කරපු කුමන්ත්‍රණය ඉවර වුණාට තව කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙනවා – මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල්

අපිට පේන්න තියනව, අධිකරණ තීන්දුවක් අනුව එක්සත් ජාතික පක්ෂයට බලය හම්බුවුණාට, ඒක කරගෙන යන්න දෙනේනෙ නැතිව කකුලෙන් අදින කලාවක් පේන්න තියෙනව. මම හිතන්නෙ රටක නායකයෙක් වශයෙන් නොකළ යුතු වැඩ කෙරෙමින් පවතිනව. රටක නායකයෙක් මේ විදිහට හැසිරුනොත් එහෙම, ඉතිහාසයේ තියනවා ඕන තරම් රටවල් වල උදාහරණ ඒ රටවල නායකයො රට ගැන ජාතිය ගැන අනාගත පරම්පරාවල් ගැන හිතන්නෙ නැතිව මේ විදිහට කරල ඒ රටවල් අනාථ වෙලා තියෙනව. ඒක ඉතිහාසය ගත්තත් රටවල් ගත්තත් අපට උදාහරණ තියනව. ජාතියේ නාමයෙන් මේ රටේ ඉන්න නායකයන් ගෙන් ඉල්ලන්නෙ ඒ පහුගිය දේවල් අමතක කරල කුලල් කාගන්නෙ නැතුව රට ගැන හිතලා ජාතිය ගැන හිතලා අනාගත පරම්පරාව ගැන හිතලා දෙගොල්ල එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරන්න කියල. එහෙම නොකොළොත් එහෙම ඉදිරි පරම්පරාව අනිවාර්යෙන්ම මේ කට්ටියට සහ ගහන අපරාධයක් කෙරුවා කියල චෝදනා එල්ල කරනව.

දැන් බැලුවාම තාම තරහා නිවිලා නෑ වගේ අපේ නායකයගෙ. කරන වැඩ දිහා බලපුවාම තාමත් ඒ කරපු කුමන්ත්‍රණය ඉවර වුණාට තව කුමන්ත්‍රණ කරගෙන යමින් පවතින ස්වරූපයක් තමයි අපිට පේන්න තියෙන්නෙ. ඒක නිසා අපි හිතනව මේ සිවිල් සමාජවල ඒ වගේම වෘත්තිය සමිතිවලත්, රටේ උගත් බුද්ධිමත් අයගෙත් යුතුකමක් තියනව මේකට මැදිහත් වෙන්න. අපි ජයග්‍රහණය කරලා කියලා හිටියොත් එහෙම රටට විනාශයක් අත ළඟ විත්තිය තමයි පේන්න තියෙන්නෙ. ඒක නිසා මේ අවස්ථාවෙදි මම හිතන්නෙ අපි සියළු දෙනාම තිබුණු වාතාවරණය වෙනස් කරන්න අපි සටන් කළා වගේම ඉදිරියෙදිත් රටේ අනාගතය ගැන හිතලා රට ගෙනයන මාර්ගය දිහා බලලා, රජය කරන වැඩ දිහා බලලා, රජයට අවශ්‍ය උපදෙස් ඒ වැරදි පාරේ යනව නම් හරි පාරට දාලා විවේචිනය කරමින් රට ඉස්සරහට ගෙනියන මාවතට රජය ගන්න එක තමයි මම හිතන්නෙ සිවිල් සංවිධානවලත් අනිත් උගත් බුද්ධිමත් වෘතියවේදින්ගෙත් කාර්ය වෙන්නෙ.

ඒක නිසා අපි ඉදිරියටත් අපේ කාර්යය රට වෙනුවෙන් කරන්න අවශ්‍යයි. ඉස්සරහට තියන කාර්ය කළ කාර්යට වඩා ඉතාමත් වැදගත්. මොකද නැත්නම් මේ රටට යන විදිහ ඒතරම් සුදුසු නෑ. පාළකයන් කුලල් කා ගැනීම තුළින් රට ඉතාමත් අගාදයකට යන්න පුළුවන්. ඒ නිසා සිවිල් සංවිධාන වශයෙන් අපි අවධියෙන් ඉන්න ඕනැ. මේක යථා තත්ත්වයට පත් කරල මේ රට හරි මාර්ගයට අ‍රගෙන නායකටයන්ටත් කරන වැඩ වැරදියි කියල බය නැතිව විවේචනය කරන්න අපි සියලු දෙනාම එක්වෙන්න ඕනැ. එක්සත් වෙන්න ඕනැ.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *