ගංවතුරේ ජාතිවාදය – අකුරැස්සේ වින්සන් ප්‍රනාන්දු

පසුගිය දිනවල උතරු ප්‍රදේශයේ ඇතිවූ ගංවතුර තත්වය මෙරට ජනමාධ්‍ය විසින් ජාතිවාදය වැපිරීම සදහා එසේ නැතහොත් දෙමළ දේශපාලනයට අරියාදු සිදු කරමින් හමුදාවේ කාර්යභාරය ඔසවා තබන්නට යොදා ගන්නා බවත් දක්නට ලැබුනා

ඇතැම් ජනමාධ්‍ය එහිදී කියන්නට යෙදුනේ උතුරෙන් හමුදාව ඔවුන්ගේ භාෂාව අනුව රණවිරුවන් ඉවත් කරන්නට උත්සහ කල සම්බන්ධන්, සුමන්තිරන් වැනි දේශපාලන නායකයන් උතුරේ ගංවතුරින් අවතැන්වූ ජනතාවට සහන සලසන්නට ඉදිරිපත් නොවූ නමුත් රණවිරුවන් දිවි නොතකා කැපවී සිටින බවයි.

මෙහිදී මතුවන මුලික ගැටළු කිහිපයක් තියෙනවා

  1. දේශපාලන පක්ෂවල කාර්යභාරය වශයෙන් දකුණේ ජනමාධ්‍ය හදුනාගෙන සිටින්නේ කුමක්ද?
  2. හමුදා සෙබළුන් නැතහොත් ඔවුන්ගේ භාෂාවෙන් රණවිරුවෝ අයිතිවන්නේ කාටද ?
  3. අපදා තත්වයකදී සහන සැලසීම අයත්වන්නේ කාටද?
  4. හමුදා කදවුරු සහ අපදා තත්වයන් අතර සම්බන්ධතාවයන් තිබේද?

අපි මේ කරුණු එකිනනෙක විග්‍රහ කර බලමු මුලික කරුණ එනම් දේශපාලන පක්ෂවල කාර්යභාරය වශයෙන් දකුණේ ජනමාධ්‍ය හදුනා ගන්නේ කුමක්ද යන්න ගතහොත් ඔවුන් සිතන්නේ දේශපාලන පක්ෂ වල කාර්යභාරය ආධාර බෙදීම, රැකියා දීම, මළගෙදර මගුල්ගෙදර ආදී දේ බවයි. විශේෂයෙන්ම ආපදා තත්වයකදී පාක්ෂිකයන්ගේ දුක සැප සොයා බැලීමට දේශපාලන පක්ෂවල නායකයින් ඉදිරිපත්වන බව අප දන්නවා. ඔවුන් එසේ කරන්නේ එක පැත්තකින් මානුෂික කරුණු මුලික කරගෙන යයි පෙනුනත් ඇත්තම කරුණ නම් දේශපාලනඥයන් ආපදා ස්ථාන වලට ගොස් මාධ්‍යට මුහුණ පෙන්වමින් කරන්නේ සමාජ කටයුත්තක් නොවෙයිදේශපාලන ප්‍රචාරණ ව්‍යාපාරයක් කෙටියෙන් කියුවොත් ඔවුන් පස්සේ යාමෙන් උත්සහ කරන්නේ තමන්ගේ ඡන්දය වැඩිකර ගැනීමටයි. හරි නම් ජනමාධ්‍ය කල යුත්තේ ඒ බව ජනතාවට වටහා දීම වුවත් මාධ්‍යවේදීන්ටත් ඒ බව තේරුම් ගන්නට තාර්කික බුද්ධියක් තිබෙන බව පෙනෙන්නේ නැහැ

දේශපාලනඥයන් කල යුත්තේ අපදා තත්වයකදී ඊට සාර්ථකව මුහුණදීමට අවශ්‍ය ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙලවල් සම්පාදනය කිරීම මිස ගංවතුර බලමින් ළමයින් වඩා ගනිමින් නාය ගිය ස්ථාන නරඹමින් ඇවිදීම නොවෙයි.

දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත්විට මෙම තත්වය තවමත් වෙනස්.අපදා තත්වයකදී පාක්ෂිකයන්ට හෝ පොදුවේ ජනතාවට උපකාර කරන්නට යම් දේශපාලන යාන්ත්‍රණයක් රටේ කිසියම් දේශපාලන පක්ෂයකට නැහැ. දෙමළ ජාතික සන්ධානයටත් එක්සත් ජාතික පක්ෂයටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් ජනතා විමුක්ති පෙරමුණේ රත් තරුව වැනි සංවිධාන ගත්තත් එය පක්ෂය ජනප්‍රිය කරවීමට ශ්‍රමයෙන් උපකාර කරන එදිනෙදා ක්‍රියාත්මක වන වැඩසටහනක් මිස සංවිධානාත්මක ආයතනයක් නොවේ.

ආපදාවකදී උපකාර කිරීම රාජ්‍ය යාන්ත්‍රනය මුලික වී කල යුත්තක් එය දේශපාලන පක්ෂයක හෝ දේශපාලන පක්ෂ වල වගකීමක් නොවෙයි.ඒ නිසා උතුරේ ගංවතුර ප්‍රශ්නයේදී සහන නොදුන්නැයි කියා දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධන් මහතාට සුමන්තිරන් මහතාට දොස් කීමට කිසිවෙකුට අයිතියක් හෝ යුතුකමක් නැත.සහන සැලසීමේ යම් අඩුවක් සිදුවුවානම් එහි වගකීම බාරගතයුතු වන්නේ සුමන්තිරන් මහතා හෝ සම්බන්ධන් මහතා නොවෙයි. ආපදා කළමනාකරණ අමාත්‍ය වරයා ආපදා කළමනාකරණ අමාත්‍යංශය රජය සහ රජයේ නිලධාරීන් විසිනුයි.

ඊළඟ කාරණය හමුදා සෙබළුන් නැතහොත් දකුණේ මාධ්‍ය භාෂාවෙන් රණවිරුවන් අයිති කාටද යන්නයි.ගුවන් නාවුක පාබල යන ත්‍රිවිධ හමුදාව යනු රටේ හමුදාවයි.එය දකුණේ සිංහල බෞද්ධ ජනතාවට පමණක් අයිති ආයතන නොවෙයි.උතුරේ ජනතාවත් දකුණේ ජනතාවත් දකුණේ ජනතාවත් දෙමළ සිංහල මුස්ලිම් බර්ගර් හැමදෙනාම හමුදාවේ පැවැත්ම වෙනුවෙන් බදු ගෙවන බව ජනමාධ්‍ය මතක්කර ගත යුතුය. රණවිරුවන් වශයෙන් විශේෂණ පදයකින් භෞතිස්ම කර ඇති හමුදාව අනිවාර්යයෙන්ම උතුරේ ජනතාවට සේවය කිරීමට බැදී ඉන්නවා.එසේ සේවය කිරීම ඔවුන්ගේ රාජකාරිය මිස ඉන් එහා ගිය යුතුකමක් නොවෙයි. එසේ ආණ්ඩුවේ හමුදාව උතුරේ සහන සේවා වල යෙදීම විශේෂ යුතුකමක් යයි දකුණේ කිසිවකු කියන්නට උත්සහ කරනවානම් උතුරු නැගෙනහිර ප්‍රදේශ වල විශේෂ අවශ්‍යතා වලදී පමණක් ක්‍රියාත්මක වීමටත් දෙමළ හමුදාවක් පවත්වාගෙන යාමට උතුරේ ජනතාවට අවසර ලබාදීමට දකුණේ ජනතාව සුදානම් විය යුතුය.

ඊලග කරුණ ආපදා තත්වයකදී සහන සැලසීම අයිතිවන්නේ කාටද යන්නයි.පළාත් සභාවල විෂය පථයට ආපදා කළමනාකරණය අයත්වනේ නැහැ එය පවතින්නේ මධ්‍යම ආණ්ඩුව යටතේයි.එසේ නම් ගංවතුර ගැන සොයා බැලුවේ නැහැ කියා උතුරු පළාත්සභාව ක්‍රියාත්මකව තිබුන තත්වයක් යටතේ දී වත් ada උතුරු පළාත් සහාව අක්‍රියයි.විග්නේශ්වරන් මහතාට හෝ පළාත් සභාවට දොස් කියන්නට බැහැ. උතුරටත් දකුණටත් නැගෙනහිරටත් බටහිරටත් ආපදාවකදී සහනය දිය යුත්තේ ආණ්ඩුවයි. ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිස්ත්‍රික් ලේකම්වරු ග්‍රාමසේවක ඇතැම් නිලධාරීන් හරහා ඒ වැඩසටහන් ක්‍රියාත්මක විය යුතුය. ඊළගට අප තේරුම්ගත යුත්තේ හමුදා කදවුරු සහ ආපදා තත්වයකදී සම්බන්ධතාවයක් තියෙනවාද යන්නයි.උතුරේ හමුදා කදවුරු ඉවත් කරන්නයි.විග්නේශ්වරන් සුමන්තිරන් සම්බන්ධන් ඇතැම් දෙමළ දේශපාලනඥයන් බලපෑම් කරන බවට මතයක් දකුණෙන් ගොඩනගන්නට දකුණේ ජාතිවාදී දේශපාලන පක්ෂත් ඔවුන්ට උඩගෙඩි දෙන ජනමාධ්‍ය සමහරකුත් නිරන්තර උත්සාහයක යෙදී සිටිනා බව පෙනේ.

ඇත්තෙන්ම ගත්තොත් උතුරේ ඉල්ලීමේ සැබෑ යථාර්තය වන්නේ හමුදා කදවුරු ඉවත් කරනු යන්න නෙමෙයි අපේ ඉඩම් අපට දෙන්න යන්නයි . ඊලාම් යුද්ධයට පෙරත් උතුරේ හමුදා කදවුරු තිබුණා’ කවුරුත් ඒවාට විරුද්ධ වුනේ නැහැ. නමුත් සිවිල් යුද්ධය නිසා හමුදාව ප්‍රධාන කදවුරු වලට අමතරව වෙනත් ස්ථාන වලත් ස්ථානගත වුණා. ඒ යුද්ධයේ අවශ්‍යතාව අනුවයි . එසේ කදවුරු බැදගත්තේ ආණ්ඩුවේ ඉඩම් වලට නෙවෙයි පෞද්ගලික ඉඩම් වලත් හමුදාව කදවුරු බැන්ද . පෞද්ගලික නිවාසත් හමුදා බාරයට ගත්තා. යුද්ධය පැවති අවස්ථාවේ ඊට ප්‍රබල විරෝධයක් ජනතාව අතරින් නැගුනේ නැතත් යුද්ධය අවසන්ව් සාමය පවතින ඔවුන් තමන්ගේ ඉඩම් ආපසු ඉල්ලීම වරදක්ද උතුරේ ජනතාව තමන්ගේ ඉඩම් ඉල්ලීම හමුදා කදවුරු ඉවත් කරන්න බලකිරීමක් ලෙස වැරදි අර්ථකතනයක් දකුණේ සමාජගත කිරීම බරපතල වරදක් .පෙර පැවති තැන්වල හමුදාව කදවුරු බැදසිටීමට මෙතෙක් කිසිවෙක් විරුද්ධවෙලා නැ.

ප්‍රධාන කාරණාව එය නෙවෙයි .උතුරේ හමුදාකදවුරු සහ ආපදා තත්වය අතර නැති සම්බන්ධතාවයක් ඉස්මතු කර පෙන්වීමට දකුණේ ජනමාධ්‍ය ගන්නා ලද බොලද ලෑජ්ජාවිරහිත උත්සහයයි . හමුදා කදවුරු අනවශ්‍ය තැන්වලත් අවුරුදු නමයක් තිස්සේ පවත්වාගෙන ගියේ 2018 ගංවතුරක් එන නිසා උතුරේ ජනතාවට පිහිට වෙන්න්ටද ? එසේ නම් නිතර නාය යාමේ අවධානමක් සහිත දකුණේ තැන්වලත් ස්ථිර හමුදා කදවුරු ඉදිකළ යුතුයි නේද ? උතුරේ ආපදා වලදී හමුදාව ලග සිටීමේ වැදගත්කම හුවා දක්වන දකුණේ ජනමාධ්‍ය දකුණේ ආපදා ස්ථාන වල ස්ථිර හමුදා කදවුරු ගොඩ නැගීම වෙනුවෙන් පෙනී නොසිටිම බලවත් වැරද්දක්

ජනමාධ්‍ය කෙසේ වෙතත් දකුණේ සහෝදර ජනතාව වෙනුවෙන් සහෝදරත්වයේ දෑත් දිගු කල බව එම ජනතාවගේ ගෞරවය පිණිස සදහන් කල යුතුය .ඒ සහෝදරත්වය වැඩි වර්ධනය කිරීමට අනුබල දීම තමන්ගේ වගකීම බව දකුණේ ජනමාධ්‍ය තේරුම් නොගන්නේ නම් ඔවුන්ගේ රණවිරුවන්ට නැවතත් සතුරු හමුදාවක් සමග සටන් කරන්නටත් සිද්ධ වෙනවා නොඅනුමානයි .

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *