|

අපේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ – දෙමළ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්

ඒත් අපේ දේශපාලන අවශ්‍යතාවයන් පස්සෙ වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ නේද? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම්වලට අපි විරුද්ධ වීමෙන් ඵලක් නෑ. අපි ඒකීය රටක් ඇතුළෙ ජීවත් වෙන්න සූදානම් කියල සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊලාම් සිහිනයක් එක්කත් ජීවත්වීමත් නිවැරදි නැහැ. අපි කියන දේවලුත් හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන් සිද්ධ වෙන්න ඕනෙ. දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් එකේ පැවසුවේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ දැනුම්වත් කිරීමේ රැස්වීමක් ආගමික නායකයින් ගේ හා සිවිල් සංවිධානවල සහභාගිත්වයෙන් යාපනයේ වීරසිංහම් ශාලාවේදී පැවති අවස්ථාවේ දීය.

2015 සැප්තැම්බර් 14 වෙනිදා ආණ්ඩුවෙ අමාත්‍යවරු කිව්වෙ දෙමළ ජනතාවගේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න යළි යුධ අපරාද නොවන ආකාරයේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලයි. පසුගියදා පාර්ලිමේන්තුවේ දී මේ ප්‍රශ්නය මතක් කරමින් මේ ප්‍රශ්නය ඇහුවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ දිනවල යුද්ධය අවසන් කරන්න උදව් ඉල්ලමින් ලෝකයට හා ඉන්දියාවට දුන්න පොරොන්දු මොනවද කියල අපිට මතකයි.

යුද්ධය අවසන් කිරීමට උදව් කළහොත් බලය බෙදීම අර්ථවත් ලෙස කරනව කියල 13 වන සංශෝධනය බලාත්මක කරමින් ඊට එහා ගිය විසඳුමක් ලබා දෙනව කියල මහින්ද මහත්තය ඒ කාලෙ තුන්වතාවක්ම ඒ කාලේ ඉන්දියාවට පොරොන්දු වුණා.

එල්.ටී.ටී.ඊ. මේ රට පාලනය කරපු කාලේ ඒ කීය රටක් ඇතුළෙ තීරණයක් ගම්මු කියල කවුරුහරි මේ වගේ වේදිකාවකට ඇවිල්ලා කිව්ව නම්, එයාට පණ පිටින් ගෙදර යන්න පුළුවන්ද? ඒත් අපේ දේශපාලන අවශ්‍යතාවයන් පස්සෙ වෙනස් වුණා. දැන් කවුරුවත් වෙනම රටක් ඉල්ලන්නෙ නෑ නේද? කාලයාගේ ඇවෑමෙන් ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස්වීම්වලට අපි විරුද්ධ වීමෙන් ඵලක් නෑ. අපි ඒකීය රටක් ඇතුළෙ ජීවත් වෙන්න සූදානම් කියල සිංහල ජනතාවට කියන අතරේ දෙමළ ඊලාම් සිහිනයක් එක්කත් ජීවත්වීමත් නිවැරදි නැහැ. අපි කියන දේවලුත් හිතන දේවලුත් එකම අරමුණක් වෙනුවෙන් සිද්ධ වෙන්න ඕනෙ.

මනෝජ්

 

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *