. ඒ නිසා උතුරේ ජනතාවගේ ඡුන්ද කඩාගන්න උතුරේ ජනතාව අවුස්සන්න තමයි ටීඑන්ඒ එකේ මන්ත‍්‍රීවරු මේ කතා කියන්නේ. ඒකෙන් ජනතාවට වැඩක් වෙන්නේ නැහැ. ජාතිවාදීන්ට තළුමරන්න මාතෘකාවක් හැදෙනවා; එච්චරයි.” විජිත හේරත් කීවේය. ”ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් කිවුවාම ඒක අල්ලගෙන දකුණේ ජාතිවාදීන් දවස ගානේ වොයිස් කට් දුන්නා. දැන් ඒ කණ්ඩායමේම අය කියනවා අවුරුදු 03ක් ගිහිල්ලා මුදල් කාබාසිනියා කළා තවම ව්‍යවස්ථා කෙටුම්පතක්වත් නැහැ කියලා. ඒක තමයි ඇත්ත. බොරු ව්‍යවස්ථා බිල්ලෝ මවනවා ව්‍යවස්ථාව ගැන කිසිම ලියවිල්ලක් නැතුව.” අනුර දිසානායක කීවේය.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජනතා පෙරමුණ පුළුල් වෙයි…

ජනතා විමුක්ති පෙරමුණ, මාරුතයේ හ`ඩ, ලංකා වෙළඳ කාර්මික සංගමය, සදාචාරාත්මක දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කාන්තාවෝ, වමේ කේන්ද්‍රය, ශ‍්‍රී ලංකා විද්‍යාර්ථයින්ගේ හා වෘත්තිකයින්ගේ සංවිධානය, සමස්ත ලංකා තරුණ හින්දු සම්මේලනය, සීඞීආර් සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා සමනල්ලූ, විප්ලවීය සමාජවාදී කේන්ද්‍රය, දිදුලන හදවත, 52 ව්‍යාපාරය, ජාතික විද්වත් සංවිධානය, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, 71 සහෝදරත්ව සංසදය, අලූත් පරපුර යන සංවිධානවලින් සැදුම්ලත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ජනතා පෙරමුණ පසුගිය 14වැනිදා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට බලකරමින් උද්ඝෝෂණයක් සංවිධානය කළහ. ඒ සඳහා ඉහත සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ දේශපාලන මණ්ඩල සභිකයින් වන ලාල්කාන්ත, බිමල් රත්නායක ඇතුළු පිරිසක්ද සහභාගි විය. උද්ඝෝෂණය අවසන් වූ පසුව අනෙකුත් සංවිධානවල නායකයින් සහ ජවිපෙ නායකයින් අතර සුහද කතාබහක් ඇතිවිය. ”දැන් ආයෙත් ජනාධිවරණයට අපේක්ෂකයින් තෝරාගැනීමේ සටනක් ආරම්භ වෙලා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ආව කෙනත් නැවත ජනාධිපතිවරණයට එන්න සූදානම් වෙනවා. රාජපක්ෂවරු අතරත් සටනක්.” සිවිල් සංවිධානයක නායකයෙක් පැවසීය. ”පොරොන්දු ඉටු නොකරන එක තමයි අපේ රටේ සාමාන්‍ය තත්වය. නමුත් ජනතාවගේ පැත්තෙන් අභියෝගයක් ආවොත් දේශපාලකයින්ට ඒක නොසලකා ඉන්න බැහැ.” ලාල්කාන්ත කීවේය. ”ඔව්, අපි වැඬේ පටන් ගත්තට පස්සේ තව තව සංවිධාන අපිට කතා කරනවා. එකතුවෙලා වැඩක් කරන්න ඒ සංවිධාන සූදානම්. ඒ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න හදන්න පුළුවන් පුළුල්ම සංවිධානය අපි හදමු.” බිමල් රත්නායක යෝජනා කළේය. ”මේ ජනාධිපතිවරයා කරපු පිස්සු වැඬේම ඇති විධායක ජනාධිපතිවරයෙක් අපේ රටට ඕන නැහැ කියන්න. ඒ විතරක් නෙවෙයි දැන් අලූතෙන් ජනාධිපතිවරණයට එන කට්ටිය දිහා බැලූවාම ජනාතාවට තේරෙන්න ඕනෑ මේ අය ජනාධිපති වෙලා රටට වැඩක් තියෙනවද කියලා.” තවත් සිවිල් සංවිධානයක නායකයෙක් සිටියේය.

දඩය නෙවෙයි ප‍්‍රශ්නේ.. හොරා බව ඔප්පු වීමයි වැදගත්…

ජවිපෙ මධ්‍යමකාරක සභාවට ටිල්වින් සිල්වා විසින් ලියන ලද ලිපි හා ජවිපෙට අයත් ලිපි ලේඛන කිහිපයක් ඇතුළත් කරමින් පොතක් සම්පාදනය කළ විමල් වීරවංශයට එරෙහිව පසුගියදා කොළඹ වාණිජ මහාධිකරණය තීන්දුවක් ප‍්‍රකාශයට පත්කළේය. එමගින් ටිල්වින් සිල්වා හට වන්දි මුදලක් ප‍්‍රධාන කිරීමටත් නඩු ගාස්තු ගෙවීමටත් විමල් වීරවංශට සිදුව තිබේ. එපමණක් නොව පොත් මුද්‍රණය නැවැත්වීමටත් මුද්‍රණය කොට ඇති පිටපත් විනාශ කිරීමට නියෝග කර තිබෙන අතර කෘතිය මුද්‍රණයෙන් ලබාගත් මුදල් ගණනය කොට එම මුදල්ද පැමිණිලිකරුවන්ට ගෙවීමට නියෝග කොට තිබේ. මේ සම්බන්ධයෙන් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා විවිධ ප‍්‍රකාශ කරමින් තිබේ. මේ පිළිබඳව නීතිඥ සුනිල් වටගලගෙන් මාධ්‍යවේදියෙක් ප‍්‍රශ්න කළේය. ”මිලියන 10ක් කියනවා මිලියන එකක් කියනවා මොකක්ද මේ පටලවිල්ල මන්ත‍්‍රීතුමා” මාධ්‍යවේදියා විමසා සිටියේය. ”වන්දි මුදල නෙවෙයිනෙ ප‍්‍රශ්නේ. එයා දැන් බුද්ධිමය දේපළ හොරෙක් කියලා ඔප්පු වුණා. ඒ කතාව වහන්න වෙන වෙන මාතෘකා හදනවා. පාස්පෝට් දෙකයි, උප්පැන්න දෙකයි. ඒ මදිවට කෝටි හතක් හම්බකරගත්ත විදිය කියාගන්න බැහැ. නඩු ගොඩක පැටලිලා ඉන්නේ. දැන් හොරෙක් බව එකින් එක ඔප්පු වෙමින් යනවා. ඒකයි ඇත්ත කතාව. මුදල ගැන කතා කරනවානම් නඩු ගාස්තුවත් විශාල එකක්. අවුරුදු 10ක් ඇදුණ නඩුවක්. නඩු ගාස්තුවත් ගෙවන්න වෙනවා. ඒ වගේම පොත මුද්‍රණය කරලා උපයපු මුදල ගණනය කරන්නත් කොමිසමක් පත්කරනවා.” සුනිල් වටගල කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *