|

කලූ ජනවාරිය සිහි කැඳවන පෑනට එරෙහිව තුවක්කු කතා කළ ඉතිහාසය – සීතා රංජනී

මාධ්‍ය නිදහස අගයන්නන් විසින් 2009 වසරේ සිට ජනවාරි මාසය හඳුන්වන්නේ ‘කලූ ජනවාරිය’ වශයෙනි. එයට හේතුව එම මාසය තුළ මාධ්‍යයට එරෙහි බරපතල අපරාධ කිහිපයක් ම සිදු වී ඇති බැවිණි. ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය, ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම, සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් ඝාතනය, උපාලි තෙන්නකෝන්ට ප‍්‍රහාරයක් එල්ල කිරීම, සිරස මැදිරි සංකීර්ණය විනාශ කිරීම, ලංකා ඊ නිවුස් වෙබ් අඩවි කාර්යාලය ගිනි තබා විනාශ කිරීම එම ප‍්‍රධාන සිදුවීම් අතර වේ. එහෙයින්, එම සිදුවීම් සහ ඉන් පෙර මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොට අපරාධකරුවන්ට දඬුවම් කර දණ්ඩමුක්තිය අහෝසි කොට, යුක්තිය ඉටු කරන ලෙසට බලපෑම් කරන කි‍්‍රයාකාරකම් ජනවාරි මාසයේ දී සිදුවේ. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මෙවර ද, දණ්ඩමුක්තිය අවසන් කරන්නට බලපෑම් කිරීමේ අරමුණෙන් වැඩ සටහන් කිහිපයක් කලූ ජනවාරිය තුළ දියත් කරන්නට සූදානම් අතර, මාධ්‍ය සංවිධාන එක්ව බලපෑම් කි‍්‍රයාවලියකට ද සූදානමක් පවතී. මේ ලිපිය කලූ ජනවාරිය වෙනුවෙනි.

ශිෂ්ට සම්පන්න රටකට සෞභාග්‍ය ගෙන එන්නේ නිදහස් අදහස් මිස ගෝත‍්‍රවාදී, යුදවාදී, කුමන්ත‍්‍රණකාරී අවිනීතකම් නොවේ. උදාවන සූර්යයා හබරල කොළයකින් වැසිය නොහැකිය. මනුෂ්‍යත්වය නාමයෙන් සත්‍යය හෙළිදරව් වීම වළක්වාලිය නොහැකිය. එහෙයින් අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා ගෝත‍්‍රවාදී තහංචි, මැඩලීම් අතර නිරන්තර අරගලයක් ලෝකය පුරා අඩු වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වේ. අදහස් ප‍්‍රකාශ කරන්නන් මෙන්ම අදහස් සන්නිවේදනය කරන මාධ්‍ය මර්දනය කරන තරමට වඩා බොහෝ වැඩියෙන්, එවැනි මර්දනකාරී රටවලට එරෙහිව නැගෙන ලෝක අප‍්‍රසාදය ප‍්‍රබල වේ. හේතුව, සමාජයක සෑම නිදහසක ම පදනම මාධ්‍ය/අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස වන බැවින්, ශිෂ්ට සම්පන්න ලෝකය ඒ ගැන අවධානයෙන් සිටින හෙයිනි.

ඓතිහාසික සාධකවල සිට ශී‍්‍ර ලංකාවේ අදහස් මර්දනයේ මුල, බල ලෝභය, රාජ්‍ය පාලකයන් අනුන්ගේ බහට රැුවටීම, අන්මත නොඉවසීම, විසංමුතියට ඉඩ නොතැබීම වැනි කාරණා මෙන්ම සිවිල් යුද්ධ හා බාහිර ආක‍්‍රමණ බවට සාක්‍ෂි ඇත. කුමන්ත‍්‍රණවලට එහිදී මුල් තැන ලැබී ඇත. එම වැඩවසම් යුගයන් ගෙවා සියවස් ගණනාවකට පසු, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගරු කරන විශ්ව ගම්මානයක් බවට පත්වූ ශිෂ්ට සම්පන්න යැයි සම්මත ලෝකයක කුඩා රටක් වූ ශී‍්‍ර ලංකාවේ අදහස් මර්දනය නම් එතරම් කුඩා නොවන බව පසුගිය දශක කිහිපයක කාලය පුරා සිදුවූ සිදුවීම් විමර්ශනය කිරීමෙන් වටහාගත හැකිය.

මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුව ඇති අපරාධ: ඝාතනය, අතුරුදහන් කරවීම, පැහැර ගැනීම, ප‍්‍රහාර, තර්ජනය, බියගැන්වීම් ආදී විවිධාකාරයට සිදු වේ. අදහස් ඝාතනයේ හා මාධ්‍ය මර්දනයේ දරුණුතම අපරාධය පුද්ගල ඝාතනයයි. පුද්ගල ඝාතනයන් මෙන්ම අනෙකුත් බරපතල අපරාධ සිදුවී ඇති ආකාරයන් සොයා බැලීමෙන්, අදහස් දැරීම, ප‍්‍රකාශ කිරීම හා තොරතුරු සන්නිවේදනය වළක්වාලීමට, මර්දනය කිරීමට ගත් අනෙකුත් උත්සාහයන්ගේ බරපතලකම අවබෝධ කර ගැනීමට හැකිවෙයි. එසේ සිදු වීමට හේතු වූ සමාජ දේශපාලන තත්ත්වයන් වටහා ගැනීමට ද එය ඉවහල් වෙයි.

මෙම ලිපිය ලියන අප විසින් සොයා ගත් මූලාශ‍්‍ර අනුව, ශී‍්‍ර ලංකාවේ මෑත කාලීන ඉතිහාසයේ සිදුවී ඇති පළමු ඝාතනය වන්නේ 1981 ජූනි 3 වැනිදා යාපනයේදී වෙඩි තබා ඝාතනය කර ඇති නවරත්නම් නම් ඡුායාරූප ශිල්පියෙකි. (නමුත් ප‍්‍රකට සිදුවීම වන්නේ ඡුායාරූප ශිල්පී විමල් එස් සුරේන්ද්‍ර ඝාතනයයි* නවරත්නම්, එකල පළවූ ඊලනාඩු පුවත්පත වෙනුවෙන් ඡුයාරූප සැපයූ ඡුායාරූප සාප්පුවක කෙනෙකු බව ප‍්‍රකාශ වේ. ඔහු ඝාතනය වී ඇත්තේ යාපනයේ සංවර්ධන සභා ඡන්දය හේතුකොට ඇති කළ ප‍්‍රචණ්ඩ සිදුවීම්වල ඡුායාරූප ගැනීමට කැමරාව ද අතැතිව, වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු වීමෙන් බව සඳහන් වේ. නිදහසෙන් පසු ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ දරුණුතම අදහස් මර්දනය ප‍්‍රකාශයට පත් වන්නේ දෙමළ ජනතාවට එරෙහිව ඔවුන්ගේ හදවත බඳු වූ යාපනය පුස්තකාලය ගිනි තැබීමෙනි. එය අහඹු සිදු වීමක් නොව සිතා මතා සැලසුම් කළ කුමන්ත‍්‍රණයක් ලෙස දියත් කළ විනාශයක් බව ප‍්‍රසිද්ධය. දෙමළ ජනතාවගේ හදවතත් මොළයත් බඳු වූ එම පුස්තකාලයේ ඉතා වටිනා පොත් 97000ක් පමණ ගිනිබත් වූ බව වාර්තා විය. 1981 ජූනි 01 වැනිදා රාති‍්‍රයේ සිදු කළ එම සාහසික අපරාධයෙන් පසු දෙමළ ජනතාව ඉතා වේදනාවටත් කම්පාවටත් පත් වූහ. 1981 වසරේ ජූනි 04 වැනිදා යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ සංවර්ධන සභා ඡුන්දය මංකොල්ල කෑමේ අරමුණෙන් මැයි 31 වැනිදා සිට දකුණෙන් ගිය සංවිධානාත්මක දේශපාලන මැර කල්ලි යොදා යාපනය ගිනි තැබීමේ කි‍්‍රයාවලිය දියත් වී ඇත. නවරත්නම් ගොදුරු වන්නේ එම අවස්ථාවක දීය. දෙමළ මිනිසාගේ ආත්මය ම තුවාල කරමින් ඇතිවූ එම මර්දනයට සමගාමීව දෙමළ තරුණ දේශපාලන කණ්ඩායම්වල නැගිටීම ද ශක්තිමත් වේ. රජයේ ගුවන්විදුලිය සහ ලේක්හවුස් ආයතනය හැර ශී‍්‍ර ලංකාවේ අනෙකුත් මාධ්‍ය ආයතන සියල්ල ද බිහිවන්නේ එයින් පසුවය.

එක අතකින් යුදවාදී පසුබිමක බිහිවූ මාධ්‍ය සංස්කෘතියකට උරුමකම් කියන ශී‍්‍ර ලංකාවේ මාධ්‍ය මර්දන සංස්කෘතිය ද එයට ම යටත්ව ඇති බව පෙනේ. ලැබී ඇති මූලාශ‍්‍ර අනුව 1981 සිට 2010 වන විට සිදු වී ඇති පුද්ගල ඝාතන ගණන 112කි. අතුරුදහන්වීම් 3කි. අවසන් යුද්ධය සිදුවූ වන්නියේදී ෂෙල් ප‍්‍රහාරවලට ඉලක්කව ඝාතනය වූ ජනතාව සමඟ එම ප‍්‍රදේශයේ මාධ්‍ය කටයුතුවල නියැලි තවත් කිහිප දෙනෙකු ඝාතනය වී ඇති බවට තොරතුරු ලැබී ඇත. ඉහත කී සංඛ්‍යාවට මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයින් පමණක් නොව අදහස් සන්නිවේදනයේදී කලා, සංස්කෘතික කටයුතු කළ කිහිප දෙනෙකු ද අයත් වේ. මේ අයගෙන් සමහරු වෘත්තීය මාධ්‍යවේදීන්/වේදිනියන්, මාධ්‍ය සේවකයින් හා කලා සංස්කෘතික කි‍්‍රයාකාරීන් වූහ. සමහරු වෙනත් වෘත්තීන් හෝ වෙනත් දේශපාලන ව්‍යාපාරයන් සමඟ කටයුතු කරමින් මාධ්‍ය, කලා කටයුතුවල යෙදුණු අය වෙති. විශේෂයෙන් උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන ව්‍යාපාර/කණ්ඩායම් තුළ මෙන්ම වාමාංශික දේශපාලන ව්‍යාපාර තුළ පූර්ණ කාලීන දේශපාලන කි‍්‍රයාකාරීන්ගෙන් සමහරු ඒවා මගින් ප‍්‍රකාශිත පුවත්පත් හා ප‍්‍රකාශනවල පූර්ණ කාලීන මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් ලෙස ද කටයුතු කර ඇත. තවත් සමහරු සමාජ සාධාරණත්වය හා සාමය, සහජීවනය උදෙසා කටයුතු කළ ප‍්‍රගතිශීලී ව්‍යාපාර හා සම්බන්ධව එම අදහස් සමාජයට ගෙන යෑමේ නිර්මාණ කාර්යයන් හා ඒකාත්මිකව කටයුතු කළ අය වෙති. එදා මෙන්ම අදත් ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්/වේදිනියන්, නිදහස් මාධ්‍යවේදීන්/වේදිනියන් බහුතරය මාධ්‍ය කටයුතුවල යෙදෙන්නේ වෙනත් වෘත්තීන් හෝ ව්‍යාපාරවල හෝ යෙදෙමින්ය.

උතුරේ මාධ්‍ය සංස්කෘතිය කොළඹ ආධිපත්‍ය දරන මාධ්‍ය සංස්කෘතියෙන් වෙනස් තමන්ගේ ම වූ සම්ප‍්‍රදායක් ලෙස පැවැතීම අනෙක් ප‍්‍රදේශවලට වඩා වෙනස්ය. එම ප‍්‍රදේශයේ ද ඔවුන්ගේ මාධ්‍යවල පූර්ණ කාලීනව කටයුතු කරන මාධ්‍යවේදීන් මෙන්ම ඉහත කී ලෙස වාර්තාකරුවන් ලෙස (ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට මෙන්ම ප‍්‍රදේශයේ මාධ්‍යවලට* කටයුතු කරන අය ද සිටිති. ඉහත කී ඝාතන ලැයිස්තුවේ වැඩි ම පිරිස වාර්තා වන්නේ ද උතුරෙනි.

ඔවුන් ඝාතනය කළ ඝාතකයන් කවුරුන් වුව ද, එම ඝාතන සිදු වී ඇත්තේ, ඝාතකයන් නොකැමැති වෙනත් මතයක් දරූ නිසාවෙන් හෝ නොකැමැති අදහස් ප‍්‍රකාශ කළ නිසාවෙන් හෝ ඝාතකයන් අනාවරණය වන සන්නිවේදනයක යෙදුණු නිසාවෙන් හෝ ජනතාවට යහපත් සන්නිවේදනයක යෙදුණු නිසාවෙන් හෝ විසංමුතියට, විසංවාදයට සමාජය තුළ ඉඩකඩ අහිමි වීම නිසාවෙන්ය. ඒවා විචාරය වෙනුවට අවිචාරය සමාජය වෙළා ගත් නිසාවෙන් සිදු වූ ඝාතනයන්ය. අහිංසාවාදය වෙනුවට ත‍්‍රස්තවාදය සමාජය තුළ ඔඩු දුවා යෑමෙන් සිදු වූ ඝාතනයන්ය. ත‍්‍රස්තවාදය, ප‍්‍රති ත‍්‍රස්තවාදය හා රාජ්‍ය ත‍්‍රස්තවාදය නිසාවෙන් ඇති වූ ඝාතනයන්ය. දේශපාලකයන්ගේ වංචා, ¥ෂණ, අකටයුතුකම් හෙළිදරව් වීමට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයන් නිසා සිදු වූ ඝාතනයන්ය. රටේ බහුවිධත්වය නොතැකීමෙන් ඇති වූ යුද්ධය හා යුද වාතාවරණය නිසා සිදුවූ ඝාතනයන්ය. යුද්ධය හා ඒ අශි‍්‍රත අකටයුතුකම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා සිදු වූ ඝාතනයන්ය. මෙම සංඛ්‍යාවට ඇතුළත් ඝාතන කිහිපයක් මාධ්‍ය හා කලා සංස්කෘතික භාවිතාවන් නිසා ම සිදු වූ ඒවා නොවන නමුත් වෙනත් මතයක්, දේශපාලන අදහසක් දැරීම, තමාට පාලනය කළ නොහැකි යුද්ධයට ගොදුරු වීම වැනි හේතු නිසා ද සිදු වී ඇත. ඒ ඒ ක්‍ෂේත‍්‍ර අනුව ඝාතන සිදු වී ඇති ආකාරය පහත දැක්වේ. (1981 -2010*

1. මාධ්‍යවේදීන් (2ක් අතුරුදහන්* – 55
2. මාධ්‍ය සේවකයින් (අතුරුදහන් 1යි* – 29
3. හිමිකරුවන්/කොටස්කරුවන් – 04
4. කලා සංස්කෘතික කි‍්‍රයාකාරින් – 27
5. මුළු ගණන – 115

කලා සංස්කෘතික කි‍්‍රයාකාරීන් ලෙස සඳහන් 27 දෙනා අතරින් වැඩි පිරිසක් ඝාතනය වන්නේ 1988 -1990 දක්වා කාලය තුළ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය යටතේය. එමෙන්ම සිංහල සහ මුස්ලිම් ලේඛකයන් දෙදෙනෙකු හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු බෝම්බවලට ගොදුරු වීම නිසා ඝාතනය වී ඇත.

අවසාන විග‍්‍රහයේ දී වගකීම පැවරෙන්නේ රජයට වුව ද, ඝාතනවලට හේතු පහත සඳහන් පරිදි කොටස් තුනකට වර්ග කළ හැකිය.

1. ජනවාර්ගික ප‍්‍රශ්නය/යුද්ධය හා ඒ ආශ‍්‍රිත ඝාතන (දෙමළ සන්නද්ධ කණ්ඩායම් බිහි වීම, අභ්‍යන්තර ඝාතන හා කණ්ඩායම් අතර ඝාතන ආදිය ද ඇතුළත්*
2. ජනතා විමුක්ති පෙරමුණ විසින් ඇති කළ භීෂණය හා රාජ්‍ය ප‍්‍රති භීෂණය නිසා සිදුවූ ඝාතන
3. දේශපාලකයන්ගේ හා වෙනත් කුමන්ත‍්‍රණ නිසා සිදු කළ ඝාතන (අවභාවිතයන්, ¥ෂණ, වංචා අකටයුතුකම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා කළ ඝාතන ආදිය ඇතුළත්ය.*

මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට එරෙහි අපරාධවලින් දරුණුතම අපරාධය වූ මිනිස් ඝාතන හෝ දරුණු ප‍්‍රහාර ගැන සලකා බලන විට, එවැන්නක් සිදු නොවූ පාලන කාලයක් ලෙස සටහන් වන්නේ 2001 සිට 2004 අපේ‍්‍රල් තෙක් පැවැති එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩු කාලයයි. මෙතෙක් ඉතිහාසය තුළ මාධ්‍ය සහ මාධ්‍යවේදීන් මර්දනය සෘජුවම ඉලක්ක කොට ගත් අපරාධ වැළක් සිදු වී ඇත්තේ 2004 අපේ‍්‍රල් සිට 2014 අවසානය දක්වා බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ (පොදු පෙරමුණ* පාලන කාලයේ දීය. එම කාලය තුළ සිදු වී ඇති ඝාතන ගණන 32 කි. මෙයින් 4 දෙනෙක් ඝාතනය වූයේ යුදමය හේතු මත බෝම්බවලට ගොදුරු වීමෙන් නිසා යුක්තිය ඉටු කිරීම පිළිබඳ වගකීමෙන් ගැලවිය නොහැකි නමුත් එම සංඛ්‍යාව ද අත් හැරිය විට එම සංඛ්‍යාව 28ක් වේ. එම සංඛ්‍යාවට මාධ්‍යවේදීන්, මාධ්‍ය අයිතිකරුවන් හා මාධ්‍ය සේවකයින් ද ඇතුළත් වේ. එයින් මාධ්‍ය සේවකයින් 12ක්, මාධ්‍ය ආයතන හිමිකරුවන් 2ක් වශයෙන් 16 දෙනෙකු අත්හල විට මාධ්‍ය කටයුතුවල නියැලූණු සංඛ්‍යාව අතුරුදහන් වූ දෙදෙනෙක් ද සමඟ 13කි. ලසන්ත වික‍්‍රමතුංග වැනි ලොව ප‍්‍රසිද්ධියට පත් වූ මාධ්‍යවේදියකු ඝාතනය වූයේත්, සොයා දෙන ලෙස අඛණ්ඩ අරගලයක් දියත් වූ නිදහස් මාධ්‍යවේදියකු වූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරවනු ලැබුවේත් මෙම වකවානුවේදීය. සමස්තය වූ මාධ්‍ය සේවකයින් හා බහුතරය වූ මාධ්‍යවේදීන් දෙමළ වූ නිසාවෙන් එම ඝාතන සම්බන්ධයෙන් යුද්ධයට මුවා වී නිහඬ වත පිරූ කොළඹ ආධිපත්‍ය දැරූ මාධ්‍ය සමාජය බියපත් කරන්නට මෙම සිදුවීම් සමත් වූ අතර එයින් තමන්ට අවශ්‍ය අනියම් මර්දනය සාර්ථක කර ගන්නට ද පාලකයන්ට හැකි විය. මාධ්‍ය ආයතන කිහිපයකට බරපතල ප‍්‍රහාර එල්ල වූයේත්, මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම බරපතල ප‍්‍රහාරවලට ඉලක්ක වූයේත් මේ කාලයේදීය. (අවසන් යුද්ධයේ ප‍්‍රහාරවලට මැදිව ජීවිත අහිමි වූ වන්නි ප‍්‍රදේශයේ මාධ්‍යවේදීන්/මාධ්‍ය සේවකයින් පිරිසක් ද සිටි බව අමතක කළ යුතු නොවේ.*
ඉහත සඳහන් විස්තර අතරින්, 2004 – 2014 පාලන සමය තුළ පමණක් අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන ලැයිස්තුව ගත් විට ගැටලූවේ බරපතලකම මෙන්ම ඒ කිසිවකුටත් යුක්තිය ඉටු නොවූයේ මන්දැයි සිතන්නට කාරණා තිබේ. එනම්, 2015න් පසු ඉදිරියට පැමිණි පරීක්‍ෂණ කිහිපය අනුව මාධ්‍යයට එරෙහි අපරාධ සිදු කර ඇත්තේ කවුරුන්ද, එසේ කරන්නට හේතු මොනවාද යන්න සිතන්නට කවුලූවක් එමඟින් විවර වී ඇත.

2004 සිට 2014 දක්වා ඝාතනය වූ මාධ්‍යවේදීන් පමණක් (13*

x අයියාතුරේ ජී. නඬේසන් – 2004. 05. 31
x කන්දසාමි අයියර් බාලනඩරාජ් – 2004 අගෝ. 16
x ධර්මරත්නම් සිවරාම් – 2005 අපේ‍්‍රල් 28
x රේලන්ගී සෙල්වරාජා -2005 අගෝස්තු 12
x සුබ‍්‍රමනියම් සුගීර්දරාජන් – 2006 ජනවාරි 24
x සම්පත් ලක්මාල් ද සිල්වා – 2006 ජූලි 02
x සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් – 2007 පෙබරවාරි 15 (අතුරුදහන්*
x සුභාෂ් චන්ද්‍රබෝස් – 2007 අපේ‍්‍රල් 16 – වව්නියාව
x සෙල්වරාසා රජීව්වර්මන් – 2007 අපේ‍්‍රල් 29
x සහදේවන් නිලක්‍ෂන් – 2007 අගෝ. 01
x පරණිරූපසිංහම් දේවකුමාර් – 2008 මැයි 28
x ලසන්ත වික‍්‍රමතුංග – 2009 ජනවාරි 08
x ප‍්‍රගීත් එක්නැලිගොඩ – 2010 ජනවාරි 24 – (අතුරුදහන්*

බරපතල ප‍්‍රහාර/පැහැරගැනීම්වලට ලක්වූ මාධ්‍යවේදීන්

x නඬේසපිල්ලේ විද්‍යාදරන් – පැහැර ගැනීම- 2009.2.26
x රධිකා දේවකුමාර් – වෙඩි තැබීම – 2008. 03. 07
x ඥාණසුන්දරම් කුගනාදන් – ප‍්‍රහාර – 2011 ජූලි 29
x උපාලි තෙන්නකෝන් – ප‍්‍රහාර – 2009. 01. 23
x කීත් නොයාර් – පැහැර ගැනීම හා ප‍්‍රහාර -2008 මැයි
x නාමල් පෙරේරා – ප‍්‍රහාර – 2008. 06. 30
x පෝද්දල ජයන්ත – පැහැර ගැනීම හා ප‍්‍රහාර – 2009. 06. 01
x ටී.එම්.ජී චන්ද්‍රසේකර – පහරදීම – 2007. 12. 27
x ලාල් හේමන්ත මාවලගේ – ප‍්‍රහාර – 2007. 01. 26
x මන්දනා ස්මයිල්ට තර්ජනය කරමින් ලිපි ගොනු සෙවීම – 2013. 08. 24

ප‍්‍රහාරවලට ලක් වූ මාධ්‍ය ආයතන

x සියත ප‍්‍රහාරය – 2011 ජූලි 30
x සිරස මැදිරි සංකීර්ණ විනාශ කිරීම – 2009 ජනවාරි 8
x ඊ නිවුස් ගිනිතැබීම – 2011. 01. 11 සහ තවත් හිරිහැර කිරීම්
x උදයන් පුවත්පත – 2006. 05. 02, 2013. 03. 13 ඇතුලූ බරපතල ප‍්‍රහාර කිහිපයක්
x සුඩර්ඔලි පුවත්පත – 2005. 08. 29, 2005. 09. 29 අත්බෝම්බ දමා ගැසීම

වසර දහයක කාලයකට අදාල ඉහත සඳහන් ඝාතන/ප‍්‍රහාර/අතුරුදහන් කිරීම්/පැහැර ගැනීම්/ ආයතන විනාශ කිරීම් සියල්ල පොලිස් පැමිණිලි සහිත මෙන්ම සමහර ඒවා නඩු කටයුතු ආරම්භ වූ ඒවාය. එයින් කොළඹ කේන්ද්‍රීය ප‍්‍රධාන සිදුවීම් කිහිපයක නඩු කටයුතු මන්දගාමීව නමුත් සිදුවන අතර බොහෝ සිදුවීම්වල නඩු කටයුතු බහා තබා ඇත. මේවා, පරීක්‍ෂණ කොට අපරාධකරුවන් සොයා දඬුවම් කොට වින්දිතයන්ට යුක්තිය ඉටු කළ හැකි ඒවාය. යුක්තිය ඉටු කළ යුතු ඒවාය.

නඩරාජා ගුරුබරන් පැහැර ගෙන ගොස් අත්හැරීම, තිරුචෙල්වම් තිරුකුමාරන් අත්අඩංගුවට ගෙන පහර දී අත්හැරීම, අවුට්රීච් ලංකා වෙබ් අඩවියේ සංස්කාරක වෙට්‍්‍රවේල් ජසීහරන් සහ ඔහුගේ බිරිඳ වලර්මදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන දිගුකලක් රඳවා තබා ගැනීම සහ ජසීහරන්ට දරුණු වදහිංසා පැමිණවීම හා පසුව නිදොස් කොට නිදහස් කිරීම වැනි අපරාධ ඔවුන් රට හැර යෑමෙන් පසු යටපත් වූ ඒවා බවට පත් විය. අත් අඩංගුවට පත් ජසීහරන් බැලීමට ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ගිය සන්ඬේ ටයිම්ස්, ඬේලි මිරර් සහ සන්ඬේ ලීඩර් වැනි පුවත්පත්වලට ලියමින් සිටි, මානව හිමිකම් කි‍්‍රයාකාරිකයකු ද වූ ජේ. එස් තිස්සනායගම් (තිස්ෙසෙයිනායගම්* ද අත්අඩංගුවට පත් වන අතර, පසුව ඔහුට නඩු පවරනු ලබන්නේ ඊට වසර දෙකකට පමණ පෙර ඔහු විසින් සංස්කරණය කළ නෝත් ඊස්ටන් හෙරල්ඞ් සඟරාවට ලියූ ලිපි දෙකක් පදනම් කර ගෙනය. ඔහුට බරපතල වැඩ ඇතිව වසර 20ක සිර දඬුවමක් ලබා දෙන අතර ජනාධිපති සමාවකින් නිදහස්ව රට හැර යයි. ශ‍්‍රී ලංකා මිරර් සහ එක්ස් නිවුස් වෙබ් අඩවි කාර්යාල වටලා කාර්යමණ්ඩලවල 9ක් අත්අඩංගුවට ගෙන නිදහස් කිරීම, ලංකා පුවත්පතේ කර්තෘ චන්දන සිරිමල්වත්ත අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම, එම පුවත්පතේ දයා නෙත්තිසිංහ, ශාලික විමලසේන, රවීන්ද්‍ර පුෂ්පකුමාර අත්අඩංගුවට ගැනීම, බෙනට් රූපසිංහ (ඊ නිවුස්*, ආතර් වාමනන් (සන්ඬේ ලීඩර්* ඇතුලූ තවත් මාධ්‍යවේදීන් ගණනාවක් අත්අඩංගුවට ගෙන හිරිහැරවලට ලක්වන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ ඉතා ඉහළ ගිය ඉහත කී දස වසරක (2004 – 2014* තුළ බව කිසිවෙකුටත් අමතක කළ නොහැකිය.

අර්බුද මැද ඉදිරියට යන, 2015 බලයට පැමිණි වර්තමාන ආණ්ඩු පාලන කාලය තුළ මේ දක්වා (2018 ජනවාරි* ඝාතන, අතුරුදහන් කිරීම්, පැහැර ගැනීම් සිදු වී නැති බව සැබෑය. නමුත්, යුක්තිය කි‍්‍රයාත්මක නොවූ, මාධ්‍යයට එරෙහි සිදුවීම් කිහිපයක් සිදු වී ඇත. හිටපු නාවික හමුදාපතිවරයා මාධ්‍යවේදියෙකුට කළ පහර දීම ඉන් ප‍්‍රමුඛය. ඉතා ප‍්‍රසිද්ධියේ සිදු වූ එම ප‍්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කොට යුක්තිය ඉටු කිරීමට කටයුතු නොකිරීමෙන් පෙනී යන්නේ මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකිරීම රාජ්‍යයේ සම්ප‍්‍රදායක් බවට පත් වී ඇති ආකාරයයි. ඉහත සටහන් කර ඇති නම් ලැයිස්තුවේ ටීඑම්ජී චන්ද්‍රසේකරට කළ පහරදීම බරපතල ප‍්‍රහාරයක් නොවුණත් මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටු නොකර දණ්ඩමුක්තිය පවත්වා ගෙන යෑමට එය ප‍්‍රබල උදාහරණයකි. හේතුව, හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා, සිය මැර පිරිස් සමඟ ජාතික රූපවාහිනී ආයතනයට කඩා වැදී, එහි ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂවරයාව සිටි චන්ද්‍රසේකර මහතාට පහර දීමට අදාල සිදුවීම එම අවස්ථාවේව සජීවීව විකාශනය විය. එහෙයින් එහි අපරාධකරු පිළිබඳ පරීක්‍ෂණ කරන්නට දෙයක් නැත. එහෙත් මේ වනතුරු එයට අදාල පරීක්‍ෂණ කිසිවක් සිදු වී නැත. වෙනත් ඕනෑ ම අපරාධයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ කොට වැරැුදිකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු යුහුසුලූව සිදු වුවත්, සැකකරුවන් ප‍්‍රසිද්ධියට පත් වී සිටියත්, විශේෂ පරීක්‍ෂණ කණ්ඩායම් යෙදවුවත් මාධ්‍යවේදීන් ඝාතන/අතුරුදහන් කිරීම්/පැහැරගැනීම්/ප‍්‍රහාර එල්ල කිරීම හා මාධ්‍ය ආයතන විනාශ කිරීමට අදාල කිසිදු පරීක්‍ෂණක්, ඉතිහාසය පුරාම අවසානයක් දක්වා ගොස් නැත. සොරකම් කිරීමට පැමිණි කම්කරුවකු විසින් මැල් ගුණසේකර නම් මාධ්‍යවේදිනියක ඝාතනය කරනු ලැබීම සම්බන්ධ පරීක්‍ෂණය තවත් එක් උදාහරණයකි. එම ඝාතනයට අදාල පරීක්‍ෂණ පවත්වා අදාල චූදිතයාට කෙටි කලකින් දඬුවම් නියම කරනු ලැබිණි. මේ සියල්ලෙන් පෙනී යන්නේ, සාමාන්‍ය අපරාධයක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා යුක්තිය ඉටු කිරීමට හැකි යාන්ත‍්‍රණයක් පැවතියත්, අතුරු හමුදා/ආරක්‍ෂක අංශ/දේශපාලනඥයින් හෝ රාජ්‍ය අනුග‍්‍රහය හා ආශිර්වාදය සහිතව සැලසුම් සහගතව කෙරෙන අපරාධ සම්බන්ධයෙන් එම යාන්ත‍්‍රණය කොතැනක හෝ නවතින බවයි. කි‍්‍රයා විරහිත වන බවයි.

වර්තමාන රජය යටතේ පරීක්‍ෂණ කිහිපයක් ආරම්භ වී ඇතත් ඒවා ද සිදු වන්නේ ඉතා මන්දගාමීවය. එමෙන්ම, ‘සැලසුම් සහගත’ යැයි අප පැවසූ ආකාරයට ම අනාවරණය වී ඇති ඒවාට චූදිතයන් වී ඇත්තේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් ය. ඔවුනට අණ දුන් අය හෙළිදරව් කරමින් මෙම පරීක්‍ෂණ අවසන් කළ යුතුය. එහෙත් එසේ සිදුවේදැයි සැකයක් ඇති වන්නේ, චූදිතයන් වූ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් රණ විරුවන් ලෙස ඔසවා තබමින් පරීක්‍ෂණ අඩපණ කරන්නට, සැකකාර අපරාධ පාර්ශ්වයන් දරන උත්සාහයන්ට රාජ්‍යයේ ප‍්‍රධානියාගේ ද අනුග‍්‍රහය නොමදව ලැබෙන බව ඔහුගේ ප‍්‍රකාශවලින් පෙනෙන නිසාය. ඔවුන් බලයට පත්වූයේ මෙම අපරාධකරුවන් සොයා වින්දිත මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කරන බවට සඵත කරමිනි. එහෙත් ආරම්භ වූ පරීක්‍ෂණ කිහිපය ද ඉදිරියට ගෙන යන්නට නොහැකි ලෙස බලපෑම් සිදු වන බව අපරාධ සැකකරුවන් ආරක්‍ෂා කරන්නට කරන උත්සාහයන්ගෙන් පෙනේ. එසේ නොවී නිදහස් පරීක්‍ෂණ කි‍්‍රයාවලියක් දියත් වන්නටනම් කිසිදු ඇඟිලි ගැසීමකින් තොර පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කළ යුතුය. අපරාධකරුවන් දඬුවම් නොලබා නිදහසේ කල් ගෙවීමෙන් වින්දිතයන්ට සිදු වන්නේ තවත් අගතියකි. එසේ හෙයින් දණ්ඩමුක්තිය අවසන් කොට වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුල්වලට යුක්තිය හා සාධාරණය ඉටු කළ යුතුය. දණ්ඩමුක්තියෙන් තොර සමාජයක් සඳහා නීති සකස් කළ යුතුය. එසේ කොට දණ්ඩමුක්තිය භුක්ති විඳීමේ සංස්කෘතිය අවසන් කළ යුතුය.

මාධ්‍යවේදීන්/මාධ්‍ය ආයතන මර්දනයට මෑත කාලීන ඉතිහාසය තුළ දඩමීමා කරගත් යුද්ධය අවසන්ය. එමෙන්ම රජයට අයත් මාධ්‍ය ආයතන හැරුණු විට ඉතිහාසයේ වෙන කිසිදාකත් නොවූ විරූ ලෙස ප‍්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක ම හිමිකරුවන් පක්‍ෂ දේශපාලනයට සෘජු ලෙසම බද්ධ වී සිටීම අභියෝගයක් විය හැකිය. කලූ සල්ලි සුදු කිරීමේ මුවාවෙන් මාධ්‍ය ආයතන බිහිවේ. ඒ සියල්ල අතරේ, පෙනුනත් නොපෙනුනා සේ, ඇසුනත් නෑසුනා සේ, දැනුනත් නොදැනුනා සේ මාධ්‍ය කටයුතු නොකර, අපගේ රැුකියාව, රැුකියාවක්ම නොව මේ රටේ ජනතාවගේ හෘදසාක්‍ෂියේ පිළිඹිබුව විය යුතු බව සිතන්නට මාධ්‍යවේදීන්ට ද දැන් කල් එළඹ ඇත. එවිට, මෙම ඝාතන සංස්කෘතිය, අපරාධ සංස්කෘතිය අවසන් කරන්නට ජන මතයක් ගොඩනැගිය හැකිය. මාධ්‍යවේදීන්ට එරෙහිව පමණක් නොව සමස්ත සමාජයට ම බලපෑමක් වී ඇති දණ්ඩමුක්තිය අවසන් කිරීමට එය ප‍්‍රබල ශක්තියක් වනු ඇත.

සීතා රංජනී

(මාධ්‍යවේදිනියක් සහ මාධ්‍ය කි‍්‍රයාකාරිනියක් වශයෙන් වසර 40 කට ආසන්න කාලයක් ගත කොට ඇති සීතා රංජනී, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආරම්භයේ සිට ගෙවුණු 26 වසර පුරා ම අඛණ්ඩව එහි කි‍්‍රයාකාරීව කටයුතු කරමින් සිටී. ඉතිහාසය පුරා විවිධ බාධා කිරීම් මැද අදහස් ප‍්‍රකාශ කිරීම/මාධ්‍ය කටයුතු කිරීම නිසා ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන්/මාධ්‍ය සේවකයින් සහ සංස්කෘතික කි‍්‍රයාධරයන් සම්බන්ධ තොරතුරු ගවේෂණයක් ප‍්‍රථමවරට කරන ලද්දේ ඇය විසිනි. එම සමීක්‍ෂණ තොරතුරු ‘‘අදහස් ඝාතනයේ ගොදුරු’’ නමින් කෘතියක් වශයෙන් එළි දක්වා ඇත. (ප‍්‍රකාශනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය – 2011* අවස්ථා කිහිපයක දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සහ ලේකම් තනතුර දරා ඇති ඇය, මාධ්‍ය නිදහස සඳහා සම්මානය, සමාජ සංවර්ධනය සඳහා හොඳම වාර්තාකරණය සම්මානය ඇතුලූ සම්මාන රැුසක් දිනා ඇත.)

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *