හැම නාලිකාවක් පිටුපසම දේශපාලන පක්ෂයක් තියනව අපි ඉදිරිපත් වුණේ ජනතාව වෙනුවෙන් – ප්‍රවීන රංගන ශිල්පීනි චාන්දනී සෙනෙවිරත්න

පසුගිය දා අලුත්පරපුර, අලුත් පියාපත්, දිදුලන හදවත අතුළු සංවිධාන කිහිපයක් විසින් පවත්වන ලද විරෝධතාවය පිළිබඳව විවිධ මාධ්‍යගෙන් එල්ල වන චෝදනා ගැන අදහස් දක්වමින් ප්‍රවීන රංගනශිල්පිනී චාන්දනි සෙනෙවිරත්න මහත්මිය අදහස් දක්වමින්..

පසුගිය දා අපි කරපු මාධ්‍ය ගැන කරපු වැඩ වටහන විවිධ විදිහට අර්ථ ගන්නවන්න උත්සාහයක නිරත වෙනව. ඒ අවස්ථාවෙත් අපි ඒක දැක්කා. විවිධ නාලිකා හරහා අපිව හංවඩු ගහනවා කිසියම් දේශපාලන පක්ෂයකට ගාවලා, එහෙමත් නැත්නම් එන්.ජී.ඕ. එකකින් සල්ලි අරගෙන කරන්න හදන දෙයක් විදිහට මඩ ගහන්න හදනවා.

අපි ඉදිරිපත් වුණේ මහජනයා වෙනුවෙන්. කිසිම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි. ඇත්ත කතාකරන්න දේශපාලන පක්ෂයක සහයෝගයක් අවශ්‍ය නෑ. අපිට වෙන අසාධාරණය. දරුවන්ට වෙන අසාධාරණය. සමාජයක් විදිහට මේ නාලිකා මේ කරන විනාශය නිසා සිද්ධවෙන ඉදිරියේ දී මෝඩ බොළඳ මිත්‍යදෘෂ්ඨික සමාජයක් බිහිවෙනඑක වළක්වන්නයි අපි මේ වෙනුවෙන් අපිට හැදි පමණින් බිඳක් හරි ඉදිරිපත් කරන්න අපි ඉදිරිපත් වුණේ. අපි මේ කරගෙන යන දේ වැරදි විදිහට ප්‍රචාරය කරල ජනතාව අන්දනව. අමතක කරන්න එපා මේ හැම නාලිකාවක්ම මොකක්හෝ දේශපාලන පක්ෂයකට උදව් කරනව. මේ දේශපාලන පක්ෂ වලින් ගෙනියන මතය තමයි මේ නාලිකා හැම එකකින්ම වපුරන්නෙ. රැවටෙන්න එපා. මේවා දිහා නිවැරදිව බලන්න පුරුදු වෙන්න. අපි දන්නෙ නෑ, අපිව මුලා කරලා ඉවරයි.

අර චැනල් එකෙන් මේ චැනල් එකෙන් මාරුකරනකොට මොනවද ඔයගොල්ලන්ට දකින් ලැබෙන්නේ, බොරු කියන ඒවා. එක එක චැනල් එකකින් ප්‍රචාරය කරන දේ හෙට වෙනත් චැනල් එකකින් වෙනස් විදිහකට ප්‍රචාරය කරනව. මේ එකකවත් ඒකමිතියක් නෑ. නාලිකාවලින් මෙහෙම කරන්න අයිතියක් නෑ. ජනමාධ්‍ය කියන එක මීට වඩා පිවිතුරු විදිහට පවත්වාගෙන යන්න ඕනෙ. මේ කරන විදිහ සදාචාරත්මක නෑ.

මේ විදිහට අපි ඉදිරිපත් නොවුනොත්, මේ නාලිකා වලින් රසිකත්වය මොට කරපු මෝඩයො විදිහට ස්වාධීනව හිතන්න බැරි ජාතියක් විදිහට ගොඩ නැගුවාම මේ දේශපාලන පක්ෂවලට හරිම ලේසියි අපිව අවනත කරගන්න. නටවන්න. ඒ ගොල්ල කියන කියන වදිහට අපි හැරෙනවා. මොකද අපිට ස්වාධීනව හිතන්න පුලුවන්කමක් නැති අය විදිහට පත්වෙනව. එහෙම වෙන්න එපා කියන්නයි අපි අද ආවේ.

සමහර නාලිකා වලින් අහනව මේ මේ දේවල් වෙද්දි ඔයගොල්ල හිටියෙ කොහෙද කියල. අපිත් බලාගෙන හිටිය. පුලුවන්තරම් බලාගෙන හිටිය. දැන් එළියට බහින්නෙ මේ තරම් දුරට මේ  ව්‍යවසනය  වෙනව දකින්න අපිට බැරි නිසා. රැවටෙන්න එපා. මේ චැනල් හැම එකක් පිටිපස්සෙම දේශපාලඥයෙක් ඉන්නව. පක්ෂයක් තියනවා පාටක් තියනවා. අපිට මඩ ගහලා. පෞද්ගලිකව මඩ ගහලා අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා මුහුණු පොත හරහා මඩ ව්‍යපාරයක් දියත් කරල ඇති. මේවට ප්‍රතිචාර දක්වන ජනතාව අමතක කරන්න එපා අපි ඔයගොල්ල වෙනුවෙනුයි මේ වචනයක් හරි කතා කරන්නෙ. නැති වෙන්නේ ඔය ගොල්ලන්ගෙ අයිතිය. අපේ අයිතිය. අපේ පරපුරේ අයිතිය.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *