මේ සොරකම් කරපු පුද්ගලයා ජරා ජීර්ණ හොරකම් කිරීමේ දක්‍ෂයෙක් – නීතිඳ සුනිල් වටගල

කොළඹ වානිජ මහාධිකරණයේ විනිසුරුවරුන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක් යටතේ විභාගයට ලක්වුණු මේ නඩුව බුද්ධිමය හිමිකම් සම්බන්ධයෙන් ඉතා වැදගත් තීන්දුවක්. අපේ පක්‍ෂයේ ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා 2008 අවුරුද්දේ මේ නඩුව පැවරුවා. බුද්ධිමය දේපළ පනතට අදාලව මේ නඩුව ගොණු කළේ ටිල්වින් සිල්වා සහොදරයා විසින් ලියූ ලිපි කිහිපයක්, පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව තුළ විතරක් සාකච්ඡුා වුණ ලිපි ඔය කියන පුද්ගලයා හොරෙන් අරගෙන ගිහිල්ලා පොතක් මුද්‍රණය කරලා විකුළා ලාභ ලබාගෙන තිබෙනවා. එය බැලූ බැල්මටම බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීමක් බව කොළඹ වානිජ මහාධිකරණය තීරණය කර තිබෙනවා. නීතිමය පැත්තෙන් ගත්තාම ඉතාම දියුණු තීන්දුවක් බව පැහැදිළියි. ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්මයා මේකට පාදක කරගත්තේ එංගලන්තයේ නඩු තීන්දුවක්. ඒ රටේ අග‍්‍රාමාත්‍යවරෙයකුගේ දිනපොතක තිබූ සටහනක් හොරාගෙන ගිය අවස්ථාවක් දීපු තීන්දුවක්. ඒ තීන්දුව අනුව තමන්ගේ අත් අකුරු පවා බුද්ධිමය දේපල පනතට අයිති වෙන බව තීන්දු කර තිබුණා. ඒ තීන්දුව මත පදනම්ව ගොණුකළ නඩුව ජයග‍්‍රහණය කළේ පෝල් රත්නායක ඇසෝෂියේට් ආයතනයේ නිලනිත් පීරිස් මහත්මිය සහ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහත්තයාගේ මැදිහත්වීමෙන්.

මේ රටට මේ නඩු තීන්දුවෙන් ගන්න පුළුවන් දේ මොකක්ද? එතන හොරකම් කරලා තිබුණේ අපේ පක්‍ෂයට අයිති ලේඛන. මේ සොරකම් කරපු පුද්ගලයා ජරා ජීර්ණ වුණාට පසු ඉතිහාස කතාව ලියවිලා තියෙන්නේම හොරකම් කිරීමේ දක්‍ෂයෙක් විදිහටයි. ඔහුගේ උප්පැන්නය හොර එකක්. ඔහුගේ බිරිඳගේ උප්පැන්නයත් හොර එකක්. නිවාස අමාත්‍යාංශයේ සිටියදී පවුලේ ඥාතීන්ට නිවාස ලබාදුන්නේ හොරට. ඒ වගේම පාස්පෝට් හදලා තියෙන්නෙත් හොරට. තමන්ගේ අක්කගේ දුවගේ මගුල් ගේ ගත්තේ ආණ්ඩුවේ සල්ලිවලින්ය කියලා එළිදරව් වී තිබෙනවා. තමන්ගේ ගෙදර රුපියල් ලක්‍ෂය ඉක්මවා ගිය ලයිට් බිල ගැන කියවෙන්නෙත් හොරකමයි. දේශපේ‍්‍රමය තවරගෙන ජාතිවාදය කරපින්නා ගත්තු මේ මහත්තයා පාර්ලිමේන්තුවේදී කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරධුරයක් ගන්න ඕනෑ නම් ආගම මාරු කළ යුතු බවයි. අධිකරණයට සම්බන්ධ බරපතල ප‍්‍රකාශයක් මේක. ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලූ අධිකරණ සාධාරණ විනිශ්චයන් දීම ගැන ඔවුන්ගේ කෝපය පළ කරන්නේ ආගම්වාදී විදිහට. පටු, පෞද්ගලික වාසිවලට දේශපාලනය හසුරුවන මේ වගේ අය සිදුකර තිබෙන හොරකම්වලට විරුද්ධව ලැබුණු එක නඩු තීන්දුවක් තමයි මෙය. ඔහු වෙනුවෙන් තිබෙන ඉතිරි නඩු කිහිපයක් විභාග වෙමින් තිබෙනවා. දැන්වත් ශීලාචාරව හැසිරෙන්න කියලා අපි මේ මහත්තයාට කියනවා.
වන්දි මුදල් නොගෙව්වොත් ඔහුගේ දේපොළ සම්බන්ධයෙන් ලැයිස්තුවක් අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්. ඔහුගේ ඔප්පු-තිරප්පු අල්ලස් හා දුෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ සිදුකරන විමර්ශනවලට ඉදිරිපත් කරලා තිබෙනවා. මෙහෙම දේශපාලන හිඟන්නන්ට අපේ රටේ ජනතාව හොඳ උත්තරයක් දෙන්න ඕනෑ. මේ වගේ අය දේශපානයේ තියාගන්නවාද නැද්ද කියලා ජනතාව හොඳින් කල්පනා කර බැලිය යුතුයි.

මනෝජ් රූපසිංහ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *