බාදාවකින් තොරව ආණ්ඩුවට කටයුතු කරන්න ජනාධිපතිවරයා ඉඩ දියයුතුයි – මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

ජනාධිපතිවරයා බාදාවකින් තොරව මේ ආණ්ඩුවට කටයුතු කරන්න ඉන දියයුතුයි. මේ ආණ්ඩුව හරියට වැඩ කළාද නැද්ද කියන එක මැතිවරණයකදී ජනතාව තීරණය කරයි. මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුමර එසේ ප්‍රකාශකළේ සිවිල් සංවිධානය හා වෘත්තීය සමිති එකමුතුව විසින් ඊයේ කොළඹ දී සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකදීය.

ජනාධිපතිවරයෙක් හැටියට අගමැතිවරයෙකුට වැඩ කරන්න දුන්නෙ අවුරුදු දෙකයි. ඒ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපතිනිය වෙලා හිටපු වෙලා කිසිම බාදාවකින් තොරව අගමැති වරයාට වැඩ කටයුතු කරන්න දුන්නා. අඩුගානේ මේ තරහ වෙච්ච අවුරුද්දෙවත් තමන්ගෙ ආණ්ඩුවට වැඩ කරන්න දීලා, පූර්ණ බලය සහිත ආණ්ඩුවට තීරණයක් ගන්න දෙන්න. ආණ්ඩුව වරදක් කළොත් ජනතාව ඉන්නව තීන්දු ගන්න. වෙනත් පක්ෂයක ඉහළ දේශපාලඥයන් නෙමයි තීන්දු ගත යත්තෙ. මොන ආණ්ඩුවද එන්න ඕන කියල. එතකොට ජනතාව තීන්දු කරයි යහපත් විදිහට ආණ්ඩුකළ ආණ්ඩුවක් ද ජනතාවගේ සුබසිද්ධියට වැඩ කළ ආණ්ඩුවක්ද කියල. රටේ සෞභාග්‍ය සහ අනාගතය වෙනුවෙන් වැඩ කළ ආණ්ඩුවක්ද කියල බලයි. කකුලෙන් අදින ක්‍රියාව ජනාධිපතිවරයා වහාම නැවැත්විය යුතුයි. සම්මුතිවාදීව වැඩ කළ යුතුයි. ඔහුගේ පක්ෂය මේ ආණ්ඩුව තුළ නැහැ. ඔහු ජනාධිපතිවරයා වෙනකොට මතක තියා ගන්න ඕනැ හංසයෙක් හැටියට ආවේ. මේ හංසයා තමයි අද නිල්පාට වෙලා තියෙන්නෙ. මේ නිල් හංසයා එක්සත් ජාතික පෙරමුණේ ආණ්ඩුවට විවිධ කෙනෙහිලිකම් කරමින් ඉන්න බව පේනවා. මම හිතන්නෙ ඒක සුදුසු නෑ. ජනතාවට ආදරයක් තියෙන ජනාධිපතිවරයෙක් නම් එය කළ යුතුම නෑ.

අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරල නැහැ. නැවතත් ජනාධිපතිවරණයක් තියන්න වෙනවා. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගත්තොත් අපිට පුළුවන් පාර්ලිමේන්තුවෙන් කෙනෙක් පත්කර ගන්න. දැනට තියන ව්‍යවස්ථාව අනුව ජනාධිපති මැතිවරණයකින් ජනතාව තමයි ජනාධිපතිවරය තීරණය කරන්නෙ. ඒ නිසා ජනාධිපතිවරයා ‍තමාගේ සභාපතිත්වයෙන් තියෙන කැබිනට්ටුව තියෙන ආණ්ඩුවට බාදා නොකර හුදෙක් සභාපති ලෙස සිට වැඩ කටයුතු කළ යුතුයි කියන ඉල්ලීම් කළ යුතුයි නැත්නම් අපිට ඉදිරියට යන්න බැරි වෙනව.

ජාතිවාදය අවුස්සන ක්‍රියාවලිය දිගින් දිගටම කෙරීගෙන යනව. ඒ නිසා එය අනිවාර්යෙන්ම එය නැවත්වීමේ ක්‍රම වේදයක් අපි සකස් කරගත යතුයි. විශේෂයෙන්ම ඒ ප්‍රශ්නය පැහැදිලි ලෙස හඳුනාගන්නෙ නැතුව බොරුවට අවලාද නගමින් යන ක්‍රියාවලිය පිළිතුරු දෙන්න නොහැකි අවස්ථාවක, විශේෂයෙන්ම ද්‍රවිඩ ජාතික සන්ධානය තමන් සමග සම්මුතියක් එන්නැත් නම් රහස් ගනුදෙනු තියනව. තමන් සමග සම්මුතියක් එනවනම් ඉතාම හොඳයි කිසිසේත්ම  ඔවුන්ගේ එහෙම ප්‍රශ්නයක් නෑ. දෙබිඩි පිළිවෙතක් තමයි ඔවුන්ගේ දේශපාලනය තුළ තියෙන්නෙ.

ඔවුන් ආණ්ඩුකාරවරයෙක් පත් කළා. එතන අවුලෙන් අවුලට පත්වෙලා උතුරු පළාතෙ. නැගෙන හිර මිනිස්සු කැමති නෑ එහෙම දේවල් වෙනවට. එතන ජාතීන් වර්ග තුනක් ඉන්න ප්‍රදේශයක්. පත්කලා මුස්ලිම් අයෙකු. සිංහල අයටත් ප්‍රශ්න එනවා. මුස්ලිම් අයටත් ප්‍රශ්න එනවා, දෙමළ අයටත් ප්‍රශ්න එනවා. පසුගිය දවසක ඔවුන් එම ප්‍රදේශයේ විරෝධතා පවත්වලා තියෙනව.  එතන පත්කරපු අනිත් හිස්තැන පිරෙව්වෙ කවුද කියල ප්‍රශ්නයක් තියෙනව. ඔවුන්ගේ නියෝජිතය වෙනුවට පත් කළේ ජනාධිපතිවරයගෙ නියෝජිතයෙක්. ජනාධිපතිවරයට කැමති විදිහට තමයි හිස්තැන පුරවල තියෙන්නෙ. ඉතින් ඒක හින්දා තමාගේ අභිමතයට වැඩ කළ හැකි ක්ෂේත්‍රවලත් බුද්ධිමත් ජනාධිපතිවරයෙක් නම්, රටේ අනාගතය ගැන හිතමින් තමයි වැඩ කළ යුත්තෙ. ඒ කිසිම පත්වීමක් ක්‍රමවේදයකින් තොරව නොකළයුතුමයි.

තමන්ගෙ සැඟවුණු ව්‍යාපෘති කරපු උදවිය තමයි ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරල තියෙන්නෙ. ඒ අතර උගතුන් ඉන්න බව ඇත්ත. සමහර පත්කිරීම් සම්බන්ධයෙන් ඇත්තටම මොන පදනමක් මතද ඔවුන්ව පත්කරේ කියන ප්‍රශ්නය තියෙනව. ඒ නිසා අපි කියන්නෙ අපිට ඉතාම කෙටි කාලයයි තියෙන්නෙ දින පණස් දෙකක් විනාශ වුනා ජනාධිපතිවරයගෙ අනීතික ක්‍රියාවලිය නිසා, ඒ ව්‍යවස්ථා විරෝධි  කුමන්ත්‍රණය අමතක කරවීමේ ක්‍රියාවලියක ජනාධිපතිවරයා යෙදිල ඉන්න බව පේ‍නවා. ආණ්ඩුවට විරුද්ධ වෙන්න බැරි නිසා එහි මැතිඇමතිවරුන් පිරිවරාගෙන එක එක උත්සව වලට යනවා ගිහිල්ලා පෙන්නන්න හදනවා වෙන චිත්‍රයක්. නමුත් ඇත්තටම ඒ දින පණස් දෙකේ කරපු කුමන්ත්‍රණය අනීතික ක්‍රියාවලිය හෙමින් හෙමින් යට ගැසීමේ ව්‍යපෘතියක්. ඒ අහිමි ‍වෙච්ච දින පණස් දෙක අවුරුදු ගණනාවක රට ආපස්සුට යාමක්. දින පණස් දෙකෙන් අහිමි වූ විනාශය හදාගන්න මේ ආණ්ඩුවට බාදා කරන්නැතුම වැඩ කරගෙන යන්න ජනාධිපතිවරයා ඉඩ දිය යුතුමයි.

ජනාධිපතිවරයාට ක්‍රම දෙකක් තියනව. එකක් තමයි ඉතා ඉක්මනින් ජනාධිපතිවරණයක් කැඳවල ඉතා ඉක්මණින් තමාගෙ අවුල ලේහාගන්න පුළුවන්. රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් දේශය වෙනුවෙන් විදේශ බලපෑම් වලින් තොරව කටයුතු කරන එතුමාට පුළුවන් තමා වීරයෙක්ද කියල බලන්න ජනාධිපතිවරණය කැඳවන්න. අනිත් එක සාමාන්‍ය විදිහට ජනාධිපතිවරණයට කැඳවීමට ඉඩ ලබාදෙමින් මේ තියන ආණ්ඩුවට වැඩ කටයුතු කරගෙන යන්න ඉඩ දීම. ඒ නිසා මේ මේ දෙ‍කම බාදා කළොත් අනිවාර්යෙන්ම ජනතාව කොන් කළ යුතුම, ඉවත්කළ යුතු පුද්ගලයෙක් බවට පත්කළ යුතුමයි. ඒ නිසා තමාගේ අවුරුදු කීපයේ ජනාධිපතිත්වයට ගරුත්වයක් ලබාගත යුතුනම් තවදුරටත් කකුලෙන් අදින්නැතුව මේ ආණ්ඩුවට මේ වසර ඉදිරියට කටයුතු කරගෙන යන්න ඉඩ ලබා දෙන්න කියල ඉල්ලනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *