නීති විරෝධි අගමැතිවරයා කළ පොදු දේපල අවබාවිතය නිසා වූ පාඩුව නීති මගින් අයකර ගත යුතුයි – නීතිඥ නාමල් රාජපක්ෂ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චේතනාන්විතව උල්ලංගනය කිරීම බරපතල අපරාධයක් සහ වරදක් විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන කණ්ඩායම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ හොත් ප්‍රජාඅයිතිය, ජනාධිපතිවරයෙක් නම් දෝෂාභියෝග චෝදනාවකට පවා ලක්විය හැකියි. ජනාධිපතිවරයා දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පවතිනවා.

නීති විරෝධි අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය පහසුකම් බලහත්කාරයෙන් ප්‍රායෝජනය ගනිමින් මේ පොදු දේපල අවනීතියට භාවිතා කරල තියෙනව. ඒ වගේම ගුවන් හමුදාව සතු හෙළිකොප්ටර් යානා පාවිච්චි කරල රටට බිලියන ගණනක් පාඩු කරල තියෙනව. ඒක නිසා අපි ඒවා අයකර ගත යුතුයි.

ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් ඔක්තෝබර් 26 වනදායින් පසුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එකතුව කරන ලද කුමන්ත්‍රණය නැවත ආපසු හැරෙවුවට පස්සෙ, නීතිඥවරු වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා, මොකද 1978 ව්‍යවස්ථාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා අනිකුත් ආයතන පිළිබඳ නීතිඥයො වශයෙන් අපි සතුටු දායක වෙන්නෙ නැති වුණාට මේ රටේ සම්මත වෙලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අප හැමෝම එකඟ විය යුතුයි. ඒ නිසා ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පාලනය වෙන්නා වූ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා චේතනාන්විතව උල්ලංගනය කිරීම බරපතල අපරාධයක් සහ වරදක්. ඒ නිසා විශේෂයෙන්ම රාජ්‍ය පාලනය කරන කණ්ඩායම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළ හොත් ප්‍රජාඅයිතිය, ජනාධිපතිවරයෙක් නම් දෝෂාභියෝග චෝදනාවකට පවා ලක්විය හැකියි.

ජනාධිපතිවරයා දැනටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් පවතිනවා. නීතිය හා සාමය අමාත්‍යාංශය තමන් ගාව පවත්වාගෙන යාම 19 වන සංසෝධනය අනුව ව්‍යවස්ථාව උල්ලංගනය කිරීමක්. දැන් මේ දිගින් දිගටම, ජනාධිපතිවරයා විතරක් නෙමෙයි සමහර දේශපාලඥයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිගින් දිගටම උල්ලංගනය කිරීම් අපි දැක්කා. හොඳම උදාහරණය තමයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි තීන්දුවක් ලබාදී තියෙද්‍දි, ගරු නීතිපත් තුමා කියල කියන්නේ ලංකාවේ ජනතාව‍ගේ මූලික අයිතිවාසිකම් රකින්න ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයා පවා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමට තමයි කටයුතු කළේ. විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරින්, විශේෂයෙන් පොලිස්පතිතුමා පවා තමාගේ රාජකාරිය බාර ගනිද්දි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව ක්‍රියාකරනව කියල තමයි තමන්ගෙ රාජකාරිය බාරගන්නෙ. ඒක නිසා පසුව ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයෙන් පස්සේ නීතිපතිතුමා හා පොලිස්පතිතුමා හැසිරිච්ච ආකාරය ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවත් එක්ක ඔවුන් දෙදෙනාම ව්‍යවස්ථාව උල්ලංගනය කරල තියෙනව කියල අපිට පැහැදිලියි.

මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලය රිට්ට ආඥාවක් මගින් අත්හිටුවල. නීතිඥවරුන් වශයෙන් අපි බලාපොරොත්තු වෙනව ආණ්ඩුවෙ රාජ්‍ය නිලධාරින්, ඇමතිවරුන් ඔක්තෝබර් 26 වෙනි දින සිට පොදු දේපල පරිහරණය කිරීම. විශේෂයෙන් නීති විරෝධි අග්‍රාමාත්‍ය වරයා අග්‍රාමාත්‍ය කාර්යාලයේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය පහසුකම් බලහත්කාරයෙන් ප්‍රායෝජනය ගනිමින් මේ පොදු දේපල අවනීතියට භාවිතා කරල තියෙනව. ඒ වගේම ගුවන් හමුදාව සතු හෙළිකොප්ටර් යානා පාවිච්චි කරල රටට බිලියන ගණනක් පාඩු කරල තියෙනව. ඒක නිසා අපි ඒවා අයකර ගත යුතුයි. මොකද හේතුව 2015 ට පෙරත් එවන් අවනීතික ක්‍රියාවලටත් සාධාරණය ඉටු වුණේ නැහැ. ක්‍රියාත්මක වුණේ නැහැ. අපි සිවිල් සංවිධාන වශයෙන් හා නීතිඥයන් වශයෙන් විශේෂයෙන් පහුගිය දින 50 තුළ අනිතික ලේකම්වරු අනීතික නිලධාරින් පාවිච්චි කරපු රාජ්‍ය දේපළ සම්බන්ධයෙන් අපි මේ දවස්වල සමීක්ෂණයක් කරමින් පවතිනව. ඒ නිසා ඒම පුද්ගලයින්ගේ ධුර අහිමි කිරීම සඳහා අපි රිට්ට ආඥ්ඥාවක් ගේන්න බලාපොරොත්තු වෙනව.

නීතිපතිතුමාගේ ප්‍රධානම කාර්යබාරය තමයි ජනාධිපතිතුමා වෙනුවෙන් නඩුවට පෙනීසිටිම. නමුත් මේ වෙලාවේ සියලුම නිලධාරින් පෙනීසිටියේ කුමන්ත්‍රණයක් වෙනුවෙන්. කිසිම අවස්ථාවක කුමන්ත්‍රණ නඩුවකට නිලධාරින් පෙනී සිටල නැහැ මේ ආකාරයට. අපි නීතිඥවරු වශයෙන් බලාපොරොත්තු වෙනව සිවිල් සංවිධාන සමග එකමුතු වෙලා, මේ රජය මේ කාර්යබාරය නොකළත් ඉදිරියේ දී පත්වෙන්නා වූ කිසිම නිලධාරියෙක් කිසිම පාලකයෙක් මේ වගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය නොකිරීමට පුර්වාදර්ශයක් වශයෙන්, දිගින් දිගටම මේ කඩකිරීම් වලක්වා ගැනීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම 19 වැනි සංශෝධනයෙන් වෙන කිසිදෙයක් නොතිබුණත් අධිකරණය ස්වාධින කිරීමම ප්‍රමාණවත් යහපාලන ආණ්ඩුව කරපු කාර්යබාරයට. මොකද හේතුව, අධිකරණය ස්වාධීන නම් රටේ ජනතාවගෙ ආර්ථික සමාජීය කාරණාවන් රාශියක් විසඳා ගැනීමේ හැකියාවක් තියනව. විශේෂයෙන්ම දූෂිත ක්‍රියාවන් සම්බන්ධව අධිකරණයට යාහැකියි. පත්වීම් නීතිවිරෝධිනම් අධිකරණයට යා හැකියි. 19 ‍වැනි සංසෝධනයෙන් ඇති කරණ ලද තත්ත්වයත් එක්ක ශ්‍රේෂ්ඨාධිකරණය හා උපරිමාධිකරණයන් තුළ ඇති කරන ලද තත්ත්වයන් රටට ලැබිච්ච ලොකුම වාසනා සම්පතක්.

මේ තත්ත්වය උපයෝගිකරගෙන අපි බලාපොරොත්තු වෙනවා පසුගිය කුමන්ත්‍රණකාලෙ දි අනීතික විධිහට ක්‍රියාකරපු නිලධාරින් විශේෂයෙන්ම ආණ්ඩුක්‍රම වයවස්ථාව උල්ලංගනය කළ පුද්ගලයන් විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට. ඔවුන්ගේ ධුරයන් රිට්ට ආඥාවන් මගින් පහකිරීමට හැකි අවස්ථාවන් අපි සලකා බලමින් ඉන්නවා. රජය පහසුකම් හදාදෙන්නෙ නැත්නම්, නීතිඥවරුන් වශයෙන් සමාජයෙන් ඉල්ලා සිටිනවා අපිට ඒ සම්බන්ධව අධාර කරන්න කියල, අපි බලාපොරොත්තු වෙනව නීතිඥවරුන් වශයෙන් ඔබ සියලු දෙනාම නීතියට ගරු කරන අධිකරණයේ ස්වාධීනත්වයට ගරුකරන නිතියේ ආධිපත්‍යට ගරුකරන සමාජයක් බිහිකිරීම සඳහා අපි සමඟ එකමුතු වෙන්න අත්වැල් බැඳගන්න කියල ඉල්ලා සිටිනවා.

මනෝජ් රූපසිංහ   

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *