අර්බු­දය සම­ත­ය­කට පත් නොවූ­වේ‍ නම් ආර්ථි­කය කඩා වැටී­ම­කට ඉඩ තිබුණා – අමාත්‍ය මංගල සමරවීර

දින පනස් හත­රක කාලය තුළ හට­ගෙන තිබු දේශ­පා­ලන අර්බු­දය සම­ත­ය­කට පත්නො­වූයේ නම් ශ්‍රී ලංකාව ග්‍රීසිය, ආර්ජ­න්ටි­නාව වැනි රට­ව­ල­ටත් වඩා ආර්ථි­ක­ය­මය වශ­යෙන් කඩා වැටී­ම­කට ලක්වන බව මුදල් හා ජන­මාධ්‍ය ඇමැති මංගල සම­ර­වීර මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (21) ප්‍රකාශ කෙළේය.

දේශ­පා­ලන අර්බු­දය අව­සන් කර අතුරු සම්මත ගිණුම ඉදි­රි­පත් කිරී­මට යම් හෙය­කින් හෝ නොහැකි වූ‍යේ නම් අත්‍ය­වශ්‍ය සේවා­වන් පව­ත්වා­ගෙන යාම, රාජ්‍ය සේවක හා විශ්‍රාම වැටුප් ගෙවීම ආදිය පවා‍ ­සිදු කළ නොහැකි බවත් මහින්ද රාජ­පක්ෂ මහතා පත්කළ මහ බැංකු අධි­ප­ති­ව­රයා පවා එම සත්‍ය දැන සිටි බවත් මුදල් ඇමැ­ති­ව­රයා සඳ­හන් කෙළේය.

කෙසේ වුවද රාජ්‍ය සේවක පඩි නඩි ගෙවීම ,ඇතුළු අත්‍ය­වශ්‍ය කට­යුතු වෙනු­වෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා ලබන වසරේ මුල් මාස හතර සඳහා මෙලෙස අතුරු සම්මත ගිණු­මක් ඉදි­රි­පත් කළ ද ලබන වසර වෙනු­වෙන් දිගු කාලීන වැඩ­පි­ළි­වෙ­ළක් සහිත අය­වැ­යක් වත්මන් ආණ්ඩුව ඉදි­රි­පත් කරන බවද ඇමැ­ති­ව­රයා සඳ­හන් කෙළේය.

ඔක්‍තො­ම්බර් 26 වැනි කළු සිකු­රාදා දියත් වූ කුම­න්ත්‍ර­ණයේ කොට­ස්ක­රු­වකු ලෙස මහින්ද රාජ­පක්ෂ මහතා ද සිටි බව තමන්ට වැට­හුනේ පසුව බවද සඳ­හන් කළ මංගල සම­ර­වී­ර‍ ­ම­හතා සඳ­හන් කෙළේය.

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා සාමා­න්‍ය­යෙන් ලණු කන පුද්ග­ල­යකු නොවූ­වද මෙවර නම් කඹ­යක්ම කා දමා ඇති බවත් දකුණේ පුද්ග­ල­යකු වූ මහින්ද රාජ­පක්ෂ මහ­තාට මෙවැනි ඉර­ණ­මක් අත්වීම සම්බ­න්ධ­යෙන් තමන් දුක්වන බවත් මුදල් ඇමැ­ති­ව­රයා සඳ­හන් කෙළේය.

දිනමිණ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *