ජාලිය වික්‍රමසුරියට අමෙරිකාවෙන් නඩු – මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක්

ඇමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාට එරෙහිව නඩු පැවරීමට ඇමරිකානු රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වෙයි . මුදල් විශුද්ධිකරණය , ආගමන විගමන වැරදි ඇතුළු චෝදනා පහක් යටතේ ඔහුට එරෙහිව නඩු පැවරෙනු ඇත . මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සින වන ජාලිය වික්‍රමසුරිය මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ ද නඩුවක් ගොනු වී ඇත . මෙරට විදේශ තානාපතිවරයකුට ඔහු සේවය කළ  රටේදීම නඩු පැවරෙන පළමු අවස්ථාව මෙයයි . මෙම චෝදනා එල්ලවීමෙන් පසුව ජාලිය වික්‍රමසුරිය මහතාට කිසිවිටෙක තානාපති වරප්‍රසාදවල රැකවරණ නොලැබෙන බව කියති .

මෙම චෝදනා ඔප්පු වුවහොත් ජාලිය වික්‍රමසුරිය මහතාට ඇමෙරිකාවේ සිර දඩුවම් විදීමට සිදුවනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *