මහින්ද රාජපක්ෂව විනශකරලා අපිව ශක්තිමත් කළේ මෛත්‍රීපාල ජනාධිපතිතුමායි – රන්ජන් රාමනායක

අවුරුදු හතර හමාරක් යන තුරු ආණ්ඩුව විසුරුවන්න බෑ කියූ ඒ වත්මන් අගවිනිසුරු ඇතුළු විනිසුරු මඩුල්ලට මුළු ලංකාවෙම ප්‍රණාමය හිමිවිය යුතුයි. ඒක මුළු ජනතාවම බලාපොරොත්තු වූ තීන්දුවක්. අද ජනතා පිබීදීමක් තියෙන්නෙ ඒ නිසයි. අද යූ.එන්.පී. එක නැගිටලා අලියා කුලප්පුවෙලා ඇවිල්ලා තියෙන්නෙ. ඒ සේරම කළේ වෙනින් කවුරුත් නෙමේ, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි අපිට මේ ඉන්ජක්සන් එක ගහල පණ ගහල මේ තත්ත්වයට ගෙනාවෙ කියල මම මේ අවස්ථාවෙදි කියන්න ඕනෙ. ඒතුමට අපි ස්තූති කරන්න ඕනෙ. එතුමට මම ආදරෙයි. එතුමා මේ කරන දේවල් හරහා අපිට තමයි හොඳ. මහින්ද රාජපක්ෂ මහත්තයට අපිට ගහන්න දෙයක් ඉතුරු කෙරුවෙ නෑ. මහින්ද ලොක්කා ගෙනල්ලා පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ පොළොවෙ ගැහුවා මෛත්‍රිපාල ලොක්කා.

පොහොට්ටුව කියල එකක් ගෙනාවා. සාමාජිකත්වය ඉල්ලලා සාමාජික ඉල්ලුම් පත්‍ර දික්කරලා මම දැක්කා නාමල් රාජපක්ෂ මහත්තයා ඇතුළු මේ සියලු දෙනා අපි පොහොට්ටුවෙ, අපි පොහොට්ටුවෙ කියලා ටී.වී. එකේ කිව්වා. විසි හය දෙනෙක් කිව්වා. දැන් කියනව එහෙම එකක් දන්නෙත් නෑ කියල. දැන් ජී.එල්. පීරිසුයි ක්‍රිකට් ගහන දිල්ෂානුයි විතරයි පොහොට්ටුවට ඉතිරිවෙලා ඉන්නෙ. තව ටික කාලෙකින් ජී.එල්ලුත් කියයි මාත් පොහොට්ටුවෙ නෙමෙයි කියල. මේ දේවල් පිටිපස්සෙ ඉන්න මහා මොළකරු කවුද? මෛත්‍රිපාල. එයා අපිට සතියකට වරක් මොකක් හරි කරල ඡන්ද හදලා දෙනව. ඇත්තටම අපි එතුමාට ගරු කළ යුතුයි එතුමා ඒ කරපු දේ හින්දා තමයි අද මහින්ද මහත්තයා හිටපු ජනාධිපතිතුමා පෙරේතයා පොළොවෙ ගැහුවා වගේ වැටිලා ඉන්නව.නන්න්තාර වෙලා ඉන්නව. අර හිටපු යුද වීරයව පාර්ලිමේන්තුවෙ මන්ත්‍රි කෙනෙක් කරල, පොහොට්ටුවෙ සාමාජිකයෙක් කරල, සුමාන හතරෙ අගමැති කෙනෙක් කරල පච කරල පීචං කරල දැම්මේ වෙනින් කවුරුත් නෙමෙයි මෛත්‍රියි. ගහන්න අප්පුඩියක් එතුමට. ඉදිරියටත් එතුමට තව දේවල් කරන්න ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනව. මහින්ද මහත්තයා ඉස්සරහට නගර සභාවට විතරක් නෙමෙයි ගමේ මරණාධාර සමිතියෙ සභාපතිකම ඉල්ලයිද දන්නෙත් නෑ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *