බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න පොහොට්ටු පක්ෂය දැන් බැරිවෙලා – සමන් රත්නප්‍රිය

පොහොට්ටුව පක්ෂය සෑහෙන සද්ධයක් දාලා, හඬක් දාලා, පිපිලා ඉස්සරහට ආවා. පළාත් පාලන ඡන්දයෙනුත් ඉස්සරහට ආවා. දැන් ඒ පක්ෂයට හැකියාවක් තියන බවක් පෙ‍්න‍්නෙ නැහැ බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න. සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය එසේ පැවසුවේ ඊයේ (23) හවස රාජගිරියේ පිහිටි හෙදි වෘතිය සමිති මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදීය.

රට දියුණුවන්න ඕනැ නම්, ආණ්ඩුව සහ ප්‍රධාන විධායකය එකට යන්න ඕනැ. ඒ පිළිබඳ අපට ප්‍රශ්නයක් තියනවා මේ සිද්ධවෙන ක්‍රියාදාමයන් හරහා. ඇමති ධුර පත්කිරීම් සහ ඊට අදාල ගැටළු කිහිපයක් අපි දැක්කා. මහින්ද රාජපක්ෂ මහත්යා එත්ක සම්මුඛ සාකච්ඡාවක් කරල කිව්ව මූලික කාරණාවක් පිළිබඳව මූලික අදහසක්  කියන්න තමයි සූදානම් වෙන්නෙ.

පොහොට්ටුව පක්ෂය සෑහෙන සද්ධයක් දාලා, හඬක් දාලා, පිපිලා ඉස්සරහට ආවා. පළාත් පාලන ඡන්දයෙනුත් ඉස්සරහට ආවා. දැන් ඒ පක්ෂයට හැකියාවක් තියන බවක් පෙ‍්න‍්නෙ නැහැ බැනර් එකක් දාගෙන මාධ්‍ය සාකච්ඡාවක්වත් තියන්න. මහින්ද රාජපක්ෂ මහත්මයාලා මීට මාස එකහමාරකට දෙකකට විතර කලින් ප්‍රචාරාත්මක වැඩක් විදිහට බොහොම ප්‍රසිද්ධියෙ මේ පොහොට්ටුවෙ සාමාජිකත්වය ගත්ත. තාත්තා සාමාජිකත්වය ගත්තා, ඊට පස්සෙ පුතාට අනෙක් අය සාමාජිකත්වය දෙන බව අපට පෙනුණා. ඊට පස්සෙ ඉතුරු වුණේ බොහොම කුඩා කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. හැබැයි දැන් නීතිමය කාරණාවක් මතු කරපු ගමන් ඒ කියන්නෙ, එක්සත් ජනතා නිදහස් සංධානෙන් තමයි මේ ගොල්ල ඡන්දෙ ඉල්ලුවෙ. පාර්ලිමේන්තුවට ආවේ. වෙනත් පක්ෂයක සාමාජිකත්වය ගැනීම මන්ත්‍රි ධුරය අහෝසි වීමට කරුණක් බව ඉතාම පැහැදිලියි.

ඒක පැහැදිලිවම ආණ්ඩුක්‍රම වයවස්ථාවේ සඳහන් වෙනව, මාසයක කාලයකින් පස්සෙ ඡන්දෙ ඉල්ලු පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලිඛිතව දැනුම්දීමක් කළොත් මැතිවරණ කොමසාරිස්වරයට මැතිවරණ කොමසාරිස්වරය ඒ ගැන සොයල මැතිවරණ කොමසාරිස්වරයගෙ නිර්දේශය යැව්වොත් පාර්ලිමේන්තු මහලේකම් වරයට පාර්ලිමේන්තු මහ ලේකම් වරයා තීරණය කරනව, ඊට පස්සෙ ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රි ධුරය අහෝසියි කියල. දැන් මේ ක්‍රියාදාමය සිද්ධවෙයි කියල බයක් තියනව. හදිස්සියට තදියමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අවුල් කරල පොහොට්ටුවට ගියා වගේ නෙමෙයි දැන් නීතියට අදාලව කටයුතු සිද්ධ වෙනකොට ඒකට මුහුණ දෙන්න බයක් තියනව. ඒ බය නිසා මාධ්‍යවේදින් අහනකොට, රටේ මිනිස්සු අහනකොට දැන් පොහොට්ටුට වෙනදේ මොකක්ද කියල. අපි පොහොට්ටුවෙ නෑ. අපි සාමාජිකත්වය ගත්තෙ නැහැ කියල පට්ටපල් බේගල් කියන්න පටන් අරන් තියෙනව. මේ වගේ දේශපාලඥයො තමයි අපේ රට කරන්න ඉල්ලන්නෙ. රට කරවන්න ඉල්ලන්නෙ. තමන් කරපු දේ වැරදි හෝ හරි ඒක පිළිඅරගෙන ඒකට ඒකට පිළියමක් යෝජනා කරනව වෙනුවට ඉතාම කැත විදිහට, අශිෂ්ඨ විදිහට අපි ඒකෙ සාමාජිකත්වය ගත්තෙ නැහැ. අපි එහෙම පක්ෂයක නැහැ. අපි එහෙම එකක් දන්නෙ නෑ. ඔප්පු කරන්න පුළුවන්ද? ලේඛන තියනවද කියල රටේ මිනිස්සුන්ගෙන් අහනව. මොනතරම් නරක වැඩක්ද මේ කියලා රට ඒ අයගෙන් පෙරළා ප්‍රශ්න කළ යුතුයි.

අද එක්තරා පුවත්පතක මහින්ද රාජපක්ෂ මහත්තයගෙ සාකච්ඡාවක් තිබුණා, පිටුවක් පුරා ගිය සාකච්ඡාවක් හැබැයි එකම එක ප්‍රශ්නයක්වත් පෙහොට්ටුව ගැන අහල නෑ. හරි පරිස්සම් වෙලා තියනව ඒකෙදි පොහොට්ටුව ගැන නො‍අහන්න හා පොහොට්ටුව ගැන නොකියන්න. ඒකත් එක උපායක්. මතු කළ යුතු ප්‍රශ්නය ඒ ආකාරයට කැත විදිහට කරපු හැසිරීම පිළිබඳව ප්‍රශ්න නොනගා යනව. හැබැයි ඒක මාධ්‍ය පැත්තෙතුනුත් වගකීම් පැහැර හැරීමක්  හැටියට අපි දකින්නෙ. එසේ කිරීම මේ රටේ අනාගතයට හොඳ නැහැ. එක එක කාරණා උඩ එහෙම කරනවා වෙන්න පුළුවන්. නමුත් මේක අනාගයට හොඳ නැහැ.

අපි මාධ්‍යයෙන් මාධ්‍යවේදින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතාම ගවේෂණාත්මක මේ රාජකාරියක්. ඒ නිසා මේ වගේ කැත විදිහට රටේ මිනිස්සු අමාරුවෙ දාන්න, නීතිය අමාරුවෙ දාන්න, බොරු කියන්න හදනව නම් රටේ ප්‍රධාන දේශපාලඥයෝ, පෙරළා නැවත නැවත ඒ අයගෙන් ප්‍රශ්න කළ යුතුයි. ‘මොකක්ද තමුසෙලා මේ කරන්නෙ කියල?’ එහෙම එකක් සිදු නොවීම කණගාටුවට කාරණයක් කියලයි මට හිතෙන්නෙ. දැන් ඒ වගේම සමහර මාධ්‍යවේදීන් අපි දැක්කා පොහොට්ටුව ගැන පහුගිය කාලේ ප්‍රශ්න කළා දැන් ඒ ප්‍රශ්න කිරීම නවත්තලා දාන්න නෙමෙයි දිගටම කරන්න ඕනැ කියන එකයි අපේ අදහස.

අනික් පැත්තෙන් අපි දැක්කා අමාත්‍ය මණ්ඩලය පත්කරනකොට එක්සත් ජාතික පක්ෂයෙන් යවපු නාම ලේඛනය ජනාධිපතිවරයා තමන්ට හිතුණු ආකාරයට කප්පාදු කළා. ඒ වගේම දැන් ලේකම්වරු පත්කරනකොටත්, යම් යම් ප්‍රශ්න ගණනාවක් අති වෙලා තියෙනව ඒක ඒ අමාත්‍යාංශවල රාජකාරිය හොඳට කරගෙන යන්න බාදාවක් කියන එක තමයි අපේ අදහස.

දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය කළා කියන එක ඉතාම පැහැදිලියි. ඒක අපි කිව්වා ඇහුවෙ නෑ. රටේ මිනිස්සු කිව්වා ඇහවෙ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය 7 දෙනාම එක තැනක ඉඳන් කිව්වා. එතකොට දැන් ඒක පිළිඅරගෙන කරන්න තියෙන්නෙ, ආණ්ඩුව වැඩ කරන්න ඉඩ හරින එක. කැබිනනට් එක පත්කරන්න ඉඩ හරින එක. 19 වැනි සංසෝධනය අනුව අගමැතිවරයා පත්කෙරුවට පස්සෙ අගමැතිවරයට තමයි තියෙන්නෙ කැබිනට් එක නිර්දේශ කිරීමේ බලය. ජනාධිපතිවරයට එහෙම බලයක් නැහැ. එතකොට ඒ අයට ඉඩ දීලා මේ ආණ්ඩුව කරගෙන යන්න ඉඩ දෙන්න ඕනැ ජනාධිපතිවරයා. සහයෝගය දෙන්න ඕනැ ආණ්ඩුව කරගෙන යන්න. නමුත් එහෙම දෙනවා වෙනුවට ප්‍රශ්න හැදෙන ස්වභාවයක් අපිට දකින්න තියනව.

නම් කීපයක් කැපුවා කැබිනට් එකේ නාම ලේඛනය එව්වායින් පස්සෙ. එක්කෙනෙක් තමයි රංගෙ බණ්ඩාර. අනෙක් එක්කෙනා තමයි සරත් ෆොන්සේකා මහත්මයා. රටේ මිනිස්සුන්ටත් බැලූ බැල්මට පේනවනෙ, බැලූ බැල්මට කියනවනෙ මේක තමයි අපේ මූලික නිගමනය කියල. මේකෙදි මූලික නිගමනයක් දෙන්න පුළුවන්. රංගෙ බණ්ඩාරගෙ නම කැපුවේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙයි, එස්.බී. දිසානායකගෙයි දුරකථන සංවාද එළිදරව් කළ නිසා කියන කාරණය බැලූ බැල්මට පේන කාරණයක්. ඔය ගොල්ල මාව අමාරුවෙ දැම්මා මමත් දැන් මට පුළුවන් වෙලාවෙ ඔයගොල්ල අමාරුවෙ දානව. එක තමයි උත්තරේ. එහෙම කරල රටක් ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිවරයෙකුගේ වගකීම ඒක නෙමෙයි. ඉළඟට සරත් ෆොන්සේකා මහත්තයා ඔහු ඉතාම පැහැදිලි විදිහට ජනාධිපතිවරය කරපු ක්‍රියාවන් විවේචනය කළා. ඉතා තදින් විවේචනය කළා. ඕක ඔහුගේ අයිතියක්. ඒක ඒ ලෙස කරන්න ඕනැ කියන එක තමයි අපෙත් අදහස. වැරැද්දක් වුණාම අපිත් එහෙම කරනව. හො‍ඳක් වුණාම අපිත් ඒ විදිහට හොඳයි කියනව. ඒක නිසාම සරත් ෆොන්සේකා මහත්තයගෙ නමත් කැපුවා. හිටපු ජනාධිපති අපේක්ෂකයෙක්, ජනාධිපතිවරණය ඉල්ලලා ඔන්න මෙන්න කියල තමයි ඔහු පරාජය වුණේ. ලක්ෂ ගණනක් ඡන්ද ගත්ත අපේක්ෂකයෙක්. අමාත්‍ය ධුරයක් දරපු කෙනෙක්. ඔහුගේ නම කපන්න ජනාධිපතිවරයට අයිතියක් තියනවද? නීත්‍යනුකූලව නම් අයිතියක් නෑ.

19 වැනි සංසෝධනය 43/2 උප වගනිතිය අනුව ඉතා පැහැදිලිවම තියනවා. අමාත්‍ය ධුර නිර්දේශකරන්නෙ අගමැතිවරයා. ඒ නිර්දේශ කිරීම ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුයි. නිර්දේශ කළායින් පස්සෙ. ජනාධිපතිවරයට අභිමතයක් නෑ ජනාධිපතිධුර කාටද දෙන්නෙ කියල තීරණය කරන්න. 19 ට කලින් තිබුණා 19 තියෙන්නෙ අගමැතිවරයට තමයි බලය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතරින් අගමැතිවරයා නිර්දේශ කරන මන්ත්‍රිවරුන් ඇමතිවරුන් විදිහට ජනාධිපතිවරයා විසින් පත්කළ යුතුය. එතකොට කෙනෙක්ට ප්‍රශ්න කරන්න පුළුවන් 30 කට වඩා ප්‍රමාණයක් යෝජනා කළා එක හින්ද නේද කැපුවෙ කියල. එහෙම නම් කළා නම්  ජනාධිපතිවරයාගේ අයිතිය සහ වගකීම වෙන්නේ නැවත පෙරළා ලේඛනය සහිත ලියුමක් එවන එක අගමැතිවරයට පවතින නීතිය අනුව ඔබට නිර්දේශ කළ හැක්කේ 30යි. ඉතුරු ඒවා ඉවත් කරල එවන්න කියල. කපන්න බෑ. එයාගෙ මතය අනුව කපන්න බෑ. ඒ නිසා ඒ කරපු දේ වැරදියි. සමහර විට මේක බේරෙන්නෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තමයි ඉස්සරහට. මේ වැඩේ කෙරෙන් නැත්නම්. ඉතින් එය මේ මොහොතෙ රට තුළ සිද්ධ නොවිය හැකි එකක් විදිහට අපි දකින්නෙ.

දැන් තමතමන් කරපු වැරදි තේරුම් අරගෙන රට ඉස්සරහට යන්න හැමෝම කටයුතු කරන්න ඕනැ. දවස් 52ක් වගේ රට ආරවුලට දැම්මනෙ මේ කට්ටිය. රටේ ආර්ථිකය විනාශ වුණා, දේශපාලනය විනාශ වුණා. ජාත්‍යන්තර පිළිගැනීම විනාශ කළා. දැන්වත් ඒක තේරුම් අරගෙන තමන්ගෙ සිහින සැබෑ කරගන්නව වෙනුවට රටගැන හිතලා පොඩ්ඩක් වැඩ කරන්න. අපි ජනාධිපතිවරයගෙන් ඉල්ලන්නෙ ඒක. එහෙම නැති වුණොත් මේ රට අවුලටම යනව. ඒ ආරවුලෙ ප්‍රතිඵල ලැබෙන්නේ මේ මොහොතෙ වර්තමාන මිනිස්සුන්ට හා අනාගත පරම්පරාවට. ඒක කරන්න එපා කියන ඉල්ලීම කරනව අපි ඉතාම ඕනැ කමින් ජනාධිපතිවරයාගෙන්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වරිය වෙනුවට වෙන ලේකම් වරියක් දැම්මා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වෙනුවට වෙන ලේකම් කෙනෙක් දැම්මා. ලේකම් ධුර පත්කිරීමේ අයිතිය ජනාධිපතිවරයට තියනව. ඒක කවුරුත් නිර්දේශ කරන්න ඕනෙ නෑ. එහෙම පත්කරන කොට අදහසක් තියෙන්න ඕනෙ කාටද මේවා දුවන්න පුළුවන්. කවුද මේවා හොඳට දිව්වේ. දිව්ව මිනිහට ටික කලක් දෙනවද ඉතුරු වැඩ ටික ඉවර කරන්න. නැත්නම් කරන්න බැරි මිනිහෙක් දාලා මේ වැඩේ අවුල් කරනවද කියල. අධ්‍යාපනයයි සෞඛ්‍යයි කියන්නෙ මේ රටේ හොඳට දුවපු අමාත්‍යාංශ දෙකක්. ඒක ඕන කෙනෙක් පිළිගන්නව. අධ්‍යාපනයේ සෑහෙන ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් ගෙනාවා. සෞඛ්‍ය සෑහෙන්න ඉදිරි පිම්මවල් තිබ්බා. අහුවොත් මම කියන්නම් මොනවද කියල. වෙලා නැති හින්ද කියන්න නෑ. ඒක හොඳට දිව්වා ප්‍රධාන වශයෙන් ඇමති හා ලේකම් නිසා. එහෙම දුවපු දේවල් අවුල් කරන එක වගකීමක් නෙමෙයි. අදාල ඇමතිවරු ඒ ලේකම් වරු ඉල්ලුවා. ඉල්ලුවයින් පසසෙ වෙනස් කරල එව්වා. සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්වරිය ඉල්ලුවා. නීත්‍යානුකූලවම ලිඛිතවම ඉල්ලුවා. අගමැති ලේකම් වරයා ඒ නාම ලේඛනය ජනාධිපති ලේකම්ට යැව්වා. යැව්වැන් පස්සෙ වෙනස් කරල එව්වා. රටේ ඉදිරි ප්‍රගමනයට හේතුවක් වෙන්නෙ නෑ මේ තීරණ. ඒ නිසා එහෙම තීරණ ගන්න එක සුදුසු නෑ කියන එක තමයි අපේ අදහස. ඒවායින් වෙන්නෙ මේ  රටේ ඉදිරි කාරණා සංවර්ධන යොජනා වැඩ කඩාකප්පල් වෙනව. මේව කඩාකප්පල් කරන එක නෙමයි වගකීම වෙන්නෙ මේ දෙගොල්ල එකට එකතුවෙලා රට ඉස්සරහට යන්න වැඩ කරන එකයි.

කැබිනට් අමාත්‍ය ධුරවල ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් විදිහට තියනව. සමහරු තර්ක කරනවා ඇමතිධුර තිහයි කයල, නිතිපතිවරයාට තමයි දැන් ප්‍රශ්නය යොමුවෙලා තියෙන්නෙ. පොදු හැඟීමක් තියනව ජනාධිපති අගමැති හැර ඇමති ධුර තිහක් දෙන්න පුළුවන් කියල. සමහර අයගෙ තර්කයක් තියනව ජනාධිපති අගමැතිත් එක්කම තිහයි කියල. ඒක නිතිපති වරයා අවසාන තීන්දුවක් ගනී. ඒක ආණ්ඩුවට දැනුම් දුන්නට පස්සෙ අපි බලමු.

ජනාධිපතිවරයා නීතිය හා සාමය අමාත්‍යාංශය තියාගෙන තියනව. ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එහෙම තියාගන්න බෑ. 19 වෙනි පනතෙ තියන්නේ ආරක්ෂක අමාත්‍යංශය හිමි ඔහුගේ ධුරය දරණ පළමු කාලයට. පළමු අවුරුදු පහට ඔහුට පරිසර සහ මහැවැලි ධුර අමාත්‍යාංශ හිමියි. ඒක දින සීය ඇතුලෙ සාකච්ඡා කරල ජනාධිපතිවරයගෙ කැමැත්ත විමසලා ඔහුට දීපු වරප්‍රසාදයක්. වෙන අමාත්‍යාංශ ගන්න බෑ. ඔන්න දැන් නීතය හා සාමය අරගෙන. සතිදෙකකින් වගේ දෙන්නම් කියල පොරොන්දුවකට දීලා තියෙනව කියල කියනව. ඒ පොරොන්දුව ඉතාම ඉක්මනින් ඉෂ්ඨ කරන්න කියල අපි කියනව. සති දෙක තුනක් තියාගන්න එක තේරුමක් නෑ. දැන් මාස එක හමාරක් තියාගත්තනෙ මොකුත් වුණේ නෑ. ඉතිරි සති දෙකේ මොකුත් වෙන්නෙත් නෑ.

නාමල් කුමාරගෙ නාටකය අපි දැක්කා. තව හඬ පට කිය කියා එයා එක එක ජාති දානවා. හඬ පටවලින් ‍මොක්තු ඔපුප්වෙලා නෑ. ඝාතන කුමන්ත්‍රණ අපිට තියන තොරතුරු අනුව. ඉස්සරහට හෙළිවෙයි. තව තව ඒවා දානවා. එයාගෙන් ප්‍රශ්න කරන්න කියලා අපි ප්‍රසිද්ධියෙ ඉල්ලනවා ආණ්ඩුවෙන්. ඉතින් දැන් ජනාධිපතිවරයා තමයි නිතිය හා සාමය ඇමතිවරයා. ඔහුට මේ මාස එකහමාරේ වැඩේ ඉවර කරන්න තිබුණා. මොකුත් ඉවරයක් වුණේ නෑ. මොකුත් අලුත් දෙයක් සිද්ධ වුණෙත් නෑ. ඉතිරි සති දෙකත් තියා ගත්තා කියල මොකුත් වෙයි කියල අපි හිතන්නෙත් නෑ. ඒක නිසා මේක තියාගන්න එකේ කිසිම තේරුමක් නෑ. නීත්‍යනුකූලත් නෑ. කරුණා කරල ඒක ආණ්ඩුවට දෙන්න. ආණ්ඩුව කියන්නෙ එකක් විධායක ජනාධිපති කියන්නේ එකක්. මේ දෙක තේරුම් අරගෙන එකඟතාවයෙන් වැඩ කරන්න කියන ඉල්ලීම තමයි අපි ජනාධිපතිවරයගෙන් ඉල්ලන්නෙ. රට ආරවුල් කරන්න ලෑස්ති වෙන්න එපා කවුරුවත්.

මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා ලැබෙන ඊළඟ තත්ත්පරේදී ආණ්ඩුව පෙරළනව කියල. දැන් පෙරළුවානේ, ලජ්ජා නැතුව තවත් පෙරළන්න කතා කරනව. පෙරළුවා. හොරට හිටියා මාසයක් විතර. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා කරුණාකරලා යන්න ඔයා කියල. ඔයාට අයිතියක් නෑ කියල. මේ රටේ මිනිස්සුත් අති බහුතරය කිව්වා. දැකකනෙ ශෝෂල් මීඩියා හරහා ඇති වෙච්ච වෙනස. තාම තේරෙන්නෙ නැ. එළඹෙන තප්පරේ පෙරළන්න තමයි බලන්නෙ. එහෙම පෙරළන්න බෑ. රටේ එහෙම  නීතියක් නෑ. අයිතියක් තියෙන්න පුළුවන්. හැබැයි නී‍තියෙ තියෙන්නේ ජනවරම දුන්නට පස්සෙ අවුරුද් පහක් හෝ හයක් ඉන්න කියන එක. මැතිවරණයකට යන්න ගිහිල්ලත් උසාවිය කි‍ව්වානෙ, හතර හමාරක් යනකම් බෑ ඕයි මේක තේරුම් ගන්නවා කියල. ඒක තේරෙන්නෙත් නෑ. නැතනම් තුනෙන් දෙකක් අරන් එන්න පාර්ලිමේන්තුවෙන්. එහෙම නෑනේ. ඒකත් නෑ. මේකත් නෑ. තේරෙන්නේම නෑ.

දෙවෙනි පාරත් ජනෙලේ එල්ලිලා පෙරළන්නම තමයි බලන්නෙ. පොහොට්ටුවට ගියා දැන් පොහොට්ටුවේ නෑ කියල කියනව. සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව විදිහට ආණ්ඩුවට යෝජනාවලියක් ලිඛිතව බාර දෙනව හෙට දිනයේ, ආණ්ඩුව ඉදිරි අවුරුදු එකහමාර තුළ කරන්නෙ කොහොමද කියන එක ගැන අපේ අදහස්. ඒකෙ තියනවා මේ රටට සිවිල් සමාජයට මිනිස්සුන්ට කළයුතු වෙනස්කම් පිළිබඳව. ඒකෙ මූලික ඉල්ලීමක් තමයි විශේෂ අධිකරණ දෙක වහාම පිහිටුවන්න කියන එක. තුනක් පිහිටුවන්න පාර්ලිමේන්තු අනුමැතිය ගත්තා එකක් පිහිටෙව්වා. එකක දැන් නඩු අහගෙන යනවා තව දෙකක් තියනව. ඉතුරු දෙක පිහිටුවලා ඒ දෙකේ ඉතුරු නඩු ටික අහන්න පටන් ගන්න. දවසගානේ අහුවම ඔය පෙරළන කතා හරියයි. එකේ පුළුවන් ඇවන්ගාඩ් නඩුව ගැන අහන්න. ප්‍රිසන් එකේ 26ක් මරපු එක ගැන අහන්න. ශ්‍රී ලංකන් එක ගැන අහන්න. ඩේසි ආච්චිගෙ මැණික් මල්ල ගැන අහන්න. එක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග මැරුවෙ කොහොමද කියල අහන්න. කිත් නොයාර්ට ගැහුවෙ කොහොමද කියල අහන්න. ඒවා අහන්න පුළුවන් ඒවායින්. ඒවා අහලා ඉතා ඉක්මනින් ඒ වැඩේ කරන්න කියල මූලික සිවිල් සංවිධාන හා වෘත්තිය සමිති එකමුතුව වෙන්වෙන් හෙට කරනව ලිඛිතවම. අපි ඒ පිළිබඳව දැනුම් දීලා තියෙන්නෙ. ඒ වැඩ පිළිවෙල හෙට දීලා අපි කියනව ආණ්ඩුවට මේ ක්‍රියාමාර්ග වහාම ගන්න. ඉදිරි අවුරුදු එකහමාරේ රට ගැන හිතලා ජනතාව ගැන හිතලා වැඩ සීඝ්‍රව වැඩ පිළිවෙලක් දියත් කරන්න. මිනිස්සුන්ට දැනෙන ‍තේරෙන. ඒ අතරතුරේ මැතිවරණ ප්‍රමාද නොකර තියන්න. කියන එකත් අපි ආණ්ඩුවට කියනව.

මනෝජ් රූපසිංහ

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *