අද අපේ රටේ ප‍්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙන්නේ මොනවාද? නයි, මුගටි ගැටුම් – බොරු කුමන්ත‍්‍රණ- ජවිපෙ නායක අනුර දිසානායක

අපි හැම දෙනාටම බලකරලා තිබෙනවා මේ රට වෙනස් කරන්න පෙළ ගැසෙන්න කියලා. අපේ රටේ ආර්ථිකය අසීරුම තත්වයට කඩා වැටිලා. මහබැංකු අධිපතිවරයා කිව්වා මේ වසරේ ගෙවන්න තිබෙන ණය වාරිකය ඩොලර් බිලියන 5.9ක් කියලා. අපේ රටේ අපනයන ආදායම ඩොලර් බිලියන 10යි. ආනයන වියදම ඩොලර් බිලියන 20යි. ණය වාරිකයත් එක්ක එහි අගය ඩොලර් බිලියන 25.9ක් වෙනවා. විශාල ආනයන-අපනයන පරතරයක් තිබෙන රටක්. රුපියල කඩා වැටෙනවා. එයින් ජනතාවට විශාල බලපෑමක් එල්ල වෙනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය දැවැන්තම අර්බුදයක තිබෙනවා. මෙලෙස ආර්ථිකය කඩා වැටීමේ වේදනාව ජනතාවගේ ජීවිත පොඩිපට්ටම් කරමින් තිබෙනවා.

මේ අතර දේශපාලනය පමණක් අතිවිශාල ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබෙනවා. අපේ රටේ තිබෙන සදාචාරසම්පන්න දේවල් කිසිවක් දේශපාලනයට අදාල නොවන තත්වයක් ඇතිවෙලා. පසුගිය ඔක්තෝබර් 26වැනිදා සිදුවුණ කුමන්ත‍්‍රණය නීතිය, ව්‍යවස්ථාව පැත්තකින් තිබ්බත් දේශපාලන සදාචාරය පැත්තෙන් කොයි තරම් අශිෂ්ඨ තත්වයක්ද? ණයෙකු සහ මුගටියෙකු එකට ලගින තත්වයක් පෙන්නුම් කළා. මොන තරම් කැත දේශපාලනයක්ද? ඒ වගේම එදා දේශපාලන සදාචාරය ගැන මහ ඉහළින් කතා කරපු එජාපය අද හැසිරෙන්නේ කොහොමද? දේශපාලන කුමන්ත‍්‍රණයේ උණුසුම යන්නත් කලින් රනිල් වික‍්‍රමසිංහ ව්‍යවස්ථාව කඩලා ඇමතිවරු පත්කරගන්න උත්සාහ කළා. අද ඒ පක්‍ෂයේම පිරිස් ඇමතිකම් නොලැබීම ගැන අඳෝනා නගනවා. ඉතාම විකාරරූපී ලෙස ඇමතිධුර හදනවා. මොන තරම් අපකීර්තිමත් දේශපාලනයක්ද අපේ රටේ ගොඩනැගිලා තිබෙන්නේ. එම නිසා එවැනි අශිෂ්ඨ දුෂිත දේශපාලනයට එරෙහිව ශිෂ්ඨසම්පන්න අදුෂිත දේශපාලනයක් මේ රටේ ස්ථාපිත කරන්න පුළුවන් අදුෂිතම දේශපාලන ව්‍යාපාරයකට පමණයි.

යුද්ධය පැවති වසර 26ක පමණ කාල පරිච්ෙඡ්දය තුළ මරණයට පත්වූ මිනිස් ජීවිත ප‍්‍රමාණයට වඩා අද රිය අනතුරුවලින් ජනතාව මිය යමින් තිබෙනවා. මංකොල්ලකෑම්, දැරිවියන් දුෂණයට ලක්වීම විශාල ලෙස පොලිස් පොත්වලින් වාර්තා වෙනවා. අපේ රට කුමණ රාජ්‍යයක්ද? අපි මේ රටේ පුරවැසියන්ගෙන් අහන්නේ මේ තත්වය වෙනස් කළ යුතු නැද්ද? ඔබේ දරුවට මෙවැනි පාලනයකින් රැුකවරණයක් ලැබෙයිද? හැම දෙනාම තමන්ගේ හදවතට තට්ටු කරලා ඇසිය යුතුයි. සහතික වශයෙන්ම මේ තත්වය වෙනස් කළ යුතුව තිබෙනවා. අද සමාජයේ සාකච්ඡුාවෙමින් තිබෙන්නේ මොනවද? මෙම දේශපාලන අර්බුදය සමනය කරන්න තාත්තා වෙනුවට පුතා ගෙනල්ලා, අයියා වෙනුවට මල්ලී ගෙනල්ලා උත්තරයක් ලැබෙයිද? එවැනි සාම්ප‍්‍රදායික දේවල් වෙනුවට වෙනස් අරගලයක් අපිට තිබෙනවා. එම වෙනස ගැන අපි කතා කරද්දී එහි වාහකයා විය යුතු මාධ්‍ය ආයතන අද අරගෙන තිබෙන්නේ ඉතාම වැරදි ප‍්‍රවේශයක්. නැවතත් අපේ රටේ මාධ්‍ය ජාතිවාදී ප‍්‍රකාශ අවුස්සමින් තිබෙනවා. ඇතැම් මාධ්‍ය ආයතන දැනුවත්ව හෝ නෙැදැනුවත්ව දේශපාලන පක්‍ෂවල ගොදුරු බවට පත්වෙලා තිබෙනවා. තවත් මාධ්‍ය ආයතනන කිහිපයක් අපේරටේ දේශපාලන න්‍යාය පත‍්‍රය මෙහෙයවන්නන් බවට පත්වෙලා තිබෙනවා.

අද අපේ රටේ ප‍්‍රවෘත්ති බවට පත්වෙලා තිබෙන්නේ මොනවාද? නයි, මුගටි ගැටුම්වලට ප‍්‍රවෘත්ති විකාශයේ වැඩි ඉඩ ප‍්‍රමාණයක් වෙන්වෙලා තිබෙන්නේ. තෙවරප්පෙරුම-ෆොන්සේකා ගැටුම, ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණ බෙරුව, රට බෙදන ෆෙඩරල් ව්‍යවස්ථා බෙරුව, මේ දේවල්වලට වැඩි ඉඩ ප‍්‍රමාණයක් වෙන් කරනවා. නමුත් මේවායින් අපේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට ඇති ඵලය කුමක්ද? ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජාතික සමගිය, වංචාවට-දුෂණයට දඬුවම් දීම ගැන කතා කරන්න බැරි නායකයෝ ජාතිවාදය පතුරුවමින් ඉන්නවා. ඒ නිසා අපේ රටේ ව්‍යසනයට රට පාලනය කරපු දේශපානඥයන් වගේම මාධ්‍ය ආයතනත් වගකිව යුතුයි. පහුගිය කාලයේ සිදුවුණු දේශපාලන කුමන්ත‍්‍රණයට මාධ්‍ය ආයතන වැඩි ප‍්‍රමාණයක් සහාය දුන්නා. කුමන්ත‍්‍රණය පැත්තේ හිටියා. එනිසා අපි වෙනසක් ගැන කතා කරනකොට ඒ වෙනස පිළිබඳ සංවාදයක් ගොඩනගන්න සිදුවෙලා තිබෙන්නේම අපේ රටේ සාමාන්‍ය ජනතාව විසින්මයි.

අපේ රටේ දේශපාලන කඳවුරු දෙකට තව දුරටත් අපේ රට ඉදිරියට ගෙනියන්න බැරි බව සහතිකයි. ඔවුන්ට පුළුවන්ද බැරිද කියලා තව දුරටත් විවාදයක් තියෙන්න බැහැ. අපි විවාද කළ යුත්තේ වෙනස් කරන්නේ කොහොමද, වෙනස් කරන්නේ මොනවද කියලයි. මුදල මත පදනම් වෙලා තිබෙන අධ්‍යාපන ක‍්‍රමය වෙනුවට ගුණාත්මක නොමිලේ ලබාදෙන අධ්‍යාපන ක‍්‍රමයක් සකස් කළ යුතුව තිබෙනවා. ඒ වගේම අපේ රටේ නව නිර්ණායක මත පදනම් වෙමින් නව ආර්ථික සංවර්ධනයක් ළඟා කරගත යුතු වැඩ පිළිවෙළක් පිළිබඳව සාකච්ඡුාවක් ගොඩනැගිය යුතුව තිබෙනවා. අද සංවර්ධනය කියන්නේ ගොඩනැගිලි හදන එකටයි. අධ්‍යාපන, සෞඛ්‍යය, විද්‍යා-තාක්‍ෂණ හැම අමාත්‍යාංශයකම කාර්යභාරය වෙලා තිබෙන්නේ බිලියන ගණන් වියදම් කරලා ගොඩනැගිලි හදන එකයි. ඇයි? ඇමතිට කොමිස් එන්නේ ගොඩනැගිලි හැදුවොත් පමණයි. එනිසා අපේ රටේ සංවර්ධණය ගැන පුළුල් සංවාදයක් අවශ්‍යයි. ඒ වාගේම අපේ රටේ ජනතාවට නිරෝගී ජීවිතයක් අවශ්‍යයි. පහුගිය වසර 70 තුළ අපේ රට ලෙඩ ජාතියක් බවට පත්කරලා තිබෙන්නේ. අපේ රටේ ජනතාවට පිරිසිදු ආහාර වේලක් ඕනෑ. ආහාර රටාවේ වෙනසක් ඕනෑ. ඒ වගේම ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීමට හැකියාවක් ලබාගත යුතුයි. නිරෝගී සම්පන්න ජීවිතයකට හොඳ කී‍්‍රඩා සංස්කෘතියක් අවශ්‍යයි. එම නිසා අපේ රටේ ජාතිය සුවපත් කරන කාර්යභාරය ජාතික විද්වත් සංවිධානය විසින් කරයි කියලා අපිට විශ්වාසයක් තිබෙනවා.

ඒ වගේම අපේ රටට හොඳ පරිසර පද්ධතියක් ආරක්‍ෂා කරගත යුතුව තිබෙනවා. විවිධ ව්‍යාපෘති මගින් අපේරට පාලනය කරපු පාලකයෝ පරිසර පද්ධතිය සම්පූර්ණයෙන් විනාශ කළා. එම පරිසර පද්ධතිය නැවතත් ස්ථාපිත කළයුතුව තිබෙනවා. ඒවගේම අපේ රටේ තෙතමනය නැති සමාජය තෙතමනයක් ඇති සමාජයක් බවට පරිවර්තනය කළ යුතුව තිබෙනවා. අපේ රටේ සාහිත්‍යය, කලාව රසවිඳින පිරිසක් නැහැ. ගීතයක් කවියක් රස විඳින්නේ නැහැ. චිත‍්‍රපටයක් බලන්නේ නැහැ. එවැනි සමාජයක් තෙතමනයක් සහිත සමාජයක් වෙන්නේ කොහොමද? එනිසා සමාජය යහපත් කරන කලාව, සාහිත්‍යය රස විඳින ජනතාවක් ගොඩනගන්න ඕනෑ. ඒ වෙනුවෙන් ප‍්‍රබල මහජන ව්‍යාපාරයක් අවශ්‍යයි. මේක අපේත් අපේ දරුවන්ගේත් රට. දැන් ඉන්න මහින්ද රාජපක්‍ෂ, මර්වින්, එස්.බී. ජනක බණ්ඩාර, දේශපාඥයින්ගෙන් පස්සේ ඔවුන්ගේ පුත්තු දේශපාලනයට එයි. කිිසදු දේශපාලන අත්දැකීමක් නැති එවැනි පිරිස් දේශපාලනයට ආවොත් ඔවුන් මේ රටට කරන විනාශය පිළිබඳව බියක් අපේ සමාජයට තිබිය යුතුයි. එම නිසා එම තත්වය වෙනස් කර නව දේශපාලන වෙනසක් සඳහා කටයුතු කරන්න ඔබ සියලූ දෙනාටම ශක්තිය ධෛර්යය තිබිය යුතුයි.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *