ඉදිරි ඇය වැයෙන් ජනතාව නොහිතපු අන්දමේ සහන රැසක් දෙනවා – රාජිත සේනාරත්න

ජනාධිපතිතුමාත් සමග තමයි මම එළියට බැස්සෙ. එතුමාවත් අරගෙන තමයි මම ආවේ. අපි එතුමට ජනාධිපතිකම දුන්නා. එතුමා අපේ ඇමතිකම් ආපහු ගත්තා. අරගෙන දුන්නා එතුමව මරණවා කියපු කට්ටියට. එතුමා තමයි කිව්වෙ එතුමව පැරදුණොත් මරනව කියල. මම නෙමෙයි. අඩි හයක් පොළොව යට වළලන්න හිටපු කට්ටියට ඇමතිකම් දුන්නා. ඒක තමයි දේශපාලනය කියන්නෙ. ඔන්න ඔය දේශපාලනයත් එක්ක තමයි තමුන්නාන්සේලා හුඟක් වෙලාවට ගැටගැහිලා තියෙන්නෙ. ඒක හින්ද තමයි මේ රට දියුණු නැත්තෙ.

දියුණු රටවල්වල ජනාධිපතිවරුන්ට ඔහොම හැසිරෙන්න බැහැ. දවසක් ඔහොම හැසිරෙන්න බැහැ. දවසක් හැසිරෙන්න හිතන්නවත් බැහැ. එතකොට දන්නවා වෙන දේවල් මොනවද කියල. නමුත් මේ රටේ වුණා. අධිකරණ, පාර්ලිමේන්තුව බොහොම එඩිතරව හිටියා. අපේ දේශපාලඥයන් සල්ලිවලට ගන්න හැදුවා. ඒ දවස්වල කිව්වෙ මොනවද, ඕන දේශපාලඥයෙක් සල්ලිවලට යනව. තනතුරු දෙන්න හැදුවා. මිලියන පණහ දෙද්දිත් අහිංසක මන්ත්‍රිවරු හිටිය. තනතුරු දුන්නා. මන්ත්‍රිට ඇමතිකම් දුන්නා. ඇමතිකම් පොරොත්තු ලේඛන තියන් හිටියා. මතකනෙ සාලක ක්‍රමයට ඇමතිකම් දුන්නෙ. අද එකයි, හෙට එකයි, හෙට හවසට ආපහු තුනයි, අනිද්දා උදේට තුනයි, අනිද්දා හවසට එකයි සාලාක ක්‍රමයට. ඒ එන එන එකාට දෙන්න ලෑස්ති කරගෙන හිටියා. එන්නෙ නැහැ කීවාම එයාට දෙනවා. මම එන්නෑ කිව්වම සෞඛ්‍යට කෙනෙක් දානව. රිසාද් බද්ද්‍යුත්දීන් එන්නෑ කිව්වම එයාගෙ එකට එක්කෙනෙක් දානව. මෙහෙම ඇමතිකම් වලින් පුළුවන්ද රටක් පාලනය කරන්න. එකෙක් එන්නෑ කිව්වම තව පිසාචයෙකුට ඇමතිකමක් දීලා රටවල් ගෙනියන්න පුළුවන්ද? මේ වගෙන් වෙන්නෙ රට විනාශ වීමයි.

ගිය දෙසැම්බර් මාසේ වෙනකොට ලෝකෙ පිළිගත්තා සංචාරක ව්‍යාපාරේ අංක එක. හෝටල් සංචාරකයන්ගෙ බුකින් වලින් පිරිලා ඉතිරුණා. ඒ වගේ වාක්‍යයක් කිව්වාම සංචාරකයො බුකිං කරන්නෙ ඔය තුට්ටුදෙකේ සංචාරකයො නෙමෙයි. හොද ඉහළ පෙළේ සංචාරකයො ඒවා බලල තමයි එන්නෙ. ලංකාවට ඇවිල්ලා ලක්ෂ ගණන් වියදම් කරන්න. ඒවා ඔක්කොම කැන්සල් කෙරුවා. අන්තිමට ඉතුරුවුණේ තුට්ටුදෙකේ සාංචාරකයොයි ලංකාවේ මිනිස්සුයි විතයි හෝටල්වල.

මතක තියාගන්න මේකෙන් වෙච්ච පාඩුව විතරක් අපි ගණන් හැදුවා බිලියන මිලියන නෙමෙයි බිලියන. බිලියනයක් කියන්නෙ මිලියන දාහක්. රුපියල් බිලියන 660ක් පාඩුයි ඒ ටිකට ලංකාවට. එතකොට කාගෙන්ද ඕක අයකරගන්න පුළුවන්. ජර්මනියෙ එහෙමනම් මුළු සේසතම රාජසන්තක කරනල බංකොලොත් කාරයෙක් විදිහට හඳුන්වනව. එහෙම තමයි එහෙ නිතිය ක්‍රියාත්මක වෙන්නෙ. එක නිසා එහෙ මේ වගේ තුට්ටුදෙකේ දේශපාලනයක් කරන්න යන්නෙ නෑ කවුරුවත්. බයයි.

එතකොට මේ දවස් 52 සෙල්ලමට වෙච්ච දේවල්. ඇමති මණ්ඩලයක් හැදුවා. ජාතික ආණ්ඩුව නෑ. එතුමා කිව්වා, එතුමා කිව්වා එතුමගෙ කට්ටිය එන්නෙ නැහැ කියල. එතුමගෙ කට්ටිය එන්න කැමතියි. නමුත් ජනාධිපතිතුමා කිව්ව හිටපං කියල. ඒ කට්ටිය අපිට කියනවා එයා ජනාධිපතිකම තියාගෙන අපිට කරන්න එපා කියල කියනව කියල. කොහොහරි අපේ මන්ත්‍රිවරුකියනව හත්දෙනෙක් ස්වාධීන වෙනව කියල. තව එක්කෙනෙක් කියනව මට ඇමතිකම් නැත්නම් මම ක්‍රියාමාර්ග ගන්නව කියල. ව්‍යවස්ථාවේ තියන හැටියට එපායැ කරන්න. පණහක් ඉල්ලුවොත් කොහෙන් දෙන්නද ඉතුරු විස්ස. අපේ අගමැතිතුමා ආකාසෙන් කඩන්නයැ ඉතුරු විස්ස. ජනාධිපති කෙලෝගත්ත ව්‍යවස්ථාව කඩන්න ගිහිල්ලා. අගමැතිතුමාටත් පුළුවන්යැ එක්ම කරන්න. අගමැතිතුමා කියන්නෙ හොඳට ඉගෙන ගත්තු මනුස්සයෙක්. වෙන වෙන ප්‍රශ්න එයාට තියෙන්න පුළුවන්. එයා හොඳට ඉගෙන ගත්තු ලංකාවේ උපාධිධාරියෙක්. පළවෙනි වරට නායකයෙක් වුණා ලංකාවේ සරසවියකින් ඉගෙන ගත්තු මනුෂ්‍යයෙක්. කොළඹ සරසවියේ අපිත් එක්ක ශිෂ්‍ය සමිති කරපු කට්ටිය. මම පේරාදෙනියෙ කරනකොට එතුමා කොළඹ. ඔය ගමෙන් ආපු අනිත් ළමයින් එක්ක කැන්ටිමෙන් ප්ලේන්ටී එක ගහගෙන ආපු, ශිෂ්‍ය ව්‍යාපාරයේ නීති පීඨයේ ශිෂ‍්‍ය සංගම් කරල ආපු කෙනෙක් තමයි අපේ අගමැති. ඊට පස්සෙ ලෝ කොලෙජ් ගිහිල්ලා නීතිඥයෙක් වුණේ. මෙහෙ ඉගෙන ගන්න බැරුව පිටරට ගිය එක්කෙනෙක් නෙමෙයි රනිල් වික්‍රමසිංහ කියන්නෙ. හොඳට ඉගෙන ගත්තු මනුෂ්‍යෙයක්. ඉතින් එයා එහෙම කරන්න යන්නෙ නෑ.

අපිට ඇමතිකමක් දෙනවද නැද්ද කියන එක තමුන්නාසේලාට ශත පහක වැඩක් තියනවද? තමුන්නාන්සේලා මගේ පවුලෙ කට්ටියනම්, කලකිරීමක් තියෙයි මට ඇමතිකමක් නැති වුණාට. නැත්නම් මගෙ ඇමතිකම නැත්නම් තමුන්නාසෙගෙ පළාතට පාඩුනම් තමුන්නාන්සේලාට ප්‍රශ්නයක් තියෙයි. ඇමතිකමක් නෑ කියල තැන තැන කියල වැඩක් නෑ. රටේ මිනිස්සුන්ට වැඩක් නෑ මෙයා ඇමතිද නැද්ද කියන එක. තමුන්නාන්සේලාට ප්‍රශ්නයක් තියනව තමුන්නාන්සෙලාට රස්සාවක් දුන්නද නැද්ද කියන එක. ඒකනි තමුන්නාන්සේලාට තියෙන ප්‍රශ්නය.

දේශපාලනය කරනකොට මතක තියාගන්න දේශපාලනය කියන්නේ පක්ෂ නෙමෙයි. ඒක දෙවෙනි කතාවක්. මේ රට හදන්න තමයි හැම පක්ෂයම හැදුවෙ. දැන් අද වෙලාතියෙන්නෙ පක්ෂය හදන්න ඕනැ රට නැති වුණත් කමක් නැහැ. සමහරු කියන්නේ අපි මේ පක්ෂයේ අවුරුදු හතලිහයි. ඒ කියන්නේ ඒ පක්ෂය ඕනැම බලු වැඩක් කරන කොට ඒකට අත උස්සලා. රට නැතිවුණත් ඒ පක්ෂයට අත උස්සනවා. රටට කෙළවුනත් කමක් නෑ අපේ පක්ෂය ඉතුරු වෙනව නම්. පක්ෂය හැදුවේ කා වෙනුවෙන්ද රට හදන්න කියල නේද? රට විනාශ වෙනව නම් පක්ෂයක් තිබිල වැඩක් තියනවද? මේ රටේ මිනිස්සුන්ට කන්න නැත්නම්, අඳින්න නැත්නම්. මේ රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියනව. පක්ෂ තිබුණ කියල මොකද වෙන්නෙ. ඒ නිසා තමයි අපේ තරුණ පරම්පරාව දේශපාලනයට එතරම් උනන්දු නැත්තෙ.

ඉදිරියේ දී අපි අයවැය ලේඛනයක් ගේනවා. එකෙදි තමුන්නාන්සේලාට විශාල සහනාධාර ලබා දෙනව. තමුන්නාන්සේලා මෙතෙක් බලාපොරොත්තු නොවු සහනාධාර ලබා දෙනවා. තමුන්නාන්සේලා අපිව රැක්කා. ජනතාව අපිත් එක්ක හිටියා. මේ කරපු අසාධාරණයට එරෙහිව. අපිට ජයග්‍රහණය කරගැනීම සඳහා අති මහත් බහුතරය එකතුවෙලා හිටියා. මම දන්නවා පොහොට්ටුවට වැඩ කරපු කට්ටිය පොහොට්ටුවට බනිමින් අපිත් එක්ක හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොච්චර විරුද්ධ වුණාද ජනාධිපතිට. ඉදිරියේ දී ඒ පක්ෂ වලින් අස්වෙලා අපිට එකතුවෙනවා.

ඇයි මහින්ද රාජපක්ෂ මේකට එකඟ වුණේ? ඉස්සරවෙලා තිබුණු තත්ත්වයේ හැටියට දිනන්න තිබුණෙ. දැන් තමුන්නාන්සේලාවත් හිතුවෙ නෑනේ එයාට තිබුණු නඩු හබ ඇත්ත කියල. අපේ කට්ටිය උනන්දු නැති හින්දා මේක පහු වුණා. එතකොට සමහරු හිතුවා මේක බොරුවක්. මේ රට බේරගත්තා කියන දේශප්‍රේමියා කවදාවත් වැරදි වැඩක් කරන්නෙ නැහැ. එහෙමනි හිතුවෙ. ඇයි මෙයා මහ රෑ කෙළ හලාගෙන දුවතෙන ආවේ. මහ රජ වුණාට පස්සෙ ආයේ යුවරජ වෙනවද? එයාගෙ හිටපු ලේකම් යටතේ ආයේ අගමැති වෙන්න ආවා. මොන විලිලජ්ජා නැති වැඩක්ද? ඒ කාලේ මෛත්‍රිපාල මෙයාට සර් කියනව. දැන් මෙයා මෛත්‍රිපාලට සර් කියනව. මම නම් ඒක කවදාවත් කරන්නෙ නැහැ. ආත්ම ගරුත්වයක් කියල එකක් තියෙන්න එපායැ. ඇයි ඒක නැති කරගත්තෙ. මේ නඩු ටික එනවා. දිනපතා විභාග කරන්න උසාවි හැදුවා. මෙන්න මේ නඩු ටිකෙන් තමන්ගෙ පවුල, සහොදරයො බේරගන්න තමයි මේ ටික කෙරුවෙ. එයා දන්නවා කාලය. කාලය ඉතා සීමිතයි. ඒ කාලය තුළ හොඳ හරි නරක හරි ඕන බලුගුතෙරු වඩක් කරල මේක නවත්වගන්න ඕනැ කියල එයා බැලුව. අපි කියපු හුඟක් දේවල් ඒ ගොල්ලන්ගෙ ක්‍රියාමාර්ගයෙන්ම සනාථ කෙරුවා.

එක අරගෙන අපි අපේ දුර්වලකමුත් අඩුකරගෙන තමුන්නාන්සේලා වෙනුවෙන් ඉදිරි අවුරුද්ද කැප වෙනව. ඊට පස්සෙ ජයග්‍රහණය කරල මේ රට දියුණු රටක් විදිහට සිංගප්පුරුව, කොරියාවක්, මැලේසියාවක් වගේ රටක් විදිහට දියුණු කරනව. තමුන්නාසේලාගෙ දරුවො අප්ලිකේෂන් එකක් පුරවගෙන අපි පස්සෙ එන්නෙ නැති තත්ත්වයකට සුදුසු කම් අනුව රැකියාවල් ලැබෙන රටක් අපි තමුන්නාන්සේලාට නිර්මාණය කරල දෙනව.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *