ආණ්ඩුව හරි පාරේ නොගියොත් ජනතාව හරි පාරට හැරෙන එක නවත්වන්න බැහැ – රාජා උස්වැටකෙයියාව

raja uswatakeiyawaපසුගිය මහ මැතිවරණය, දේශපාලන පක්‍ෂවල සංයුතියේ මෙන්ම දේශපාලන ප‍්‍රතිපත්ති ද බරපතල අභියෝගයකට ලක්කළ මැතිවරණයක්. එකම පක්‍ෂය තුළ නායකත්වය උදෙසා අරගල ඇති වෙනව. තව පැත්තකින් අලූත් දේශපාලන පක්‍ෂ හතු පිපෙන්නාක් මෙන් බිහි වෙනවා. ඇතැම් පක්‍ෂවල පැරණි සාමාජිකයන් පක්‍ෂ අතහැරලා වෙනත් පක්‍ෂ වලට සම්බන්ධ වෙනවා. ජනාධිපතිවරණයෙන් පරාජය වන ජනාධිපති තුමා යළිත් අගමැති අපේක්‍ෂකයා වීමේ අරමුණින් මහ මැතිවරණයේ මන්ත‍්‍රී ධූරයක් සඳහා තර`ග කරනව. ශ‍්‍රී ලංකාවේ පැරණිම දේශපාලන පක්‍ෂ දෙකක් වන ලංකා සමසමාජ පක්‍ෂය හා කොමිනියුස්ට් පක්‍ෂය විවිධ චෝදනා රැුසක් එල්ලවෙලා තියෙන, ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල ලෙස උල්ලංගනය  කරපු, පැසිස්ට්වාදී පසුබිමක් නිර්මාණ කළ මහින්ද රාජපක්‍ෂට උදව් කිරීමට තීරණය කරනවා. ජනාධිපතිවරණයේදීත් ඔවුන් සිටියේ මහින්ද රාජපක්‍ෂ සම`ග. වමේ ව්‍යාපාරයේ අත්දැකීම් ඇති පුද්ගලයෙක් හැටියට, කොමිනියුස්ට් පක්‍ෂයේ හිටපු දේශපාලන මණ්ඩල සභිකයෙක් විදිහට මේ පිළිබඳව ඔබේ අදහස?

එවන් තත්ත්වයක් අද විතරක් නෙමේ, ශ‍්‍රී ලංකාවේ පක්‍ෂ දේශපාලනය ආරම්භ වූ අතීතයේදීත් සිදු වෙලා තියෙනව. 1946 දී එක්සත් ජාතික පක්‍ෂය පිහිටෙව්වා. 1952 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටෙව්වා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවීමෙන් රටේ සැලකිය යුතු දේශපාලන වෙනසක් සිද්ධ වුණා. ඒ පිළිබඳව දැන් සාකච්ඡුාවෙන්නෙ නැති තරම්. ඒ තමයි එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කොඩිය ඉහළින්ම එසවීම. අනිත් සියලූ බලවේග ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොඩිය යටතට අවා. ඒත් වමේ කණ්ඩායම් එම බලවේගයට එකතු වුණේ නෑ. වමේ කණ්ඩායම් සමාජවාදය ගොඩනැගිය යුතුයි කියන ස්ථාවරයේ හිටියත් ප‍්‍රජාතන්නත‍්‍රවාදය ගැන එතරම් කතා කෙරුවේ නෑ. ඒ දේම අදත් සිද්ධ වුණා. මහින්ද රාජපක්‍ෂ රජයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉතාම බරපතල තර්ජනයක් එල්ල වෙච්ච වෙලාවේ ඒ අය ප‍්‍රජාතන්නත‍්‍රවාදය ගැන කතා කළේ නෑ. සමාජවාදය ගැන කතා කරන්නෙත් නැතුව, ඒ අය බොහොම පැසිස්ට් තාලේ මහින්ද ආණ්ඩුව ස්ථාවර කරන්න කටයුතු කෙරුවා.

ඒ නිසා තමයි කොමිනියුස්ට් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙක් හැටියට හිටිය මම සහ තවත් විශාල පිරිසක්, මධ්‍යම කාරක සභාවේ විශාල පිරිසක් හා සාමාජිකයො විශාල පිරිසක් පක්‍ෂයෙන් කැඩිල වෙන්වුනා. ඒ වගේම සමසමාජ පක්‍ෂයෙත් ජයම්පති වික‍්‍රමරත්න, ලාල් විජේනායක, ඇතුළු දේශපාලන මණ්ඩලවල, මධ්‍යම කාරක සභා වල විශාල පිරිසක් අයින් වුණා. මේ පක්‍ෂ දෙකේම වෘත්තීය සමිති පක්‍ෂයෙන් කැඩුණා. සමසමාජයෙන් කැඩුණ ජයම්පති වික‍්‍රමරත්න ල වගේ පිරිස පක්‍ෂයක් හැදුවා. ඒ පක්‍ෂය සමසමාජ පක්‍ෂය විදිහටම පෙනී සිටිමින් දිගටම වැඩකරගෙන යනව. තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර එම පක්‍ෂවල අයිතිය පිළිබඳව පෙනී ඉන්නව. ක‍්‍රියාකාරීත්වය අතිනුත්, ජනතා පිළිගැනීම අනුව ඉවත් වූ කණ්ඩායම් විසින් පිහිටුවා ගන්නා පක්‍ෂ ඉදිරියෙන් ඉන්නව.

මහින්ද රාජපක්‍ෂට සහයෝගය දීමට ඉදිරිපත් වීම පක්‍ෂ නායකත්වයේ තීරණ පුද්ගල සාධක මත බැඳුණු තීරණ මිසක්, වමේ ව්‍යාපාරයේ න්‍යයාත්මක වරදක් නෙමේ.

වමේ කේන්ද්‍රය බිහිවෙන්නේ එම පක්‍ෂදෙකෙන් කැඩුන පිරිසගෙන්ද?

මේ අතර වමේ කේන්ද්‍රයත් නිර්මාණය වෙනවා. එයට එම පක්‍ෂ දෙකෙන් කැඞී ආ පිරිසගේ යම් දායකත්වයක් තියෙනව. එය පොදු දේශපාලන අරමුණක් සඳහා ක‍්‍රියාකරන සංවිධානයක්

එදා හිටපු දේශපාලඥයන් සහ අද දේශපාලඥයන් අතර තියෙන වෙනස කුමක්ද?

1935 ආචාර්ය එන්.එම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා, දොස්තර එස්. ඒ. වික‍්‍රමසිංහ පිලිප් ගුණවර්ධන මේ වගේ අය එකතුවෙලා 1935 දී ලංකා සමසමාජ පක්‍ෂය පිහිටෙව්වා. 1917 රුසියාවේ ඔක්තෝම්බර් විප්ලවයත් එක්ක හමා ආ බලපෑමත් මේ නැඹුරුවට බලපෑවා. මේ බුද්ධිමතුන් හැමදෙනාම වගේ පිටරට විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හදාරපු අය. එහිදිත් ඔවුන් සම්බන්ධවෙලා තිබුණේ වාමාංශීක නැඹුරුවක් ඇති ශිෂ්‍ය සංවිධාන හා සමාජ සංවිධාන එක්ක. ඒ ටරවල විශ්වවිද්‍යාල වලටත්, සෝවියට් රුසියාවේ විප්ලවයත් එක්ක ලොව පුරා පැතිර ගිය වාම වාදී දේශපාලන උණුසුම කාවැදී තිබුණා. ඔවුන්ටත් අවශ්‍ය වුණා ලංකාව සමාජවාදී රාජ්‍යයක් කරන්න. ඒ මතවාදය තුළ ඔවුන් අවංකව තම දේශපාලනය කරගෙන ගියා. මන්ත‍්‍රීකම්, ඇමතිකම්, තනතුරු වරප‍්‍රසාද ලබාගැනීමට ඔවුන් සිය පක්‍ෂය, තම ආත්මය පාවා දුනනේ නෑ.

ඊළ`ග කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ ප‍්‍රභූ පවුල්වලින් විදේශ ආධා්‍යාපනය හැදෑරීමට ගිය පිරිස. ඔවුන්ට ඇති තරම් ධනය තිබුණා. ගෞරවය, නම්බුව මහ ඉහළින් සැලකුවා. ඔවුන්ට උවමනා වුනේ තම ධනය වියදම් කරලා රටේ උත්තරීතර සභාව වන පාර්ලිමේන්තුව නියෝජනය කරල, උසස් තනතුරු අරගෙන රටට සේවය කරල ජනතාවගෙන් ගරු නම්ඹු ලබාගන්න.

1977 දි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කල්පනා කෙරුවා ව්‍යවස්ථාදායකයෙ බලයට අමතරව විධායක බලයක් අවශ්‍යයි කියල. ඒ අනුව ජේ.ආර්. ජයවර්ධන අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. ඒ සම`ගම විවෘත ආර්ථික ක‍්‍රමයත්, මනාප ඡුන්ද ක‍්‍රමයත් එනවා. මෙහිදී ඇති වෙන තත්ත්වය දිනෙන් දිනම නරක අතට හැරෙමින් ජනවාරි 8 වෙනිදා දක්වාම  ගලාගෙන ආවා. එන්න එන්නම තත්ත්වය නරක අතට හැරුණා. මනාප ක‍්‍රමය අනුව වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරී පත්වීමට දිස්ත‍්‍රික්කයක් පුරා මැතිවරණ ව්‍යාපාරය කරන්න සිද්ධ වුණා.

පක්‍ෂයට වියදම් කරන්න පුළුවන්. තමන්ට මනාප ගන්න මුදල් වියදම් කරන්න පුලූවන් අපේක්‍ෂකයන්ට ඡුන්දය ඉල්ලන්න වරම් ලැබුණා. ඔවුන්ගේ සමාජ තත්ත්වය, අධ්‍යාපනය, ඔවුන් මුදල් උපයන්නේ සාධාරණවද? ඒ මුදල් කළු සල්ලිද කියන එක බලපෑවේ නැහැ. ඒ තුළ අපේක්‍ෂකත්වය ලැබූ අය රුපියල් කෝටී ගණන් වියදම් කරමින්, මනාප ලැයිස්තුවල මුලට ඇවිත් පාර්ලිමේන්තුවට පත්වුණා. පාර්ලිමේන්තු ධූර කාලයේදී කටක් ඇරියෙ නැති මන්ත‍්‍රීවරු ඉන්නවා. යහපත් පනතක් ඉදිරිපත් කළේ නැති ඇමතිවරු ඉන්නව. ඔවුන් කරපු දෙය තමයි තමන්ගේ නෑදෑ හිතවතුන් තනතුරු වලට පත්කරගෙන, බිලියන ටි‍්‍රලියන ගණනින් මුදල් ඉපැයීම. වරප‍්‍රසාදවලට මුවාවෙමින් රට විනාශ කරන කුඩු, එතනෝල් වැනි දේවල් රට තුලට ගෙන්වීම. පුරාවස්තු මංකොල්ල කෑම. කැසිනෝ සූදුව වගේ සමාජය ප‍්‍රතික්‍ෂේප කරන සූදු ගෙන ඒම.

එදා දේශපාලනයට ආවේ අවංක සමාජ සේවකයන්. අද එන්නේ රටේ ධනය හූරාගන, පොහොසතුන් වෙන්න බලන නූගත් කළු සල්ලිකාරයන්. ඒකයි වෙනස.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරගතුංග මහත්මියගෙ ධූර කාල දෙකම රටට කිසි වැඩක් නොකරන ලද, රට ආපස්සට ගිය කාලයක් විදිහට ඇතැම් පිරිස් විසින් හඳුන්වනු ලබනව.

අවුරුදු 17 ක් තිස්සේ තිබුණු එක්සත් ජාතික පක්‍ෂ පාළනය බිඳලා 1994 දි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය බලයට පත්වෙනව. එතුමිය කටයුතු කළේ ප‍්‍රධාන කාරණා 3 කට මූලිකත්වය දීල. උතුරේ ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීම, පජාතන්ත‍්‍රවාදය ස්ථාවර කිරීම, විධායක බලතල සහිත ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට, ව්‍යවස්ථාදායකයට බලය පැවරෙන ආණ්ඩුක‍්‍රමයක් හදන්න. ඒ සියල්ල කරන්න චන්ද්‍රිකා උත්සාහ කළා. නමුත් එය නිසියාකාරව කරන්න බැරි වුණා. 2000 දි අලූත් ආණ්ඩක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා. ඒක පාර්ලිමේන්තුවෙ ඉරලා දාලා, විනාශ කරලා දැම්මා. ආණ්ඩු ක‍්‍රමය වෙනස් වුණෙත් නෑ. විවෘත ආර්ථිකයට මානසික මුහුණුවරක් දෙනව කිව්වට ඒක වුණෙත් නෑ.

එහෙත් එතුමිය ගේ ධූර කාලය තුළ කිසිම වැඩ කොටසක් කෙරුණෙ නෑ කියන එක පිළිගන්න බැහැ. කොළම – මාතර අධිවේගී මාර්ගය වගේ මාර්ග පද්ධති වලට මූලික අඩිතාලම දැම්මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ කාලයේ. කොළඹ නුවර මාර්ගය, නෙළුම් පොකුණ ර`ගහල, ඇතුළු තවත් බොහෝ දේවල් චන්ද්‍රිකාගේ කාලයේ ක‍්‍රියාත්මක කරන්න සැලසුම් කරන ලද දේවල්. සමහර ඒවා මුල් ගල් තියල වැඩ ආරම්භ කරපුවා. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඒ වැඩ අවසන් කෙරුවා එක් හොඳ දෙයක්. ඔහු ඉතා වේගයෙන් වැඩ කරගෙන ගියා.

චන්ද්‍රිකාගේ යුගයේ ජාතීන් අතර සමගිය ඇති කරන්න දැවැන්ත මෙහෙයුමක් ඇතිකරගෙන ගියා. එතුමිය බලයට පත් වූ විගස කීවේ ‘‘මම සාමයේ හස්තය ප‍්‍රභාකරන්ට දිගු කරනවා’’ කියල. ඒ අනුව වැඩකටයුතු කරගෙන ගියා. 2005 දි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙනාවා එහි ජනවාර්ගික ප‍්‍රශ්නයට සාධාරණ විසඳුම් අඩං`ගුවෙලා තිබුණා. නමුත් ඒවා කරගෙන යන්න දුන්නෙ නෑ.

මහින්ද රාජපක්‍ෂ අගමැතිකරවීම තේමාකරගත් සන්ධාන කණ්ඩායම මැතිවරණය ව්‍යාපාරය ආරම්භයේ දී අන්තිම අඩියකයි හිටියේ. එහෙත් ඔවුන් සීඝයෙන් වර්ධනය වෙමින් ඉදිරියට ආවා. තව දෙසතියක් මැතිවරණ ව්‍යාපාරය පැවතුණා නම්, ඒ කියන්නේ අගෝස්තු 17 වෙනුවට 30 – සැප්තැම්බර් 5 වෙනිදා වගේ ඡුන්දය පැවැත්වූවා නම් ප‍්‍රතිඵල මීට වඩා වෙනස් වෙන්න තිබුණ බව කියනවා. ඇතැම්විට මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමට ආණ්ඩුව පිහිටුවීමේ බලය ලැබෙන්න ඉඩ තිබූ බවත් කියනව.

ඒක පෞද්ගලිකව මම විශ්වාස කරන්නෙ නෑ. කොහොමත් මහින්ද රාජපක්‍ෂ පරාජය විය යුතුව ම තිබුණා. ජාතික ආණ්ඩුවක් තුළින් යහපාලනය ඉදිරියටත් ගෙනයායුතුයි කියන මතය ජනතාව අතර තිබුණා. දෙසතියක් වැනි කාලයකින් ඒ මතයට දැඩි බලපෑමක් ඇති කරන්න බැහැ.

‘ජාතික ආණ්ඩුව’ යන හැඳින්වීම පිළිබඳව විවිධ මත ඇතිවෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුව පළමුවෙන්ම අත ගැසූ ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් දීම යහපාළනයකට තරම් නොවන බවට අද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා.

මම කිසිසේත් විශ්වාස කරන්නෙ නෑ, මේක ජාතික ආණ්ඩුවක් කියල. මේක ජාතික ආණ්ඩුවටක් නෙමේ. ජාතික ආණ්ඩුවකට ප‍්‍රධාන පක්‍ෂ දෙක එකතුවෙන්න  ඕනෑ කියන එකේ ගැටළුවක් නෑ. ප‍්‍රධාන පක්‍ෂ දෙක විතරක් ප‍්‍රමාණවත මදි. ටී.එන්.ඒ. එක හෝ දෙමළ ජනතා නියෝජනයක් එකතු වෙන්න  ඕනැ ජාතික ආණ්ඩුවක් නම්, සියළුම පක්‍ෂ මෙන්ම සියලූම ජන වර්ගයන් එකතුවිය යුතුයි. මේක ජාතික ආණ්ඩුවක් නෙමේ මේක සභාග ආණ්ඩුවක්. මේ ජාතික ආණ්ඩුවේ ප‍්‍රධාන විරුද්ධ පක්‍ෂයේ සියළුම දෙනා ජාතික ආණ්ඩුවට එකතු වුණේ නෑ.

ඒ අතර කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක් සිදුවුණා. පරාජිත විපක්‍ෂයේ පරාජය වුණ අය මෙන්ම විවිධ චෝදනා තියෙන අය ජාතික ලැයිස්තුව හරහා ආණ්ඩුවට ගෙන ඔවුන්ට ඇමතිකම් පවා ලබා දුන්නා.  ජාතික ලැයිස්තුවෙන් සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂවල හිටපු පැරණි නායකයන්ටත් අවස්ථාව ලබා දෙන්න තිබුණා. ඒ අය සමාජ, ආර්ථික, දේශපාලන ප‍්‍රශ්න ගැන දැනුම්වත් අය. එවැනි සුදුස්සන් සිටියදී තක්කඩි රැුලකට මේ විදිහෙ ඇමතිකම් දීම ඉතාම වැරදියි. වමේ කිසිවෙකුටත් අමාත්‍ය ධූරයක් දීලා නෑ. මගෙ නමත් ජාතික ලැයිසුතුවෙ තිබුණා. මට නොලැබීම මම ප‍්‍රශ්නයක් කරගන්නෙ නෑ. ජයම්පති වගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ප‍්‍රසස්ථ දැනුමක් තියෙන කෙනෙකුට අවස්ථාව නොලැබීම ඉතාම කණගාටුදායකයි. ලාල් විජේනායක වුණත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන ඉතාම පුළුල් දැනුමක් තියෙන අයෙක්. ඔහුටත් මේ ආණ්ඩුවෙ තැනක් ලැබිල නෑ. ලාල් විජේනායක ජාතික ලැයිස්තුවෙ හිටියෙ නැතත් ඔහුට අවස්ථාවක් දෙන්න තිබුණා, මේ දීල තියෙන අය ගැන බැලූවාම.

මෛත‍්‍රීපාල සිරිසේන මහත්මයා පොදු අපේක්‍ෂකයා වශයෙන් ඉදිරිපත් නොවුනා නම් විකල්පයක් වශයෙන් හිටියේ කවුද? රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වූවා නම් ජයග‍්‍රහණය කරන්න හැකි කමක් තිබුණද?

වෙන විකල්පයක් තිබුණ කියල හිතන්න නම් බැහැ. නමුත් මෙතන තියෙන්නේ පුද්ගලයන් පිළිබඳ ප‍්‍රශ්නයක් නෙමෙයි මූලික ප‍්‍රතිපත්ති පිළිබඳ ප‍්‍රශ්නයක්. මහජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රතිපත්ති පිළිගත්තා කියලයි මම හිතන්නෙ. පුත්ගලයෙන් වශයෙන් ඔහු කෙරෙහිත් විශ්වාසයක් තිබුණා. රනිල් ජනාධිපති අපෙක්‍ෂායා නොවීමට අරගත්ත තීන්දු තීරණ හොඳයි. ඔහු පොදු අපේක්‍ෂකයා වූවා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා. ඒකට හේතුව ඔහු ජන විඥ්ඥාණය හඳුනා ගෙන කටයුතු නොකිරීම.

පිහිටුවා ගත් ජාතික ආණ්ඩුව ළදරු අවදියේම බලාපොරොත්තු සුන් කරගන්න තත්ත්වයකට පත්වෙලා තියෙනව. මැති ඇමති කම් බෙදාගැනීම හැර වෙන දෙයක් නැහැ. ඇතැම් අය මෙහි ආයුකාලය නීර්ණය කිරීමට පවා පෙළඹිලා තියෙනව.
ඒකට හේතුව, ජනතාව ප‍්‍රශ්න කරනවා කෝ යහපාලන ප‍්‍රතිපත්ති කියල? රජය ගන්නා ක‍්‍රියාමාර්ග වලින් ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශ වෙනවද? කැබිනට් මණ්ඩලය අඩුකෙරුවද? ඇයි පරාජිත අයට ඇමතිකම් දුන්නෙ? ඒක මූලික ප‍්‍රතිපත්ති ඉක්මවා යාමක් වගේ දෙයක්.

මේ ජයග‍්‍රහණ දෙක පිටුපසම හිටියේ ජනතාවගේ බලය. ජනතාවට ලොකු උවමනාවක් තිබ්බා මේ වෙනස්වීම් කරන්න. හොඳ පාර්ලිමේන්තුවක් හදන්න  ඕනකම තිබ්බා. විධායක ජනාධිපතික‍්‍රමය අයින් කරන්න  ඕන කම තිබුණා. කුඩා ඇමති මණ්ඩලයක් ඇති කරන්න  ඕනකම තිබුණා. ජනතාවට වගකියන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පත්කරගන්න  ඕන කම තිබුණා. දූෂණ නාස්ති වලට විරුද්ධ ලොකු ව්‍යාපාරයක් තිබුණා. නිදහස් අධ්‍යාපනය රැුකගැනීම, සෞඛ්‍ය අයිතිවාසිකම් දිනා ගන්න  ඕනකම තිබුණා. ඒව ඉටුකරගන්න තමයි ජනතාව මේ අය පත්කර ගත්තෙ. මේ බලය ජනතාව රැුකගත යුතුයි. ජනතාව විසින් ආරක්‍ෂා කර ගත යුතුයි. ජනතා බලය රැුකගැනීම සඳහා සියලූම දෙනා එකරාශිවිය යුතුයි. එයට එක්සත් ජාතික පක්‍ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, වමේ පක්‍ෂ, දෙමළ සන්ධානය මේ සියල්ලම මේ බලය රැුකගෙන නිවැරදි දිශානිතයයකට හැරවීම සඳහා පෙළ ගැසිය යුතුයි.

මේ රජයේ අයු කාලය තීරණය කිරීමට අවස්ථාවාදී දේශපාලකයන්ට, කූට ව්‍යාපාරිකයන්ට ඉඩ නොතැබිය යුතුයි. එහෙම වෙනස්කමක් කරන්න අවශ්‍යය නම් එය කළයුත්තේ ජනතාව තුළින්් ගොඩනැ`ගුන, යහපත් මතවාදී සිවිල් සංවිධාන විසින්මයි. මෙම පාළනයෙන් අවශ්‍ය වෙනස සිදුවෙන්නේ නැතිනම් ගොඩනගාගත් ජනබලය නිවැරදි දිශානිතියක් දෙසට හැරෙන එක නවත්වන්න කාටවත් බැරිවෙයි.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *