|

ශ්‍රී.ල.නි.ප ‌ ජ්‍යෙෂ්ටයා ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ

කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ..

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූනේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. එහිදී අවධානය යොමූ වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයින් පත්කිරීම පිළිබඳවයි. ”දැන් විපක්ෂයේ මන්ත‍්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා බැගින් පත්කරන්න ඕනෑ.” අනුර දිසානායක කීවේය. ”පාර්ලිමේන්තුව කල් තියපු නිසා කෝප් සභපති තනතුරත් දැන් අහෝසි වෙලා. කෝප් කමිටුවේ සභාපති ධුරයට මොකද වෙන්නේ. කෝප් කමිටුවට අපි කවුද යන්නේ.” විජිත හේරත් විමසීය. ”හඳුන්නෙත්ති සහෝදරයාම කෝප් කමිටුවට යන එක හොඳයි. නමුත් සභාපති ධුරය භාරගන්නවද කියන ප‍්‍රශ්නය තියෙනවා නේද?” වෛද්‍ය නලින්ද ජයතිස්ස වීමසීය. ”කෝප් කමිටුවේ විශාල කාර්යභාරයක් තියෙනවා. වංචා ¥ෂණ විශාල ප‍්‍රමාණයක් විමර්ශනය කෙරෙනවා. ඒ නිසා සභාපති ධුරයේ වැඩ කරන්න ලැබුණොත් විශාල වැඩ කොටසක් කරන්න පුළුවන්. නමුත් අනෙක් මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත අනුව තමයි ඒක තීරණය වෙන්නේ.” අනුර දිසානායක කීවේය. ”අනෙක් මන්ත‍්‍රීවරු කැමති නම් අපි සභාපති ධුරය භාරගමු” විජිත හේරත්ද කියා සිටියේය.

නව ව්‍යවස්ථාව ගැන විද්වත් කමිටු වාර්තාවට ජවිපෙ විවාදයක් ඉල්ලයි..

”අලූත් ව්‍යවස්ථාව එනවා කියලා සුමන්තිරන් මන්ත‍්‍රීවරයා කරපු ප‍්‍රකාශයෙන් මුළු රටම ඇවිලිලා. ඒක අසත්‍ය ප‍්‍රකාශයක්.” බිමල් රත්නායක කියා සිටියේය. ”අලූත් ව්‍යවස්ථාවක් එන්නේ කොහොමද? ඒක ලොකු ක‍්‍රියාවලියක්. අඩුම තරමේ තවම ව්‍යවස්ථා කෙටුම්පතක් නැහැ. නමුත් විද්වතුන්ගේ වාර්තාවක් එන්න නියමිතයි. ඒක විද්වතුන්ගේ වාර්තාවක් විතරක්. අනෙක් දේශපාලන පක්ෂ ඒකට එකඟ නැද්ද කියලා තීරණය කරලා නැහැ.” අනුර දිසානායක කීවේය. ”ව්‍යවස්ථාදායක සභාවේ මේ ගැන කතාබහ වුනා. ඒ වෙලාවෙත් අපි යෝජනා කළා මේ වාර්තාව පාර්ලිමේන්තුවට දාලා විතරක් මදි ඒ ගැන විවාදයක් ඕනෑ කියලා. මොකද එම වාර්තාව ගැන කියන්න අදහස් අපිටත් තියෙනවා” බිමල් රත්නායක කීවේය. ”ඔව්, ව්‍යවස්ථාවක් එනවා කියලා බොරු මත හදන වෙලාවේ මේ වගේ වාර්තා වැරදියට අර්ථකතනය කරනවා ජාතිවාදී කණ්ඩායම්. ඒ නිසා ව්‍යවස්ථාව ගැන එන ඕනෑම වාර්තාවක ඇත්ත තත්වය කියන්න අපිටත් අවස්ථාවක් හදාගන්න ඕනෑ. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලමු.” සුනිල් හඳුන්නෙත්ති කීවේය.

ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ජවිපෙ මන්ත‍්‍රීන්ට කියූ කතාව

පසුගිය පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වූයේ අටවෙනිදාය. මේ සභාවාරය අතරතුර පක්ෂ විපක්ෂ දේශපාලඥයින් අතර විවිධ කතාබහ, අදහස් හුවමාරුවීම් සිදුවිය. මේ අතර පසුගිය 09වෙනිදා ජවිපෙ මන්ත‍්‍රීන් තිදෙනකු සහ ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් අහම්බෙන් මුහුණට මුහුණ හමුවිය. ශ‍්‍රීලනිප ප‍්‍රබලයාද ජවිපෙ මන්ත‍්‍රීන් මඟහැර නොයා මොහොතක් නතර වූයේ සුහද කතාබහක නිරත වීමටය. ජවිපෙ මන්ත‍්‍රීන්ද ගමන නතර කළේය. ”ඉතිං කොහොමද වැඩකටයුතු. මොන ඡුන්දෙද ඉස්සරවෙලා එන්නේ.” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් ශ‍්‍රීලනිප මන්ත‍්‍රීගෙන් විමසීය. ”වෙච්ච දේවල් ඔබතුමාලා දන්නවනේ. අපි දන්නෙත් නැහැ දැන් මොනවද වෙන්නේ කියලා. මමත් ජනාධිපතිතුමාගෙන් ඇහුවා. එතුමා කිව්වේ ඒවා වෙලාවට එයි කියලා. ගමට ගියාම අපේ පාක්ෂිකයොත් අපෙන් අහන්නේ ඒ කතාව. අපිත් කියනවා කලබල වෙන්න එලා ඒවා වෙලාවට එයි කියලා. කොහොමත් මම හිතන්නේ පාර්ලිමේන්තු ඡුන්දෙ ඉක්මනට එන එකක නෑ. අලූත් මන්ත‍්‍රීලා ඒකට කැමති නෑනේ.” ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා කීය. ”ඒක නෙවෙයි ජනාධිපතිතුමා පුද්ගලික ලේකම් අයින් කළේ ඇයි?” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් වීමසීය. ”එහෙම එකක් මම දන්නේ නෑනේ.” කියූ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයා දුරකතන ඇමතුමක් ගෙන එම කතාව තහවුරු කරගත්තේය. ”ශ‍්‍රීලනිපය ගැන අපි තරම්වත් ඔබතුමාලා දන්නේ නැහැනේ. දැන් පත්කරගෙන තියෙන්නේ ජනක ජණවක. ජනක රණවක කියන්නේ ඇවන් ගාඞ් වංචාවේ චූදිතයෙක්. වංචාවට ¥ෂණයට විරුද්ධයි කියලා හොරු ළං කරගන්නවා.” ජවිපෙ මන්ත‍්‍රීවරයා කීය.

සුළු මොහොතකින් කතාව ඔක්තෝබර් 26දිනට ඇදී ගියේය. ”අපි එදා ශ‍්‍රීලනිප නායකයින්ගේ විශේෂ රැුස්වීමක හිටියේ. ජනාධිපතිතුමා විශේෂ මොකුත් කිව්වේ නැහැ. කියපු එකම දේ රට වෙනුවෙන් විශේෂ තීන්දු ටිකක් ගන්න හිතාගෙන ඉන්නවා කියපු එක. හවස පහහමාරට විතර රැුස්වීම ඉවරවුනා. මම ගෙදර ගියා. හවස හයහමාර වෙනකොට නිවුස් එකක් ගියා මහින්ද රාජපක්ෂ අගමැති තනතුරේ දිවුරුම් දෙනවා කියලා. ඇත්තටම මට දේශපාලනය එපා වුනා. මොකද අපිත් කාලයක් දේශපාලනයේ හිටපු අය. අපි මොකුත්ම දන්නේ නැතුව අපේ නායකයා මහින්දට අගමැතිකම දෙනවා.” ශ‍්‍රීලනිප ප‍්‍රබලයා කියා සිටියේ මහත් කළකිරීමෙනි. ”අපිත් දැනගෙන හිටියේ ජනාධිපතිතුමා මේක හොරෙන් කරපු වැඩක් කියලා.” ජවිපෙ මන්ත‍්‍රීවරයෙක් කීය. ”හොරෙන්මත් නෙවෙයි. මේකේ ඞීල් එක කළේ එස්බීලා ඇතුළු කණ්ඩායමක්. එස්බීලා ජනාධිපතිතුමාට කියලා තිබුණා මහින්දට අගමැතිකම දුන්නොත් එයාලා ජනාධිපතිතුමාට නැවත ජනාධිපති අපේක්ෂකකම දෙනවා කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. ජනාධිපතිතුමා පස්සේ මේ ගැන බැසිල්ගෙන් අහලා තියෙනවා මම ඔයාලට උදව් කළා ඇයි දැන් මට අපේක්ෂකකම දෙන එක එකඟතාවයක් නැත්තේ කියලා. නමුත් බැසිල් කියලා තියෙන්නේ එහෙම එකඟතාවයක් තිබුණේ නැහැ කියලා. කොහොමත් මේ ගත්ත තීන්දු කිසිම දේශපාලන පරිනතකමකින් ගත්තේ නෑ කියලා දැන් මුළු රටම දන්නවා.” ශ‍්‍රීලනිප ප‍්‍රබලයා ජවිපෙ මන්ත‍්‍රීන්ට කියා සිටියේය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *