|

ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතුයි – කුමාර වෙල්ගම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා “දි අයිලන්ඩ්” පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් ප්‍රකාශ කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මහතා එම පුවත්පතට සඳහන් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංඝණය කළ පුද්ගලයෙකු ලෙස රටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවද මන්ත්‍රීවරයා කිසා සිටියි.

සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පවසන වෙල්ගම මහතා තවදුරටත් කියා සිටින්නේ ජනාධිපතිවරයා සිය ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරයද අපකීර්තියට ලක් වන බවයි.

එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළිගැනීමටද බලපාන බව ඒ මහතා පවසයි.

LANKATRUTH

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *