|

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් විසිදෙනෙක් ආණ්ඩුවට සහය දක්වන්න කැමැතියි – එම්.ඒ.සුමන්දිරන්

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න. ද්‍රවිඩ ජාතික සංධානයේ එම්.ඒ. සුමන්දිරන් මහතා එසේ ප්‍රකාශ කළේ ඊයේ (29) යාපනයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

පසුගියදා විධායකය, ව්‍යවස්ථාව උල්ලංගනය අවස්ථාවේ දෙමළ ජාතික සංවිධානයත් නීතිය ඉදිරියට ගිය නිසා දෙමළ ජනතාව පිළිබඳව දකුණේ සිංහල ජනතාවගේ හිතේ විශ්වාසයක් ගොඩනැගිලා තියෙනව. ඒ වගේම වසර තුන හමාරක් පුරාවටම අප උත්සාහ කළ විධායක බලතල කප්පාදු කිරීමේ වයවස්ථා සංසෝධනයේ යෝජනාව පෙරවාරි 4 වෙනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියල අපි විශ්වාස කරනව. දැනටමත් ඒ පිළිබඳව එක්සත් ජාතික පෙරමුණත්, ජනතා විමුක්ති පෙරමුණත්, දෙමළ ජාතික සංවිධානයත් සාකච්ඡා කරමින් සිටිනවා.

ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තුනෙන් දෙකක බහුතර බලයක් නොතිබුණු නිසා රජය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසිදෙනෙක් පමණ ආණ්ඩුවට සහය දක්වන්න කැමැත්ත පළ කරනවා. එහෙම පිල් මාරුවක් සිදුවුණොත් ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් ලැබෙනව. ඊට පස්සෙ අපිට පුළුවන් තුනෙන් දෙකක බහුතරයක් සමගින් විධායක බලතල කප්පාදු කිරීමේ ව්‍යවස්ථා සංසෝධන යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල සම්මත කරගන්න.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *