එජාපයේ තිස්දෙනෙක් විපක්ෂයේ අසුන් ගනිති !

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගන්න බව කියන සන්ධානයේ මන්ත්‍රීවරුන් තිස් දෙදෙනාට අමතරව ඇමතිධුර නොලද එජාප මන්ත්‍රීවරුන්  තිස් දෙනකුට වැඩි පිරිසක් ද විපක්ෂයේ අසුන්ගනු ඇතැයි පාර්ලිමේන්තුවේ අපේ ආරංචි මාර්ග කියයි . මෙයට හේතු වී ඇත්තේ මෙම පිරිසට අසුන් ගැනීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ අසුන් ප්‍රමාණවත් නොවීමයි .

නව ආණ්ඩුවේ ඇමැති ,රාජ්‍ය ඇමැති, හා නියෝජ්‍ය ඇමැති තනතුරු දරණ අනු තුන් දෙනාට අසුන් පැනවූ විට ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් පැනවිය හැක්කේ තවත් සුළු පිරිසකටය . එමනිසා එජාපයේ හා සන්ධානයේ සිටින දෙසීය දෙකක් වන මන්ත්‍රී සංඛ්‍යාවෙන් අසු දෙනකුට පමණ විපක්ෂයේ අසුන් ගැනීමට සිදුවනු ඇත .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *