ඩොලර් 320,000ක් වංචා කිරීම ඇතුළු මුල්‍ය වංචා දෙකක් ,මුදල් විශුද්ධිකරණ වංචා දෙකක් සහ ආගමන වංචාවක් ගැන ජාලියට අධිචෝදනා

නව තානාපති ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා රජයේ අර මුදල් වලින් අමෙරිකානු ඩොලර් 320,000 ක් වංචා කිරීමට සම්බන්ධ තොරතුරු තාක්ෂණය යොදා ගෙන සිදු කරන ලද මුල්‍ය වංචා 2ක්, මුදල් විශුද්ධිකරණ වංචා දෙකක් සහ ආගමන වංචාවක් යන චෝදනා යටතේ අමෙරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාට අමෙරිකා එක්සත් ජනපද රජය චෝදනා ඉදිරිපත් කැර ඇත.

2008 වසරේ අගෝස්තු මාසයේදී එක්සත් ජනපදය සහ මෙක්සිකෝව සඳහා තානාපති ලෙස ජාලිය වික්‍රමසූරිය මහතා පත් කරනු ලැබුවේ ඔහු ගේ ඥාති සහෝදරයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි.2012 සිට 2014 නොවැම්බර් දක්වා කාලය තුළ හෝ ඊට ආසන්න දින සිට, ජාලිය වික්‍රමසූරිය මහතා තානාපති කාර්යාලය සඳහා සිදු කළ මිලදී ගැනීම්වලින් ශ්‍රී ලංකා රජයට වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීම සඳහා සැලසුම් කර ඇති බව අමෙරිකාවේ කොළොම්බියා  දිස්ත්‍රික් උසාවිය විසින් පසුගිය සතියේ ඉදිරිපත් කර ඇති අධිචෝදනා ප්‍රකාශයේ සඳහන් වේ.

මෙම වංචාව පිළිබඳව 2014 දී එක්සත් ජනපද රජය විසින් එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දුන්නද ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔහුට විරුද්ධව අපරාධ නඩු කිසිවක් ඉදිරිපත් කර නොතිබූ අතර, එක්සත් ජනපදයේ හිටපු තානාපතිවරයාට චෝදනා කිරීම මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *