හදවතින්ම වැඩක් කරන්න ඕනෙ නම් දේශපාලනය ඕනෙ නෑ – මුත්තයියා මුරලිදරන්

මෙරට ජනතාවගෙන් සියයට හතලිස් පහක (45%) පමණ පිරිසකගේ දෛනික ආදායම ඇමරිකන් ඩොලර් දෙකක්, රුපියල් තුන්සිය පණහක් පමණ වන බවත් එය ජීවත්වීමට කිසීසේත්ම ප්‍රමාණවත් මුදලක් නොවන බවත් හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක මුත්තයි මුරලිදරන් පැවසීය. මුත්තයියා මුරලිදරන් එසේ පැවසුවේ වතුකරයේ දරුවන්ට අධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමිනි. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මුරලිදරන් මහතා මෙසේ ද පැවසීය.

මම දේශපාලනයට එන්න කොහෙත්ම කැමති නෑ. මම මේ උපකාර කරන්නේ දේශපාලනයට පැමිණීමේ බලාපොරොත්තුවකින් නෙමේ. මේ රටේ ඉන්න සියයට හතලිස් පහක් පමණ ලබන්නේ රුපියල් 350‍/- ක වගේ දෛනික වැටුපක්. දෙන්නෙක් වැඩ කෙරුවත් ඒ මුදලින් ජීවත් වෙන්න අමාරුයි. මාසෙකට විසිදාහක්වත් අතට එන්නේ නෑ.

දේශපාලනයේ හොඳ කට්ටියත් ඉන්නව, නරක කට්ටියත්ඉන්නව. එක කොහොමද හොඳ නරක කියල මට තේරෙන්නේ නැහැ. මම දේශපාලනය කරල නැහැ. මට ඒ ගැන අත්දැකීමක් නැහැ. මට දේශපාලනේ නැතිව මේ වගේ වැඩ කොටසක් කරන්න පුළුවන් නම්, දේශපාලනයට එන්නම ඕනෙ නෑ වැඩ කරන්න.

දේශපාලනයට එන්න නම් ජනප්‍රියකම තියෙන්න ඕනෙ. ජනප්‍රියකම මට ඕනතරම් තියෙනව. දෙයියන්නෙ පිහිටෙන් මට සල්ලිත් තියෙනව. ඒත් මම මේ දේවල් කරන්නෙ දේ‍්ශපාලනයට එන්න නෙමෙයි. මේ දේශපාලනය හොඳ නැත්නම් මිනිස්සුන්ට පුළුවන් හොඳ පිරිසක් පත්කරන්න. දේශපාලඥයන්ව පත් කරන්නෙත් මිනිසුන්මයි.

හොඳ නරක කවුද කියල මම දන්නෙ නෑ. ඡන්දයකදි හොඳ දේශපාලඥයො ජනතාවට පත් කරගන්න පුළුවන්. කොයි පක්ෂයක හරි කොයි ජාතියක හරි හොඳ එක්කෙනෙක් පත්කරගන්න එකයි කරන්න ඕනෙ. ඒ ගැන ජනතාව බුද්ධියෙන් සලකල බලන්න ඕනෙ.

තමන් හැදෙන්න ඕනැ ඉස්සර වෙලාම‍ තමන්ට වීදුරු ගෙවල් වල ඉඳල ගල් ගහන්න බෑනේ. දේශපාලනයට එන්න ඕනෙ නෑ මිනිස්සුන්ට උදව් කරන්න මිනිස්සුන්ට නිතරම ඇහෙන දේවල් තමයි අපිටත් ඇහෙන්නෙ. මධ්‍ය හරි දේවල් දෙනව නම් ඒ ගොල්ලන් කියන දේ ඔක්කොම අහන්න ඕනෙ. හැම මාධ්‍යම හරිදේවල් දෙනව කියල මට සුවර් නැහැ. සමහර මාධ්‍ය හරියට දෙයි සමහරක් මාධ්‍ය හරියට දෙන්නෑ. මම දේශපාලනයට එන්නෙ නැති වෙන්න හේතුවක් ඒක.

මම කියන්නෙ නැහැ හැම දේශපාලඥයෙක්ම කරන ඒවා සවුත්තුයි නරකයි කියල. මම කියන්නෙ හැම දේශපාලඥයෙකුට පොඩ්ඩක් ඇස් ඇරල බලන්න දුගී දුප්පත් මිනිස්සු ගැන.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *