ෆෙඩරල් කතාවක් කියමින් ගොඩ යන්න හදන්නේ දේශපාලනයේ වේළුණු පරඬැල් බවට පත්වූ පිරිසක් – ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත්

අපේ රටේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන කතාබහ අලූත්වී තිබෙනවා. ඇතැම් අය මේ ගැන බොරු ජාතිවාදී බිල්ලෝ මවමින් ඉන්නවා. මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපේ පක්‍ෂයේ ස්ථාවරය පැහැදිළි කරන්න මෙම මාධ්‍ය හමුව පවත්වනවා. ජවිපෙ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් එසේ ප‍්‍රකාශ කළේ ඊයේ (13* පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.

දැන් පවතින 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අවුරුදු 40ක් පරණයි. ලෝකය වෙනස් වෙලා. ලංකාවෙත් ඒ වගේම බොහෝ වෙනස්කම් සිදුවී තිබෙනවා. ඒ නව තත්වයන්ට අනුව නූතන සමාජයට ගැලපෙන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස්කරගත යුතුයි කියන ස්ථාවරයේ අපි දිගටම ඉන්නවා. ඒ අලූත් ව්‍යවස්ථාවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, ජාතික සමගිය වර්ධනය කර ජාතික ප‍්‍රශ්නයට විසඳුම් සෙවීම, සහ විවිධ ජනකොටස්වල අයිතීන් තහවුරු කිරීමත්, සියලූම දෙනාගේ මූලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම යන කරුණුවලින් යුක්ත විය යුතු බව අපි මුල ඉඳලාම හිටි ස්ථාවරයයි.

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන මේ සාකච්ඡුාව ආරම්භ වුණේ 2015දී. මුලූ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත්වුණා. ඒ වගේම පක්‍ෂ නියෝජිතයන්ගෙන් මෙහෙයුම් මණ්ඩලයක් පත්කරගත්තා. ඒ යටතේ අනු කමිටු පත්කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ පක්‍ෂයක් විදිහට අපේ මන්තී‍්‍රවරුන් ඒ හැම අවස්ථාවකම නියෝජනය කළා. මේක අලූත් තත්වයක් නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ ආණ්ඩුව යටතේ 2006 ජූලි මාසයේ අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න සර්ව පාක්‍ෂික සමුළුවක් පැවැත්වූවා. ජනතා විමුක්ති පෙරමුණත් ඒකට සම්බන්ධ වුණා. මේ වගේ කමිටුටවකට විවිධ අදහස්, යෝජනා ඉදිරිපත් වෙනවා. 2006 සර්ව පාක්‍ෂික සමුලූවටත් ඒවගේ යෝජනා ආවා. ඒ ගැන වැඩිදුරට සාකච්ඡුා කරන්න සර්වපාක්‍ෂික නියෝජිත කමිටුවක් පත්කළා. අපිත් ඊට සම්බන්ධ වුණා. නියෝජිත කමිටුවේ යෝජනා වැඩිදුරටත් සාකච්ඡුා කරන්න විද්වත් කමිටුවක් පත්කළා. ඒ නියෝජිත කමිටුව වාර්තාවකුත් ඉදිරිපත් වුණා. මේ කළේ් ඒ වගේ කි‍්‍රයාවලියක්මයි.

මෑතක අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡුාවක් හැදුනේ මෙහෙයුම් කමිටුව සහ අනු කමිටු වාර්තා එක්කර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්පාදනය ගැන ඇතිවුණු විවිධ වාද විවාද නිසයි. අපිත් ඊට සම්බන්ධ වුණා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, අලූතින් මැතිවරණ ක‍්‍රමයක් හඳුන්වා දීම, සියලූ ජාතිකත්වයන්ගේ අයිතීන් ආරක්‍ෂා කිරීම යන මූලික කොන්දේසි තුන ඉෂ්ඨ කර ගැනීමේ ව්‍යවස්ථාවක් වෙනුවෙන් අපි දිගටම පෙනී හිටිනවා. නමුත් මේ වෙනුවෙන් පත්කළ 21ක් දෙනෙකුගෙන් සමන්වි මෙහෙයුම් කමිටුවට අවසන් එකඟතාවයකට එන්න බැරිවුණා. ඒ නිසා අවම වශයෙන් අලූත් ව්‍යවස්ථාවක් ගැන කෙටුම්පතක්වත් මේ දක්වා ඉදිරිපත් කර නැහැ. එහෙම වුණේ විවිධ පක්‍ෂ පොදු එකඟතාවයන්ට ඒමට අසමත් වූ නිසයි. ඒ නිසා ඒ කමිටු යෝජනා ගැන සලකා බලන්න විද්වත් කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ ලියවිල්ල ඉදිරිපත් කර තිබෙනවා. ඒක අවම වශයෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන කෙටුම්පතක්වත් නෙවෙයි. යෝජනා මාලාවක් විතරයි. ඒ යෝජනාවලට එකඟ වන අය වගේම එකඟ නොවන අයත් ඉන්නවා. උදාහරණයක් හැටියට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටිනවා. මහින්ද රාජපක්‍ෂ මහත්මයාගේ කණ්ඩායම තාම අදහසක් ඉදිරිපත් කර නැහැ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය විධායක ක‍්‍රමය අහෝසි කරනවාට විරුද්ධ බව කියලා තිබෙනවා.
මේ වගේ තත්වයක් යටතේ තමයි රට කඩනවා, රට බෙදනවා, උතුරට නැගෙනහිර එකතු කරන්න යනවා වගේ බොරු බිල්ලෝ මවන ප‍්‍රචාර ගෙනියන්න පන්සල්, පල්ලි වගේ ආගමික ස්ථානත් යොදා ගන්නේ. නමුත් මේ තත්වය පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී මහින්ද රාපක්‍ෂ විපක්‍ෂ නායකවරයා අහපු ප‍්‍රශ්නයකින්ම පැහැදිළි වුණා. මහින්ද රාජපක්‍ෂ මහත්තයාම අලූත් ව්‍යවස්ථාවක් කෙටුම්පතක්වත් නැති බව කීවා. ෆෙඩරල් දෙනවා, රට බිළි දෙනවා කියන්නේ එහෙම තත්වයක් තියෙද්දී. පෙබරවාරි 04වැනිදා වනවිට රට බෙදන ව්‍යවස්ථාව සම්මත කරන බවත් කීවා. ඒ වෙනුවෙන් අත උස්සන මන්තී‍්‍රවරයෙකුට මිලියන 400ක් දෙන බවත් ප‍්‍රචාරය කර තිබෙනවා. ෆෙඩරල්වලින් ගොඩ යන්න මේ හදන්නේ දේශපාලනයේ වේළුණු පරඬැල් බවට පත්වූ පිරිසක්. කණගාටුවෙන් වුණත් කියන්න ඕනෑ, ඇතැම් භික්‍ෂූන් වහන්සේලාත් මේ අතර ඉන්නවා.

මේ ෆෙඩරල් බිල්ලා මවන්න 20වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතා පැහැදිලිවම මේ දෙක දෙකක්. 20වැනි සංශෝධනය අපි ගේන්නේ විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්න. නමුත් අලූත් ව්‍යවස්ථාවක් කියන්නේ සම්පූර්ණයෙන්ම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකටයි. මේ සම්බන්ධයෙන් ජාතිවාදී බිල්ලෝ මවන්න එක්සත් ජාතික පක්‍ෂයත් උත්සාහ කළ බව අපි දන්නවා. අදත් එහෙමයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, රාජපක්‍ෂ මහත්තයා විතරක් නෙවෙයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්තී‍්‍රවරයා පවා මේ ජාතිවාදී කතා ප‍්‍රචාරය කරනවා. ඔහු පෙබරවාරි 04වැනිදාට පෙර අලූත් ව්‍යවස්ථාවක් සම්මත කරන බව කීවා. උතුරේ බංකොළොත් දේශපාලඥයොත් දකුණේ බංකොළොත් අයත් කියන මේ බොරුවලට අහුවෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි රට බෙදන කටයුතු වෙනුවෙන් පැකේජ් ගෙනාපු බව අපි දන්නවා. අපි එය පැරැුද්දුවා. ඒ වගේම උතුරු නැගෙනහිර වෙන් කරන්න අධිකරණයට ගිහින් අපි සමත් වුණා. සුනාමි සහන මණ්ඩලය ගෙනත් රට බෙදන්න යනකොට ඒකත් අපි පැරැුද්දුවා.

ඇතැම් අය වර්තමානයේදී පොලිස් බලතල, අධිකරණ බලතල දෙන්න කතා කරනවා. උතුරු නැගෙනහිර එක් කරන්නත් යෝජනා කරනවා. මේවාට ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිළිවම විරුද්ධ ස්ථාවරයක ඉන්නවා. පහුගිය අවුරුදු තුනටම ව්‍යවස්ථාවක් තියා අඩුම ගානේ කෙටුම්පතක්වත් ගේන්න බැරිවුණා. ඉදිරි අවුරුදු එක හමාර තුළ කීයටවත් ඒක කරන්න බැහැ. නිකං කාලය කන වැඩ විරතයි. මේ පාර්ලිමේන්තුවට අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කිසිම හැකියාවක් නැහැ. එහෙම තියෙද්දී ආගමික අන්තවාදීන් සහ ජාතිවාදීන් තමන්ගේ බංකොෙළොත්කම වහගන්න ගෙනියන ප‍්‍රචාරවලට මේ රටේ පොදු ජනතාව අහු නොවිය යුතුයි. ජාතික සමගිය ගොඩනගන දිශාවට කටයුතු කළ යුතුයි. මේ සම්බන්ධයෙන් සංවේදී උදාහරණයක් අපි මහනුවරදී දැක්කා. තට්ටු 06ක් උස ගොඩනැගිල්ලක ගිණි ඇවිලූනු වෙලාවේ තමන්ගේ දරුවන් සහ බිරිඳ පහතට අතඅරින තාත්තා කෙනෙක් ගැන අපි දැක්කා. ඒ දෙමළ පවුලක්. බිම හිටය මුස්ලිම් සහ සිංහල ජනතාව බෙඞ්ෂීට් අල්ලලා මේ දරුවෝ දෙන්නත් ඒ පවුලත් බේරා ගත්තා. මේ රටේ ජනතාව අතරේ ජාති ආගම් භේද නැහැ. අපි කියන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් මේ සියල්ලන්ගේම මූලික අයිතීන් තහවුරු කළ යුතු බවයි. ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී වගේම පිටතදීත් අපි කටුයතු කරනවා. වේළිච්ච පරඬැල් බවට පත්වී සිටින ෆෙඩරල් බිල්ලෝ මවන බොරු ප‍්‍රචාරයන්ට ජනතාව හසු නොවිය යුතු බව අපි අවධාරණය කරනවා.

මැතිවරණයක් පැවැත්වීමත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමත් කියන්නේ කි‍්‍රයාවන් දෙකක්. මැතිවරණයක් පැවැත්වීම සහ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අතරේ කිසිම සම්බන්ධයක් නැහැ. ව්‍යවස්ථාවක් ගැන අදහස අපි හැම දෙනාටම තියෙනවා. ඒ වගේම වර්තමාන පාර්ලිමේන්තුව ඡුන්ද දායකයන්ගේ සැබෑ නියෝජිතයන් පිළිබිඹු කරන්නේ නැහැ. එහෙට-මෙහෙට පැනපු අය ඉන්නේ. ඒ නිසයි අපි කියන්නේ මහා මැතිවරණයක් පවත්වලා ජනතාවගේ ඇත්ත නියෝජිතයන් පත්කරගන්න අවස්ථාව දිය යුතු බව. ඒක අයිති ජනතාවට. නමුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ පවතින ආණ්ඩුව.
මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා ඇතුළු තිස් ගණනක් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ගත්තා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාලේකම් මහින්ද අමරවීර මන්තී‍්‍රවරයා ලිඛිතව කතානායකවරයාට දීලා තියෙන්නේ. ඒ අනුව තමයි විපක්‍ෂ නායක වශයෙන් මහින්ද රාජපක්‍ෂ මන්තී‍්‍රවරයා පත්වෙන්නේ. ඒ සම්බන්ධයෙන් ගැටලූවක් තියෙනවා නම් අධිකරණයට ගියොත් තීරණයක් ගන්න පුළුවන්. බොහෝ විට ඔවුන්ගේ මන්තී‍්‍රධුරය අහෝසි වීමේ තත්වයක් පවතා තියෙනවා.

රාජපක්‍ෂ පාලන කාලයේ තිස්ස විතාරණ කමිටු වාර්තාව අනුව ව්‍යවස්ථාව සම්මත කරගන්න බැරිවුණේ දේශපාලන පක්‍ෂවල එකඟතාවයක් නැතිකමින්. ඒ කමිටුවත් අවසානයේ විද්වත් කමිටුවකට දාලා ඇඟ බේරා ගත්තා. ව්‍යවස්ථා සම්පාදන කි‍්‍රයාවලිය විවිධ අවස්ථාවල මේ වගේම හිර වුණා. අද වෙලා තියෙන්නෙත් ඒක.
මාධ්‍ය ආයතනවල භාවිතය සම්බන්ධයෙන් බිමල් රත්නායක සහෝදරයා පාර්ලිමේන්තුවේදී විවේචනාත්මක කතාවක් කළේ. පහුගිය දෙසැම්බර් මාසයේ. දින 50ක පරිච්ෙඡ්දයේදී. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා ඔය කතාව කළේ ඊයේ පෙරේදා. පක්‍ෂයක් හැටියට අපිට මේ රටේ මාධ්‍ය භාවිතය ගැන විවේචනයක් තියෙනවා. ඒවගේම සිවිල් සංවිධානවලට සහ ස්වාධීන පුද්ගලයන්ටත් විවේචනයක් තියෙනවා. ඒ මාධ්‍ය භාවිතයන් නුසුදුසුයි නම් විරෝධය පළ කරන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියකුත් තියෙනවා. ඒ විරෝධයන් ගැන එකඟ වෙන්නේ නැත්නම් මාධ්‍ය ආයතනවලටත් ඒ සම්බන්ධයෙන් තමන්ගේ විරෝධය පළ කරන්න අයිතියක් තියෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක තමන්ගේ විරෝධය පළ කිරීමට කාටත් තිබෙන අයිතියට ගරු කළ යුතුයි. මාධ්‍ය ආයතන ඉදිරිපිට විරෝධය පළ කිරීම ජනතා විමුක්ති පෙරමුණේ වැඩක් නෙවෙයි. විවිධ සිවිල් සංවිධානවල අය වගේම ස්වාධීන පුද්ගලයන් ඒ විරෝධය පළ කිරීමේ හිටිය බව අපි දැක්කා.

මනෝජ් රූපසිංහ

ස්තුතිය – ජනතා විමුක්ති පෙරමුණු මාධ්‍ය ඒකකයට

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *