නාමල්ට , ඩලස්ට ,වෙල්ගමට දිස්ත්‍රික් ඇමතිධුර සුදානම්

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ ,ඩලස් අලහප්පෙරුම , කුමාර වෙල්ගම , සහ එස් එම චන්ද්‍රසේන මහත්වරුන් දිස්තික් සංවර්ධන කමිටු සභාපතිවරුන් ලෙස ඇමැති තනතුරු සදහා සුදුසුකම් ලබා ඇති බව සන්ධානයේ ආරංචි මාර්ග කියයි . සන්ධානය ජයගත් හම්බන්තොට ,මාතර , කළුතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැඩිම මනාප ලබාගත් මන්ත්‍රීවරුන් ලෙස ඔවුන්ට මෙම හිමිකම ලැබී ඇත .

දිස්ත්‍රික් ඇමැති ධුර ලබාදෙන්නේ දිස්තික්කය දිනු පක්ෂයටය . ඒ අනුව එජාපයට දිස්ත්‍රික් ඇමතිධුර 11ක් ද සන්ධානයට 8ක් ද දෙමළ ජාතික සන්ධානයට 3ක් ද හිමිවෙයි . දිස්ත්‍රික් ඇමතිධුර ලබන මන්ත්‍රී වරුන් ආණ්ඩුවට සම්බන්ද වියයුතු නැති බවද කියති .

දිස්ත්‍රික්කය දිනන පක්ෂයේ වැඩිම මනාප ලබා සිටින හා ඇමැති තනතුරු නොලැබූ මන්ත්‍රීවරුන්ට දිස්ත්‍රික් ඇමතිධුර ලබාදීමට ආණ්ඩුව තීරණය කොට ඇත . ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික් ඇමැති ධුරය හිමිවිය යුත්තේ නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාටය. මාතර ඩලස් අලහප්පෙරුම මහතාටද ,කළුතර කුමාර වෙල්ගම මහතාටද ,අනුරාධපුර එස් එම චන්ද්‍රසේන මහතාටද තනතුරු හිමිවිය යුතුය .යම් හෙයකින් ඔවුන් තනතුරු භාර නොගන්නේ නම් එම ඇමැති තනතුර දිස්ත්‍රික්කයේ වෙනත් මන්ත්‍රී වරයෙකුට හිමිවනු ඇත .

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලත් මහින්ද රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ඇමැති තනතුර ප්‍රතික්ෂේප කිරීමත් ඊ ලගට වැඩිම මනාප ලැබූ දයාසිරි ජයසේකර ,ටී බී ඒකනායක ,අනුර යාපා මහත්වරුන්ට ඇමැති ධුර හිමිවීමත් නිසා මේ වනවිට එම ඇමැති ධුරයට හිමිකම් කියන්නේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාය .

රත්නපුර වැඩිම මනාප ලැබූ ප්‍රේමලාල් ජයසේකර මහතා මිනීමැරුම් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගතව සිටී . දෙවනියට මනාප ලැබූ ඩබ්ලිවු ඩී ජේ සෙනවිරත්න මහතාට ඇමැති ධුරයක් හිමිවී ඇත . එමනිසා රත්නපුර දිස්ත්‍රික් ඇමැති ධුරය පවිත්‍රා  වන්නිආරච්චි මන්ත්‍රී තුමියට හිමිවීමට ඉඩ ඇත .

ගාල්ල දිස්ත්‍රික් ඇමැති ධුරය රමේෂ් පතිරණ මන්ත්‍රී වරයටත් ,මොනරාගල විජිත බේරුගොඩ මන්ත්‍රී වරයාටත් හිමිවිය යුතු බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *