රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ වසරේත් වැඩි කෙරුවා රජය එහි ප්‍රචාරක වාසිය ලබා ගත්තෙ නැහැ – සමන් රත්නප්‍රිය

රජයේ සේවකයන්ගේ මූලික වැටුප වැඩි වෙන එක ඉතාම වැදගත් කාර්යයක්. තමන්ගෙ සේවා ස්ථානයෙන් පිට ගිහිල්ලා වැඩක් කරන්න සිද්ධවුණොත් යැපීම් දීමනාවක්, සංයුක්ත දීමනාවක් ගෙවනවා. පැයක් හරි දවසක් හරි දවස් දෙක තුනක් හරි වෙන්න පුළුවන් මේ දීමනාව ගෙවනවා. මේ දීමනාව වැඩි වෙනවා මූලික වැටුප් වැඩිවෙනකොට. මූලික වැටුප් වැඩීවීම සංඛ්‍යාත්මකව ගාණන විතරක් නෙමෙයි අතිකාල වැඩිවෙනව, ණය වැඩිවෙනවා,  රජයේ නිවාඩු දින දීමනා වැඩි වෙනවා. සංයුක්ත දීමනා හා යැපීම් දීමනාවගේ දීමනා වැඩිවෙනවා. ඒක විශාල වාසියක් රජයේ සේවකයන්ට. අපි වැටුප් වැඩ කරන ලෙස ඉල්ලුවා.  එතකොට විශ්‍රාම වැටුප් පාරිතෝෂිකයත් වැඩිවෙනවා විශ්‍රාම යනකොට. විශ්‍රාම වැටුපත් වැඩිවෙනවා. දීමනා විශාම වැටුපට හැදෙන්නෙ නෑ. මූලික වැටුප තමයි විශ්‍රාම වැටුපට ගණනට වෙන්නෙ. ඒකෙන් අගයක්.

වැටුප් වැඩිවීම හොඳයි. අපි වැටුප් වැඩිකරන ලෙස ඉල්ලීම් කළා. වැටුප් වැඩි කෙරුවා. රාජ්‍ය සේවකයන් දැන් කාර්යක්ෂමව වැඩ කරනව. කාර්ය සාධනය හොඳයි, හැබැයි මැවැනි ඉතාම වාසිදායක තත්ත්වයකදි තියෙන සුළු හෝ අඩුපාඩු ඉවත් කරල තවකරල තවදුරටත් රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය, කාර්ය සාධනය වැඩි කරන්නත් පුළුවන්. යමක් දෙනකොට යමක් ඉල්ලන්න පුළුවන්. තව මේ රටේ මිනිස්සු ගැන හිතලා තව අලුත් දේවල් කරන්න කියල ඉල්ලන්න පුළුවන්. එහෙම ඉල්ලපුවාම මිනිස්සු එකඟ වෙනව. අපි කිව්වා කාර්යක්ෂම තාවය වැඩි කරල කාර්යසාධනය වැඩි කරන්න වැඩ පිළිවෙලක් හදන්න කියල. හැබැයි එහෙම එකක් හැදුනෙ නෑ. වැඩුප වැඩි කිරීම දීලා නිකා හිටිය. ප්‍රචාරය කෙරුවෙත් නෑ. වැටුප් වැඩිකරල දවස් අටක් ගත වෙලා තියෙනව. එක ඇමතිවරයෙක්වත් කිව්වෙ නෑ රජයේ සේවකයන්ගේ මූලික වැටුප මේ අවුරුදෙත් අපි වැඩි කෙරුවා කියල. මතකත් නැතුව ඇති කියල අපි කියනව. එහෙම තමයි මේව කෙරෙන්නේ. රජයේ සේවකයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරන වැඩපිළිවෙලක් හදන්න. ජනතාවට වැඩ කරන්න.

රජයේ සේවකයන්ගේ කාර්ය සාධනය හොඳ නම්, ඒ අයගේ උසස්වීම් වල කාලය අඩුකෙරුවා. ආරම්භක උසස්වීමේ කාලය අවුරුදු දහයේ සිට හය දක්වා අඩු කෙරුවා. එහෙම උසස් කරන වැඩපිළිවලවල් තියෙනවා. විභාග තියනවා. කාර්ය සාධනය බලනව එහෙම බලලා උසස් වීම් ලැබෙන කාලය අඩු කෙරුවා. එතකොට රජයේ සේවකයන් උනන්දුවෙනවා වැඩ කරන්න. ලිපිකරුවෙකුට වැඩ කරන්න තියෙන්නෙ ලිපි ගොනු දෙසීය නම් ඒ ටික ඉවර කරල තව ටිකක් ගන්නව වැඩ කරන්න. තමන්ට අදාල සේවක කණ්ඩායම්වල අඩුපාඩු හදන්න පුළුවන්. කාර්ය සාධණ වැඩි කිරීමේ ක්‍රම හදන්න පුළුවන්. නමුත් එහෙම වැඩපිළිවෙලක් ඉදිරිපත් වුණේ නෑ. අන්තිමේ මේ අවුරුදු දහය හයක් කිරීම වැටුප් කොමිසම ඇතුළු අදාල ගෝලබාලයො අහිමි කරල දැම්මා.

එකෙන් දුන්න පණිවිඩය තමයි ඔබලා අලුතෙන් කාර්යසාධනයක් කරන්න ඕනෙ නෑ. ලංකාවෙ ඉන්න දාහතර ලක්ෂයම එකමට්ටමක ඇති කියල. අලුතෙන් ඉගෙන ගන්න ඕනෙත් නැහැ. අලුතෙන් නිර්මාණ කරන්න ඕනෙත් නැහැ. ඒ නිර්මාණ කළා කියල අපි අලුත් දෙයක් දෙන්නෙත් නෑ. නිර්මාණ කරන කෙනත් උසස්වෙන්නෙ වසර දහයෙන්, නොකරන මිනිහත් උසස්වෙන්නෙ දහයෙන්. ලිපි ගොනු වැඩියෙන් හදන මිනිහත් යන්නෙ දහයෙන්. ලිපිගොනු තියාගෙන ඉන්න මිනිහත් යන්නෙ දහයෙන්. දහය හය කරපු ක්‍රමය අහෝසිකරල දැම්මා. අපි ආයේ ඒක ඉදිරිපත් කරල තියනව. අපි ඉල්ලනව කරුණාකරල ඒවා ක්‍රියාත්මක කරන්න කියල. රජ්‍ය සේවයේ කාර්යසාධනය වැඩිවෙනව කියන්නෙ මිනිසුන්ට දෙන ප්‍රතිලාභ කාර්යක්ෂම තාවය වැඩිවෙනව. කාලය අඩුවෙන් වැඩේ ඉක්මනින් කරල ජනතාවට සහනයක් ලබා දීම සිදුවෙනව.

2015 නොවැම්බර් බජට් එකෙන් රවී කරුණානායක ඇමතිවරයට ගිහිල්ලා කිව්ව සියළු රාජ්‍ය සේවකයන් පුහුණු කරන ආයතනයක් හදන්න කියල. කාර්ය සාධනය කියන එක නිකම්ම ඇති කරන්න බැහැ. බැනර්දාපු, පෝස්ටර් ගහපු උදවියත් කම්කරුවො විදිහට රාජ්‍ය සේවාවට එනව. ආවට පස්සෙ මේ අය පුහුණු කරන්න ඕනෙ. සෞඛ්‍ය සේවාවේ අති බහුතරය පුහුණු කාර්යමණ්ඩලය ඉන්නෙ. අනිත් තැන්වල එහෙම නෑ. සෞඛ්‍ය සේවාවෙත් තව පුහුණු කරන්න ඕනෙ. රාජ්‍ය සේවාවෙත් පුහුණු කරන්න ඕනෙ. අපි කිව්වා එහෙම පුහුණු ආයතනයක් හදන්න ඕනෙ කියල.

සීඩා කියන්නේ කළමනාකරන සේවාවේ පුහුණුවීම් වලට හදපු ආයතනයක්. රාජ්‍ය සේවාවේ දාහතර ලක්ෂයම කළමණාකාර සේවාවෙ අය නෙමෙයි. එකේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දෙලක්ෂයක් විතර ඇති. කළමණාකරන හා ඊට අදාල සේවා ගත්තත් ලක්ෂ දෙකක් විතර ඇති. ලක්ෂ දොළහක්ම ඉන්නෙ ඊට වඩා වෙනස්. ද්විතීක සහ තෘතීක හා ප්‍රාථමික සේවාවන් වල. මේ අයත් පුහුණු කළ යුතුයි. එවිට තමයි කාර්ය සාධනය වැඩි කළ හැකි වෙන්නෙ.

ආයතන හදන්න කියල බජට් එකේ යෝජනාව දැම්මා. යෝජනාව සටහන් කරල තියනව. ක්‍රියාත්මක වුණේ නෑ. සීඩා එකේ විතරක් කළමණාකාරි උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙනව. පශ්චාත් උපාධි පාඨමාලා ක්‍රියාත්මක වෙනව. ආණ්ඩුව හිතන් ඉන්නව නම් ඉහළ මට්ටමේ කළමණාකරුවන්ට විතරක් පුහුණුව දීලා රාජ්‍ය සේවයේ කාර්ය සාධනය වැඩි කරන්න ඒක එහෙම වෙන්නෙ නැහැ. ඒක නිසා කරුණාකරල අපි කියනව ඒ පුහුණු කිරීම් මේ අවුරුද්දෙවත් පටන් අරගෙන රාජ්‍ය සේවාවෙ පුහුණු වීම් හරියට කරල කාර්ය සාධනය වැඩි කරන්න කියල

රජ්‍ය සේවකයන්ට උද්ගත වී තිබෙන ප්‍රශ්න තුනක් තියනව. එකක් තමයි රාජ්‍ය සේවකයන්ට උසස් වීම් පිළිබදව මම අර මතුකරපු ප්‍රශ්නය. සේවකයන්ගෙ උසස් වීම් දැන් තියෙන්නෙ පළමු උසස් වීම අවුරුදු දහයෙන්. දෙවෙනි එක දහයෙන්, තුන්වෙනි එකත් දහයෙන්.  අලුත් ක්‍රමයට අනුව ග්‍රේට් ත්‍රි වලින් පටන් ගන්නෙ. ත්‍රි, ටූ. වන්. කියල එහෙම තමයි උසස් වීම් ලැබෙන්නෙ. එතකොට අවුරුදු තිහක් හිටපු මිනිහෙකුට තමයි ග්‍රේඩ් වන් එකට යන්න පුළුවන්. ඒක සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. මේකෙ ස්පීඩ් වේ එක කියල අපි කියනව, සීඝ්‍රගාමි උසස්වීම් ක්‍රමය අහිමි කරල තියනව. හැකියාව තියන අයට, පුහුණුවීම් තියන අයට, පිටරට ගිහින් ඉගෙන ගෙන අයට අළුත් යමක් මේ රටේ මිනිස්සු වෙනුවෙන් උසස් යමක් නිර්මාණය කරන මිනිස්සුන්ට ඒ අයගෙ උසස් වීම් සීඝ්‍ර කරල ඉස්සරහට යන්න දෙන්න.

මනොජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *