|

අනුර – මහින්ද කතාබහ චායාරුප ගත් මහින්දගේ කැමරාමන්

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30දක්වා සීමා කිරීමටත් එම ප‍්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේදී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව වැඩි කර ගැනීමට විවිධ උපක‍්‍රම අනුගමනය කරමින් තිබේ. ඒ සම්බන්ධයෙන් ජවිපෙ නායකයින් අතරද කතාබහක් ඇතිවිය. ”එජාපය දැන් උත්සහ කරන්නේ, ජාතික ආණ්ඩු කතාවක් දාලා ඇමති ධුර වැඩිකරගන්න. පැනපු අයටත් ඇමතිකමක් දෙන්න දහං ගැට ගහනවා.” සුනිල් හඳුන්නෙත්ති කීවේය. ”ප‍්‍රගතිශීලි මිනිස්සු එකතුවෙලා දේශපාලන කුමන්ත‍්‍රණය පැරද්දුවා. දැන් එජාපය හදන්නේ ඉහගෙන කන්න. ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී පිළිගත්තා ඇමති ධූර සඳහා 35 ලිස්ට් එකක් ජනාධිපතිට යැව්වා කියලා. කොහොමද එහෙම කරන්නේ. ඒකත් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. 19න් රිංගලා ජාතික ආණ්ඩු කතා දාලා සන්ධාන කතා දාලා ඇමතිකම් වැඩි කරගන්නයි මේ හදන්නේ.” අනුර දිසානායක පැහැදිලි කළේය. ”ඇමති ධුර 30 සීමාවේ තියන්න කියලා අපි 19 හදන වෙලාවේ ලොකු ෆයිට් එකක් දුන්නා. එජාපය ශ‍්‍රීලනිපය එකතුවෙලා අන්තිම වෙලාවේ තමයි ජාතික ආණ්ඩුව කියන කතාව දාලා ඇමති ධුර 45ක් හදාගන්න වගන්ති දැම්මේ. අපි ඒ වෙලාවෙත් විරුද්ධ වුණා. නමුත් එයාලා බහුතරය නිසා වැඬේ කරගත්තා.” විජිත හේරත් කීවේය. ”ඒ විතරක් නෙවෙයි අපි ඒ වෙලාවේ කිව්වේ අමාත්‍යංශ 30යි ඒ අමාත්‍යංශවලට අදාළ විෂයන් ටිකයි නිශ්චිතව නම් කරමු කියලා. එහෙම වුනානම් අමුතුවෙන් අමාත්‍යංශවල විෂයන් නම් කරලා ගැසට් ගහන්න ඕන නැහැ. ඇමති පත් කළාම විෂයන් ටික නිශ්චිතයි. ඒකට විරුද්ධ වුණේ එජාපය. දැන් එජාපයටම ඒක පාරාවළල්ලක් වෙලා. දැන් අමාත්‍යංශ බෙදිල්ල විකාරයක් වෙලා. ජනපතිට ඕනෑ ඒවා එයා ළඟ. ”පරිවාස ආණ්ඩුව හදපු වෙලාවේ ආණ්ඩුවේ ඇමති ධුර 20යි. එදා ඉඳලම අපි අරගල කළේ ඇමති ධුර ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕනෑ කියලා.” බිමල් රත්නායක කීවේය.
මහින්දගේ අලූත් කැමරාමන්…
පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේ අවසන් දිනයවූ සිකුරාදා දිනයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ජවිපෙ නායක අනුර දිසානායක පාර්ලිමේන්තු ලොබියේදී කතාබහක නිරත වෙමින් සිටියහ. විජිත හේරත්ද ඒ අසල විය. මේ කතාබහ යන අතරතුර විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සිය ජංගම දුරකතනයෙන් අනුර සහ මහින්දගේ කතාබහේ ඡුායාරූප ගැනීමට උත්සහ කළේය. ”ඔබතුමාගේ අලූත් කැමරාමන් දැන් හැම තැනම ඔබතුමාගෙන් පස්සෙන් එනවා නේද? පාර්ලිමේන්තුවට එක්කරගෙන එනවද?” යැයි අනුර දිසානායක, මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේය. මහින්ද සිනාසුනේය. ඡුායාරූප ශිල්පියාට එම කතාව අසුණද නොඇසුණා සේ එම ස්ථානයෙන් නොපෙනී ගියේය.
මේ අතර එදිනම මහින්ද සමරසිංහ, අනුර, මහින්ද අමරවීර, දුමින්ද, විජිත යන අයද පාර්ලිමේන්තු ලොබියේදී සුහද කතාබහක නිරත වෙමින් සිටියේය. ”ඔබතුමාලා අයවැයට ඡුන්දයක් ඉල්ලනවද?” ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරයෙක් අනුරගෙන් විමසීය. ”ඔව්, අපි ඡුන්දයක් ගන්නවා” අනුර කීවේය. විජිත හේරත් අමුතු කතාවක් දැම්මේ එම අවස්ථාවේදීය. ”පොඞ්ඩක් ඉවසගෙන හිටියනම් අයවැයේදී රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න තිබුණා. ජවිපෙ අපි අයවැයට විරුද්ධයි. ඔබතුමාලත් විරුද්ධ වෙලා ආණ්ඩුව වට්ටන්න තිබුණා. හදිස්සි වෙලා අනාගත්තා නේද?” විජිත කීවේය. ”ඒක නම් හරි” ශ‍්‍රීලනිප මන්තී‍්‍රහු කීහ. කෙසේ වෙතත් ඔවුන්ගේ කතාබහෙන් වැටහී ගියේ ජනාධිපතිවරයා විසින් ගත් ක‍්‍රියාමාර්ග ශ‍්‍රීලනිප ඉහළ නායකයින් පවා දැන නොසිටි බවය. මේ අතර ජවිපෙ මන්ත‍්‍රීන්ට දැන ගැනීමට ලැබුණේ ජනාධිපති නීති උපදේශක තනතුරේ සිටි ෆයිසර් මුස්තාපා මීට මාස දෙකකට පමණ පෙර ජනාධිපති නීති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
විජිත හේරත් කිලිනොච්චි යයි.. දිස්ත‍්‍රික් ලේකම් හමුවෙයි…
කිලිනොච්චියේ ඉරණමඩු ජලාශයේ වාන් දොරටු ඇරීමෙන් ඇති වූ ගංවතුරින් අවතැන් වූ භාරතීපුරම්, රත්නපුරම්, කනකම්බිගෙයිකුලම්, ධර්මපුරම් ඇතුළු ප‍්‍රදේශ ගණනාවක ජනතාව තාවකාලිකව වාසය කරන අවතැන් කඳවුරු නිරීක්ෂණය කිරීම සඳහා විජිත හේරත් මන්ත‍්‍රීවරයා සහ රාමලිංගම් චන්ද්‍රෙස්කර් හිටපු මන්ත‍්‍රීවරයා දෙසැම්බර් විසිහයවෙනිදා කිලිනොච්චිය ප‍්‍රදේශයේ සංචාරයක නිරත වූහ. එහිදී ජනතාවට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බැලූ අතර දිස්ත‍්‍රික් ලේකම්වරයා හමුවී අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම පිළිබඳවද සාකච්ඡුා කළේය.
ඉරණමඩු ජලාශය වාන් දොරටු විවෘත කිරීම ප‍්‍රමාද වීම හේතුවෙන් සහ නොදන්වා විවෘත කිරීම හේතුවෙන් මෙම ගැටලූව මතුව ඇති බව ප‍්‍රදේශයේ කළ සංචාරයේදී අනාවරණය වී තිබේ. ”එක පාරම ගංවතුරක් ආවා. අපිට කරකියා ගන්න දෙයක් තිබුණේ නැහැ. ගොඩක් අය, වාරිමාර්ග නිලධාරීන් පවා ගංවතුරට අහුවෙලා තිබුණා.” ප‍්‍රදේශවාසියෙක් මන්ත‍්‍රීවරයාට විස්තර කළේය. ”වාරිමාර්ගයේ මහත්වරු කලින් දැනුම් දෙන්න තිබුණා වාන් දොරටු අරිනවා කියලා නමුත් එහෙම කිසිම දැනුවත් කිරීමක් කරලා තිබුණේ නැහැ. අපි මීට කලින් මේ වගේ අත්දැකීමක් අත්විඳලා නැහැ” තවත් ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය. ”දැන් අපිට ඕනෑ ආධාර ටික ඉක්මනින් ලබාගන්න එකයි. සමහර ආධාර ආණ්ඩුවෙන් බෙදන්නේ ඕන කාලෙට නෙවෙයි. වියලි සහනාධාර එන්නේ වැස්ස කාලෙට. එහෙම සහන අපිට වැඩක් නැහැ.” ගංවතුරෙන් අවතැන් වූවෙක් කියා සිටියේය. වාර්මාර්ග නිලධාරීන් අවශ්‍ය මොහොතේ ක‍්‍රියාත්මක වුවානම් මෙම තත්වය ඇති නොවෙන බව ප‍්‍රදේශවාසීහු මෙහිදී මන්ත‍්‍රීවරයාට අවධාරණය කර සිටියහ.
ඇමති ඇමතිවරු විදෙස් ගතවෙද්දී ජවිපෙ ගෙන් ගෙට යයි...
”නත්තල් කාලේ, අලූත් අවුරුදු කාලේ මැති ඇමතිවරු රට සවාරි යනවා. ඔයාලට විතරයි අපේ ගෙවල් මතක් වෙන්නේ. ජනාධිපතිතුමත් රටම අවුල් කරලා දැන් විදේශ සංචාරවල යනවා. අපිට වැලේ වැල් නැතුව ඉන්නේ.”දෙහිවල ප‍්‍රදේශයේ අත් පත‍්‍රිකා බෙදීමේ වැඩසටහනකට එක් වූ ජවිපෙ නාගරික මන්ත‍්‍රී සමන්මලී ගුණසිංහට ප‍්‍රදේශවාසියෙක් කියා සිටියේය. ”අපි හැමදාමත් ජනතාව පැත්තේ ඉඳලා වැඩ කරන අයනේ. අපි තමයි රටේ ප‍්‍රශ්නයක් වුණාම පළවෙනියට මාධ්‍ය සාකච්ඡුාවක්, පෝස්ටරයක්, අත්පත‍්‍රිකාවක් බෙදලා ජනතාව දැනුවත් කරන්නේ. අපි දැනුත් කරන්නේ රටේ ජනතාව දැනුවත් කරන එක. දෙසැම්බර් 31 වෙනකල් අපි මේ අත්පත‍්‍රිකා බෙදන වැඩසටහන කරනවා. ජනවාරි ඉඳලා අපේ රටේ ජනතාව අලූත් පියවරක් තියන්න ඕනෑ. ඒ වෙනුවෙන් තමයි අපි මේ දැනුවත් කිරීම කරන්නේ.” සමන්මලී ගුණසිංහ කියා සිටියේය.
මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණ ‘කුමන්ත‍්‍රණය පරාදයි, සැබෑ ජනතා ජයග‍්‍රහණයට පෙළගැසෙමු’ මැයෙන් අත්පත‍්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. එහිදී ගෙන් ගෙට යමින් ජවිපෙ සාමාජිකයින් විසින් මෙම පත‍්‍රිකා බෙදාහැරීම සිදුකරන අතර පළාත් සභා මන්ත‍්‍රීවරුන් පළාත් පාලන ආයතන මන්ත‍්‍රීවරු මේ සඳහා සහභාගි වෙති. දෙසැම්බර් 31 දක්වා මෙම වැඩසටහන ජවිපෙ විසින් ක‍්‍රියාත්මක කරමින් සිටියි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *