මහාබැංකු හොරකමේ පළමු විත්තිකරු වන මහින්ද රාජපක්ෂ මහතාට තමයි අගමැතිකම හොර රහසේ දුන්නේ – සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුවේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර

අපි ඉදි‍රියේ තවමත් විසඳුණු නැති ප්‍රශ්න දෙකක් තියනව. ඒ වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විදිහට ඉදිරියටත්  ක්‍රියාකළ යුතු බවයි මගේ අදහස. එකක් තමයි, ඔක්තෝබර් 26 පටන් ගත්තු කුමන්ත්‍රණකාරී යටි අරමුණ තවම ජනාධිපතිතුමාගෙන් ඉවත් වෙලා නැති බව තමයි ලේකම්වරු පත්කිරීම සහ සමහර යෝජිත නම් කැපීම හරහා පේන්නේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් ඔහුගේ අනීතික ක්‍රියාවලියට, එහෙම නැත්නම් ව්‍යවස්ථා විරෝධීත්වයට ඒ සඳහා සාක්ෂි සපයන කරුණු දන්නා අයට එරෙහිව කටයුතු කිරීම තමයි ඔහුගේ එක අරමුණක් වෙලා තියෙන්නේ. ඒ එක්කම ඔහු සාමාන්‍යයෙන් ජනාධිපතිවරයකුට නුසුදුසු ක්‍රියාවක් කළා, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පත්කිරීම.

ඔහු ඉවත් කිරීමෙන් පසු, ගෞරවණීය අධිකරණයට පින්සිදු වන්නට අපට රට යළි ප්‍රජාතන්ත්‍රවාදි මාවතට ගෙන යන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව ඔහු 225 කිව්වත් දෙන්නෙ නැහැ කියල, නමුත් අගමැතිකම දුන්නාම මාධ්‍යයට වාරණයක් දාලා, ඒ මොහොත වෙනකොට ජනමාධ්‍ය පිළිබඳ වගකීම ඔහුටයි තිබුණේ. අනීතික ඇමතිවරයෙක් හැටියට. ඒ වෙලාවේ ඔහු කරපු මාධ්‍ය දක්ෂකම තමයි මාධ්‍යට ඒ උත්කර්ෂවත් අවස්ථාව වාරණය කිරීම. එහෙම වාරණය කරලා ජනාධිපති ඒකකය විසින් සංස්කරණය කරන ලද කතාවක් ඉදිරිපත් කළා විනාඩි හතලිස් ගාණක. විනාඩි විස්සක් විදිහට ප්‍රචාරය වෙච්ච අවස්ථාත් තියනව. එහිදී ඔහු පැහැදිලිවම කළේ අගමැතිවරයාට සුබ පැතීම වෙනුවට දෙහිකැපීම, ළඟ තියාගෙන දෙහි කැපීම. ඒ වුණාට ඔහුට අමතක වුණා ඔහු විසින්ම තමයි නීති කඩල තියෙන්නෙ කියල. මහබැංකුව පිළිබඳ කොමිසමක් දැම්ම, අගමැතිවරයා බොහෝ කාර්යක් කරල තියනවා. ඔහු සාක්ෂි දීලා තියෙනව. ඊට සම්බන්ධව දෙදෙනෙක් රිමාන්ඩ් බන්ධනාගාර‍යේ ඉන්නවා. යම් මුදල් ප්‍රමාණයක් නැවත ලබාගෙන තියෙනව. ඒවා රජය බාරයේ පවතිනවා. අර්ජූන මහේන්ද්‍ර කැඳවන්න වරෙන්තු නිකුත් කරල තියෙනව. ඔහු අත්අඩංගුවට නොගැනීම අගමැතිවරයාගේ වරදක්ද? සිංගප්පූරුවෙ වරදක්ද? නැත්නම් අපේ වෙනත් අයගෙ වරදක්ද? කියල තව හොයලා බලන්න ඕනෙ. නමුත් ඒවා දැනගෙන ජනාධිපති කොමිසමේ සහතික කරපු පෙන්වා දුන්න කරුණක් තියනවා. මේ මහා බැංකු හොරකම ගැන රනිල්ට දොස් කියද්දි එහි මුල තියෙන්නෙ ඊටත් කලින් කියල. මහා බැංකු හොරකමේ පළමු විත්තිකරු වන මහින්ද රාජපක්ෂ මහතාට තමයි ඔහු අගමැතිකම හොර රහසේ දුන්නේ. අජිත් නිවාඩි කබ්රාල්ට වගේ ඔහුට අර්ජූන මහේන්ද්‍ර වගේ මතක් කරන්න වෙලාවක් තිබිලා නෑ. මොකක් හරි අමතක වීමක් තියෙන්න පුළුවන්. එම කොමිසම දුන්න වාර්තාවන්ට ඔහු මොනවද කළේ කියන ප්‍රශ්නය තියෙනව. ඒ නිසා ඔහු ඔහුගේ කාර්යයන් මග හැරලා දැන් කකුලෙන් ඇදීමේ ක්‍රමය, දෙහි කැපීම ඔහු කරගෙන යනව. ඔහු එච්චර මනාපයෙන් නෙමෙයි ඉන්නේ. ඔහුගේ විරෝධය දිගටම තියෙනවා කියන එක පේනවා.

ඔහු පොතක් ගැහුවා ‘මෛත්‍රි පාලනය යනු කුමක්ද?’ යනුවෙන්, ඒක අනුව තමයි මිනිස්සු ඡන්දෙ දුන්නෙ. ‘ඒ පොතට මොකද වුණේ?’ කියල ජනාධිපතිතුමාගෙන් අහන්න ඕනෙ. ඒ පොතටත් වුණේ ව්‍යවස්ථාවට වෙච්ච එකමද? එතකොට ඔහු දෙකක් උල්ලංගනය කරල තියෙනව. එකක් තමාගෙම වචන උලලංගනය කරල තියෙනව. අනිත් පැත්තෙන් ඔහුව මූලික කරගෙන ජනබලවේගයක් විසින් සකස් කරපු 19 වෙනි ව්‍යවස්ථාවත් උල්ලංගනය කරල තියෙනව.

අපිට ඉදිරියෙදි කරන්න කරුණු දෙකයි තියෙන්නෙ. විශේෂයෙන්ම පවතින රජයේ ඉදිරි කාලය මැතිවරණ බාධා නොකරමින් ඒ කටයුතු කරන්නට ඉඩ දීම. නැත්නම් ජනාධිපතිවරණයක් කැඳවා ඔහුගේ තියන දේශීය ඕනැකම, දේශීය සිහිනය, විදෙස් පිළිවේත් වලින් තොරව කරන්න පුළුවන් මහා සංවර්ධනය වෙනුවෙන් ඔහුගේ සිහිනය ක්‍රියාත්මක කිරීම සඳහා මැතිවරණයක් ඉල්ලා ගැනීම. එතකොට ජනතාව කියයි ඔහු ජනාධිපතිකරවද නැද්ද කියන කාරණය. අනිත් පැත්තෙන් ප්‍රශ්නතමයි අර පරාජපක්ෂ නැත්නම් පරාජය වෙච්ච රාජපක්ෂ දින පණස් එකක් හොරට වැඩ කරල පළමු දින විස්සෙන් රට භාගයක් විනාශ කරන්න පාවිච්චි කළා.

දැන් මුළු රටම ජාතිවාදී රැල්ලකට අරඅඳිමින් තියනව. සමහර මාධ්‍යවල ලේඛකයන් ලවා අවුස්සනව. මම හිතනවා තව ටික දවසකින් අර බෞද්ධ ජාතිවාදීන් විසින් ඉදිරියට මේ වැරැද්ද කරයි කියල.  ටී.එන්.ඒ. එක තමයි ඔවුන්ට මේ පිළිබදව තියන ලොකුම සැකය. ඒ නිසා ඒ දුවිඩ ජාතික සංවිධානයට බිල්ලා ලේබලය ඇලවීම.

අනීතික රජය ඉවත් කිරීම සඳහා මහජතාවගේ, සිවිල් ජනතාවගේ අරගලයන් වලට දේශපාලන ශක්තියක් වුණේ ඔවුන්. ඒ නිසා ඔවුන්ට අව්‍ය වුණා නම් මේ රට විනාශ කරන්න ඔවුන්ට ඒක කරන්න තිබුණා. ඔවුන් ශ්‍රී ලාංකික රටක් රැකගන්න තමයි එහි පාර්ලිමේන්තුව රැකගන්නට තමයි. එහි ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න තමයි ඔහු මැදිහත් වුණේ. ඔවුන් කතාකරන සිංහලවත් හරියට කියව ගන්න බැරි සිංහලයන් තමයි ඉන්නෙ. සුමන්තිරන් මහතාගේ සිංහල දේශනහරි සම්පන්දන් මහතාගේ සිංහල දේශනහරි කියැව්වනම් තේරෙනවා මොවුන් කතාකරන්නෙ මොකක්ද කියල. මොවුන්ට ජාතිවාදී උවමනාවන් නැහැ. ඒ නිසා මේ ජාතිවාද අනිවාර්යෙන්ම පැරදවිය යුතුයි. බලලෝභි පිරිසක් තමයි මේ ජාතිවාදි රැල්ල අවුසන්නේ. එයින් තමයි මොවුන් දිනන්න හදන්නෙ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *